භාෂාවක් නිර්මාණය වන්නෙ කොහොමද?
භාෂාවක් නිර්මාණය වන්නෙ කොහොම ද? භාෂා ශාස්ත්‍රය තුලින් බලමු - Linguistics
භාෂාවක් ඇති වෙන්නෙ මොනවගේ කාරණා නිසා ද?
භාෂාවක් කියන්නෙ පරිනාමනයේ අංගයක් වගේම survival කියන එකට පිටිවහලක්. Linguistics කියන්නෙ සැහෙන ගැඹුරු එකක් නිසා ඒ සම්බන්ධ කරුණු බොහොමයක් තියෙනව. මේ ගැන මත කීපයක් තියෙනවා. එකක් මේක අතීතයේ යම් පැරණි භාෂා වැනි දේවල් වලින් (ඉතා අතීතයේ ජීවීන් හෝ ප්‍රයිමේටයන් තුල පැවති) දියුණු වෙමින් දිගටම පවතින එකක් බව (නමුත් දැන් වෙනත් ආභාෂයක් නැතිවත් අලුත් භාෂා තැනීමට හැකි බවට බොහෝ උදාහරණ තිබෙනවා). අනෙක තමයි මේ පරිනාමනයේ යම් අවධියක විශේෂ යමක් නිසා මේ භාෂාව මනුෂ්‍ය පුරුක් තුළ (a branch of the tree) ඇති වූ බව. තව එකක් තිබෙනවා මෙය ජාන සමබන්ධ වන බව හැබැයි එහෙම අවශ්‍යතාවයකුත් තියෙනව. ඊළඟ එක තමයි මේක ඇති වෙන්නෙ සමාජය එක්ක හැසිරීමේ දී කියල. දැන් බිලිඳෙක් ගත්තොත් ඔහු මවුපියන් එක්ක කතා කරන්න හදනව ඔහුගේ භාෂාවකින්. ඒ ඔහුගේ ප්‍රථම සමාජ අත්දැකීම්. ඒකනිසා පහත කරුණු දෙකත් බලපානව.
ඊළඟට මේක හැදෙන්න අවශ්‍ය හේතුසාධක කිහිපයක් දෙන්න පුළුවන්.
මනුෂ්‍යයා පමණක් (අප දැනුවත් පරිදි) භාෂාවක් හෝ භාෂා නිර්මාණය කරන්න පොළඹවන කරුණු මොනවද?
මූලිකව අනෙත් සතුන්ට නොතේරෙන පහත මට්ටමේ සංඥා කිරීමක් විශ්වාස කරන්න මනුෂ්‍යයා පරිණාමනය තුළ පොළඹවන්න හේතුවක් තිබෙන්න ඕන. මේ සම්බන්ධ hypothesis කීපයක් තියෙනවා සංඥා සම්බන්ධ න්‍යාය තුල. එකක් තමයි Obligatory
Reciprocal Altruism සම්බන්ධ උපකල්පනය. මේක ඩාවිනියානු "reciprocal altruism" මත සිට ගොඩනගන එකක් (reciprocal altruism කියන්නෙ යම් ජීවියෙක් උගේ ශක්තිය අඩු කරමින් අනෙකා ගේ ශක්තිය වැඩි කරන ආකාරයේ හැසිරීමක්. උදාහරණයකට ආක්‍රමණශීලී මත්ස්‍යයෙක් සහ ඌ වටා ඉන්න උගේ ශරීරය සුද්ද කරන අනෙත් මත්ස්‍යයෙක් අතර තිබෙන සම්බන්ධය. Tit for tat වගේ එකක්). නිතර අන්තර්ක්‍රියා කරන දෙදෙනෙකු අතර විශ්වාසනීය ලෙස වන සන්නිවේදන මගින්. හරියට අර වානරයන් දෙදෙනෙකු එකිනෙකාගේ පිට කසාගන්නවා වගේ සිද්ධියක්. නමුත් මෙහෙම වෙන්න පෙළඹවීම නිසි පරිදි මේ උපකල්පනය තුල පැහැදිලි කරන්නේ නෑ. ඊළඟ එක මව්බස කියන උපකල්පනය. ඒ කියන්නෙ මව ගෙන් ඇරඹෙන මව සහ දරුවා අතර සන්නිවේදනය පසුව ඥාතීන් ට පැතිරෙන බව. මෙහිදී යොදාගැනෙන්නේ ඩාවිනියානු "Kin selection" කියන එක (ඥාතීන් තුල පැවතිය හැකි ජානමය රුචියක අභිසාරිතාව - අභිසාරිතාව = convergence. නමුත් මේ උපකල්පනය තුලත් පැහැදිලි කරන්නේ නෑ අනෙත් සතුන් තුලත් මෙවන් හැසිරීම් තිබුනත් එතැනදී භාෂාවක් ඇති නොවන්නේ ඇයි කියන එක. ඊළඟ එක gossip and grooming කියන උපකල්පනය. මේක කලින් දෙකට වඩා සාධනීයයි. එතැනදී මනුෂ්‍යයන් සමූහ වශයෙන් ඉන්න නිසා, මිත්‍ර හෝ අඳුනන හෝ අනෙත් පිරිසක් සමග භෞතික හාදකම් පවත්වනවාට වඩා ශබ්ද (හැබැයි තේරුමක් නැති නමුත් සතුටු කරවන මට්ටමේ) නැගීම මගින් එය කිරීමට පෙළඹුනා කියන එක - vocal grooming. නමුත් මේ උපකල්පනය තුල පැහැදිළි කෙරෙන්නේ නැති දේ තමයි මේ සරල සිද්ධිය වඩා සංකීර්ණ, ඥානාත්මක මට්ටමේ එකකට පරිවර්තනය වුනේ කොහොමද කියන එක.
ඒකනිසා භාෂාව ඇරඹීම සම්බන්ධ ඉතා පැහැදිලි නිර්වචන නෑ. නමුත් සංයුක්තය - composite - ලෙස අරගෙන බලන්න ඕන. එතකොට මේ ශබ්ධ සම්බන්ධ ගැටළු නිරාකරණය වෙනකොට යම් අවධියක, එකගන්තා සහිතව, ඉන් එහාට මෙන්න මේ ආකාරයෙන් භාෂාවක් සම්පූර්ණ වෙන්න පුළුවන්.
භාෂාවක් අධ්‍යයනය කරන්න නැත්නම් කොටස් කර බලන්න ආකෘතියක් තියෙනව ද?
මේ පහල තිබෙන රූපසටහනේ තියෙන්නෙ මේ භාෂාවක් පරිපූර්ණ වෙන්න එහි ගොඩනැගෙන අනෙකුත් දේවල් වල ආකෘතිය. මේ ආකාරයෙන් තමයි භාෂාවක් ඛණ්ඩනය කරල ඒවා අධ්‍යයනය කරන්නෙත්.
Phonetics and Phonology: ශබ්ධ සහ එහි සමාන විරුද්ධ බව වගේම අරුත්
Morphology: ප්‍රත්‍ය සහ උපසර්ග ආදිය සම්බන්ධ අධ්‍යයනය
Syntax: වචන සහ වාක්‍ය වගේම ඒවගේ පෙළගැසීම වන්නේ කෙසේද යන්න
Semantics and Pragmatics: තත්‍ය සිද්ධීන් වලදී වාක්‍ය වල අරුත යෙදෙන්නේ කෙසේද කියා සහ ප්‍රකාශයක සම්පූර්ණ සංදර්හය (context) කොහොමද අර්ථය දනවන්නේ කියල. ඒ කියන්නෙ උදාහරණයට ගමනක් යද්දී ජාල තලයක් දැක්කොත් 'වතුර' කියන එකයි ගංවතුරක් එනවා දැකල 'වතුර!' කියල කෙනෙක් කෑගැහුවත් එකයි (in English, if I say Fire it may mean there is a small fire or even when I point my finger to a flame. If I say 'Fire!' while in a military operation, it is entirely different. It means fire the gunshots.)
Article: EpoxyEthene
Image credits: WikiMedia and MentalFloss
ස්තුතියි!

- ජෛව ශක්‍යතාව (උපයෝජ්‍යතාව - availability) - අප සියල්ලගෙන් වැඩි කොටසකට (කලින් පරිණාම පුරුක් වල වුනත්) සිතා යම් ශබ්ද නගන්න හැකියි. ශබ්ද අසන කොට අනුකරණය කරන්නත් හැකියි.
- ජෛව අවශ්‍යතා - අපේ අවශ්‍යතා සන්නිවේදනයට
- මානසික නැත්නම් මනෝවිද්‍යාත්මක හැකියාවන් නිසා - චරිතලක්ෂණ මනෝභාව අනුව
- මානසික නැත්නම් මනෝවිද්‍යාත්මක අවශ්‍යතා වලට - හැඟීම් වැනි දේවල් ඇති වෙන නිසා (බිය ආදිය)
- බුද්ධිමය අවශ්‍යතා නිසා - කුතුහලය ආදිය
- බුද්ධිමය උපයෝජ්‍යතාව නිසා - ඒ ගැන සහ වෙනත් දේ ගැන අධ්‍යාපනය ලැබීමට ආදී දේට.
- ඊළඟට මේ සියල්ලටම මූලික වන කරුණ Phonosemantics. මේක මුලට එන්න ඕන නමුත් පසුවට දැම්මේ හේතුවක් නිසා. ඒ කියන්නෙ මේ ශබ්ධ එක ඒකක අරුත වෙන්කර ගැනීමේ අවශ්‍යතාවය. මෙන්න මේක තමයි මේ ඔක්කොගෙම පදනම. දැන් අපි කොටියෙක් ගත්තම ඌ කෑගහද්දී ඕනෑම සතෙක් භාෂාවක් දන්නෙ නැති උනාට බය වෙනවනෙ. එතකොට ඒක තේරුමක් සහිත එකක් වෙනවා අහන සතාට. අනෙකා කෑ ගහන්නෙ මොන අරමුණෙන් වුනත්. දැන් තෙරන්න ඕන මේක ඕනෑම ඇහෙන දැනෙන ජීවියෙකුට පොදුයි කියන එකත් ඇසීම කතා කිරීමේ මූලික පදනම දමන්න හේතුව බවත්. එතකොට මේ සන්නිවේදනය කරන්න ඇහෙන්නම ඕනෙ ද? ඒත් නෑ. සංඥා කරන්න ඇහෙන්නම ඕනෙ නෑනෙ. නමුත් සංඥා, ඉඟි, මුහුණේ හැඟීම් වගේ දේවල් මූලික සන්නිවේදනය තුල වැදගත්. උදාහරණයක් ගත්තොත් ගෝරිල්ලෙක් අභියෝග කරන්න පපුවට ගසාගැනීම. එතැනදී මුහුණේ හැඟීම් සහ සංඥා තමයි ප්‍රභල. පසුව ශබ්ද භාවිතය. ඊළඟට භාෂාවක් දක්වා දිවීම.
මනුෂ්‍යයා පමණක් (අප දැනුවත් පරිදි) භාෂාවක් හෝ භාෂා නිර්මාණය කරන්න පොළඹවන කරුණු මොනවද?
මූලිකව අනෙත් සතුන්ට නොතේරෙන පහත මට්ටමේ සංඥා කිරීමක් විශ්වාස කරන්න මනුෂ්‍යයා පරිණාමනය තුළ පොළඹවන්න හේතුවක් තිබෙන්න ඕන. මේ සම්බන්ධ hypothesis කීපයක් තියෙනවා සංඥා සම්බන්ධ න්‍යාය තුල. එකක් තමයි Obligatory
Reciprocal Altruism සම්බන්ධ උපකල්පනය. මේක ඩාවිනියානු "reciprocal altruism" මත සිට ගොඩනගන එකක් (reciprocal altruism කියන්නෙ යම් ජීවියෙක් උගේ ශක්තිය අඩු කරමින් අනෙකා ගේ ශක්තිය වැඩි කරන ආකාරයේ හැසිරීමක්. උදාහරණයකට ආක්‍රමණශීලී මත්ස්‍යයෙක් සහ ඌ වටා ඉන්න උගේ ශරීරය සුද්ද කරන අනෙත් මත්ස්‍යයෙක් අතර තිබෙන සම්බන්ධය. Tit for tat වගේ එකක්). නිතර අන්තර්ක්‍රියා කරන දෙදෙනෙකු අතර විශ්වාසනීය ලෙස වන සන්නිවේදන මගින්. හරියට අර වානරයන් දෙදෙනෙකු එකිනෙකාගේ පිට කසාගන්නවා වගේ සිද්ධියක්. නමුත් මෙහෙම වෙන්න පෙළඹවීම නිසි පරිදි මේ උපකල්පනය තුල පැහැදිලි කරන්නේ නෑ. ඊළඟ එක මව්බස කියන උපකල්පනය. ඒ කියන්නෙ මව ගෙන් ඇරඹෙන මව සහ දරුවා අතර සන්නිවේදනය පසුව ඥාතීන් ට පැතිරෙන බව. මෙහිදී යොදාගැනෙන්නේ ඩාවිනියානු "Kin selection" කියන එක (ඥාතීන් තුල පැවතිය හැකි ජානමය රුචියක අභිසාරිතාව - අභිසාරිතාව = convergence. නමුත් මේ උපකල්පනය තුලත් පැහැදිලි කරන්නේ නෑ අනෙත් සතුන් තුලත් මෙවන් හැසිරීම් තිබුනත් එතැනදී භාෂාවක් ඇති නොවන්නේ ඇයි කියන එක. ඊළඟ එක gossip and grooming කියන උපකල්පනය. මේක කලින් දෙකට වඩා සාධනීයයි. එතැනදී මනුෂ්‍යයන් සමූහ වශයෙන් ඉන්න නිසා, මිත්‍ර හෝ අඳුනන හෝ අනෙත් පිරිසක් සමග භෞතික හාදකම් පවත්වනවාට වඩා ශබ්ද (හැබැයි තේරුමක් නැති නමුත් සතුටු කරවන මට්ටමේ) නැගීම මගින් එය කිරීමට පෙළඹුනා කියන එක - vocal grooming. නමුත් මේ උපකල්පනය තුල පැහැදිළි කෙරෙන්නේ නැති දේ තමයි මේ සරල සිද්ධිය වඩා සංකීර්ණ, ඥානාත්මක මට්ටමේ එකකට පරිවර්තනය වුනේ කොහොමද කියන එක.
ඒකනිසා භාෂාව ඇරඹීම සම්බන්ධ ඉතා පැහැදිලි නිර්වචන නෑ. නමුත් සංයුක්තය - composite - ලෙස අරගෙන බලන්න ඕන. එතකොට මේ ශබ්ධ සම්බන්ධ ගැටළු නිරාකරණය වෙනකොට යම් අවධියක, එකගන්තා සහිතව, ඉන් එහාට මෙන්න මේ ආකාරයෙන් භාෂාවක් සම්පූර්ණ වෙන්න පුළුවන්.
භාෂාවක් අධ්‍යයනය කරන්න නැත්නම් කොටස් කර බලන්න ආකෘතියක් තියෙනව ද?
මේ පහල තිබෙන රූපසටහනේ තියෙන්නෙ මේ භාෂාවක් පරිපූර්ණ වෙන්න එහි ගොඩනැගෙන අනෙකුත් දේවල් වල ආකෘතිය. මේ ආකාරයෙන් තමයි භාෂාවක් ඛණ්ඩනය කරල ඒවා අධ්‍යයනය කරන්නෙත්.
Phonetics and Phonology: ශබ්ධ සහ එහි සමාන විරුද්ධ බව වගේම අරුත්
Morphology: ප්‍රත්‍ය සහ උපසර්ග ආදිය සම්බන්ධ අධ්‍යයනය
Syntax: වචන සහ වාක්‍ය වගේම ඒවගේ පෙළගැසීම වන්නේ කෙසේද යන්න
Semantics and Pragmatics: තත්‍ය සිද්ධීන් වලදී වාක්‍ය වල අරුත යෙදෙන්නේ කෙසේද කියා සහ ප්‍රකාශයක සම්පූර්ණ සංදර්හය (context) කොහොමද අර්ථය දනවන්නේ කියල. ඒ කියන්නෙ උදාහරණයට ගමනක් යද්දී ජාල තලයක් දැක්කොත් 'වතුර' කියන එකයි ගංවතුරක් එනවා දැකල 'වතුර!' කියල කෙනෙක් කෑගැහුවත් එකයි (in English, if I say Fire it may mean there is a small fire or even when I point my finger to a flame. If I say 'Fire!' while in a military operation, it is entirely different. It means fire the gunshots.)
Article: EpoxyEthene
Image credits: WikiMedia and MentalFloss
ස්තුතියි!

වටිනවා මචං ගොඩක් වැදගත්..! 