මංදිර වල ඉන්න ඕන එවුන් තමයි මෙහෙම කියන්නේ

aliya

Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මංදිර වල ඉන්න ඕන එවුන් තමයි මෙහෙම කියන්නේ

    මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’
    (අංජුල මහීක වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක් මාතර සිට)

    “තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය.

    එම ජනාධිපතිවරණය අනාගතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව කී සජිත් ප්‍රේමදාස මහතා මන්දිරවල නොසිට වීදී ගානේ ගොස් ජනතා ශක්තිය සමඟ එක්ව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බවද අවධාරණය කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මෙවර ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන“සජිත් එනවා”දෙවන ජන රැළියට සහභාගී වෙමිනි.

    මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අද (23) සවස පැවති මෙම ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්විණි.

    පැය 15 කට අධික කාලයක් තිස්සේ මාතරට ඇදහැලුණු අධික වර්ෂාව නිසා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය මඩ ගොහොරුවක් බවට පත් වී තිබුණ ද එය නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

    මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික පතිරණ, චන්ද්‍රානී බණ්ඩාර, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමී, හර්ෂණ රාජකරුණා, අජිත් පී.පෙරේරා, හරීන්ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉදුනිල්, හේෂා විතාන, ඉන්දික බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිවිල් සංවිධාන නියෝජියෝ සහ පළාත් පාලන නියෝජිතයෝ විශාල පිරිසක් ද රැළියට සහභාගී වූහ.
     

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    සජිත් කොලඹ ඉන්නකොට ඉන්නේ පැලකද? හම්බන්තොට ඉන්නේ අතු පැලකද? මංදිර වල ඉන්න එවුන් ජනාධිපති උනා කියලා පැලවල හිටියද?