Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
මගහැරුන ආදරවන්තිය - පළමු දිගහැරුම ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගහැරුන-ආදරවන්තිය- දෙවන දිගහැරුම

අත්තම්මගෙ කට අපේ අම්මාටද ඇරුන වෙලාවල් නොතිබුනාම නෙමේ. නැන්දම්මා ලේලි රන්ඩුව අත්දැකීම් මට හොඳටම මතක තියනව. මම නොබැඳ ඉන්න හිතූ අවස්තාද, සහකාරියක් ගෙනාවත් වෙනම ඉන්න, හිතින් මම සැලසුම් කරනකොට මම සාමාන්‍යය පෙල විභහගය ඉවර කරල තිබුනෙත් නැහැ. කොතරම් දරුනුවට රණ්ඩුව ගියත් පසුදාට සාමකාමීයි. හරියටම තද වැස්සක් වැහැල සුළඟට වෛර කරපු මහ රූස්ස ගස් පසුදා උදෑසන සිසිල් සුළඟට පෙම් බඳිනව වගේ. හැබැයි අත්තම්ම තමා කාරුණාවන්තම පුරවැසිය කියල මම හිතුවෙ. හැමවෙලේම මට පුරුදුකලා ස්වභාවධර්මයට ආදෙරේ කරන්න. තව කෙනෙක් වෙනුවෙන් ස්වභාවධර්මය රකින්න. අසරණ නැති බැරි අයට වැඩිපුර තියන දේවල් බෙදා ගන්න. සහෝදරියට සලකන්න. අම්ම, තාත්තට කීකරු වෙන්න. හැමෝටම මතකයෙ රැඳෙන චරිතයක් වෙන්න.

"සුදු පුතේ හෙට උඹට ඔය කලාස් ද මොනාද තියනවද?"

"ඇයි අත්තම්මෙ .."

"හෙට මගෙ පැන්ෂන් දවස. උඹ වරෙන් මන් එක්ක බැංකුවට යන්න. බඩු වගයකුත් තියනව මට ගන්න ටවුමෙන්"

සුදු පුතා. අත්තම්ම ආදරේට මට කතා කලේ එහෙම. කඩපිලේ, පන්සලේ, බැංකුවේ කොහෙ ගියත් අත්තම්මගෙ සුදු පුතා තමා මම. මට මතක තියන කාලයක් සමහර බැංකුවේ උදවියත්, ටවුමේ සමහර අයත් මට කතා කලේ සුදු පුතා කියල. ඒ අත්තම්ම එක්කම එහෙ මෙහෙ ගිහින්.

අත්තම්මගෙ පෙන්ෂන් දවස කියන්නෙ, මගෙයි අත්තම්මගෙයි කතාවෙ තියන වෙනම දවසක්. අත්තම්ම ආසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් කන්න. චොක්ලට් කන්න. මසාල තෝස, අල බොන්ඩත් කන්න කැමති ලැයිස්තුවේ තිබුන කෑම ජාති. පෙන්ෂන් දවසල මේ සේරම ජාති ගේනව. ඒ වගේම ණය තියනවනම් සේරම බේරනව. අත්තම්ම මට කියල දුන්නෙ අතමාරුවක් කලානම් ඒක වෙලාවට බේරන එක හොඳ පුරුද්දක් කියල. පෙන්ෂන් දවසට ඉතින් මමයි, නංගියි, අත්තම්මයි හිතේ හැටියට කෑව බීව. අම්මටයි, තාත්තටයි එයාලගෙ පන්ගුව ඉතිරි කරල පරිස්සම් කරන්නත් පුරුදුකලේ අත්තම්ම. ඒ වගේම අත්තම්මට තිබුනෙ පුදුම මතකයක්. හරියට ඇස් නොපෙනුනාට, සංකීර්ණ ගනිත කර්ම නොදැන හිටියට පෙන්ෂන් කාර්ඩ් එක බලල ගනන් හිලව් කිව්වෙ හරිම පුදුම විදිහට. බැංකුවේ නෝනලටත් සමහර වෙලාවට වරදිනව අත්තම්ම එක්ක ගනන් එකතුකරද්දි. පෙන්ෂන් දවක කියන්නෙ කොහොමත් මට වාසි දවසක්. මොකද, හැමදාම පෙන්ෂන් දවසට රුපියල් තුන් හාරසීයක් ගෙදර කාටත් හොරා මගෙ අතමිට මොලවන්න අත්තම්ම අමතක කලේ නැහැ.

"දැන් මම උඹට ගිය මාසෙ මැද රුපියල් සීයක් දුන්න නේද මදුරු කොයිල් ජෝඩුවක් ගේන්න."

"ඔව්. ඇයි අත්තම්මෙ මම ගෙනාවෙ. අත්තමට ජෑම් බනිස් ගෙඩියකුත් ගෙනත් දුන්නෙ. මතක නැද්ද."

"මොකද මට මතක නැත්තෙ. කෝ ඉතුරු රුපියල් විස්ස. උඹ මට දුන්නෙ නැහැනෙ ඉතුරු.."

ඒ අත්තම්මගෙ විදිහ. ගනන් හිලව් කොහෙවත් ලියන්නෙ නැතිව මතෙකයෙ තියගන්නෙ පුදුම විදියට. මුදල් ගණුදෙනු පරිස්සමෙන් කරන්නත්, අනවෂය්ය විදියට මුදල් නාස්ති නොකරන්නත්, ඉතිරි කරන්නත් පුරුදු උනේ අත්තම්මගෙ ඇසුරෙන්.

මම ලෙඩ උනහම වැඩියෙන්ම කලබල උනෙත්, වැඩියෙන්ම දුක් උනෙත් අත්තම්ම. එක දවසක මට උණ හැදුන දවස් කීපයක්ම ඇඳෙන් නැගිටින්න බැරි වෙන්න. ඔන්න ඔය දවසක අත්තම්ම කොත්තමල්ලි එකකුත් අරගෙන අමාරුවෙන් ගෙදර පඩි පේලිය නැගල මගේ කාමරේට ඇවිල්ල තියෙන්නෙ මාව බලන්න. ආපහු අත්තම්මව පඩි පෙලිය බස්සන්න ගත්තු වෑයම දන්නෙ මමයි නංගියි විතරමයි. තවත් දවසක්, මගෙ කකුලට තෙල් බෙහෙත් බඳින්න වෙද මහත්තයෙක් හොයන්න පයින්ම ගිහින් හැතැක්ම තුනක් විතර. යන්න තුනයි එන්න තුනයි සේරම හැතැක්ම හයයි. සතියක් විතර මමයි නංගියි එකතු වෙලා තෙල් බෙහෙත් ගෑව මතකයි අත්තම්මගෙ කකුල්වලට. අත්තම්ම කැමති උනේ නැහැ මට පොඩි හෙම්බිරිස්සාවක්වත් හැදෙනවට. හැමවෙලේම කිව්වෙ සිහි කල්පනාවෙන් පරිස්සමට ඉන්න කියල. කොහොම උනත්, මොන ලෙඩක් මට හැදුනත් අත්තම්මගෙ කොත්තමල්ලි එකට ලෙඩ සුව වෙන්නෙ පුදුම විදිහකට. ඉතින් අපේ ටවුමෙ හදිසියකට මෙඩිකල් එකක් ලියාගන්න්වත් මම දොස්තර මහත්තයෙක් දැනන් උන්නෙ නැති තරම්.

පළවෙනිම පාරට අත්තම්ගෙ ආදරේ බෙදුන කියල මට හිතුනෙ අපේ ගෙදරට බින්ගොයි, ටොමියයි ගෙනවහම. බින්ගො කියන්නෙ නිල්පාට ඇසි තියන දුඹුරු පාට ෂෙපඩ් කෙනෙකුටදාව උපන් සාමාන්ය්ය බල්ලෙක්. ටොමිය කියන්නෙ කලුම කලු වල් බල්ලෙක්. ඉතින් අත්තම්මගෙ රාජකාරිය උනේ මේ බල්ලො දෙන්නව හුරතල් කරන එක. නාවනව, මැක්කො බලනව. කන්න හදනව.

"දැන් උඹ මොකද මූණ එල්ලන් ඉන්නෙ. පව් මේ අසරණ සත්තු. උඹට වගේ බඩගිනි උනාම ඉල්ලන් කන්න මුන් දන්නෙ නැහැනෙ. ජරා උනාම ගිහින් ලිදෙන් නාන්න මුන් දන්නෙ නැහැනෙ.."

එහෙම තමා හැමදාම කිව්වෙ. අදටත් මම දන්නව කොහොමද බල්ලෙක්ව ආදරෙන් බලාගන්නෙ, සත්තුන්ට ආදරෙන් කරුණාවෙන් සලකන්නෙ කොහොමද කියල.

ඊළඟ මොහොතට ....

මගහැරුන-ආදරවන්තිය- අවසාන දිගහැරුම

"පරිස්සමට ගිහින් වරෙන් මගෙ පුතේ. උඹට වරදින්නෙ නැහැ කවදාවත්. මම මැරුනොත් වරෙන් මාව බලන්න හරි"

"මොනවද අත්තම්මෙ මේ කියන්නෙ. මම යන්නෙ ජොබ් එකට. හැමදාටම නෙමේ. මම එනවා. අනික ඔයා මැරෙන්නෙ නැහැ. "

"ඒව කියන්න බැහැ පුතේ. දැන් ඉතින් මට වයසයි. ඉස්සර වගේ නෙමේ"

"විකාර දොඩවන්න එපා අත්තම්මෙ"

අවුරුදු කීපයකට මම ලංකාවෙන් යනව, මැද පෙරදිගට රස්සාවකට, පරිඝනක අන්ෂයෙන්. මගෙ වාසනාවකට මට ලැබුන අවස්ථාවක් කියල තමා මට හැමෝම කිව්වෙ. මාව දිරිමත් කලේ මට ගමන යන්න. ඕක තමා මගෙයි අත්තම්මගෙයි කතාවෙ හැරවුම් ලක්ෂය. අවුරුද්දකින් විතර අත්තම්ම වැටිල, අත කැඩිල එක්තැන් උනා කියල තාත්ත මට කතා කරල කිව්ව. ඒත් මට අත්තම්මව බලන්න එන්න විදිහක් තිබුනෙ නැහැ. ඕන කමක් තිබුනෙ නැද්ද කියල මට එක වෙලාවක හිතුනා. ඒක තාමත් මගෙ හිතේ තියන නොවිසඳුන ගැටලුවක්. මුදල්, තනාතිරම, හදාගත්තු අභිමානය, ආදර වන්තිය, අලුත් යහලුවන්, විදේෂ රටවල විනෝද චාරිකා, අලුත්ම අයි ෆොන්, මේ සේරම තිබුන මට. මගේ අත්තම්මව මොහොතකට හරි මග හැරෙන්න. හිතල කරපු දෙයක් නෙමේ මම. වේගයෙන් දියුණු වෙන ලෝකය, තාක්ෂනය, තරඟකාරී ජීවන රටාව, හිත් රිදීම්, අහිමිවීම්, ඇබ්බැහිවීම්, වගකීම් මේ සේරම එක්ක පොර බැද්ද මම ජිවිතේ ඉස්සරහට යන්න. දේවල් ලඟාකර ගන්න, දේවල් ලබා ගන්න. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වෙ ඒක මම හිතල කරපු දෙයක් නෙමේ. ඒ වගේම මේ සේරම කරුණු මම මගේම නිදහසට හදාගත්තු හේතුද කියල දැන් හිතෙනවා වෙලාවකට.

අවුරුදු කීපයක්ම ගත කල මැදපෙරදිග ජීවිතයට සමු දීල මම ආයෙමත් ලංකාවට ආවෙ මගෙ අද්යාපන කටයුතු ඉවර කරන්න හිතාගෙන. පුරුද්දට වගේ ගියෙ ඉස්සෙල්ලම අත්තම්මව බලන්න. ටිකක්වෙලා මම බලාගෙන හිටිය කිසිම අරමුණක් නැතිව. මොනවද කියන්නෙ, මොනවද මම දැන් කරන්නෙ කියල කිසිම දෙයක් මට දැනුනෙ නැහැ. අත්තම්මව ඇදිල ගිහින්. ඉස්සර වගේ පැහැපත් හම, පිරිපුන් මස්පිඩු සේරම නැතිව මට පෙනුනෙ ඇටකටු සැකිල්ල විතරයි. අත්තම්ම නිදාගෙන හිටියෙ. මට දැනුන මගෙ හුස්ම නවතිනව වගෙ. මුලු ලෝකයම නවතුනා වගේ දැනුනෙ. බින්ගොත් මගේ ගාවට ඇවිත් මගේ දිහා බලාගෙන හිටියෙ ඌට මගේ හැසිරීම තේරිච්ච නිසාවෙන්න ඇති. ඌට කතා කරන්න පුලුවන්නම් සමහරවිට මට බනීවි, අත්තම්මව මගහැරියට. අත්තම්මව මම මීට වඩා හොඳට බලාගත්තෙ නැතිඋනාට.

"අත්තම්මෙ.. අත්තම්මෙ..."

" කව්ද .. ආ.. "

"අත්තම්මෙ.."

"සුදු පුතා ආවද. අනේ මගෙ රත්තරන් පුතා ආව මාව බලන්න. මැරෙන්න කලියෙන් මට මගෙ සුදු පුතාව දකින්න ලැබුන. උඹ කාලද ඉන්නෙ.."

මට වැඩි වෙලා අත්තම්ම එක්ක කතා කරන්න හම්බුනේ නැහැ. මගෙ කඳුලු ඇස් වල පිරිල. අත්තම්මට පෙනීමත් අඩු නිසා මගෙ කඳුළු දැක්කෙ නැහැ. ටිකක් වෙලා අත්තම්මගෙ කාමරේ පඩියට වෙලා මම බලාගෙන හිටිය. ඉස්සර වගේ අපේ වත්ත සරු සාර නැහැ. ඇන්තූරියම් පැල හේබෑවිලා හිහින්. ස්වභාවධර්මය මම දිහා තරහින් බලාගෙන ඉන්නව වගේ මට හිතුනෙ. කොහොමද මම කියන්නෙ මම හිතල කරපු දෙයක් නෙමේ කියල.

අත්තම්මා - " සුදු පුතේ උඹ ආවද ?"

අත්තම්මා- "ඔව්. මම ආව.."

අත්තම්මා- " මම කෑම හැදුව. කාපන්. බඩගින්නෙ ඉන්න එපා.මට ඕන නැහැ. උඹ සේරම කාපන්"

අත්තම්මා- "හරි , මම කන්නම්"

මම පුදුම වෙලා වගේ බලාගෙන, අහගෙන හිටියෙ අත්තම්මගෙ වචන, දෙබස ගැන. මට හරියටම තේරුමක් තිබුනෙ නැහැ සිදුවෙච්ච දේ පිලිබඳව. බින්ගොත් දෙපාරක් බිරුවෙ ඌට මාව තේරුන නිසාද නැතිනම් අත්තම්මව තේරුන නිසාද, මට හරියටම තේරුනේ නැහැ. අත්තම්ම චරිත හදාගෙන, දෙබස් කියනවලු, හරියටම මට ඇහුන වගේ. මට තාත්ත තමා දවසක තේරුම් කරල දුන්නෙ, අත්තම්මගෙ අරුම පුදුම දෙබස්වල තේරුම. මම ළඟ නැති අඩුව එයාට දැනෙන්න ඇති. කතා කරන්න එයාගෙ වැඩ කරන්න, එහෙ මෙහෙ යන්න, චොක්ලට් කන්න මම නැති අඩුව දැනෙන්න ඇති. ඉතින් අත්තම්ම වෙලාවකට දෙබස් කිව්ව අත්තම්ම විදිහට. ඒ දෙබසට උත්තර බැන්ද අත්තම්මම, මම විදිහට.

මට පුලුවන්කම තිබුන අත්තම්මව මීට වඩා හොඳට බලාගන්න. ඒත් මට ඒක මග හැරුන. ඉතින් මගේ ජීවිතයෙ මට මග හැරුන ආදරවන්තිය තමා මගේ අත්තම්ම. මගෙ හිත රිදෙන තරමටම ඒ සිතුවිල්ල මගේ හිතේ ඇතුලෙම රැඳුන, තදින්ම. අත්තම්ම හරිම දුර්වලයිලු. ගතින් වගේම මනසින්ම. මට තාත්ත කිව්වෙ අත්තම්මට කෑම කවන ගමන්. මම මුකුත් නොකියම අත්තම්ම දිහා බලාගෙන හිටිය. කාලය දවසින් දවස ගෙවුනත් මට දැනුනෙ විස්තර කරන්න බැරි තනිකමක්. හිස් බවක් දැනුන මට ගෙදර.

අද අපේ නංගි මනාලියක් උනාට පස්සෙ, ඉස්සෙල්ලම ගමට, ගෙදරට එන දවස. ජයටම නැතත් යාළුවන්ට, හිතවතුන්ට, නෑදෑ පිරිසට කියල තිබුන. මේ දවසට අත්තම්මට එන්න බැරි උනේ එයාට ඇවිදින්න කරන්න බැරි නිසා. මම හවස මගේ මිතුරෙකු වූ දීෂාන් සමග කොළඹ යන ගමන්. නංගිගේ සාදයේදී පමනට වඩා මත් වූ මගේ තවත් මිතුරෙකු වූ චමත්ව ගෙදරට දාන්න. මිනිහ තිරස්ව වැතිර හිටියෙ වෙනදේවල් හැන සිහියක්ද නැතිව.

"කියන්න තාත්තෙ.."

"කොහෙද ඉන්නෙ"

"මමයි දීෂානුයි, චමාව දාන්න උන්ගෙ ගෙදර යන ගමන්. දැන් මේ හයි වේ එකට දැම්මෙ. තාත්තෙ.. මොකද අවුල, ඇයි කෝල් කලේ.."

"අත්තම්ම නැතිවෙලා"

දුරකථනය විසන්දි කලේ මම එකපාරටම. හුස්ම නැවතුනා වගේ හැඟීමක් මට දැනුන. මට පෙනුන රතුපාට, කහපාට ආලෝක එළි බොඳවෙනව වගේ මට තේරුනා. මගෙ ඇස්වල කඳුලු පිරිල. එකපාරටම මට ඉස්සර දවසක අපේ අම්ම කියපු දෙයක් මතක් උනා. ‘අත්තම්ම මම එක්ක රන්ඩුවට එන්නෙ එයාගෙ හිතේ තරහක් තියනවා. මොකද මම මනාලියක් වෙලා මේ ගෙදරට ආව දවසෙමතමා, අත්තම්මගෙ හස්බන්ඩ් නැතිඋනේ. හැප්පිලා.’

ඉතින්, මේක මම ලිව්ව පළවෙනි කෙටි කතාව. කියවල දැනුන දේ කොමෙන්ටුවක් දාගෙන යන්න.

එහෙ මෙහෙ පෝස්ට් කලාට කමක් නැහැ. නමුත් මගෙ අයිතිය රකින්න. ඒක කරන ඉල්ලීමක්. ඉක්මනටම ආයෙත් හමුවෙමු.

------ Post added on [DATETIME="UT"]1691232755[/DATETIME]

[QUOTE="max_xx, post: 29085742, member: 305649"] [COLOR=rgb(247, 218, 100)][B]මගහැරුන-ආදරවන්තිය- දෙවන දිගහැරුම[/B][/COLOR] අත්තම්මගෙ කට අපේ අම්මාටද ඇරුන වෙලාවල් නොතිබුනාම නෙමේ. නැන්දම්මා ලේලි රන්ඩුව අත්දැකීම් මට හොඳටම මතක තියනව. මම නොබැඳ ඉන්න හිතූ අවස්තාද, සහකාරියක් ගෙනාවත් වෙනම ඉන්න, හිතින් මම සැලසුම් කරනකොට මම සාමාන්‍යය පෙල විභහගය ඉවර කරල තිබුනෙත් නැහැ. කොතරම් දරුනුවට රණ්ඩුව ගියත් පසුදාට සාමකාමීයි. හරියටම තද වැස්සක් වැහැල සුළඟට වෛර කරපු මහ රූස්ස ගස් පසුදා උදෑසන සිසිල් සුළඟට පෙම් බඳිනව වගේ. හැබැයි අත්තම්ම තමා කාරුණාවන්තම පුරවැසිය කියල මම හිතුවෙ. හැමවෙලේම මට පුරුදුකලා ස්වභාවධර්මයට ආදෙරේ කරන්න. තව කෙනෙක් වෙනුවෙන් ස්වභාවධර්මය රකින්න. අසරණ නැති බැරි අයට වැඩිපුර තියන දේවල් බෙදා ගන්න. සහෝදරියට සලකන්න. අම්ම, තාත්තට කීකරු වෙන්න. හැමෝටම මතකයෙ රැඳෙන චරිතයක් වෙන්න. "සුදු පුතේ හෙට උඹට ඔය කලාස් ද මොනාද තියනවද?" "ඇයි අත්තම්මෙ .." "හෙට මගෙ පැන්ෂන් දවස. උඹ වරෙන් මන් එක්ක බැංකුවට යන්න. බඩු වගයකුත් තියනව මට ගන්න ටවුමෙන්" සුදු පුතා. අත්තම්ම ආදරේට මට කතා කලේ එහෙම. කඩපිලේ, පන්සලේ, බැංකුවේ කොහෙ ගියත් අත්තම්මගෙ සුදු පුතා තමා මම. මට මතක තියන කාලයක් සමහර බැංකුවේ උදවියත්, ටවුමේ සමහර අයත් මට කතා කලේ සුදු පුතා කියල. ඒ අත්තම්ම එක්කම එහෙ මෙහෙ ගිහින්. අත්තම්මගෙ පෙන්ෂන් දවස කියන්නෙ, මගෙයි අත්තම්මගෙයි කතාවෙ තියන වෙනම දවසක්. අත්තම්ම ආසයි චිකන් ෆ්‍රයිඩ් රයිස් කන්න. චොක්ලට් කන්න. මසාල තෝස, අල බොන්ඩත් කන්න කැමති ලැයිස්තුවේ තිබුන කෑම ජාති. පෙන්ෂන් දවසල මේ සේරම ජාති ගේනව. ඒ වගේම ණය තියනවනම් සේරම බේරනව. අත්තම්ම මට කියල දුන්නෙ අතමාරුවක් කලානම් ඒක වෙලාවට බේරන එක හොඳ පුරුද්දක් කියල. පෙන්ෂන් දවසට ඉතින් මමයි, නංගියි, අත්තම්මයි හිතේ හැටියට කෑව බීව. අම්මටයි, තාත්තටයි එයාලගෙ පන්ගුව ඉතිරි කරල පරිස්සම් කරන්නත් පුරුදුකලේ අත්තම්ම. ඒ වගේම අත්තම්මට තිබුනෙ පුදුම මතකයක්. හරියට ඇස් නොපෙනුනාට, සංකීර්ණ ගනිත කර්ම නොදැන හිටියට පෙන්ෂන් කාර්ඩ් එක බලල ගනන් හිලව් කිව්වෙ හරිම පුදුම විදිහට. බැංකුවේ නෝනලටත් සමහර වෙලාවට වරදිනව අත්තම්ම එක්ක ගනන් එකතුකරද්දි. පෙන්ෂන් දවක කියන්නෙ කොහොමත් මට වාසි දවසක්. මොකද, හැමදාම පෙන්ෂන් දවසට රුපියල් තුන් හාරසීයක් ගෙදර කාටත් හොරා මගෙ අතමිට මොලවන්න අත්තම්ම අමතක කලේ නැහැ. "දැන් මම උඹට ගිය මාසෙ මැද රුපියල් සීයක් දුන්න නේද මදුරු කොයිල් ජෝඩුවක් ගේන්න." "ඔව්. ඇයි අත්තම්මෙ මම ගෙනාවෙ. අත්තමට ජෑම් බනිස් ගෙඩියකුත් ගෙනත් දුන්නෙ. මතක නැද්ද." "මොකද මට මතක නැත්තෙ. කෝ ඉතුරු රුපියල් විස්ස. උඹ මට දුන්නෙ නැහැනෙ ඉතුරු.." ඒ අත්තම්මගෙ විදිහ. ගනන් හිලව් කොහෙවත් ලියන්නෙ නැතිව මතෙකයෙ තියගන්නෙ පුදුම විදියට. මුදල් ගණුදෙනු පරිස්සමෙන් කරන්නත්, අනවෂය්ය විදියට මුදල් නාස්ති නොකරන්නත්, ඉතිරි කරන්නත් පුරුදු උනේ අත්තම්මගෙ ඇසුරෙන්. මම ලෙඩ උනහම වැඩියෙන්ම කලබල උනෙත්, වැඩියෙන්ම දුක් උනෙත් අත්තම්ම. එක දවසක මට උණ හැදුන දවස් කීපයක්ම ඇඳෙන් නැගිටින්න බැරි වෙන්න. ඔන්න ඔය දවසක අත්තම්ම කොත්තමල්ලි එකකුත් අරගෙන අමාරුවෙන් ගෙදර පඩි පේලිය නැගල මගේ කාමරේට ඇවිල්ල තියෙන්නෙ මාව බලන්න. ආපහු අත්තම්මව පඩි පෙලිය බස්සන්න ගත්තු වෑයම දන්නෙ මමයි නංගියි විතරමයි. තවත් දවසක්, මගෙ කකුලට තෙල් බෙහෙත් බඳින්න වෙද මහත්තයෙක් හොයන්න පයින්ම ගිහින් හැතැක්ම තුනක් විතර. යන්න තුනයි එන්න තුනයි සේරම හැතැක්ම හයයි. සතියක් විතර මමයි නංගියි එකතු වෙලා තෙල් බෙහෙත් ගෑව මතකයි අත්තම්මගෙ කකුල්වලට. අත්තම්ම කැමති උනේ නැහැ මට පොඩි හෙම්බිරිස්සාවක්වත් හැදෙනවට. හැමවෙලේම කිව්වෙ සිහි කල්පනාවෙන් පරිස්සමට ඉන්න කියල. කොහොම උනත්, මොන ලෙඩක් මට හැදුනත් අත්තම්මගෙ කොත්තමල්ලි එකට ලෙඩ සුව වෙන්නෙ පුදුම විදිහකට. ඉතින් අපේ ටවුමෙ හදිසියකට මෙඩිකල් එකක් ලියාගන්න්වත් මම දොස්තර මහත්තයෙක් දැනන් උන්නෙ නැති තරම්. පළවෙනිම පාරට අත්තම්ගෙ ආදරේ බෙදුන කියල මට හිතුනෙ අපේ ගෙදරට බින්ගොයි, ටොමියයි ගෙනවහම. බින්ගො කියන්නෙ නිල්පාට ඇසි තියන දුඹුරු පාට ෂෙපඩ් කෙනෙකුටදාව උපන් සාමාන්ය්ය බල්ලෙක්. ටොමිය කියන්නෙ කලුම කලු වල් බල්ලෙක්. ඉතින් අත්තම්මගෙ රාජකාරිය උනේ මේ බල්ලො දෙන්නව හුරතල් කරන එක. නාවනව, මැක්කො බලනව. කන්න හදනව. "දැන් උඹ මොකද මූණ එල්ලන් ඉන්නෙ. පව් මේ අසරණ සත්තු. උඹට වගේ බඩගිනි උනාම ඉල්ලන් කන්න මුන් දන්නෙ නැහැනෙ. ජරා උනාම ගිහින් ලිදෙන් නාන්න මුන් දන්නෙ නැහැනෙ.." එහෙම තමා හැමදාම කිව්වෙ. අදටත් මම දන්නව කොහොමද බල්ලෙක්ව ආදරෙන් බලාගන්නෙ, සත්තුන්ට ආදරෙන් කරුණාවෙන් සලකන්නෙ කොහොමද කියල. [CENTER][B][B][COLOR=rgb(247, 218, 100)]ඊළඟ මොහොතට ....[/COLOR][/B][/B][/CENTER] [HR][/HR] [COLOR=rgb(247, 218, 100)][B]මගහැරුන-ආදරවන්තිය- අවසාන දිගහැරුම[/B][/COLOR] "පරිස්සමට ගිහින් වරෙන් මගෙ පුතේ. උඹට වරදින්නෙ නැහැ කවදාවත්. මම මැරුනොත් වරෙන් මාව බලන්න හරි" "මොනවද අත්තම්මෙ මේ කියන්නෙ. මම යන්නෙ ජොබ් එකට. හැමදාටම නෙමේ. මම එනවා. අනික ඔයා මැරෙන්නෙ නැහැ. " "ඒව කියන්න බැහැ පුතේ. දැන් ඉතින් මට වයසයි. ඉස්සර වගේ නෙමේ" "විකාර දොඩවන්න එපා අත්තම්මෙ" අවුරුදු කීපයකට මම ලංකාවෙන් යනව, මැද පෙරදිගට රස්සාවකට, පරිඝනක අන්ෂයෙන්. මගෙ වාසනාවකට මට ලැබුන අවස්ථාවක් කියල තමා මට හැමෝම කිව්වෙ. මාව දිරිමත් කලේ මට ගමන යන්න. ඕක තමා මගෙයි අත්තම්මගෙයි කතාවෙ හැරවුම් ලක්ෂය. අවුරුද්දකින් විතර අත්තම්ම වැටිල, අත කැඩිල එක්තැන් උනා කියල තාත්ත මට කතා කරල කිව්ව. ඒත් මට අත්තම්මව බලන්න එන්න විදිහක් තිබුනෙ නැහැ. ඕන කමක් තිබුනෙ නැද්ද කියල මට එක වෙලාවක හිතුනා. ඒක තාමත් මගෙ හිතේ තියන නොවිසඳුන ගැටලුවක්. මුදල්, තනාතිරම, හදාගත්තු අභිමානය, ආදර වන්තිය, අලුත් යහලුවන්, විදේෂ රටවල විනෝද චාරිකා, අලුත්ම අයි ෆොන්, මේ සේරම තිබුන මට. මගේ අත්තම්මව මොහොතකට හරි මග හැරෙන්න. හිතල කරපු දෙයක් නෙමේ මම. වේගයෙන් දියුණු වෙන ලෝකය, තාක්ෂනය, තරඟකාරී ජීවන රටාව, හිත් රිදීම්, අහිමිවීම්, ඇබ්බැහිවීම්, වගකීම් මේ සේරම එක්ක පොර බැද්ද මම ජිවිතේ ඉස්සරහට යන්න. දේවල් ලඟාකර ගන්න, දේවල් ලබා ගන්න. ඉතින් ඒකයි මම මුලින්ම කිව්වෙ ඒක මම හිතල කරපු දෙයක් නෙමේ. ඒ වගේම මේ සේරම කරුණු මම මගේම නිදහසට හදාගත්තු හේතුද කියල දැන් හිතෙනවා වෙලාවකට. අවුරුදු කීපයක්ම ගත කල මැදපෙරදිග ජීවිතයට සමු දීල මම ආයෙමත් ලංකාවට ආවෙ මගෙ අද්යාපන කටයුතු ඉවර කරන්න හිතාගෙන. පුරුද්දට වගේ ගියෙ ඉස්සෙල්ලම අත්තම්මව බලන්න. ටිකක්වෙලා මම බලාගෙන හිටිය කිසිම අරමුණක් නැතිව. මොනවද කියන්නෙ, මොනවද මම දැන් කරන්නෙ කියල කිසිම දෙයක් මට දැනුනෙ නැහැ. අත්තම්මව ඇදිල ගිහින්. ඉස්සර වගේ පැහැපත් හම, පිරිපුන් මස්පිඩු සේරම නැතිව මට පෙනුනෙ ඇටකටු සැකිල්ල විතරයි. අත්තම්ම නිදාගෙන හිටියෙ. මට දැනුන මගෙ හුස්ම නවතිනව වගෙ. මුලු ලෝකයම නවතුනා වගේ දැනුනෙ. බින්ගොත් මගේ ගාවට ඇවිත් මගේ දිහා බලාගෙන හිටියෙ ඌට මගේ හැසිරීම තේරිච්ච නිසාවෙන්න ඇති. ඌට කතා කරන්න පුලුවන්නම් සමහරවිට මට බනීවි, අත්තම්මව මගහැරියට. අත්තම්මව මම මීට වඩා හොඳට බලාගත්තෙ නැතිඋනාට. "අත්තම්මෙ.. අත්තම්මෙ..." " කව්ද .. ආ.. " "අත්තම්මෙ.." "සුදු පුතා ආවද. අනේ මගෙ රත්තරන් පුතා ආව මාව බලන්න. මැරෙන්න කලියෙන් මට මගෙ සුදු පුතාව දකින්න ලැබුන. උඹ කාලද ඉන්නෙ.." මට වැඩි වෙලා අත්තම්ම එක්ක කතා කරන්න හම්බුනේ නැහැ. මගෙ කඳුලු ඇස් වල පිරිල. අත්තම්මට පෙනීමත් අඩු නිසා මගෙ කඳුළු දැක්කෙ නැහැ. ටිකක් වෙලා අත්තම්මගෙ කාමරේ පඩියට වෙලා මම බලාගෙන හිටිය. ඉස්සර වගේ අපේ වත්ත සරු සාර නැහැ. ඇන්තූරියම් පැල හේබෑවිලා හිහින්. ස්වභාවධර්මය මම දිහා තරහින් බලාගෙන ඉන්නව වගේ මට හිතුනෙ. කොහොමද මම කියන්නෙ මම හිතල කරපු දෙයක් නෙමේ කියල. අත්තම්මා - " සුදු පුතේ උඹ ආවද ?" අත්තම්මා- "ඔව්. මම ආව.." අත්තම්මා- " මම කෑම හැදුව. කාපන්. බඩගින්නෙ ඉන්න එපා.මට ඕන නැහැ. උඹ සේරම කාපන්" අත්තම්මා- "හරි , මම කන්නම්" මම පුදුම වෙලා වගේ බලාගෙන, අහගෙන හිටියෙ අත්තම්මගෙ වචන, දෙබස ගැන. මට හරියටම තේරුමක් තිබුනෙ නැහැ සිදුවෙච්ච දේ පිලිබඳව. බින්ගොත් දෙපාරක් බිරුවෙ ඌට මාව තේරුන නිසාද නැතිනම් අත්තම්මව තේරුන නිසාද, මට හරියටම තේරුනේ නැහැ. අත්තම්ම චරිත හදාගෙන, දෙබස් කියනවලු, හරියටම මට ඇහුන වගේ. මට තාත්ත තමා දවසක තේරුම් කරල දුන්නෙ, අත්තම්මගෙ අරුම පුදුම දෙබස්වල තේරුම. මම ළඟ නැති අඩුව එයාට දැනෙන්න ඇති. කතා කරන්න එයාගෙ වැඩ කරන්න, එහෙ මෙහෙ යන්න, චොක්ලට් කන්න මම නැති අඩුව දැනෙන්න ඇති. ඉතින් අත්තම්ම වෙලාවකට දෙබස් කිව්ව අත්තම්ම විදිහට. ඒ දෙබසට උත්තර බැන්ද අත්තම්මම, මම විදිහට. මට පුලුවන්කම තිබුන අත්තම්මව මීට වඩා හොඳට බලාගන්න. ඒත් මට ඒක මග හැරුන. ඉතින් මගේ ජීවිතයෙ මට මග හැරුන ආදරවන්තිය තමා මගේ අත්තම්ම. මගෙ හිත රිදෙන තරමටම ඒ සිතුවිල්ල මගේ හිතේ ඇතුලෙම රැඳුන, තදින්ම. අත්තම්ම හරිම දුර්වලයිලු. ගතින් වගේම මනසින්ම. මට තාත්ත කිව්වෙ අත්තම්මට කෑම කවන ගමන්. මම මුකුත් නොකියම අත්තම්ම දිහා බලාගෙන හිටිය. කාලය දවසින් දවස ගෙවුනත් මට දැනුනෙ විස්තර කරන්න බැරි තනිකමක්. හිස් බවක් දැනුන මට ගෙදර. අද අපේ නංගි මනාලියක් උනාට පස්සෙ, ඉස්සෙල්ලම ගමට, ගෙදරට එන දවස. ජයටම නැතත් යාළුවන්ට, හිතවතුන්ට, නෑදෑ පිරිසට කියල තිබුන. මේ දවසට අත්තම්මට එන්න බැරි උනේ එයාට ඇවිදින්න කරන්න බැරි නිසා. මම හවස මගේ මිතුරෙකු වූ දීෂාන් සමග කොළඹ යන ගමන්. නංගිගේ සාදයේදී පමනට වඩා මත් වූ මගේ තවත් මිතුරෙකු වූ චමත්ව ගෙදරට දාන්න. මිනිහ තිරස්ව වැතිර හිටියෙ වෙනදේවල් හැන සිහියක්ද නැතිව. "කියන්න තාත්තෙ.." "කොහෙද ඉන්නෙ" "මමයි දීෂානුයි, චමාව දාන්න උන්ගෙ ගෙදර යන ගමන්. දැන් මේ හයි වේ එකට දැම්මෙ. තාත්තෙ.. මොකද අවුල, ඇයි කෝල් කලේ.." "අත්තම්ම නැතිවෙලා" දුරකථනය විසන්දි කලේ මම එකපාරටම. හුස්ම නැවතුනා වගේ හැඟීමක් මට දැනුන. මට පෙනුන රතුපාට, කහපාට ආලෝක එළි බොඳවෙනව වගේ මට තේරුනා. මගෙ ඇස්වල කඳුලු පිරිල. එකපාරටම මට ඉස්සර දවසක අපේ අම්ම කියපු දෙයක් මතක් උනා. ‘අත්තම්ම මම එක්ක රන්ඩුවට එන්නෙ එයාගෙ හිතේ තරහක් තියනවා. මොකද මම මනාලියක් වෙලා මේ ගෙදරට ආව දවසෙමතමා, අත්තම්මගෙ හස්බන්ඩ් නැතිඋනේ. හැප්පිලා.’ [SIZE=6][B][COLOR=rgb(247, 218, 100)]ඉතින්, මේක මම ලිව්ව පළවෙනි කෙටි කතාව. කියවල දැනුන දේ කොමෙන්ටුවක් දාගෙන යන්න. [/COLOR][/B][/SIZE] [COLOR=rgb(247, 218, 100)][B][SIZE=6][/SIZE][/B][/COLOR] [SIZE=6][B][COLOR=rgb(247, 218, 100)]එහෙ මෙහෙ පෝස්ට් කලාට කමක් නැහැ. නමුත් මගෙ අයිතිය රකින්න. ඒක කරන ඉල්ලීමක්. ඉක්මනටම ආයෙත් හමුවෙමු.[/COLOR][/B][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1691232755[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom