මංකොල්ලයකට අපි රනිල්ට ඉඩ දෙන්නේ නෑ

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
මංකොල්ලයකට අපි රනිල්ට ඉඩ දෙන්නේ නෑ

ව්‍යවස්ථා මංකොල්ලයකට අපි රනිල්ට ඉඩ දෙන්නේ නෑ

සියලු දේශපාලන පක්ෂවල එකඟතාව අනුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු 19වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුව අගමැතිවරයා හා ඔහු පිටුපස සිටින කණ්ඩායමක කුමන්ත්‍රණකාරී සංශෝධනයක් ඉදිරිපත් කර ඇතැයි ජාතික හෙළ උරුමයේ මහ ‍ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ ඊයේ (05) බත්තරමුල්‍ලේ පක්ෂ කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.
සංශෝධනයට එක්කර තිබූ මැතිවරණ ක්‍රමය පිළිබඳ වූ සංශෝධනය පක්ෂවල එකඟතාවයක් නැති හෙයින් ඉවත් කර ඇතත් ඉදිරිපත් කර ඇති සංශෝධනයටද පක්ෂවල එකඟතාවයක් නැතැයි ඒ මහතා පෙන්වා දුන්නේය. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇත්තේ 72ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේම කොපියක් හෙයින් එකල හිටි නාමික ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ තත්ත්වයටම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව පත් කිරීම මේ සංශෝධනය නිසා සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයාගේ බලය ව්‍යවස්ථාමය මං කොල්ලයක් මගින් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් රවටා කතරගමදී ව්‍යවස්ථා සංශෝධනයක් කර ගත් ආකාරයටම බවද ඇමැතිවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කර පක්ෂය විපක්ෂයට වැට්ටවීම වැනි දෙයක් කරද්දීත් පක්ෂය නිහඬව සිටියත් එවැනි නාඩගමකට රට ගෙනියන්න ඉඩ නොතබන බවත් ඇමැතිවරයා කීවේය. වර්තමානයේ පවතින්නේ ජාතික සන්ධාන ආණ්ඩුවක් මිස එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නොවන හෙයින් කුමන්ත්‍රණකාරී වැඩ කිරීමට නොහැකි බවත් ජනතාවට හා අධිකරණයට ව්‍යවස්ථා සංශෝධන දෙකක් ඉදිරිපත් කිරීමට අගමැතිවරයා ක්‍රියා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාද වගකිව යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
අප්‍රේල් 23ආණ්ඩුව විසුරුවන කතාව එක් පුද්ගලයෙකුගේ දැන්වීම් ඒජන්සියේ කතාවක් මිස ජාතික හෙළ උරුමය එකඟ වූ ප්‍රතිපත්තියක් නොවන බවද සඳහන් කළේය. රටට හිතකර අන්දමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමෙන් පසුව අලුත් මැතිවරණ ක්‍රමයට අනුව මහමැතිවරණයක් පවත්වා ඉන් පත්වන අලුත් රජයේ සිට බල පැවැත්වෙන පරිදි සංශෝධනය ගෙන එන බවද ඒ මහතා එහිදී පැවැසීය. විධායක ජනාධිපති ධුරය වෙනුවට ඒකාධිපති අගමැතිවරයෙක් බිහිවෙන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


- අමාත්‍ය පාඨලී චම්පික රණවක

ලක්බිම 2015 අප්‍රේල් 07 02.32p.m
 
  • Like
Reactions: kinkon and chathu05

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
පොර ටෝක් ඉවරයි පොරගෙ දින 82 විතර ගිහින් පළමු දින 10-15 තිබ්බතරන් පඩශෝ දැන් නැහැ
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලන සමලින්ගිකයිනි , අඳ බාලයනි,
    පොල්මුඩ්ඩක් පස්චාත්බාගයේ ඉස්සෙල්ලා ගහ ගෙන ඊටපස්සේ මේක අහපල්ලා.

    මුල සිට අගටම

     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උබ දිල්වලේ එකෙන් චාම්පිකට වනින ගමන් මේකෙන් උගේ කතා දානවා