මගෙ නමුදු මට නොවන අවනත - සමන් ලෙනින්

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මගෙ නමුදු මට නොවන අවනත

    මගේ සිතුවිලි

    චාරිකාවක යෙදෙනවා

    ගව් ගණන් දුර ඈත දස අත

    වසර ගණනක් අතීතය වෙත

    චාරිකාවක යෙදෙනවා



    සතුට ඉතිරෙන මතකයන් ළඟ

    මගේ සිතුවිලි හඬනවා අද

    මටම පුදුමයි සොඳුරු තැන්වල

    කඳුළු උල්දිය තියෙනවා

    බිඳුනු හදවත දැවෙනවා

    තැවෙනවා



    දැන දැනම හිත රිදෙන තැන් ගැන

    රැඳී ඉන්නා අයුරු හඬ හඬ

    මටම පුදුමයි මගේ සිතුවිලි

    මතකයට පෙම් බඳිනවා

    දුකම රස කර විඳිනවා

    දැනෙනවා



    ගායනය : සමන් ලෙනින්

    පද රචනය :අරුණ උදයන්ග ජයරත්න

    සංගීතය : සමන් ලෙනින්