මුදලට වෛද්‍ය උපාධිය විකුණන මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කිරීමට අද (09) රැස් වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී තීරණය කර ඇත.
අද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය කේ. හිරිකුඹුරේගම මහත්මිය, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වත්මන් සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වත්මන් ලේකම් ඩී.සී. දිසානායක යන මහත්වරු කැඳව මූලික ප්‍රශ්න කිරීම් සිදු කර තිබේ.
මාලඹේ සයිටම් ආයතතය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස පිළිගත් බවට වන කිසිදු නිශ්චිත ගැසට් නිවේදනයක් නිකුත් වී නොමැති බව එහිදී අනාවරණය වී ඇත.
ඒ අනුව ලබන 20වනදා සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවත් 2011 වසරේ පත් කර ඇති ආයතනික විමර්ශන කමිටු සහ විෂය මාලා විමර්ශන කමිටුවේ නිලධාරීන් කැඳවා පරීක්ෂණ සිදු කිරීමට නියමිත ය.


