භාවනාවට වැදගත් වන මූලික සද්චරියාවන් 2

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
භාවනාවට වැදගත් වන මූලික සද්චරියාවන් 2



අප භාවනා කළ යුත්තේ සිත සංවර කර ගැනීමටත් මානසික බල ශක්තිය වර්ධනය කර ගැනීමටත් යන කරුණු දෙක සඳහා ය. වෙනත් විශේෂ කාර්යන් සිද්ධ කර ගැනීමට නොවේ. විපස්සනා භාවනාව යනු සමාධිය ලබා සතිය පිහිටුවා ගෙන සිටීමයි. දැන් අපි සමථය ලැබීම සඳහා භාවනාවට වාඩි වෙමු.විපස්සනා භාවනාව ඉන් පසුව කරමු. යනුවෙන් ඇතැම් භාවනා ගුරුවරු උපදෙස් දෙති. ඔබ භාවනාව මෙසේ දෙකකට බෙදා ගෙන භාවනා නොකරන්න. සමාධිය ලැබීම පඥාව ඉපදවීමේ අඩිතාලමයි. පඥාව පහළ කර ගැනීම මෙම සමථයෙහි පතිථලයයි. දැන් අපි සමථ භාවනාවෙහි යෙදෙමු යයි නොකියන්න. ඔබට එසේ කරන්නට බැරිය. ඔබට ඒ දෙක කට වචනයෙන් නම් බෙදිය හැක. ඔබගේ අතේ අත්ල දෙස බැලූ විට ඒ පිටි පස්සේ පිටි අත්ල ඇත. පිටි අත්ල දෙස බැලූ විට අත්ල ඒ පසුපස ඇත. එය බෙදීමක් කල නොහැක. එබට අත්ල දෙකට බෙදා එක් පැත්තක් ගන්නට බැරිය. ඒ දෙපැත්තම අතේ ඇත. සමථය මෙසේ පඥාව උපදවයි. අනෙත් අතට සමහර විට ඔබ සමථය උපදවමින් සිටියදී මිය යන්නට වුවද ඉඩ ඇත. විපස්සනාවට එවිට කුමක් වන්නේද? මරණය කොයි ලෙස කොයි මොහොතේ පැමිණේයැයි කීමට අපට නොහැක. එබැවින් බුදුන් දෙසු ඒ ධර්මය නොයෙක් ගුරුවරුන් කියනා ආකාරයට යොදා ගනිමින් පමාදයට නොපැමිණෙන්න.

ශීලය ධර්මාවබෝධයේ දෙමාපියෝ වෙති. සමාධි, පඥා ඇති කර ගැනීමට එය අත්‍යවශ්‍ය බව අමතක නොකරන්න.
 
  • Like
Reactions: ela_eluwa120