භූෂිතගේ විශ්වකර්ම නිපුණතාව

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    භූෂිතගේ විශ්වකර්ම නිපුණතාව

    කැණිම් යන්ත්‍ර නිෂ්පාදන සිහිනය ඇති භූෂිතගේ විශ්වකර්ම නිපුණතාව

    භූෂිත ෂෙහාන් ගීකියනගේ විසි දෙහැවිරිදි තරුණයෙකි පෞද්ගලික විද්‍යාලයක මෝටර් රථ ඉංජිනේරු පාඨමාලාවක් හදාරයි.
    මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබන කාලයේ සිටම වාහන සහ එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ සොයාබැලීමට උවමනා ඇත්තෙක් විය.
    ඒ සඳහා ඔහුට අදහස පහළ වූයේ පාසලේ හතරවැනි වසරේ ඉගෙනුම ලබන විට ඥාතියකුගෙන් ලැබුණුු ත්‍යාගයක් නිසාය.

    එ් කැණිම් යන්ත්‍රයක(Excavater) අනුරුවක් වූ සෙල්ලම් බඩුවකි. පාසල් කාලයෙන් පසු සිත දුවන්නේ කැණිම් යන්ත්‍රය ක්‍රියා කරවන්නටය.

    ඒ සෙල්ලම් කැණීම් යන්ත්‍රය තම ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි භූෂිත එදා සිහිනයකින් හෝ නොසිතන්නට ඇත.
    එහෙත් ඔහුට එදා බොහෝ ප්‍රිය වූ සෙල්ලම් කැණීම් යන්ත්‍රය ඔහුගේ ජීවිතය වෙනස්ම ඉසව්වක් කරා රැගෙන ආවේය.
    භූෂිත ඒ ගමන් මඟ මෙසේ ආවර්ජනය කර සිටියේය.“මම පාසලේ හයවෙනි වසරේ දී කැණීම් යන්ත්‍රයේ ක්‍රියාකාරි කොටස් ලීවලින් හැදුවා. එන්නත් සඳහා යොදන සිරින්ජර් භාවිත කළත් ආපසු කූර අදින්න ඕනෑ. පසුව මම රේඩියෝ ඒරියල් කූරූ යොදා නවිකරණය කළා. ඒරියල් කූරූ කිහිපයකි.
    වීවිධ ප්‍රමාණයෙන් තිබුණු නිසා මට අදහසක් ඇවිත් වහලයේ මකුළුදැල් කඩන්න හැකි උපකරණයක් හැදුවා. ගියර් මෝටරයක් වෝල්ට් හයක ආරෝපණය කළ හැකි බැටරියක් සහ වේග පාලන ස්විචයක් යොදා සැදුවා. පාසලේ විද්‍යා තරගවලටත් ඉදිරිපත් කළා
    තවමත් අපේ ගෙදර මකුළු දැල් කඩන්නේ එදා මම හැදු එම උපකරණයෙන් තමයි. පාසලේ නව නිපැයුම් සංගමය නිතර නිතර අප දිරිමත් කළා. දහවෙනි වසරේ ඉගෙනුම ලබන විට මම යකඩවලින් කැණීම් යන්ත්‍රයක් හදන්න උත්සාහ ගත්තා.
    fQokCCz.jpg
    අන්තර්ජාලය හා පොත්පත් පරිශීලනය කරමින් වැල්ව් වර්ග ගැන අධ්‍යයනයක් කළා. ඒ අනුව. Boom, Bucket, Arm යන ක්‍රියාකාරි පද්ධති පිළිබදවත් නව ක්‍රමවේදයකින් යුතුව එක් කළ යුතු දේ ගැනත් කල්පනා කළා. අවශ්‍ය ආකාරයට රූප සටහන් සකසා ගෙන යකඩ තහඩු ගෙනවිත් කපා වැල්ඩින් කර අවශ්‍ය කොටස් හැදුවා. මේ සඳහා පොම්ප තුනක් folk lift යන්ත්‍රයකින් සොයාගත්තා, අඟල් හතරක කැණිය නිර්මාණය කළේ තද ලෝහයකින්.

    එය හොඳට ක්‍රියාකාරි වුණා. ඒ අනුව සම්පූර්ණ යන්ත්‍රයම ලොකුවට හදන්න මට වුවමනා වුණා. නමුත් සා. පෙළ විභාගය වෙනුවෙන් මගේ ක්‍රියාකාරකම් අතරමඟ නවත්වන්න සිදුවුණා. විභාගයෙන් පසු වෙනත් පාසලකට ඇතුළු වුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ හදාරන්න යන්න වුණු නිසයි.
    එහිදී අවසාන ව්‍යාපෘතියට මම ඉදිරිපත් කළේ කැණීම් යන්ත්‍රය ගොඩනැගීම පිළිබඳවයි. ඒ අනුව උසස් පෙළ අවසන් වූ වහාම වැඩි කාර්යක්ෂමතාව, අවම ඉන්ධන භාවිතය සහ භ්‍රමණ ක්‍රම වෙනස් ආකාරයට අත්හදා බලමින් කැණීම් යන්ත්‍රයක් හදන්න පටන් ගත්තා.
    කොළඹ ගල්වළේ යකඩ විකුණන සෑම තැනකින්ම අවශ්‍ය කොටස්, උපාංග, මිල දී ගත්තා. අලුතින් යකඩ තහඩු ගෙනවිත් හිතවත් වැල්ඩින් වැඩපළක උදව්වෙන් Boom, Bucket, Arm සකස් කරගත්තා. ඒ අනුව බරගෙඩිය Counter Weight, හයිඩ්‍රොලික් සිලින්ඩර්, පොම්පය සහ වෑල්ව්වලට නව එකතු කර ගැනීම් සොයා බැලුවා.

    මීළඟට මට වුවමනා වුණේ පොම්පය සමග වැල්ව් දොළහක් සහිතව නිර්මාණය කරන්න. මේ සම්බන්ධ තාක්ෂණය පිළිබඳ උපදෙස් සඳහා විවිධ පුද්ගලයන්ගේ උදව් ඉල්ලුවත් බොහෝ අය කියා සිටියේ ඕවා කෙරෙන්නෙ නැති වැඩ කියලයි. ඒ වචන මට මගේ ක්‍රියාවලිය දිරිමත් වෙන්න ශක්තියක් කරගත්තා.

    ඒ අනුව ක්‍රියා කරන විට බර එසවීම ප්‍රශ්නයක් වුණ නිසා මම බර ඔසවනයක් හැදුවේ කරන වැඩ පහසු කර ගන්නයි.මගේ නිර්මාණය සඳහා අවශ්‍ය එන්ජිම, කැබිනය පරණ කැණීම් යන්ත්‍ර කොටස් විකුණන තැන්වලින් මිල දී ගත්තා. ඒවා නවීකරණය කළා. අලුතින් බොඩියක් සැදුවා. පේන්ට් කළා. අහල පහළ වතුපිටිවල අවශ්‍යතාව අනුව කැණිම් සිදු කර ක්‍රියාකාරිත්වය පිරික්සුවා.
    මම මේ යන්ත්‍රය නිපදවූවාට පස්සේ ඒ පිළිබඳ නිපුණතාව ඇත්තෝ කොටසින් කොටස පිරික්සා තත්ත්වපාලනය පිළිබඳව සෑහිමකට පත් වුවා. ඒ අනුව මම නව නිපැයුම් කොමිසමේ වාර්ෂික තරගයට මගේ නිරිමාණය ඉදිරිපත් කළා. එය ප්‍රදර්ශනය වූයේ කොළඹ කොටුවේ ප්‍රදර්ශනශාලා භූමියේයි.
    එහිදී මගේ නිර්මාණය දෙවෙනි ස්ථානය ලබා ගත්තා“.භූෂිත තම නිර්මාණය බිහි වුණු අන්දම සහ ඒ වෙනුවෙන් ලැබුණු ජයග්‍රහණ සැකෙවින් විස්තර කළේ එසේය. ඔහුගේ අනාගතය කෙසේ විය යුතුදැයි ඇසුවේ ඔහුගේ මේ සා විශාල නිපුණතාව ඉදිරියට කෙසේ වනු ඇත්දැයි දැන ගැනීමේ අභිලාශයෙනි. එයට ඔහුගේ පිළිතුර ඉතා සංවේදී විය.
    “මම විශ්වවිද්‍යලයයක ඉංජිනේරු පීඨයක සිටියානම් කියා සිතුණා. උසස් පෙළ ලකුණු ප්‍රමාණය මදි වුණා. ක්‍රීඩාවට යොමු වූවන්ට විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට සහන තිබෙනවා. අපි වගේ නිපුණතා ඇති අයට අඩුම වශයෙන් කාර්මික සහ තාක්ෂණික විශ්වවිද්‍යාලයකට වත් යන්න පහසුකම් හෝ ඒ පිළිබඳව ‍සොයා බලන ආයතන නැහැ.
    නිපුණතාවට අනුව ඉහළ යා හැකි ආයතන තිබුණත් ඒවා ඇගැයීමට හෝ පවතින පාඨමාලා අනුව සොයා බලන්න සුදුසුකම් සහිත අය නැති බව උදව් ගන්න යන බොහෝ විද්වතුන් පවසනවා. අපි වගේ නිපුණතා ඇති බොහෝ අය අපේ රටේ ඉන්නවා.
    ඒ අය වෙනුවෙන් සොයාබලන්න කවුරුත් නැහැ. ඒ අනුව මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක මෝටර් රථ ඉංජිනේරු උපාධියක් සඳහා ඉගෙනීමෙහි යෙදෙනවා. එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රෝපොලිටන් විශ්වවිද්‍යාලයට ඇතුළු විමට අදහසක් තිබෙනවා.
    kjfdyCR.jpg

    රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළු වීමට හෝ කාර්මික විද්‍යාලයකට ඇතුළු වීමට මට ආශාව තිබුණා. ඒත් මගේ නිර්මාණය ඉහළට ගෙනියන්න බොහෝ අයගේ උදව් මම ඉල්ලා සිටියත් නිසි ප්‍රතිඵල ලබාගන්න බැරි වුණා. විශ්වවිද්‍යාලවල සිදු කෙරෙන්නේ පර්යේෂණ තුළින් නිපුණතාව ලබා දීමක්. ඒත් මට මගේ පර්යේෂණ සදහා උසස් අධ්‍යාපන ආයතන වෙතින් පිළිසරණක් ලැබුණේ නැහැ.
    මගේ නිෂ්පාදනය සම්බන්ධයෙන් එංගලන්තයේ කැටපිලර් ආයතනයට විස්තර යැවූවා. එහි දී එම ආයතනය ලංකාවේ නියෝජිත ආයතනය වෙතින් විස්තර එවන්න කියා. නමුත් මම දැන් උපාධියක් හදාරන නිසා එය අවසන් වූ වහාම කැටපිලර් ආයතනයේ සහාය ලබා ගන්න උත්සාහ ගන්නවා.
    ශ්‍රී ලංකාවේ මගේ නමින් කැණීම් යන්ත්‍ර නිෂ්පාදනය කරනවාමයි.“කැණීම් යන්ත්‍ර සංවර්ධන ක්‍රියාවලියට අත්‍යවශ්‍යම උපකරණයකි. විවිධ කාර්යයන් සඳහා වූ නිමැවු මේ යන්ත්‍ර පන්තිය සඳහා ලෝකයේ ඇත්තේ පුදුමාකාර ඉල්ලුමකි. කැණීමේ ක්‍රියාව මෙන්ම තල්ලු කිරිමේ උපාංග සහිත බැකෝ යන්ත්‍රද ඒ අතරය.
    අධිබලැති එන්ජිමකින් සමන්විත මේ යන්ත්‍ර සඳහා බර කාර්යක්ෂමතාව අනුව නිෂ්පාදනය කෙරේ. ‍ටොන් එක දෙක සිට ඉහළ අගයයන් අනුව යන්ත්‍ර නිෂ්පාදනය කෙරෙන්නේ වැඩ කාර්යයන්ගේ අවශ්‍යතාව සඳහාය. කොරියාව, ජපානය, ඇමරිකාව, ජර්මනිය, ස්විඩනය, ඉන්දියාව වැනි රටවල ජනප්‍රිය වෙළෙඳ නාමයන්ගෙන් යුතු කැණීම් යන්ත්‍ර නිෂ්පාදනය කරති.
    ලංකාවේදී තනිවම එවැනි සුවිශේෂ කැණීම් යන්ත්‍රයක් නිපදවූ භූෂිත මෙසේ කියයි.”කවදාහරි මම ලංකාවේ කැණීම් යන්ත්‍ර නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. එන්ජිම පමණක් පිටරටින් ගෙන්වන්න වෙනවා. ඉන්දියාව, චීනය, කොරියාව වැනි රටවලින් එන්ජිම පමණක් මිල දී ගත හැකියි.“භූෂිතගේ මේ විශ්වකර්ම නිපුණතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ විසි දෙකකටත් වඩා වැය වී ඇත. පවුලේ සෙසු වියදම් කපා හරිමින් වුවද තම දරුවාගේ දක්ෂතාවට නොමසුරුව සහයෝගය දුන් භූෂිතගේ පියා මංජු ගීකියනගේ මහතා ගෙන් මේ ක්‍රියාවට සම්මාදම් වූ ආකාරය විමසීමි.
    “ පුතාගේ හැකියාව කුඩා කාලයේ සිටම තිබුණා. ඔහුගේ නිර්මාණ කාර්යයන්ට අපි හැකි පමණින් අනුග්‍රහය දුන්නා. එයාගේ නිර්මාණ අතරමග නැවැත්වූයේ නැහැ. විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කිරීමට භූෂිතගේ පුංචි අම්මා මංජුලා රාජකරුණා උදව් කළා.
    පුතාගේ මහන්සියේ ප්‍රතිඵල දැන් අපට පෙනෙනවා. දැන් පුතා උපාධි අපේක්ෂකයෙක් නිසා එයාගේ අධ්‍යාපනයට උදව් දෙනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක හෝ කාර්මික අධ්‍යාපන ආයතනයක උදව් තිබුණා නම් අපිට එතරම් මුදලක් වැය වන්නේ නැහැ. පුතා වගේ දක්ෂ නිපුණතා ඇති දරුවෝ බොහෝ දෙනෙක් ලංකාවේ ඉන්නවා. ඔවුන්ගේ සිහින දකින්න උදව් වෙන්න ආයතන අවශ්‍යයි. “
    භූෂිත තම සිහිනය දිගේ බොහෝ දුර පැමිණ අවසන්ය. සැබවින්ම දැන් ඔහු ඒ සිහිනය සාක්ෂාත් කර අවසන්ය. එහෙත් එය ඉන් ඉදිරියට ගලා නොයන්නේ නම් ඔහුගේ සිහිනය සිහිනයක්ම වනු ඇත. එබැවින් ඒ සිහිනය දක්වා නැග යෑමට පියගැටපෙළක් නම් ඇවැසියමය.
    ඒ පියගැට පෙළට එකින් එක වාරු දීමට ඔබටද හැකියාවක් ඇත. එසේ වාරු ලැබෙන්නේ නම් දිනයක මුළු මහත් ලංකාවම පියවරක් ඉදිරියට තබනු නොඅනුමානය
     
    • Like
    Reactions: shasheedil

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඔහු ඒ සිහිනය සාක්ෂාත් කර අවසන්ය. එහෙත් එය ඉන් ඉදිරියට ගලා නොයන්නේ නම් ඔහුගේ සිහිනය සිහිනයක්ම වනු ඇත. එබැවින් ඒ සිහිනය දක්වා නැග යෑමට පියගැටපෙළක් නම් ඇවැසියමය.
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    ඔක්කොම හරි ඒත් කොල්ලගෙ කරුමෙට ඌ ඉපදුනෙ ලංකාවෙ :)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න බැකුහොරු ඕවට උදවු කරන්නෙ නැ....ඔන්න මහින්ද වත් උන්න නම්...2020 හොද මිනිහෙක් එයි හැකියාවට තැනක් දෙන....:yes::yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න මහින්ද වත් උන්න නම්...2020 හොද මිනිහෙක් එයි හැකියාවට තැනක් දෙන....:yes::yes:

    කාගෙද මහින්ද :dull:ගෙද ඝ යෝෂිතගෙද :dull:නැත්තං රොකට් :rofl::rofl:
     

    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    ඔහුගේ සිහිනය සිහිනයක්ම වනු ඇත. එබැවින් ඒ සිහිනය දක්වා නැග යෑමට පියගැටපෙළක් නම් ඇවැසියමය.
     
    • Like
    Reactions: Target Hoona

    Target Hoona

    Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    ඔහුගේ සිහිනය සිහිනයක්ම වනු ඇත. එබැවින් ඒ සිහිනය දක්වා නැග යෑමට පියගැටපෙළක් නම් ඇවැසියමය.
    Thanks for Rep
    Rep +++ added