1. මචන් ඕක කතාකරල වැඩක් නැ ... දවසක් බස් එකේදී එකෙක්ට බැන්නත් එක්ක ... යකෝ මුන් අඹ කාල ඉතිරි ටික ඩොක් ගාල එලියට දැම්ම කියපන්කො පාරට .. මට මල පැනල බැන්න ...
♥-Aurora-♥;15869084 said:ඔව් මේක නම් හැදෙන්නම ඕනෙ තැනක්. ඒත් මිනිස්සුන්ටම විතරක් බැනලා වැඩක් නෑ. මොකද මිනිස්සු පාරෙ තැන තැන කුණු දාන්න එපා කියනව නං ඒවා දාන්න වෙන තැනක් පෙන්නන්න ඕනෙ. ගොඩක් කොළඹ පැත්තෙ අලුතෙන් ලස්සන කරපු පැති තියෙනවා ඒත් කුණු දාන්න තැනක් හොයා ගන්නවත් නෑ. ඒ වගේ තැනක් අපවිත්‍ර කරන්න ගොඩක් මිනිස්සු කැමති නෑ වගේම බයයි. කුණු දාන්න තැනක් නම් කරලා නැති පාරක වගේ පොඩ්ඩක් බලන්න, කුණු දාලා තියෙන්නෙ ගොඩක් වෙලාවට කොහෙ හරි අස්සකට මුල්ලකට. ඒ කියන්නෙ බොහෝ විට ඒ අවට කුණු කූඩයක් තිබුනා නං ඒ පාරෙ දාපු අය ඒකට කුණු දාන්න තිබුනා. මං දකින විදියට බස් හෝල්ට් එකක අනිවාර්යෙන් කුණු දාන්න යමක් තියෙන්න ඕනෙ. ඒත් තාමත් බොහොම කලාතුරකින් තමා ඒ වගේ පහසුකමක් තියෙන්නෙ.
මේ වීඩියෝ එක ගැන කියනව නං මං හිතන්නෙ ඕක චතුරිකාගෙ නෙවි අධ්‍යක්ශකගෙ වැරැද්ද. (එයා නේද ඔය සීන්ස් ගැන මෙහෙම කරන්න මෙහෙම කරන්න කියන්නෙ?)