මංගල ‍පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු

sudeshp4

Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මංගල ‍පෝරුව ගැන බොහෝ දෙනෙක් නොදත් කරුණු

    මංගල උත්සවයක් පැවැත්වීමේදී ‍පෝරුවේ චාරිත්‍රවලට හිමිවන්නේ විශේෂ තැනකි. අපේ රටේ විවිධ ප්‍රදේශයන් අනුව ‍පෝරුවේ චාරිත්‍ර සිදු කරන ක්‍රමවල යම් යම් සුළු වෙනස්කම් දැකිය හැකි නමුදු ‍පොදුවේ ගත්කල අපේ රටේ ‍පෝරුවේ චාරිත්‍ර සිදු කරන පිළිවෙළ බොහෝ විට එක සමානය.
    මංගල උත්සවයක් සඳහා නිවැරදිම පිළිවෙත වන්නේ නව යුවළක් සඳහා අලුත්ම ‍පෝරුවක් නිර්මාණය කිරීමය. නිවසේ පැවැත්වෙන විවාහ මංගල උත්සව සඳහා මෙම පිළිවෙත අනුගමනය කිරීම එතරම් අපහසු නැත. නමුත් වර්තමානයේ බොහෝ විට විවාහ මංගල උත්සව පැවැත්වෙන්නේ උත්සව ශාලාවල වීම නිසා එක් මංගල උත්සවයකට පමණක් නව ‍පෝරුවක් නිර්මාණය කිරීම සිදු නොවේ. මේ නිසා බොහෝ විට උත්සව ශාලාවේ ඇති මඟුල් ‍පෝරුව කිසියම් මුදලක් ගෙවා භාවිතයට ගැනීම සිදුවේ. නමුත් නව දිවියක් අරඹන දෙදෙනකු තවත් එවැනිම දෙදෙනකු හෝ කිහිප දෙනකු භාවිතයට ගත් ‍පෝරුවක් භාවිතයට ගැනීම එතරම් සුදුසු නොවන බව පැවැසේ. මේ නිසා නව යුවතිපති යුවළක් සඳහා නව ‍පෝරුවක් නිර්මාණය කළ නොහැකි නම් ‍පෝරුවේ දෙදෙනා සිටගන්නා කොටසට අමුකිරි ලෑල්ලක් (දෙල්, කොස්, අඹ වැනි) භාවිතයට ගැනීම ප්‍රමාණවත් වේ. මේ තුළින් ‍පෝරුවේ චාරිත්‍ර තුළින් බලා‍පොරොත්තු වන අරමුණ එලෙසින්ම ඉටුකර ගත හැකි වේ. එනිසා ‍පෝරු තනන්නවුන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වැදගත්ය.
    ‍පෝරුවේ ඉතිහාසය පිළිබඳව මත කිහිපයක්ම ඇත. බෞද්ධ ජනතාවගේ විශ්වාසය වන්නේ ‍පෝරුවේ ආරම්භය සිද්ධාර්ථ කුමාරයගේ විවාහ මංගල උත්සවයේ සිට පැවැත එන බවය. නමුත් ඇතැමකු ‍පෝරුවේ ආරම්භය විෂ්ණු දෙවියන්ගේ නැගෙණිය හෙවත් පත්මාවතී බිසව ගෙන් ඇරඹුණු බව විශ්වාස කෙරේ. ‍පෝරුවක් නිර්මාණය කිරීමේ දී සම්මත දිගක්, පළලක් හා උසක් තිබේ.
    නමුත් මෙම දිග පළල ප්‍රමාණයන් මතම පිහිටා ‍පෝරුවක් නිර්මාණය කිරීමට යෑම අදට ප්‍රායෝගික නොවන්නේ ඒ සඳහා විශාල ඉඩකඩක් අවශ්‍ය වීම සහ අධික වියදමක්ද දරන්නට සිදුවීම නිසාය. නමුත් එම සම්මත ක්‍රමවලට අනුව යමින් දිග අඩි 4, පළල අඩි 3 ලෙස අවම වශයෙන් අඟල් 8 වශයෙන් යොදා ගනිමින් වස් දොස් නැති ‍පෝරුවක් නිර්මාණය කරගත හැක. මේ සඳහා අමුකිරි ලෑලි තෝරා ගැනීම වඩාත් යෝග්‍ය වේ.
    සම්ප්‍රදායිකව නිර්මාණය කරන ලද ‍පෝරුවට නැංවීම හා බැස්සවීම සිදුකරනු ලබන්නේ සතරවරම් දෙවියන්ගේ අවසරය ඉල්ලා සිටීමෙන් අනතුරුවය. ‍පෝරුවේ කොන් හතරෙන් පුන් කළස් හතරක් තබා එයට ‍පොල් මල් හතරක් තබා ඒ මත පහන් හතරක් දැල්වීම සතරවරම් දෙවියන් සඳහා සිදුකරන්නකි. නව දිවිය ඇරඹීමට ‍පෝරුවට නගින යුවළට ‍පෝරුවට නැංවීමට පෙර මෙසේ දල්වන ලද පහන්වලට සතරවරම් දෙවියන්ගේ බැල්ම ලබාදෙන ලෙස අෂ්ඨක කියනු ලබන්නා විසින් දෙවියන්ගෙන් අයැද සිටින්නේ මේ නිසාය. ඉන් අනතුරුව අෂ්ඨක ස්ලෝක කියා සියලු චාරිත්‍ර ඉටුකර අතැඟිලිබැඳ සතරවරම් දෙවිවරුන් යැද ‍පෝරුවෙන් බැස්සවීම සාම්ප්‍රදායිකව සිදුවන ක්‍රමය වේ. නමුත් වර්තමානයේ අවබෝධයකින් තොරව විවිධ පුද්ගලයන් ‍පෝරුවේ කටයුතු කරන්නට යෑම නිසා ආශිර්වාද ලබා ගැනීමට සිදු කරන්නා වූ මෙම කටයුත්ත හුදු චාරිත්‍රයක් පමණක් බවට පත්ව ඇත.
    ඇතැම්හු සතරවරම් දෙවියන්ගේ ආශිර්වාද ලබා ‍පෝරු මස්තකයේදී පිරිත් නූලෙන් අතැඟිලි බැඳ, පිරිත් පැන්වලින් දෑඟිලි දෝවනය කර, ‍පෝරුවෙන් බැස තුනුරුවන් සිහි කිරීමට පහන් දල්වා අවසානයේ ෂැම්පේන් බෝතල් කඩා මධුවිතද තොලගාති. එසේ වූ විට තමන් ලබාගන්නා වූ ආශිර්වාදයත් ගඟට කැපූ ඉනි හා සමානය.
    ඇතැමුන් ‍පෝරුවේ චාරිත්‍ර සඳහා දිගුවේලාවක් යොදා ගැනීම නිසා මනාල යුවළ බොහෝ අපහසුතාවයට ලක්වේ. සීමිත ඉඩකඩක් තුළ දිගුවේලාවක් සුවිශේෂ වූ ඇඳුම් පැළඳුම් ද සහිතව රැඳී සිටීම ශාරීරික වශයෙන් අපහසුතා ගෙන දෙන දෙයකි. මේ නිසා නැකත් සාදන අවස්ථාවේ දී මේ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කර ගැනීමේ හැකියාව පිළිබඳව ජෝතීර්වේදියා සමග කතා කර ගැනීම ඉතා වැදගත් වේ. කෙසේ වෙතත් හිතවතුන්ට තෑගි දීම ආදී කටයුතු ‍පෝරුවෙන් බැසීමෙන් පසු වුවද සිදුකළ හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
    වර්තමානයේ මංගල උත්සව සඳහා මල්වලින් විවිධ සැරසිලි නිර්මාණය කිරීම බහුලව සිදු වේ. ‍පෝරුව තෝරා ගන්නේ ද ඊට ගැළපෙන පරිදිය. නමුත් ගෞරවනීය කටයුත්තක් සඳහා යොදා ගන්නා ස්ථානයක් වන බැවින් ‍පෝරුව හැමවිටම සාම්ප්‍රදායිකත්වය ආරක්ෂා වන පරිද්දෙන් තෝරා ගැනීමට කටයුතු කිරීම ඔබට අයිති දෙයකි. එය විසිතුරුව නිර්මාණය වන විට එහි ඇති ගෞරවනීය බව ඈතට යයි. එවැනි ‍පෝරුවක් තුළ සිදු කරනු ලබන චාරිත්‍ර වාරිත්‍රවල ගැඹුරක් නව යුවළට නොදැනේ. නමුත් සම්ප්‍රදායික ‍පෝරුවක් මත හිඳ නිවැරදිව ඉටුකරන ‍පෝරුවේ චාරිත්‍ර නව දිවියක් අරඹන යුවළට සවිමත් අත්තිවාරමක් දැමීම හා සමානය.

    සාම්ප්‍රාදායික ‍පෝරු නිර්මාණ ශිල්පී
    වීරවංශ ද සිල්වා විසිනි
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අර පොරුවේදී මනමාලි සිහි නැතිව වැටුනොත් ඒ කියන්නේ ඒකිගේ පෙට්ටිය කැඩිලා කියන එකද ?
     
  • Jul 12, 2012
    447
    74
    28
    අර පොරුවේදී මනමාලි සිහි නැතිව වැටුනොත් ඒ කියන්නේ ඒකිගේ පෙට්ටිය කැඩිලා කියන එකද ?
    mage yaluvek banda ehema. api balagena hitiye kella vateida kiyala. vatun na ban.:rolleyes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,109
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,109
    113
    Panadura
    අර පොරුවේදී මනමාලි සිහි නැතිව වැටුනොත් ඒ කියන්නේ ඒකිගේ පෙට්ටිය කැඩිලා කියන එකද ?

    :lol::lol: උඹේ මනමාලි වැටුනද එහෙම ? :D

    කවුද බෝයි;20703728 said:

    mage yaluvek banda ehema. api balagena hitiye kella vateida kiyala. vatun na ban.:rolleyes:

    :lol: :lol: :lol: :lol:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    :lol::lol: උඹේ මනමාලි වැටුනද එහෙම ? :D


    නැහැ

    මම තාම බැඳලා නැහැ නේ

    මට බය මම කලින් බදු ගහල තියනව එතකොට කොල්ලත් වැටෙනවා ද ?
     

    Similar threads