සුභ දවසක් කිරියේ සෙට් එකට.
මේක මගේ පළවෙනි කෙටි කතාව. කාලෙකින් ලිව්වෙ. කියවල කොමෙන්ටුවක් දාගෙන යන්න.
"මානෙල්හාමි උපාසක මාතාවගේ තුන්මාසෙ බණ වැඩ කටයුතු ඉතාමත් හොඳට, චාම්ව සිදුකරගනු ලැබුවා මේ පින්වත්තු විසින්"
අත්තම්මා, මගේ ජීවිතේ මට මග හැරුන කතාවක්. හිතල කරපු දෙයක්ම නෙමේ. අනුන්ගෙ තැනක කරන මාස් පඩි රාජකරිය, යාලුවො, ආදරය කරන කෙල්ල, ඔෆිස් එකේ ප්‍රස්න, මේ සේරමත් එක්ක මගහැරුන ආදරවන්තිය තමා මගේ අත්තම්මා. ගිය දේවල් ගියා. අදට මාස තුනක්ම ගෙවිල. ඉන්න තැනක පරිසමට හොඳින් ඉන්න කියල මගේ මුලු හදවතින්ම මම අත්තම්මට පින් අනුමෝදන් කලේ, කාලෝචිතයැයි කියන වානිජකරණය වූ අපේ පන්සලේ දෙවන නායක හාමුදුරුවන්ගෙ බණ අහන ගමන්. අත්තම්ගෙ තුන්මාසෙ බණට මේ කියන ඒව ගැලපෙනවදැයි මම හිතුවත් නිහඬව අසාගෙන සිටියේ පන්සලේ හාමුදුරුවන් මගේ ඉස්සරහම වැඩ හිටිය හින්ද.
"පුතේ, සුදු පුතේ, මෙහෙ වරෙන්කො ටිකක්.."
"අත්තම්මෙ, මම කෝල් එකක උන්නෙ. මොකද අනේ මේ බෙරිහන් දෙන්නෙ"
"උඹ ඕක කනේ ගහන් ඉඳපන් ඉතින් දවසෙම. අනේ මට මේ, මල්පෝච්චි ටික උස්සල පොල් ගහ වටේට තියල දියන්කො"
"ඕකටද බෙරිහන් දුන්නෙ. මේ සේරම තියන්න ඕනද, නැතිනම් ඇන්තූරියම් පැල ටික විතරද"
"බෙරිහන් දෙනව කියන්නෙ, උඹ ඔය මොකද්ද මගුල කනේ ගහගත්තාම හැහෙනවඇ කියන දේවල්. ඇන්තූරියම් ටික විතරයි. අන්න බතල තැම්බුව. ඔය වැඩේ කරහන්කො , මන් විගහට කොච්චි සම්බෝලයක් හදල පොල් ටිකක් ගාල ගන්නම්. ආසයිනෙ කන්න"
"ආ... අත්තම්ම අයියට තමා සේරම. මට මුකුත් නෑ. මටත් ඕන බතල. කෝ කොහෙද තියෙන්නෙ."
"ඌ විතරයි මට උදව්වක්වත් කරන්නෙ. මගෙන් මුකුත් අහගන්නැතිව පැත්තකට වෙයන් උඹ. අයියට බෙදල තියල කාපන්. උඹටත් එක්ක තමා තැම්බුවෙ"
"අත්තම්මත් ඉතින් එයාට තමා හැමදේම. මම මොනා කලත් අගයක් නෑ."
නංගි. ගෙදර මෙගේ ප්‍රස්න සහ රණ්ඩු වලට මුල. අත්තම්මා නංගිට වඩා මට ආදරේ විත්තිය අපේ ගෙදර හැමෝම දැනගෙන උන්න ප්‍රසිද්ද රහසක්. කෙසේ වෙතත්, අත්තම්මාගේ අතින් හදපු කෑම කන්න මම ආස කලේ පුදුම විදිහකට. මොකද අත්තම්මට තිබුනෙ කෑම හදන්න පුදුම අත් ගුණයක්. පපඩමයක් බැද්දත් අම්මා බදින පපඩමයට වඩා රසකරමින් තමා අපි කන්නෙ. ඒවගේම තමා මල් පැල හිටවන්න තිබුන අත් ගුණය. කෝටු කැල්ලක් පස් ටිකක් පොහොර ටිකක් දාල හිටෙව්වනම්, ටික කාලයකින් ඒක මහ රූස්ස ගහක්. නැතිනම් ගෙඩි පිරිල තියන, මල් පිරුණු ගහක්. වගා කටයුතු වලදි හැමදාම අත්තම්මගෙ අත්වැඩකරු උනේ මම. වලවල් කපන්න, අතු රහින්න, පොල්තු මැසි බඳින්න, පාත්ති හදන්න, වතුර දාන්න වගේ වැඩ තමා මගේ ප්‍රධානම වැඩ රාජකාරි. මමත් මේ සියළුම වැඩ කලේ හරිම ආසාවෙන්. පළවෙනිම හේතුව තමා, අත්තම්ම එක්ක වැඩ කරද්දි තිබුන ඉගෙන ගන්න දේවල්. සමහර වෙලාවකට පුදුමත් හිතෙනව මෙච්චර දේවල් අත්තම්මල දන්නෙ කොහොමද කියන එක. දෙවනි කරුන තමා පිළිවෙල. පාත්තියක් හැදුවත්, පැලයක් හිටවන්න වලක් කැපුවත් ඒ හැමදේම පිළිවෙලකට තියෙන්න ඕන අත්තම්මට. අනෙක් කරුන තමා ඉතින් අත්තමගෙ කතා සහ වැඩක් අවස්සානයේ හදල දෙන තේ එක හෝ කෑම. ඉස්සර කාලෙ ගමේ වෙච්ච දේවල්, රටේ වෙච්ච දේවල් සහ අපේ තාත්ත්ගෙ කොල්ල කාලෙ වැඩ ගැන සේරම ඉතින් දැන ගන්නෙ අත්තම්ම එක්ක වැඩක් කරනකොට තමා.
අත්තම්ම ගමේ ඉන්න පරණම පුරවැසියන්ගෙන් කෙනෙක්. එයා ඉපදුනේ 1930. අපිට ජාතියක් විදිහට නිදහස ලැබෙනකොට අත්තම්ම අවුරුදු දහ අටක කෙල්ලෙක්. දැන් එයාට, ඒ කියන්නෙ මම මේ කතාවෙ කියන කාලෙ අත්තම්මට වයස හැත්ත අටක්. මට මතක විදිහට අත්තමගෙ ස්වාමියා අසූ ගනන්වල නැතිවෙලා තියෙන්නෙ යතුරුපැදි අනතුරකින්. ඒ ගැන මට කිව්වෙ අපේ තාත්ත. අත්තම්මගෙන් මම ඕක දවසක් අහල එයාගෙ ඇස් වලට කඳුලු ආව. මම එදා තමා ඉස්සෙල්ලම අත්තම්ම අඬනව දැක්කෙ. එදානම් මටත් හරිම අවුල් දවසක් උන හැටි මට අදටත් මතකයි. ඒ වාගේම අයෙ කවමදාවත් මම ඒ ගැන අත්තම්මගෙන් අහන්න ගියෙ නැහැ. අපේ අත්තම්මට තිබුනෙ පැහැපත් එලිය තියන සමක්. වයස උනත් ලස්ස්නට රෙද්දයි හැට්ටෙයි ඇන්දහම තාමත් හරිම හැඩයි. අත්තමගෙ හොඳම යාළුවත් හිටියෙ අපෙ ගෙදරට ඉස්සරහ ගෙදර. බේබි ආච්චි. බේබි ආච්චියි අපේ අත්තම්මයි එකට එකතු උනාම ඒක වෙනම ලෝකයක්. අත්තම්ම ඉගෙනගෙන තිබුනෙ දහය වසරට විතරයි. හැබැයි ඉතින් එයාට තිබ්බ අත්දැකීම්, හැකියාවන්, වටපිටාව ගැන දැනුම සහ ස්වභාවධර්මය ගැන දැණුම හරි ඉහලයි. ඒ වගේම ප්‍රායෝගිකයි. තර්කාණුකූලයි. අත්තම්ම අඩි පහක් විතර උස ඇති.ඒ වගේම, අත්තමගෙ වම් ඇසේ ආබාදයක් තිබුනෙ, දෙළුම් ගහේ ගෙඩි කඩන්න ගිහින් දෙළුම් කෝටුවක් ඇනුන නිසාලු. එතකොට මට වයස අවුරුද්ද්ක් වගේ තමා කියල අත්තම්ම මට දවසක් කිව්ව ඇහට බෙහෙත් බිංදුක් මම සීරුවට දානකොට,
අත්තම්මගෙ හොඳ වගේම තිබුන එකම වරද තමා, කට. වයස හැත්තෑ අටක් උනාට පිරිමි දෙන්නෙක්ගෙ තුන්දෙන්නෙක්ගෙ හයි හක්තිය තිබුන අත්තම්මට. ගමේ කාටවත්ම බය නැහැ වගේම රන්ඩුවලට රුසිය. මන්නය, කැත්ත හොඳට අතට හුරුයි.
"තෝ දැනගනින්, මම මානෙල්හාමි බොල. මගෙ දෑහට පේන්න එන්න එපා ආයෙ තෝ, කපනව කෑලි වලට"
"අත්තම්මෙ, අත්තම්මෙ, මෙන්න මෙහෙ එන්න.. කෑ ගහන් නැතිව"
"මගෙ පුතා හින්ද තෝ අද බේරුණා කියල හිතා ගනින් පර බල්ලා ..."
මම උපාධිය කරන දවස්වල, දේශන ඉවර වෙලා ගෙදර එනකොට දවසක වත්ත පහල වැට මායිමේ තුන්වන ලෝක යුද්ධය පටන් ගන්න ඔන්න මෙන්න තිබුනෙ. කොහෙදෝ තිබුන වාසනාවකට වගේ මම ඒදා ටිකක් වේලාසන ගෙදර ආව දවසක්. කරුණු කාරනා හොයල බලද්දි තමා තේරුනේ, අත්තම්ම මට හදල දෙන්න කියල වත්ත පහල හිටවපු බතල ටික ගමේ ඉන්න කාටත් එපා කරපු කරුන මාම හොරෙන් ගලවල, බතල දීල කසිප්පු බොන්න.
"උඹ කන්න ආස නිසා මම ඔය බතල ටික හිටෙව්වෙ. නැතුව මේ එක එක පර ... "
මම බොහොම අමාරුවෙන් තාත්තගෙ උදව්වත් එක්ක එදා අත්තම්මව සන්සුන් කලේ. මට පුදුමත් හිතුන අත්තම්ම ගැන. එදා මට එකදෙයක් තේරුම් ගියා. ඒ අත්තම්මගෙ ආදරෙත් අම්මගෙ ආදරේට නොදෙවෙනියි කතාව ඇත්ත කියල. අත්තම්මගෙ තිබුන එකම දුර්වල කමතමා රන්ඩු වලට පැටලිම. ගෙදර නොවරවදාම බුදුන්ට පහණ පත්තු කලෙත් අත්තම්ම. මට හැමදාම කිව්වෙ, ආගම දහමට නොඇලී කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුරුදු වෙන්න කියල. ඒ වගේම අත්තම්මගෙ ක්‍රමය උනේ, වැරැද්දක් නොකර කවුරුහෝ මොනා හරි කිව්වොත් අනෙක් පැත්තට ඒහා සමාන හෝ වැඩි දෙයක් කියන්න. ගැහුවොත් ගහන්න.
"ධර්මෙ, ධර්මෙ කියල, අපි වැරැද්දක් නොකර ගුටි කන්න ඕන නෑනෙ කොල්ලො. ගැහුවොත් උඹට කවුරු හරි ගහපන් අත දිග ඇරල. බැන්නොත් උඹට, හොඳට බැනපන් ලුණු ඇඹුල් දාල. පස්සෙ නඩුව අහල විසඳ ගන්න පුලුවන්.."
" ඒ උනාට අත්තම්මෙ.. "
"ඒ උනාට නෙමේ. ඒක තමා හරි. මොකද උඹල අතින් පල්ලෙන් වැටිල නෑනෙ එක එකාට නොන්ජල් වෙන්න "
ඊළඟ මොහොතට ....

*********************************************************************************************************************************************************
මගහැරුන ආදරවන්තිය.