Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
භාවනා පූර්වකෘත්යය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

භාවනාවක දී කරනු ලබන්නේ සිත කිසියම් කුසල අරමුණක පුරුදු පුහුණු කිරීමයි. ඒ නිසා නිතර කුසල ධර්මයක් මෙනෙහි කිරීමෙන් කාලය ගත කිරීම භාවනාව සාර්ථක කරගැනීමට උපකාරී වේ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී තමන්ගේ සිත අකුසලයට නොවැටී තබාගැනීම සඳහා නිතර බුදුගුණ මෙනෙහි කිරීම, මෛත්‍රී සිත පැවැත්වීම, පුරුදු පිරිත් සූත්‍රයක් මෙනෙහි කිරීම වැනි දෙයක් වඩාත් සුදුසු වේ. එහෙත් කාර්යබහුල ජීවිතයක් ගත කරන, ව්‍යාපාර කටයුතු, රැකියා වගකීම් ආදිය සමඟ නිතර යෙදෙමින් සිටින පුද්ගලයකුගේ සිත නිතර කුසල මනසිකාරයක පවත්වාගැනීම අපහසු විය හැකිය. එබැවින් භාවනාවක් ආරම්භයට පෙර තමාගේ සිත භාවනාවට සුදුසු කුසල පරිසරයකට යොමු කරගැනීම සඳහා භාවනා පූර්වකෘත්‍යයක් පැරණි ආචාර්යවරයන් වහන්සේලා විසින් භාවිතා කර ඇත. එවැනි පූර්ව කෘත්‍යයකින් භාවනාව ඇරඹීමෙන් භාවනාව වඩාත් සාර්ථක කරගත හැකි වේ.

භාවනාව ආරම්භ කිරීමට සූදානම් වන පුද්ගලයා තමාගේ කය පිරිසිදු කරගැනීම් ආදිය සිදුකරගෙනම භාවනාව ආරම්භ කළ යුතු බව ඉහත ලිපියෙන් පැහැදිලි කරන ලදී. එය ගිහි පැවිදි කා හට නමුදු වැදගත් වේ. එසේ පිරිසිදු කයක්, පරිසරයක් ඇතිව භාවනාව ආරම්භ කිරීමට සූදානම් වන පුද්ගලයා භාවනාවට පළමුව කෙටියෙන් පහත දෑ ඇතුළත් පූර්ව කෘත්‍යයක් සිදු කර භාවනාව ඇරඹීම සුදුසු වේ.

තෙරුවන් වන්දනා කිරීම

තෙරුවන් සහ ආර්යයන් වහන්සේලා කමා කරවා ගැනීම : අනන්ත සසර පුරාවට බුද්ධාදි රතනත්‍රයට සහ ආර්යයන් වහන්සේලාට යම් වරදක් සිදු වී ඇත්නම් එය තමන්ගේ භාවනාවේ වර්ධනයට බාධාවක් විය හැකි වේ. ඒ නිසා දැන හෝ නොදැන සිදු වූ එවැනි වරදක් ඇත්නම් එයට සමාව අයැද සිටීම භාවනාව ආරම්භ කිරීමට පෙර කළයුතු වේ.

ජීවිත පූජාව : ජීවිත පූජාවෙන් භාවනා කිරීම භාවනාවේ වර්ධනයට හේතු වේ. තමන්ට මෙවැනි භාවනාවක් කිරීමට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසාවෙන් බව සිහිපත් කරගෙන බුද්ධ, ධම්ම, සඩ්ඝ යන ත්‍රිවිධ රත්නයට ජීවිතය පූජා කිරීම සුදුසු වේ. එසේම භාවනාවට උපදෙස් දෙන කල්‍යාණමිත්‍ර ගුරු උතුමන් වහන්සේලා ඇත්නම් උන්වහන්සේලාගේ වචනය කඩ නොකොට කිරීම සඳහා උන්වහන්සේලාට ජීවිත පූජාවෙන් භාවනාව ඇරඹීම සුදුසු වේ.

පින් අනුමෝදන් කිරීම : අපගෙන් පින් බලාපොරොත්තු වන ඤාති හිතමිත්‍රාදීන් සිටිය හැකි බැවින් ඔවුන්ට පින් දීමෙන් භාවනාව ආරම්භ කළවිට භාවනාවට ඇතිවිය හැකි බාධා අවම වේ. එසේම අපව ආරක්ෂා කරන දිව්යතාමණ්ඩලය, නාග, සුපර්ණ ආදීන්ට ද පුණ්‍යානුමෝදනා කිරීමෙන් භාවනා කරන පුද්ගලයාට ඔවුන්ගේ ධාර්මික ආරක්ෂාව සැලසේ.

පින් අනුමෝදන් වීම : අපගේ භාවනාව සාර්ථක වීමට අතීතයේ වැඩ සිටි සහ වර්තමානයේ වැඩ සිටින බුද්ධාදි ආර්යයන් වහන්සේලාගේ පුණ්‍යශක්තිය උපකාරී වේ. ඒ නිසා උන්වහන්සේලාගේ අසීමිත පුණ්‍යශක්තිය සිහිපත් කරගෙන එය අනුමෝදන් වීමෙන් තමන්ගේ භාවනාවට ශක්තියක් ලැබේ.

ශීලය ආවර්ජනා කිරීම : පිරිසිදු ශීලයක් ඇති තැනැත්තාටම භාවනාව සමෘද්ධමත් වේ. ඒ නිසා භාවනාව ආරම්භ කිරීමට පෙර තමාගේ ශීලය ආවර්ජනය කරගත යුතු වේ. එය තුළින් තමා පිරිසිදු ශීලයක් ආරක්ෂා කළේ නම් සිතේ ප්‍රීතියක් හටගනී. ඇතැම් කෙනෙක් එම ප්‍රීතියෙන් සිත සමාධිමත් කරගෙන නිවන් අවබෝධ කරගෙන පවා ඇත. ඒ නිසා තමාගේ ශීලය ආවර්ජනා කළ යුතුය. ශීලය අපිරිසිදු බවක් හැඟේ නම් නැවත සිල් අධිෂ්ඨාන කරගෙන භාවනාව ආරම්භ කළයුතු වේ.

පූර්ව අධිෂ්ඨානය : භාවනාව ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ අධිෂ්ඨානයක් තබාගත යුතු වේ. බෝසතාණන් වහන්සේලා බෝමුල අරා වැඩ හිඳ චතුරඩ්ග සමන්වාගත වීර්ය අධිෂ්ඨානයක් ඇති කරගෙන බුද්ධත්වයට පත් වූහ. අපි ද භාවනාව ආරම්භ කිරීමට පෙර මෙම භාවනාව තුළින් තමාට නිවන් අවබෝධ කරගත හැකි බව විශ්වාසය ඇති කරගත යුතු වේ. ඒ අනුව මෙම භාවනා ආසනය තුළ දී ම තමාගේ කෙලෙස් සංසිඳී නිවන් අවබෝධ වේවාය යන ප්‍රාර්ථනය ඇති කරගත යුතු වේ. ඉන්පසු සසරේ නොයෙක් අපායාදි දුක් වලට වැටීමට පෙර නිවන් අවබෝධය පිණිස භාවනාව සිදු කරන බවට අදිටන් කරගත යුතු වේ.

මෙසේ පූර්ව කෘත්‍යයකින් අනතුරුව බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණසතිය යන සතර කමටහන් භාවනාව කෙටි වේලාවක් විඩීම වඩාත් යෝග්‍ය වේ. මෙම සතර කමටහන් යෝගියාට ආරක්ෂාවක් සලසන භාවනා බැවින් ‘චතුරාරක්ෂක භාවනා’ ලෙසද හැදින්වේ. විශේෂයෙන්ම බුද්ධානුස්සතිය ටික වේලාවක් වැඩීමෙන් සිතෙහි ශ්‍රද්ධාව වැඩි වී සිත මෘදු බවට පත් වේ. එසේම මෛත්‍රිය වැඩීමෙන්ද සිතේ මෘදු මොළොක් බවක් ඇතිව, ගැටීම් ඇති නම් දුරුවේ. අසුභය වැඩීමෙන් ස්කන්ධයන් කෙරෙහි ඇති ඇලීම තුනී කරගත හැකි අතර මරණසතිය වැඩීමෙන් වීර්යය වැඩි කර ගත හැකි වේ. මෙසේ ටික වේලාවක් සතර කමටහන් වඩා ඉක්බිති තමාට සුදුසු මූල කර්මස්ථානයක් ගෙන භාවනා කිරීමෙන් ඉක්මනින් භාවනාව සඵල කර ගත හැකි වේ.

මෙසේ භාවනා පූර්ව කෘත්‍යය ලෙස භාවිත කළ හැකි කෙටි සටහනක් මෙසේ දැක්විය හැකි වේ. මෙය පාඩම් කරගෙන භාවනා ආසනයට වාඩි වී පළමුව මෙය මෙනෙහි කර භාවනාව ඇරඹීම වඩාත් සුදුසු වේ.

භාවනා පූර්ව කෘත්‍යය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!

1. තෙරුවන් වැඳීම

ඉතිපි සෝ භගවා …. ස්වාක්ඛාතෝ භගවතා …. සුපටිපන්නෝ ….

2. කමා කරවා ගැනීම

අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත – කය – වචනය යන තුන් දොරින් උතුම් වූ බුද්ධ රත්නයටද, ශ්‍රී සද්ධර්ම රත්නයටද, මහා සංඝ රත්නයටද, බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලා ඇතුලු සියලු ආර්යයන් වහන්සේලාටද සියලු ගුරු උතුමන්ටද දැන හෝ නොදැන යම් වරදක් සිදු වී නම් ඒ සියලු වරදට මට සමාව ලැබේවා ! දෙවනුවද මට සමාව ලැබේවා !! තෙවනුවද මට සමාව ලැබේවා !!!

3. ජීවිත පරිත්‍යාගය

මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා!

මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා!

මාගේ ජීවිතය මහා සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා!

මාගේ ජීවිතය ගුරු උතුමන් වහන්සේලාට පූජා කරමි. පූජා වේවා!

4. පින්දීම

අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන්ද තෙරුවන් වන්දනාමය පින ද ජීවිත පූජාමය පින ද මාගේ ගුරු උතුමන් වහන්සේලා අනුමෝදන් වන සේක්වා ! මහත් සෘද්ධි ඇත්තා වූ දෙවියෝද නාගයෝද සියලු භූතයෝද සියලු සත්ත්වයෝද මාගේ සියලු නෑයෝද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා !

5. පින් අනුමෝදන් වීම

සියලු බුදු, පසේබුදු, මහරහතන් වහන්ස්ලාගේ ද සියලු ආර්යයන් වහන්සේලාගේද සියලු බෝධිසත්වයන් වහන්සේලාගේ ද යම් පුණ්‍යසම්භාරයක් වේ ද ඒ සියල්ල මම අනුමෝදන් වෙමි.

6. ශීලය ආවර්ජනය කිරීම

බුද්ධාදී නුවණැති උතුමන් විසින් ප්‍රශංසා කරන ලද, ශාන්ත නිවන් සුව පිණිස මා විසින් සමාදන් වූ සිකපද මුල මැද අග කිසිදු තැනකින් බිඳී නොමැත. මාගේ ශීලය පිරිසිදුය. මාගේ ශීලය පිරිසිදුය. මාගේ ශීලය පිරිසිදුය. (මෙතැනදී බිඳුණු සිකපද සිහි වුවහොත් නැවත සමාදන්ව ආවර්ජනය කළ යුතුය)

7. පූර්ව අධිෂ්ඨානය

ජරා ව්‍යාධි මරණ ආදී දුක් කඳ මා ළඟට පැමිණෙන්ට පෙර මට වැඩ පිණිස භාවනා කරමි. වහ වහා භාවනා කරමි.

ජරා ව්‍යාධි මරණ ආදී මහා දුක් කඳින් මිදීම පිණිස කුඩා දුක් ඉවසමි.

සියලු දුක් දුරලන ශාන්ත නිවන් සුව පිණිසම වූ මාගේ මේ භාවනාව නොනවත්වා කරමි.

මෙම භාවනා ආසනය තුළදී ම මාගේ නීවරණ ධර්මයෝ යටපත් වී සමාධිය ලබම්වා ! කෙලෙස් ගිනි නිවී ශාන්ත නිවන් සුව අවබෝධ වේවා !

8. බුදුගුණ මෙනෙහි කිරීම

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සසර ගමන නතර කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. සියලු දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වූ සේක. ‘අරහං’ නම් වන සේක.

9. මෙත් වැඩීම

මම වෛර නැත්තේ වෙම්වා ! තරහ නැත්තේ වෙම්වා ! දුක් කම් කටොළු නැත්තේ වෙම්වා ! සුවසේ ආත්මය පරිහරණය කරන්නේ වෙම්වා !

මා මෙන්ම සියලු සත්ත්වයෝද වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! දුක් කම් කටොළු නැත්තෝ වෙත්වා ! සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා !

10. පිළිකුල මෙනෙහි කිරීම

මාගේ මේ ශරීරය රන් රිදී මුතු මැණික් ආදී වූ වටිනා දේවලින් හෝ සඳුන් තුවරල ආදී වූ සුවඳැති දේවලින් හෝ සැදුණක් නොව කෙස් ලොම් නිය දත් ආදී වූ පිළිකුල් වූත් පරම දුර්ගන්ධ වූත් දෙතිස් කුණපයකින් සෑදුණෙකි. මේ කය පිළිකුලයි. පරම දුර්ගන්ධයි.

11. මරණය සිහි කිරීම

මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි.

මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි.

මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි.

මෙතැන් පටන් තමන්ගේ මූල කර්මස්ථානය සිහි කළ යුතුය.

[QUOTE="asliyanage, post: 26902756, member: 8764"] භාවනාවක දී කරනු ලබන්නේ සිත කිසියම් කුසල අරමුණක පුරුදු පුහුණු කිරීමයි. ඒ නිසා නිතර කුසල ධර්මයක් මෙනෙහි කිරීමෙන් කාලය ගත කිරීම භාවනාව සාර්ථක කරගැනීමට උපකාරී වේ. එදිනෙදා වැඩ කටයුතු කිරීමේ දී තමන්ගේ සිත අකුසලයට නොවැටී තබාගැනීම සඳහා නිතර බුදුගුණ මෙනෙහි කිරීම, මෛත්‍රී සිත පැවැත්වීම, පුරුදු පිරිත් සූත්‍රයක් මෙනෙහි කිරීම වැනි දෙයක් වඩාත් සුදුසු වේ. එහෙත් කාර්යබහුල ජීවිතයක් ගත කරන, ව්‍යාපාර කටයුතු, රැකියා වගකීම් ආදිය සමඟ නිතර යෙදෙමින් සිටින පුද්ගලයකුගේ සිත නිතර කුසල මනසිකාරයක පවත්වාගැනීම අපහසු විය හැකිය. එබැවින් භාවනාවක් ආරම්භයට පෙර තමාගේ සිත භාවනාවට සුදුසු කුසල පරිසරයකට යොමු කරගැනීම සඳහා භාවනා පූර්වකෘත්‍යයක් පැරණි ආචාර්යවරයන් වහන්සේලා විසින් භාවිතා කර ඇත. එවැනි පූර්ව කෘත්‍යයකින් භාවනාව ඇරඹීමෙන් භාවනාව වඩාත් සාර්ථක කරගත හැකි වේ. භාවනාව ආරම්භ කිරීමට සූදානම් වන පුද්ගලයා තමාගේ කය පිරිසිදු කරගැනීම් ආදිය සිදුකරගෙනම භාවනාව ආරම්භ කළ යුතු බව ඉහත ලිපියෙන් පැහැදිලි කරන ලදී. එය ගිහි පැවිදි කා හට නමුදු වැදගත් වේ. එසේ පිරිසිදු කයක්, පරිසරයක් ඇතිව භාවනාව ආරම්භ කිරීමට සූදානම් වන පුද්ගලයා භාවනාවට පළමුව කෙටියෙන් පහත දෑ ඇතුළත් පූර්ව කෘත්‍යයක් සිදු කර භාවනාව ඇරඹීම සුදුසු වේ. තෙරුවන් වන්දනා කිරීම තෙරුවන් සහ ආර්යයන් වහන්සේලා කමා කරවා ගැනීම : අනන්ත සසර පුරාවට බුද්ධාදි රතනත්‍රයට සහ ආර්යයන් වහන්සේලාට යම් වරදක් සිදු වී ඇත්නම් එය තමන්ගේ භාවනාවේ වර්ධනයට බාධාවක් විය හැකි වේ. ඒ නිසා දැන හෝ නොදැන සිදු වූ එවැනි වරදක් ඇත්නම් එයට සමාව අයැද සිටීම භාවනාව ආරම්භ කිරීමට පෙර කළයුතු වේ. ජීවිත පූජාව : ජීවිත පූජාවෙන් භාවනා කිරීම භාවනාවේ වර්ධනයට හේතු වේ. තමන්ට මෙවැනි භාවනාවක් කිරීමට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ නිසාවෙන් බව සිහිපත් කරගෙන බුද්ධ, ධම්ම, සඩ්ඝ යන ත්‍රිවිධ රත්නයට ජීවිතය පූජා කිරීම සුදුසු වේ. එසේම භාවනාවට උපදෙස් දෙන කල්‍යාණමිත්‍ර ගුරු උතුමන් වහන්සේලා ඇත්නම් උන්වහන්සේලාගේ වචනය කඩ නොකොට කිරීම සඳහා උන්වහන්සේලාට ජීවිත පූජාවෙන් භාවනාව ඇරඹීම සුදුසු වේ. පින් අනුමෝදන් කිරීම : අපගෙන් පින් බලාපොරොත්තු වන ඤාති හිතමිත්‍රාදීන් සිටිය හැකි බැවින් ඔවුන්ට පින් දීමෙන් භාවනාව ආරම්භ කළවිට භාවනාවට ඇතිවිය හැකි බාධා අවම වේ. එසේම අපව ආරක්ෂා කරන දිව්යතාමණ්ඩලය, නාග, සුපර්ණ ආදීන්ට ද පුණ්‍යානුමෝදනා කිරීමෙන් භාවනා කරන පුද්ගලයාට ඔවුන්ගේ ධාර්මික ආරක්ෂාව සැලසේ. පින් අනුමෝදන් වීම : අපගේ භාවනාව සාර්ථක වීමට අතීතයේ වැඩ සිටි සහ වර්තමානයේ වැඩ සිටින බුද්ධාදි ආර්යයන් වහන්සේලාගේ පුණ්‍යශක්තිය උපකාරී වේ. ඒ නිසා උන්වහන්සේලාගේ අසීමිත පුණ්‍යශක්තිය සිහිපත් කරගෙන එය අනුමෝදන් වීමෙන් තමන්ගේ භාවනාවට ශක්තියක් ලැබේ. ශීලය ආවර්ජනා කිරීම : පිරිසිදු ශීලයක් ඇති තැනැත්තාටම භාවනාව සමෘද්ධමත් වේ. ඒ නිසා භාවනාව ආරම්භ කිරීමට පෙර තමාගේ ශීලය ආවර්ජනය කරගත යුතු වේ. එය තුළින් තමා පිරිසිදු ශීලයක් ආරක්ෂා කළේ නම් සිතේ ප්‍රීතියක් හටගනී. ඇතැම් කෙනෙක් එම ප්‍රීතියෙන් සිත සමාධිමත් කරගෙන නිවන් අවබෝධ කරගෙන පවා ඇත. ඒ නිසා තමාගේ ශීලය ආවර්ජනා කළ යුතුය. ශීලය අපිරිසිදු බවක් හැඟේ නම් නැවත සිල් අධිෂ්ඨාන කරගෙන භාවනාව ආරම්භ කළයුතු වේ. පූර්ව අධිෂ්ඨානය : භාවනාව ආරම්භ කිරීමට පෙර ඒ පිළිබඳ අධිෂ්ඨානයක් තබාගත යුතු වේ. බෝසතාණන් වහන්සේලා බෝමුල අරා වැඩ හිඳ චතුරඩ්ග සමන්වාගත වීර්ය අධිෂ්ඨානයක් ඇති කරගෙන බුද්ධත්වයට පත් වූහ. අපි ද භාවනාව ආරම්භ කිරීමට පෙර මෙම භාවනාව තුළින් තමාට නිවන් අවබෝධ කරගත හැකි බව විශ්වාසය ඇති කරගත යුතු වේ. ඒ අනුව මෙම භාවනා ආසනය තුළ දී ම තමාගේ කෙලෙස් සංසිඳී නිවන් අවබෝධ වේවාය යන ප්‍රාර්ථනය ඇති කරගත යුතු වේ. ඉන්පසු සසරේ නොයෙක් අපායාදි දුක් වලට වැටීමට පෙර නිවන් අවබෝධය පිණිස භාවනාව සිදු කරන බවට අදිටන් කරගත යුතු වේ. මෙසේ පූර්ව කෘත්‍යයකින් අනතුරුව බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය, මරණසතිය යන සතර කමටහන් භාවනාව කෙටි වේලාවක් විඩීම වඩාත් යෝග්‍ය වේ. මෙම සතර කමටහන් යෝගියාට ආරක්ෂාවක් සලසන භාවනා බැවින් ‘චතුරාරක්ෂක භාවනා’ ලෙසද හැදින්වේ. විශේෂයෙන්ම බුද්ධානුස්සතිය ටික වේලාවක් වැඩීමෙන් සිතෙහි ශ්‍රද්ධාව වැඩි වී සිත මෘදු බවට පත් වේ. එසේම මෛත්‍රිය වැඩීමෙන්ද සිතේ මෘදු මොළොක් බවක් ඇතිව, ගැටීම් ඇති නම් දුරුවේ. අසුභය වැඩීමෙන් ස්කන්ධයන් කෙරෙහි ඇති ඇලීම තුනී කරගත හැකි අතර මරණසතිය වැඩීමෙන් වීර්යය වැඩි කර ගත හැකි වේ. මෙසේ ටික වේලාවක් සතර කමටහන් වඩා ඉක්බිති තමාට සුදුසු මූල කර්මස්ථානයක් ගෙන භාවනා කිරීමෙන් ඉක්මනින් භාවනාව සඵල කර ගත හැකි වේ. මෙසේ භාවනා පූර්ව කෘත්‍යය ලෙස භාවිත කළ හැකි කෙටි සටහනක් මෙසේ දැක්විය හැකි වේ. මෙය පාඩම් කරගෙන භාවනා ආසනයට වාඩි වී පළමුව මෙය මෙනෙහි කර භාවනාව ඇරඹීම වඩාත් සුදුසු වේ. [IMG alt="🔶"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t70/1/16/1f536.png[/IMG]භාවනා පූර්ව කෘත්‍යය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස! 1. තෙරුවන් වැඳීම ඉතිපි සෝ භගවා …. ස්වාක්ඛාතෝ භගවතා …. සුපටිපන්නෝ …. 2. කමා කරවා ගැනීම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාගේ සිත – කය – වචනය යන තුන් දොරින් උතුම් වූ බුද්ධ රත්නයටද, ශ්‍රී සද්ධර්ම රත්නයටද, මහා සංඝ රත්නයටද, බුදු, පසේබුදු, මහරහතන්වහන්සේලා ඇතුලු සියලු ආර්යයන් වහන්සේලාටද සියලු ගුරු උතුමන්ටද දැන හෝ නොදැන යම් වරදක් සිදු වී නම් ඒ සියලු වරදට මට සමාව ලැබේවා ! දෙවනුවද මට සමාව ලැබේවා !! තෙවනුවද මට සමාව ලැබේවා !!! 3. ජීවිත පරිත්‍යාගය මාගේ ජීවිතය උතුම් බුද්ධ රත්නයට පූජා කරමි. පූජා වේවා! මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්ම රත්නයට පූජා කරමි. පූජා වේවා! මාගේ ජීවිතය මහා සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා! මාගේ ජීවිතය ගුරු උතුමන් වහන්සේලාට පූජා කරමි. පූජා වේවා! 4. පින්දීම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන්ද තෙරුවන් වන්දනාමය පින ද ජීවිත පූජාමය පින ද මාගේ ගුරු උතුමන් වහන්සේලා අනුමෝදන් වන සේක්වා ! මහත් සෘද්ධි ඇත්තා වූ දෙවියෝද නාගයෝද සියලු භූතයෝද සියලු සත්ත්වයෝද මාගේ සියලු නෑයෝද මේ සියලු පින් අනුමෝදන් වෙත්වා ! 5. පින් අනුමෝදන් වීම සියලු බුදු, පසේබුදු, මහරහතන් වහන්ස්ලාගේ ද සියලු ආර්යයන් වහන්සේලාගේද සියලු බෝධිසත්වයන් වහන්සේලාගේ ද යම් පුණ්‍යසම්භාරයක් වේ ද ඒ සියල්ල මම අනුමෝදන් වෙමි. 6. ශීලය ආවර්ජනය කිරීම බුද්ධාදී නුවණැති උතුමන් විසින් ප්‍රශංසා කරන ලද, ශාන්ත නිවන් සුව පිණිස මා විසින් සමාදන් වූ සිකපද මුල මැද අග කිසිදු තැනකින් බිඳී නොමැත. මාගේ ශීලය පිරිසිදුය. මාගේ ශීලය පිරිසිදුය. මාගේ ශීලය පිරිසිදුය. (මෙතැනදී බිඳුණු සිකපද සිහි වුවහොත් නැවත සමාදන්ව ආවර්ජනය කළ යුතුය) 7. පූර්ව අධිෂ්ඨානය ජරා ව්‍යාධි මරණ ආදී දුක් කඳ මා ළඟට පැමිණෙන්ට පෙර මට වැඩ පිණිස භාවනා කරමි. වහ වහා භාවනා කරමි. ජරා ව්‍යාධි මරණ ආදී මහා දුක් කඳින් මිදීම පිණිස කුඩා දුක් ඉවසමි. සියලු දුක් දුරලන ශාන්ත නිවන් සුව පිණිසම වූ මාගේ මේ භාවනාව නොනවත්වා කරමි. මෙම භාවනා ආසනය තුළදී ම මාගේ නීවරණ ධර්මයෝ යටපත් වී සමාධිය ලබම්වා ! කෙලෙස් ගිනි නිවී ශාන්ත නිවන් සුව අවබෝධ වේවා ! 8. බුදුගුණ මෙනෙහි කිරීම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. සියලු කෙලෙස් සතුරන් නැසූ සේක. සසර ගමන නතර කළ සේක. රහසින්වත් පව් නොකළ සේක. සියලු දෙව් මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වූ සේක. ‘අරහං’ නම් වන සේක. 9. මෙත් වැඩීම මම වෛර නැත්තේ වෙම්වා ! තරහ නැත්තේ වෙම්වා ! දුක් කම් කටොළු නැත්තේ වෙම්වා ! සුවසේ ආත්මය පරිහරණය කරන්නේ වෙම්වා ! මා මෙන්ම සියලු සත්ත්වයෝද වෛර නැත්තෝ වෙත්වා ! තරහ නැත්තෝ වෙත්වා ! දුක් කම් කටොළු නැත්තෝ වෙත්වා ! සුවසේ ආත්මය පරිහරණය කරන්නෝ වෙත්වා ! 10. පිළිකුල මෙනෙහි කිරීම මාගේ මේ ශරීරය රන් රිදී මුතු මැණික් ආදී වූ වටිනා දේවලින් හෝ සඳුන් තුවරල ආදී වූ සුවඳැති දේවලින් හෝ සැදුණක් නොව කෙස් ලොම් නිය දත් ආදී වූ පිළිකුල් වූත් පරම දුර්ගන්ධ වූත් දෙතිස් කුණපයකින් සෑදුණෙකි. මේ කය පිළිකුලයි. පරම දුර්ගන්ධයි. 11. මරණය සිහි කිරීම මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මාගේ ජීවිතය අනියතයි. මරණය නියතයි. මෙතැන් පටන් තමන්ගේ මූල කර්මස්ථානය සිහි කළ යුතුය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom