මකනෙ ගල්ටික්!

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    වරක් මතකයි
    පංතියේ
    අර සුදු චෝක් කූරක තඩී
    වැරැදි මක මක
    ඩස්ටරේකින්
    අ‘යනු ආ‘යනු කල හැටී
    ඉදිරි පෙළ හුන්
    දසුනි කෙල්ලගෙ
    අලුත් මකනෙට වහ වැටී
    සුවඳ බලලා දෙන්න ඉල්ලා
    ඒක ‘ගල්ටික්‘ කල හැටී
    මකනෙ ඉල්ලා
    පොළවෙ හැපි හැපි
    කෙල්ල පංතිය පෙරළතී
    අනේ! තාමත්
    මතක් වෙනවා
    චූටි ටීචගෙ ඒ ගුටී.



    (ගල්ටික් = හොරකම් කිරීම/ ඉස්කෝලෙ කොල්ලන්ගේ පාරිභාෂික වචන මාලාවෙන් උස්සන ලදී)


    ‪#‎ඨාකුර්‬ විසිනි.
     
    Last edited: