භින්නෝන්මාදය (Schizophrenia)

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    භින්නෝන්මාදය (Schizophrenia)

    භින්නෝන්මාදය ලොව පුරා දක්නට ලැබෙන සුලබ මානසික රෝගයකි.එය බොහෝ විට දිගු කලක් පවතින, පුද්ගලයින් දුබලතාවයකට පත්කරන රෝගයකි. ගැහැණු පිරිමි භේදයකින් තොරව ජනගහණයෙන් 1% කට පමණ මෙම රෝගය සෑදීමේ අවදානමක් පවතී.බොහෝවිට මෙම රෝගය මතුවන්නේ වයස අවුරුදු 15-30 ත් අතරදීය. නමුත් ඕනෑම වයසක අයට මෙය ඇතිවිය හැක.

    භින්නෝන්මාදය ඇතිවීමට හේතු

    මොළය වර්ධනය වීමේදී ඇතිවන දුර්වලතාවයන් පසුකාලයේ භින්නෝන්මාදය ඇතිවීමට හේතුවන්නේ යැයි මතයක් තිබුණත් භින්නෝන්මාදය ඇතිවීමට පැහැදිලි හේතුවක් හඳුනා ගෙන නැත. නමුත් යමෙකුට භින්නෝන්මාදය වැළඳීමේ අවදානම නිර්ණය කළ හැකි සාධක හා රෝගය මතු වීමට බලපාන සාධක හඳුනා ගත හැක.

    අවදානම් සාධක

    1. ප්‍රවේණිය/ආරයට යාම (ජානමය බලපෑම්)යමෙකුගේ දෙමව්පියන්ට හෝ සහෝදර /සහෝදරියකට භින්නෝන්මාදය ඇත්නම් ඔහුට /ඇයට රෝගය ඇතිවීමේ අවදානම වැඩිය.

    2. ගර්භනී සමයේ සංකුලතා ගර්භනී අවධියේ මවට දියවැඩියාව, රුධිර වහනය ආදී සංකුලතා ඇතිවී ඇත්නම් හෝ දරු උපතේදී සංකුලතාවයක් ( අවහිර ප්‍රසවය ආදී) ඇතිවී ඇත්නම් එම දරුවාට සාමාන්‍ය අයෙකුට වඩා භින්නෝන්මාදය වැළඳීමේ අ‍වදානම සුළු වශයෙන් වැඩිය

    රෝගය මතුවීමට බලපාන සාධක

    1) දීර්ඝකාලීන කංසා (ගංජා), මද්‍යසාර වැනි මත්ද්‍රව්‍ය භාවිතය

    2) දරුණු මානසික අසහනයන් (ලඟම ඥාතියෙකුගේ මරණය, රැකියාව අහිමිවීම ආදිය)


    භින්නෝන්මාදය - රෝග ලක්ෂණ (Symptoms of Schizophrenia)

    භින්නෝන්මාද රෝගීන් තුළ එකිනෙකට වෙනස් රෝගී ලක්ෂණ ගණනාවක් දැකිය හැකිය. එසේම ඇතැම් රෝගීන් හට කෙටි කාලයක් තුළ රෝග ලක්ෂණ පහලවන අතර තවත් අය හට දීර්ඝ කාලයක් මුළුල්ලේ සෙමෙන් සෙමෙන් රෝග ලක්ෂණ ඇතිවේ.වඩාත් බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ නම් ,

    1. භ්‍රාන්තිය (Hallucinations)

    බාහිර උත්තේජනයක් නොමැතිව සංවේදනයක් ඇතිවීම ‘භ්‍රාන්තිය’ වේ. භින්නෝන්මාදයේ වඩාත් බහුල වනුයේ ‘ශ්‍රවණ භ්‍රාන්ති’ වේ. එනම් ඇතැම් විට විවිධ පුද්ගලයින් තමාට කථා කරනු, අණ කරනු ඇසෙන අතර ඇතැම් විට තමා පිළිබඳව කථා කිරීම්, විවේචනය කිරීම් ,බැණීම් ආදිය ඇසෙනු දැකිය හැක.බොහෝ විට රෝගියා හට මෙය සැබෑවටම ඇසෙන දේ ලෙස හැ‍ඟෙයි. රෝගීන් තනිවම කථා කරනු , සිනාවෙනු පෙනෙන්නේ ඔවුන් මේ භ්‍රාන්ති වලට ප්‍රතිචාර දක්වන බැවිනි.

    2. අස්වාභාවික සැකයතර්කානුකූල නොවන හා රෝගියා ජීවත්වන පරිසරයට නොගැලපෙන අස්වාභාවික විශ්වාසයන් මෙම රෝගීන් හට ඇතිවිය හැක. ඒවා ‘මෝහය’ හෝ ‘මිත්‍යා විශ්වාස’ (Delusions) ලෙස හැඳින්වේ.භින්නෝන්මාද රෝගීන් හට ඇතිවන මිත්‍යා විශ්වාස බොහෝ විට සැකය මත පදනම් වේ.

    උදා: පවුලේ අය තම කෑම වලට වස දමා ඇති බව

    විදේශ ඔත්තුසේවා මගින් තමා මරා දැමීමට උත්සාහ කරන බ‍වඑම සැකයන් තහවුරු වන අන්දමේ භ්‍රාන්තිද ඇති වන නිසා එම අදහස් තර්ක කිරීමෙන් හෝ කරුණු දැක්වීමෙන් වෙනස් කිරීම අසීරු ‍ෙව්.ඇතැම් රෝගීන් හට විශේෂ හැකියාවන් හෝ බලයන් ඇති බවට මිත්‍යා විශ්වාස ඇති වේ. තමා මහා ‘‘පොරක්‘‘ ලෙස තමුන්ට දැනෙන්ට වීම

    උදා: තමන්ට මුළු ලොවම පාලනය කිරීමට බලය ඇති බවතමන්ට ‍ෙද්ව වරමක් ලැබී ඇති බව

    3. ක්‍රියාකාරිත්වයේ වෙනස්කම්බොහෝ විට රෝගීන් සමාජ ආශ්‍රයෙන් වෙන්වී හුදකලාවීම, එදිනෙදා වැඩක‍ටයුතු හා රැකියාව ආදී ක්‍රියාකාරකම් වල යෙදීමට උදාසීනත්වයක් දැක්වීම දැකිය හැක. ශරීරයේ චලනයන් ද අඩු විය හැක.ඇතැම් රෝගීන් කලබලකාරී ස්වභාවයකට පත්වන අතර කලාතුරකින් ප්‍රචණ්ඩ විය හැක.

    4. අනන්‍යතාවයේ /මමත්වයේ වෙනස්කම්

    ඇතැම් රෝගීන් තම සිත හා සිතුවිලි සම්බන්ධ අනන්‍යතාවය නැතිවී ඇති බව විශ්වාස කරයි. එනම් අන් අය තම සිතට සිතුවිලි ඇතුළු කරන බව හෝ තම සිතේ ඇති දේ පරිගණක, කැමරා ආදී යම් උපක්‍රමයක් මගින් අන් අය දැන ගන්නා බව හෝ වෙනත් බලවේග මගින් තමා පාලනය කරන බව විය හැකි‍ය.

    5. මනෝභාවයේ වෙනස්කම්

    බොහෝ විට මනෝභාවය අවප්‍රමාණය වන අතර (Depressive mood) හැඟීම් ප්‍රකාශ කිරීම අඩු විය හැක.

    බොහෝ විට රෝගයේ මුල් අවදියේ දී භ්‍රාන්තිය, මිත්‍යා විශ්වාස ආදී රෝග ලක්ෂණ වඩාත් ඉස්මතුව පෙනෙන අතර කල් ගත වීමේදී හුදකලා වීම, ක්‍රියාකාරිත්වය අඩු වීම,මනෝභාවය අවප්‍රමාණය වීම ආදී ඍණාත්මක ලක්ෂණ ඉස්මතු වේ.

    බොහෝ රෝගීන් තමා අත්දකින භ්‍රාන්ති හා මිත්‍යා විශ්වාසයන් රෝගයක් නිසා ඇතිවන්නක් නොව සැබෑවක්ම බව විශ්වාස කරයි.එබැවින් ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීම අසීරු වේ.