මගෙ කදුලින් නිමාවු මාවතෙ

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ;) තනියෙන් ඉන්නකොට විරහා ගි තරම් ලස්සන මොනවාත් නැහැ මචන් අපෙ හිත ඇතුලටම යනවා මෙ ගිත මොනම සිංදුවකටත් නැති අමුතු හැගිමක් මෙ විරහා ගි වල තියෙනවා මචන් තනියෙන් ඉන්න වෙලාවට අහපන් උබටත් දැනෙයි එ හැගිම
    2.gif
    thaniyen ridila innakota ahapan gunadasa kapugege sindu:cool::cool: උබටත් දැනෙයි එ හැගිම :cool:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෙතු කකියන තරමට හඞවලා
    ඔබ ඉතින් හැංගිලා
    උණු කඳුළක්‌ හිමිහිට රෑරලා
    උහුලන්න බැරි වෙලා.....

    නෙතු පියන් ගැහෙන්න ගත්තේ කඳුළු දඟ වෙලා
    නිඳි යහන් තෙමෙන්න ගත්තේ දුක මහළු වෙලා
    හාදුවක්‌ දකින්න නැත්තේ දෙතොල් මැල විලා
    ඉකිබිඳින්න බෑ සද්දේ සුසුම් ඇහැරිලා....

    රෑ පුරාම හීන දුන්නේ ඔබ මගේ කියා
    සීතලට තුරුල්ව උන්නේ යහනටත් හොරා
    ඉගිලෙන්න කවුද කිව්වේ කැදැල්ලෙන් එහා
    ආයෙමත් සොයන එන්නේ කවදදෝ ඔයා...





     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    හිත අස්සට හින ගොඩක් ගෙනල්ලා දුන්න
    ඔය ඇස් දෙක අමතක කර හිදින්නේ කොහොම
    සුළග වගේ මා අත හැර දුරක යන්නට
    වරද මගේ රත්තරනේ කියල දෙන්න ......


    කදුලක් කදුලක් ගානෙ පෙම දිය කරලා..
    සුසුමක් ගානෙ හදවත දුක් ගිනි අවුලා.
    අමතක කරලන්නට බැහැ මටනම් කිසිදා.
    ආදරෙන් කියා දුන්න ආදරෙ ඔයා....









     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පුලුවන්ද ඔයාට....ඉන්නට ඔහොම ...
    මාව දැනෙන් නෑ වාගේ....

    කියා දෙන්න පුලුවන්ද...මටත් ඉන්න ඔහොම....
    ඔයා ඉන්නවා වාගේ..

    ඔබවම මන් පෑතුවා... හිත ඔබටම හින්දා...
    නෙත නොපියා නොනිදා...හිස් අහසට කිව්වා..
    ඔබට නොපෙනෙනා... රෑ සද මට පෙනුනා....
    ඔබට නොදැනෙනා....ප්‍රේමය මට දනුනා...
    හිත තේරුම් ගත්තා..ඔබ එන්නෑ කියලා.....
    යටි හිත යලි ඇහුවා...ඇත්තටමද කියලා..

    ඔබට නොපෑහෙනා...මන් ඇයි ඔබ පෑතුවේ..
    ඇසට නොසෑහෙනා...තරමින් මම ඇඩුවේ...


     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    one in a million


    උන්මාද සිතුවම් මැවී බිඳේ
    මීදුම වලා මැද අතීතයේ
    බිඳුණු පෙමින් ගිණිගත් හදවත්
    තනිවේවි එක්ටැම්ගේ

    අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
    පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
    හඞා වැටෙන සිත සදා සරණ මට
    තනිවේවි එක්ටැම්ගේ

    දහසක් මල් මැද එකම මලයි පැතුවේ
    එ මල කිමද සරදම් කර සැඟව ගියේ

    දැනේ තවම මට මලේ සුවඳ පොද
    තනිවේවි එක්ටැම්ගේ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ ,,,,//


    යාදිනියකසේ මාලග දැවටී
    සෙනෙහස පැතු එදිනේ
    ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
    මට අමතකව නැතේ.
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ ,,,,//


    අසන හැම මුවින් ලොවම මාවෙතින්
    ඔබ විමසන දවසේ.
    බැදිපෙම සගවා ඉන්නද ඉවසා
    මා ගොළු බිහිරෙකු සේ
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ ,,,,//







     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
    අමතක කරනු කියා
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ ,,,,//


    යාදිනියකසේ මාලග දැවටී
    සෙනෙහස පැතු එදිනේ
    ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
    මට අමතකව නැතේ.
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ ,,,,//


    අසන හැම මුවින් ලොවම මාවෙතින්
    ඔබ විමසන දවසේ.
    බැදිපෙම සගවා ඉන්නද ඉවසා
    මා ගොළු බිහිරෙකු සේ
    ඔබ ඒ කීව ලෙසේ
    අමතක කරමි කෙසේ ,,,,//







    :love:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සෙනහසක අරුතක් පුරවන්නට
    අහසේ තරු ගැන්නා
    වෙරළේ රළ මැන්නා
    සීමාවක් මා ඉමක් නැතැයි කී
    සෙනෙහස ඇයි දෙතැනක තනිවී


    කැකුලක් සිදුලින් හදවත පිපුණූ
    කඳූලෙත් කටුමත විස තිබුනා
    බිදුනොත් බදුනක පිළියම් කරනට
    බැරි කැලලක් මතුවී පෙනෙනා


    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා....





     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ
    ඔබ එපා යැයි මට සිතුනත් එපා වෙන්නේ නෑ
    යලි ඒවි යැයි සිත කීවත් ඔබ යලි එන්නේ නෑ
    සිතපුරා ආදරය කරන්නට මට දැන් කවුරුත් නෑ


    අඬා අඩා මම කල් ගෙව්වත් ඔබ ලැබෙන්නේ නෑ
    නොලැබෙනා බව මම කිව්වත් සිත පිලිගන්නෙත් නෑ
    මම නොමැති ලොව කවදාවත් ඔබ තනිවෙන්නේ නෑ
    ඔබ නොමැති ලොව කවදාවත් මට සිතේ සතුටක් නෑ


    සිහිවෙනා හැම මොහොතකදී නොසිතා ඉන්නත් බෑ
    හුදකලාවෙ ඉන්නට සිතුවත් එහෙම ඉන්නත් බෑ
    සිත සිතා ඔබ ගැන හැමදමත් මට අඬන්නත් බෑ
    ඔබ නැති පාලුව මට දැනුනත් වෙනස් වෙන්නත් බෑ






     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මුළු හදින් මම ඇයට පෙම් කොට
    අනාගත පෙම් සිහින මැව්වෙමි
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට
    අයිතිවුනු හැටි බලා උන්නෙමි.


    නිසංසල තැනකට වෙලා
    හඩන මගෙ ඇස් දෙක බලා
    කියන්නකෝ දෙවියනේ මේ දුක්
    කොහොම ඉන්නද ඉවසලා....//
    මගේ අත ගෙන කනට ළං වී
    අනෙ සුදු මම ආදරේ යැයි
    කියන්නට සිතුනේ ඇයිද සුදු
    නොසිතුවෙද මට දුක් ලැබේයයි....//


    නිදැල්ලේ තුරුලට වෙලා
    රහස් එක එක කොඳුරලා
    සිනාසුනු හැටි මතක් වෙනකොට
    කොහොම ඉන්නද ඉවසලා....//
    එදා රෑ ගංඉවුර අසබඩ
    සුපුන් සද පායන වෙලාවක
    කතා කී හැටි මතක් වෙනකොට
    දුක දැනේ පවතින අපායක....//


    මෙහෙම ලෝකෙක ඉපදිලා
    හිතේ අදහස් සුන් වෙලා
    මා උපන්නේ දුක් විදින්නද
    දුක් කඳුළු මැද තනිවෙලා....//



    මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි.
    මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි.