භූමදානයෙන් සති දෙකකට පසු ගෙදර ආ සිව්දරු ප&#353

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
භූමදානයෙන් සති දෙකකට පසු ගෙදර ආ සිව්දරු ප&#353

dh2.jpg

SLD_20150315_B004.jpg

druf1.jpg

සිව්දරු පියෙකුගේ භූමදාන කටයුතු සිදුකර දින 14ක පමණ කාලයකට පසු ඔහු පණපිටින් ගෙදර ආ බව කියන සිද්ධියක් මහවැව ප‍්‍රදේශයේ පමණක් නොව අවට ප‍්‍රදේශවල ද දැඩි කතාබහකට ලක්වී තිබේ.



පණපිටින් සිටින ඔහුගේ මරණ සහතිකයේ මරණයට හේතුව වශයෙන් සඳහන් කර ඇත්තේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් සිදුවී ඇති මරණයක් බවය.
සිය මරණ සහතිකය දෝතින් තුරුලූ කරගෙන ජීවත්ව සිටින එකම තැනැත්තා මොහු විය හැකිය.

මරණ සහතිකය අතැතිව පණපිටින් සිටින මොහු නමින් වර්ණකුලසූරිය සුනිල් තමෙල් (65) මහතාය.

සුනිල් තමෙල් මහතා පදිංචිව සිටින්නේ මහවැව මට්ටාකොටුව ප‍්‍රදේශයේය.

කටුනේරිය ශාන්ත ජූඞ් දේවස්ථානයේ මීසම පාලක කෙනඩි පයස් ප‍්‍රනාන්දු පියතුමා සමඟ අපි මියගොස් දින 14ක පමණ කාලයකට පසු පණපිටින් ගෙදර පැමිණි සුනිල් තමෙල් මහතාගේ නිවස සොයා ගියෙමු.

කෙනඩි පයස් ප‍්‍රනාන්දු පියතුමාගේ උපන්ගම වන්නේ මට්ටාකොටුව ප‍්‍රදේශය වන නිසා පියතුමා සමඟ මේ පිළිබඳව තොරතුරු ලබාගැනීමේදී අපිට ලොකු පහසුවක් විය.

මේ සම්බන්ධයෙන් පියතුමාට ඉරිදා ලංකාදීපයේ විශේෂ ස්තූතිය පිරිනැමිය යුතුය.

හැඬුම් වැලපුම් සෝ සුසුම් මැද්දේ ආගමික වතාවත් සිදුකර භූමදානය කළ පියා, මාමණ්ඩිය, සහෝදරයා, ඥාතියා නැවත පණ පිටින් දකින්නට ලැබීම ඒ සැමගේ සතුට සොම්සනට හේතුවී ඇත.

"මට පණිවිඩයක් ආවා. මිය ගියා යැයි කියා භූමදානය කළ තාත්තා මහවැව ටවුන් එකේ තියන බාබර් සාප්පුවක ඉන්නවා කියා. මේ පණිවිඩය අසා මම පුදුමයට පත්වුණා. එකපාරම ඒ කතාව විශ්වාස කළේ නැහැ. මම බාබර් සාප්පුවට ගියා. එතකොට තාත්තා බාබර් සාප්පුවේ පුටුවක වාඩිවී රැවුල හා කොණ්ඩය කපමින් හිටියා. තාත්තාව දැක්ක ගමන් මගේ මුළු ඇඟම ගැහෙන්න පටන්ගත්තා. පුදුම බයක් ඇතිවුණේ. ඒ ගැන කියන්න මට වචන නැතිවුණා."



අද ඒ නිවස සිනාවෙන් පිරී ඉතිරි ගොස් ඇති ආකාරය එහි ගිය අපට දැකගැනීමට හැකිවිය.

පියා පසුගිය 24 වැනිදා සිට නිවසින් අතුරුදන්ව සිටින බවට ඔහුගේ පුතෙකු වන ලලිත් කුමාර තමෙල් (37) මහතා මාරවිල මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබීය.

පැමිණිල්ලක් කර දින තුනක පමණ කාලයකට පසු මහවැව මාදම්පේ ලූණුඔයේ පාවෙමින් තිබූ නරක්වී ගිය නාඳුනන කෙනෙකුගේ සිරුරක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

බෙහෙවින් නරක්වී තිබූ සිරුරේ එක් අතක් ද දක්නට ලැබී නොමැත.
ඔයේ මළ සිරුරක් පාවෙමින් තිබූ බව සැලවූ පසු සුනිල් තමෙල් මහතාගේ පුතෙකු හා මස්සිනා කෙනකු මියගොස් සිටින්නේ සුනිල් තමෙල්ගේ බවට හඳුනාගනු ලැබූහ.

හලාවත මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබූ අතර හදිසි මරණ පරීක්ෂණය මහවැව හදිසි මරණ පරීක්ෂක ජී.ඞී.එන්. පද්මසිරි ගුණසිංහ මහතා මේ සම්බන්ධව මරණ පරීක්ෂණය පවත්වා ඇත.

දියේ ගිලී හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදුවී ඇති බව හදිසි මරණ පරීක්ෂකවරයා විසින් තීන්දුකර තිබිණි.

මෙතැනින් එහාට සිද්ධවුණු දේවල් දැන ගැනීමට අප කතා කළේ සුනිල් තමෙල් මහතාගේ පුතෙකු වන ලලිත් කුමාර තමෙල් මහතාටය.
ලලිත් කුමාර මහතා පැවසූ කතාව මෙසේ පෙළගස්වමු.

පසුගිය 23 වැනිදා මම මෝලේ වැඩ කරමින් ඉන්නකොට ගෙදරින් පණිවිඩයක් ආවා තාත්තා ගෙදර නැහැ කියා. ඉක්මනට ගෙදර ඇවිත් තාත්තාව හැමතැනම හෙව්වා. නමුත් හම්බවුනේ නැහැ. ඊට පස්සේ මාරවිල පොලිසියට ගිහින් තාත්තාගේ අතුරුදහන්වීම පිළිබඳව පොලිසියට පැමිණිල්ලක් කළා. තාත්තා අතුරුදහන්වූ දවසේ ඉඳලා මම රස්සාවට ගියේ නැහැ. තාත්තාව හොයන්න හැමතැනම ගියා.
හැරල්ඞ් මාමා කතා කරලා කිව්වා ලූණුඔය පාලම ළඟ ඔයේ මිනියක් පාවෙනවා කියා. අපිගියා ඒ සිරුර කාගේද කියා බලන්න. සිරුර හොඳටම නරක්වෙලා තිබුණා. හඳුනාගැනීමට නොහැකි ලෙස මුහුණ විකෘතිවී තිබුණා. සිරුරේ දකුණු අත තිබුණේ නැහැ. මගේ මස්සිනා හා අයියා ඇවිත් බලා මේ ඉන්නේ තාත්තා කියා හඳුනාගත්තා. මට නම් පොඩි සැකයක් ඇතිවුණා.

හලාවත රෝහලේදී සිරුර කැපුවා හදිසි මරණ පරීක්ෂණයක් ද පවත්වනු ලැබුවා. තාත්තා මිය ගියේ දියේ ගිලී හුස්ම හිරවීමෙන් බව පැවසුවා. තාත්තා කාලයක සිට රෝගී තත්ත්වයෙන් හිටියේ. වෛද්‍ය ප‍්‍රතිකාරත් ගන්නවා.

සිරුර නිවසට ගෙන ඒමෙන් පසු අවසන් කටයුතු සිදුකළ ආකාරය ගැන අප සමඟ විස්තර කරමින් ලලිත් කුමාර මහතා මෙසේ කීය.

බලන්න බැරි විදිහට සිරුර නරක් වෙලා තිබුණ නිසා මිනී පෙට්ටිය සීල් කරලා තමා ගෙදරට ගෙනාවේ. සිරුර ගෙදරට ගෙනා අවස්ථාවේ තාත්තා නැතිවෙච්ච දුකට අපි හැමෝම හොඳටම හැඬුවා. පියතුමා ඇවිත් ආගමික වතාවත් සිදුකර අවමගුල් උත්සවයට බොහෝ දෙනෙක් අපේ ගෙදර ආවා. පැය දෙකකට වඩා සිරුර ගෙදර තියාගත්තේ නැහැ. මට්ටාකොටුව සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකළා. තාත්තා වෙනුවෙන් අපේ ආගමේ හැටියට කිරිදානයක් දුන්නා. දවස් හතේ දානයක් දුන්නා. දවස් 15 දානය දෙන්න සූදානම් වෙමින් සිටියේ.


"භූමදාන කටයුතුවලින් පස්සේ අපේ ගෙදර ?ට ?ට නොයෙකුත් අද්භූත ශබ්ද ඇහෙන්න පටන්ගත්තා. දොර ජනෙල් වැහෙන ශබ්ද. ජනෙල් දොරවල්වලට සවිකර තියන සොයිබවලින් එහෙම ශබ්ද ඇසුණා. හැබැයි මේ කියන ශබ්ද මට නම් ඇසුණේ නැහැ. මගේ දුවටයි මිනිපිරියටයි තමා ශබ්ද ඇහිලා තිබුණේ. මියගිය මල්ලි භූතාත්මයක් වෙලා ඇවිත් කියා අපි බයවුනා. නමුත් මැරුණා යැයි කියා හිතපු මල්ලි ආයෙත් දවස් 14කට විතර පස්සේ ගෙදර ආවා. ලොකු සතුටක් තියෙන්නේ."



මට පණිවිඩයක් ආවා. මිය ගියා යැයි කියා භූමදානය කළ තාත්තා මහවැව ටවුන් එකේ තියන බාබර් සාප්පුවක ඉන්නවා කියා. මේ පණිවිඩය අසා මම පුදුමයට පත්වුණා. එකපාරම ඒ කතාව විශ්වාස කළේ නැහැ. මම බාබර් සාප්පුවට ගියා. එතකොට තාත්තා බාබර් සාප්පුවේ පුටුවක වාඩිවී රැවුල හා කොණ්ඩය කපමින් හිටියා. තාත්තාව දැක්ක ගමන් මගේ මුළු ඇඟම ගැහෙන්න පටන්ගත්තා. පුදුම බයක් ඇතිවුණේ. ඒ ගැන කියන්න මට වචන නැතිවුණා.
මගේ ඇස් මට අදහාගන්න බැරිව ගියා. ඊට පස්සේ ත‍්‍රීවිල් එකක තාත්තා ගෙදර එක්කගෙන ආවා. ගෙදර අය විතරක් නෙමේ ගමේ අයත් පුදුම වුණා.

මියගිය සුනිල් තමෙල් මහතා ආයෙත් ගෙදර ඇවිත් කියන කතාව ගම්දනව්පුරා ලැව් ගින්නක් සේ පැතිර යාමට වැඩි වේලාවක් නොගියේය.

මියගොස් භූමදානය කළ සුනිල් තමෙල් මහතා පණපිටින් නැවතත් දැකගැනීමට ඔහුගේ නිවසට වැල නොකැඞී මිනිස්සු පිරිස් ඇදී එන්නට පටන්ගෙන ඇත.
කුඩා කාලයේ තාත්තා රතිඤ්ඤා කරලක් පත්තු කරන්න ගිහින් දකුණු අතේ එක් ඇඟිල්ලකට හානිවෙලා තිබුණා. මළ සිරුරේ දකුණු අත තිබුණා නම් මේ වගේ අලකලංචියක් වෙන්නේ නැහැ යැයි ලලිත් කුමාර තමෙල් මහතා අවසාන වශයෙන් පැවසීය.

මේ සිද්ධිය මට අදටත් අදහාගන්න බැහැ. මියගිහින් ඉන්නේ තාත්තා කියා හඳුනාගන්න අපි කාටවත් බැරිවුණා. මියගිහින් ඉන්නේ තාත්තාම ද කියන සැකය මට මුල ඉඳලම තිබුණා. මළ ගෙදර වැඩවලට රුපියල් 40,000ක් විතර වියදම් වුණා. ගමේ අවමංගල්‍යාධාර සමිතියෙන් මුදල් ආධාර ලැබුණා. ඒ මුදල් දැන් ආපසු ගෙවන්න වෙලා තිබෙනවා. ඒ සල්ලි ටික ටික ආපසු ගෙවනවා යැයි ලලිත් කුමාර මහතාගේ බිරිය වන ඩබ්ලිව්. දීපා සමන් කුමාරි (35* මහත්මිය පැවසුවාය.

එලොව ගිහින් මෙලොව ආ සුනිල් තමෙල් මහතා සමඟ ද අප කතා බහ කිරීමට අමතක කළේ නැත.

මහවැවට ගිහින් බස් එකක නැගලා කොළඹට ගියා. කොළඹින් රත්නපුරයට ගියා. මේ ගමන ගැන මට ගෙදරට කියන්න බැරිව ගියා. රත්නපුරේ පන්සලක නැවතිලා ඉඳලා කුලියට කුඹුරු වැඩ කළා. දවස් හයක් විතර කුඹුරු වැඩ කරලා රුපියල් 1000ක් ලැබුණා. පන්සලේ හාමුදුරුවෝ කන්න බොන්න දීලා හොඳට සැලකුවා. ඊට පස්සේ මම ලොරියක නැගලා ත‍්‍රිකුණාමලයට ගියා. ත‍්‍රිකුණාමලයට ගිහින් මම පෙට්ටිවලට මාළු දැම්මා. දවසකට රුපියල් 1000ක් දුන්නා කන්න බොන්නත් මුදලාලි දුන්නා. ඊට පස්සේ මම කොළඹට ඇවිත් බස් එකක නැගලා මහවැවට ආවා. කොණ්ඩය හා රැුවුල හොඳටම වැඞී තිබුණ නිසා බාබර් සාප්පුවකට ගිහින් කොණ්ඩය රැුවුල කපන කොටම තමා පුතා මාව සොයාගෙන ඇවිත් ගෙදර එක්ක ගියේ. මම මැරුණා කියා හිතාගෙන වෙන කෙනෙකුගේ සිරුරක් ගෙදර ගෙනවිත් භූමදානය කරලා දානෙත් දීලා තිබුණා යැයි සුනිල් තමෙල් මහතා කීය.

සුනිල් තමෙල් මහතා ගෙදර පැමිණ තිබුණේ ඔහු වෙනුවෙන් පැවැත්වෙන දින 15 දානය දීමට පෙර දිනයේය.

ග්‍රෙස් තමෙල් (75) මහත්මිය සුනිල් තමෙල් මහතාගේ සහෝදරියකි.

අප ඇයගේ කතාව ද ඔබ හමුවේ තැබීමට තීරණය කළේ ඒ කතාවේ විශේෂත්වයක් ඇති නිසාය. ඇය පදිංචිව සිටින්නේ ද මට්ටාකොටුව ප‍්‍රදේශයේමයි.
අපි මෙතැන් සිට ගේ‍්‍රස් තමෙල් මහත්මිය කියන කතාවට සවන්දෙමු.

මගේ මල්ලී සුනිල් තමෙල් ආගමට දහමට හරිම ලැදි කෙනෙක්. එයා හැම ඉරිදාම නොවරදවා පල්ලියේ පූජාවට යනවා. මල්ලි නිතරම අපේ ගෙදර එනවා. එහෙම ඇවිත් තියෙන දෙයක් කාලා බීලා එහෙම යන දවසුත් තියෙනවා. මල්ලි මාව බලන්න නිතරම අපේ ගෙදර එනවා. මල්ලිගේ මරණය අසා මමත් හරියට දුක්වුණා මළ ගෙදර ගියා.

භූමදාන කටයුතුවලින් පස්සේ අපේ ගෙදර ?ට ?ට නොයෙකුත් අද්භූත ශබ්ද ඇහෙන්න පටන්ගත්තා. දොර ජනෙල් වැහෙන ශබ්ද. ජනෙල් දොරවල්වලට සවිකර තියන සොයිබවලින් එහෙම ශබ්ද ඇසුණා. හැබැයි මේ කියන ශබ්ද මට නම් ඇසුණේ නැහැ. මගේ දුවටයි මිනිපිරියටයි තමා ශබ්ද ඇහිලා තිබුණේ. මියගිය මල්ලි භූතාත්මයක් වෙලා ඇවිත් කියා අපි බයවුනා. නමුත් මැරුණා යැයි කියා හිතපු මල්ලි ආයෙත් දවස් 14කට විතර පස්සේ ගෙදර ආවා. ලොකු සතුටක් තියෙන්නේ.

පණපිටින් රත්නපුරේ හා ත‍්‍රිකුණාමලය යන ප‍්‍රදේශවල සිටි සුනිල් තමෙල් මහතා භූතයෙක්් වී ඔහුගේ සහෝදරියකගේ නිවසට ආ හැටිනම් අපූරු කතාවකි. මල්ලි අවුරුදු 12ක විතර කාලයකදී රතිඤ්ඤා කරලක් පත්තු කරන්න ගියා. එයා රතිඤ්ඤා කරල පත්තුකරලා ඒක විසිකරනවා වෙනුවට ගිනි පෙට්ටිය විසිකරලා. රතිඤ්ඤා කරල අතේ පුපුරලා තමා එක් ඇඟිල්ලක කොටසක් නැත්තේ යැයිද ගේ‍්‍රස් මහත්මිය අතීත සිද්ධියක් මෙනෙහිකරමින් පැවසුවාය.
මියගියා යැයි සිතා භූමදානය කළ සුනිල් තමෙල් මහතා පණපිටින් සිටින අයුරු දැකබලා ගැනීමට තවමත් පිරිස් ඔහුගේ නිවසට පැමිණෙමින් සිටිති.
සුනිල් තමෙල් පණපිටින් නිවසට පැමිණි පසු පවුලේ අය ඔහු මාරවිල පොලිසියට කැඳවාගෙන ගොස් ප‍්‍රකාශයක් ලබාදී ඇත.

මිය ගොස් සිටියේ සුනිල් තමෙල්ගේ යැයි කියා හඳුනාගෙන භූමදානය කළ පුද්ගලයා කාගේ කවුදැයි කියා තවම හඳුනාගෙන නොමැති අතර පොලිසිය මේ සම්බන්ධයෙන් මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තාවක් ද ඉදිරිපත් කර තිබේ.

හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ඞී.ඞී.එස්. සූරියආරච්චි මහතාගේ මෙහෙයවීම යටතේ මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඞී.ආර්. ප‍්‍රියන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස් සැරයන් අජිත් මහතා මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.
 

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    අඩේ මම ඉන්නෙ මාරවිල.
    මට ඔහොම සීන් 1ක් ආරන්චි උනේ නෑනෙ බන්.
    අනික මහවැව ඕනතරම් යාළුවොත් ඉන්නවා. කවෘත් කිව්වෙ නෑනෙ.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අඩේ මම ඉන්නෙ මාරවිල.
    මට ඔහොම සීන් 1ක් ආරන්චි උනේ නෑනෙ බන්.
    අනික මහවැව ඕනතරම් යාළුවොත් ඉන්නවා. කවෘත් කිව්වෙ නෑනෙ.
    uba mokakda ban.. padee kata ganan ganne nathi ekek ne game
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    එයා රතිඤ්ඤා කරල පත්තුකරලා ඒක විසිකරනවා වෙනුවට ගිනි පෙට්ටිය විසිකරලා. රතිඤ්ඤා කරල අතේ පුපුරලා තමා එක් ඇඟිල්ලක කොටසක් නැත්තේ

    :lol::lol::lol::lol::lol:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    මල්ලි අවුරුදු 12ක විතර කාලයකදී රතිඤ්ඤා කරලක් පත්තු කරන්න ගියා. එයා රතිඤ්ඤා කරල පත්තුකරලා ඒක විසිකරනවා වෙනුවට ගිනි පෙට්ටිය විසිකරලා. රතිඤ්ඤා කරල අතේ පුපුරලා තමා එක් ඇඟිල්ලක කොටසක් නැත්තේ යැයිද ගේ‍්‍රස් මහත්මිය අතීත සිද්ධියක් මෙනෙහිකරමින් පැවසුවාය. patta yako
     

    Similar threads