භික්ෂු වෙස්ගෙන සිටි මොහොමඩ් ඉෂඩ්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,017
    35,954
    113
    වොන්ඩර් ලැන්ඩ්
    භික්ෂු වෙස්ගෙන සිටි මොහොමඩ් ඉෂඩ්

    නන්‍යතාව ඔප්පු කිරීමට පිළිගත හැකි ලිපි ලේඛන කිසිවක් නොමැතිව සිවුරු දරාගත් තිදෙනෙකු කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වූ දුම්රියෙන් ගමන් කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
    කතරගම කඳසුරිඳුගම විහාරස්ථානයක විසු
    හීනටියේ සමිත (55), දොඩම්ගොඩ සුමනරතන (31) සහ භික්ෂු වෙස්ගෙන සිටි මොහොමඩ් ඉෂඩ් නමැති 16 හැවිරිදි ළාබාල මුස්ලිම් ජාතික තරුණයකු මෙසේ
    අත්අඩංගුවට ගෙන ඇත.
    හීනටියේ සමිත නමින් පෙනී සිටි භික්ෂුව කතරගම කදසුරිඳුගම විහාරස්ථානයක වෙසෙමින් සිටියදී අනිවූ ගැටුමකින් පසුව



    එම විහාරස්ථානයෙන් නෙරපා හරින ලද්දෙකු වන අතර දොඩම්ගොඩ සුමනරතන යන නමින් පෙනී සිටින සැකකරු කිසිදු විහාරස්ථානයකට සම්බන්ධ නැති සිවුරු දරාගත් පුද්ගලයකු විය. මොහොමඩ් ඉෂඩ් යන ළාබාල මුස්ලිම් තරුණයා මාපියන් අහිමි අයකු වනබවත් ප්‍රධාන සැකකාර භික්ෂුවට කොළඹදී හමුවීමෙන් පසුව කොළඹ කොටුවේ සැලොනයකින් හිස මුඩු කරවා සිවුරක් අන්දවා දුම්රියෙන් අනුරාධපුරයට රැගෙන යමින් සිටියදී මෙසේ අත්අංඩගුවට පත්ව ඇත.
    ඔවුනගේ සැකකටයුතු හැසිරීම මත පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති වරයා සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු හෙළිව තිබේ.
    මෙම මුස්ලිම් තරුණයාට හරිහැටි සිංහල භාෂාව කතා කිරීමට පවා නොහැකි බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත. සැකකරුවන් තිදෙනාටම ඔවුන්ගේ භික්ෂු අනන්‍යතා හෝ සාමාන්‍ය පුද්ගලික අනන්‍යතාව තහවුරු කිරීමට පිළිගත් කිසිදු හැඳුනුම්පතක් හෝ ලිපි ලේඛනයක් නොතිබුණු බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. ප්‍රධාන සැකකරු රාජ්‍ය නොවන සංවිධානයක තනතුරු කීපයක්ම දරන්නකු බව ඔහු සතුව තිබූ ලිපි ලේඛන කිහිපයකින් හෙළිවූ බව අධිකරණයට පෙන්වා දුන් පොලිසිය, ඔහු සතුව නවීනතම ජංගම දුරකතන තුනක්, ඇමෙරිකා ඩොලර් 14ක්, තායිවාන යුවාන් 400ක් සහ ලංකා මුදලින් රුපියල් 39,000ක මුදලක් තිබූ බව ද කීය.
    රට තුළ පවතින හදිසි වාතාවරණය යටත් මොවුන් තිදෙනා සම්බන්ධයෙන් සැකකටයුතු හැසිරීමක් පෙන්වීම නිසා වැඩිදුර ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පොලිසිය අදිකරණයට දන්වා ඇත. තිදෙනාවම ලබන 28 වැනි දින දක්වා රිමාන්ඩ්ගත කරන ලෙස පොල්ගහවෙල මහේස්ත්‍රාත් ජී.එන්. ප්‍රියදර්ශනී මහත්මිය නියෝග කළාය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    දම්බර අමිලයාගේ ගෝලයෙක් වෙන්න ඇති ඒ පකයත් NGO කාක්කෙක්