මගෙ කදුලින් නිමාවු මාවතෙ

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    පවකින් පෙර අත් භවයක සිදුවූ
    සිතකින් සිතකට දුක පිරුණා
    මගෙ අත දිගුකල හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුනා....






    :love::love::love::love:
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    වෙන් වූයේ හමුවන්නද යළි සසර මඟේ ....??????

    goodbye_my_lover_by_Herzstation.jpg



    කදු යායේ බොද මීදුම් සළු රටා දිගේ
    දසුන් මැවේ මායාවකි එයද මට අගේ
    හමු වූයේ වෙන්වන්නද හද සුසුම් නැඟේ
    වෙන් වූයේ හමුවන්නද යළි සසර මඟේ
    ....??????:nerd:
     

    kandegama91

    Member
    May 28, 2013
    61
    10
    0
    කදුලු පිරිලා දෙනෙත තෙමිලා
    සිනිදු හිත පෑරිලා
    ඔබම සොයලා රැයම ගෙවිලා
    සිහින අවතැන් වෙලා
    හමුවන්න බෑ ඔයා සැගවී මෙදා
    තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා

    රතු පාට වෙරලේ පා පොඩි තියා
    පපුවේ තුරුල්ලේ සෙනෙහස උරා
    හැබැහින්ද කිව්වේ ඔබ මගෙ තමා
    තාමත් අතීතේ මා නැවතිලා........


    කදුලු පිරිලා දෙනෙත තෙමිලා
    සිනිදු හිත පෑරිලා........

    යලි නොයෙන සෙනෙහෙ මගෙ
    හමු වෙලා
    මට ගැයුව ගිතෙ ඔහු හා ගයා
    හිතකින්ද යන්නෙ ඔබ හිනහිලා
    තාමත් අති තෙ මා නැවතිලා..

    කදුලු පිරිලා දෙනෙත තෙමිලා//
    සිනිදු හිත පෑරිලා
    ඔබම සොයලා රැයම ගෙවිලා
    සිහින අවතැන් වෙලා
    හමුවන්න බෑ ඔයා සැගවී මෙදා
    තනිවන්න බෑ මගේ හුස්මත් ඔයා


    Thx.Lassana sinduwak.Digatama Update Karanna.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: සනත් නන්දසිරි
    ගායනය: මල්කාන්ති නන්දසිරි සමඟ රූපා ඉන්දුමතී

    හද පුද අසුනේ සෙනෙහස බැඳුණේ
    යුගයක පිය සටහන් මත්තේ
    ජීවන මී බිඳු කඳුළක් වීලයි
    ඔහු ලඟ ඔබ මෙන් මා ඇත්තේ.....

    සෙනෙහස ම්තුයේ හිනැහෙන දෙතොලේ
    ඊයේ මෙන් හෙට මම ඉඳිමි
    ඒ තුටු උළෙලේ ඈ හිනැහෙද්දී
    සිහිනෙන් මම ඔය පා වඳිමි....

    සැනසුම අතරේ නෙත් යුග හඬවා
    මම කඳුළැල්ලට තුරුළු වෙමී
    ඒ තෙත පින්නේ නිදිකුම්බා මල්
    කැකුළක් වී මුව සුවඳ දෙමි.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව,සංගීතය සහ ගායනය : මර්වින් පෙරේරා

    ආදරේ රන් බිඟුන් නැසූ
    බාඳුරා මල ඔබයි ලඳේ
    ආදරේ රන් බිඟුන් නැසූ
    කපුරු මල ඔබ තමයි ලඳේ..

    ගලන ගඟුලක් ලෙසින් දුටූ
    ඔබයි මිරිඟුව මුවන් නැසූ......
    රසය ඇති කර පණක් නැසූ
    ඔබයි පැණි බිඳ විසක් මුසූ

    රුදුරු ලෙස කැළඹිලා හැමූ
    සුළඟ ඔබ වෙයි පහන් නිවූ.....
    ලෙවන් කීවත් ලඳේ එසේ
    සුපුන් සඳ ඔබ තමයි මගේ..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    ස්වර නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
    එනමුදු උපදින හැම භවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
    මා අභියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවෙන
    මා අභියස ඔබ සයුර නොවේ

    අවසර නැත මට...

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ

    අවසර නැත මට...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: ස්ටැන්ලි පීරිස්
    ගායනය: ටී. එම්. ජයරත්න

    හිතින් මා නොසැලී හිඳිද්දී
    කඳුල නුඔ ඇවිදින්
    නිවා දැමු ඒ නෙතේ පීඩා
    නොබිඳිනූ මැනවී


    තනිව මා හඬනා වෙලාවේ
    සැලි සැලී සීතේ
    වැටුනු මහ වරුසා මතක් වේ
    නුඔ රැඳි දෑසේ


    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කඳුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබඳේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සඳ කුමාරියක් දීගෙක යනවා
    රබන් සුරල් හඬ රැව්දෙනවා
    තුරු ලතා මඬුල්ලේ
    කී කතා ඇසෙන්නේ
    මා තනිවී දෑස තෙමෙනවා //
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: පැට්‍රික් දෙනිපිටිය
    ගායනය: මිල්ටන් මල්ලවාරච්චි

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්
    මා නිසා ඔබ නොපැතූ පැතුම්
    ඒ සිනහා මැද ඉටු වේවි නම්
    ආයේ නාවත් කම් නෑ ඉතිං //

    කෝ එදා ඔබ අත පැලැන්දුව
    මුදුව කෝ කොයිදෝ
    නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන
    කීවාදෝ නැතිදෝ

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්...

    මාළිගාවක රජ කෙනෙක් වත්
    යනවදෝ කැදවා
    වාසනාවන් ඒ සැඳෑවට
    මා ඇවිත් යනවා

    මා නිසා ඔබ නොපිරූ පෙරුම්..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සංගීතය හා ගායනය: වික්ටර් රත්නායක

    සඳ කැන් වැසිලා.. අඳුරේ එතිලා..
    ඝනඳුරු රෑ.. තනිකම නෑ..
    සොයා එන්න ඝනඳුර, තරු නිවලා..
    මගේ එලිය, අද ඔබ පමණි..

    ජීවිතයම සතු එකම සුවේ..
    හී සර පහරක වෙලෙනු පෙනේ..
    මේ ලොව මා සතු, ඈ සතු වේ නෙතු,
    අසල්වාසියෙකු සොයනු දැනේ..

    මා නැත අන් සතු සිත් බිඳලා..
    දෑතම බැඳගෙන හිඳිමි බලා..
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු,
    රහස් අහස් තලයට පවරා..
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි //

    ඔබ සඳක් සේම පායා
    මට එලිය දුන් වගයි
    ඔබ සඳක් සේම බැස යයි
    මට අයිති කළුවරයි
    මට මතක එපමණයි

    මා ඉතින් යන්න යනවා...

    සඳ එලිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    උණු කඳුළු බින්දු පමණක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි

    මා ඉතින් යන්න යනවා...


    meka nan patta
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
    ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
    ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
    ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්

    තනිකමෙන් ගඟ ගලා යනවා
    ස‍ඳේ නුඹ නෑ අම්බරේ
    විඳවමින් සිත සොයනවා තව
    ඔයා කොතනද හැංගුනේ
    අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
    ගංගාවට එලිය අරන්
    ආදර මල් යායක් අරන්

    බලා ඉන්නම් තව හුඟක් කල්
    ඔයා එනතුරු මා සොයා
    ඔයා නාවත් ඉවසලා හිත
    හදාගන්නම් ඔබ නිසා
    තනිකම උහුලා පහලට ගලනා
    ගඟ සේ ඉන්නම් සතුටින්
    සෙනෙහස රන්දා රහසින්

    ඔයා නිසා මගේ සිනා


    meka dakala mage kalin gf mathak una :(:(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: නිරංජලා සරෝජිනී

    ඔබ ඇදී යයි ඈත අහසේ
    සරුංගලයක් සේ
    බිම බලා ගමි නිසොල්මන්වී
    පුරුදු ලෙස දුක සේ //

    යලිත් ලංවනු බැරි දුරක් වී
    දුරස් වූදා නැතිද දැණුනේ
    පවන් රැල්ලෙහි ලෙළෙන පහනම
    පවන් රැල්ලෙන් නොවේද නිවුණේ

    සිතින් අමතක කරනු යෙහෙකිද
    විලේ ලෑ ලුණු අහුරා විලසේ
    දුකින් උතුරන වතුර සැළියම
    සිහිල් වේ ලිප නිවුණු දවසේ
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113


    පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව හා සංගීතය: එච්. එම්. ජයවර්ධන
    ගායනය: සුනිල් එදිරිසිංහ
    සියල්ල ඉදිරී ගරා වැ‍ටුන දා
    ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
    දැන හඳුනාගත් තනිකම නුඹටත්
    මා හැර යන්නට සිදු වෙයි නැවතත්

    ප්‍රේමතාපයෙන් පර මල් යහනට
    තවත් ළඳක් එයි හෙට දවසේ
    එතෙක් මෙතෙක් මා ‍රැකගත් තනිකම
    මා නුඹ එලවන්නෙද කෙලෙසේ

    ඇය හෙට ආවද පසුදින යාවිද
    අදහනු බෑ ඇය ළඳක් නිසා
    හිටපන් තනිකම මගේ ගෙයි මිදුලෙම
    හතර මායිමෙන් එහා නොයා...
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    @කොසා පට්ට බන් දිගටම ලස්සන එවා දාපන් උබෙ ටෙස්ට් එකත් පට්ට:cool:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    . දවසින් දවසට කොලයෙන් කොලයට....කොල අඩු වෙනවා දින දසුනේ.....
    මොහොතින් මොහොතට මා ගැන සිතුවම් .....වියැකී යනවා.....ඔබ මනසේ.....

    පුර පස අවපස වෙනසක් වූවද....ඔබමයි සඳ මගෙ හද අඹරේ....
    මගෙ ඒ සිතිවිලි හා සබැඳේවිද.......මුදු සිතිවිලි ඔබ හද මැදුරේ......

    සිතුවෙමි සිතනෙමි හුරු ලෙස ඔබ ගැන.....මගෙ හිත චංචල වූයේ නෑ......
    දින දසුනේ තව එක කොලයක් ඇත ....එක දවසකි ඉතිරිව ඇත්තේ......


    සිතන්න බොලඳියෙ මගේ කුටියටත් ඔබෙ කුටියට මෙන් වසරින් වසරට....නව දින දසුනක් එනවා.........

     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හිරු මැකීයයි නීල අහසේ.....සීත මීදුම් මායිමේ.....නිමා වී යයි මේ වසන්තේ....
    ‍යලිත් නොම එයි කිසි දිනේ......
    ගිනි කඳු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ.....
    නෙතු සලා හමු වෙලා.....සුසුමකින් වෙන් වුනා...

    තුශර පින්නේ පැතුම් ඕවිල්ලේ....ඔබේ සෙනෙහේ ඔහු හදේ රැඳුනේ.....
    එදා මතකය සිතේ අහුරා......කාටවත් නොපෙනී අඳුරේ...
    ඉකිබිඳිමි රහසේ.....
    නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන්වුනා....


    සිනහ කඳුලේ දෙනෙත් දොවමින්....දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ....
    ඈත මීදුම් අතර සඟවා....යන්න පියලඳුනේ.....
    හද සුසුම් පවනේ....
    රැගෙන මා සුබ පැතුම්....හද තුටින් ‍යනු මැනේ......
     
    Last edited: