මාත් හිරේ යනවා ටිකක් ගැස්සුනොත් මාර balance එකේ රෝල ගහන්නේ
අම්මා තාත්ත අය්යා තරහයි
යාලුවෝ එකෙක්වත් නෑ දැන්
ලක්ෂ 20ක් වගේ ණය තියනවා එත් දැන් අතේ rs 100 ක් නැහැ
ඒ මදිවට ඊයේ කෙල්ලත් දාල ගියා
degree එකේ repeat ගොඩගැහිලා ඒ මදිවට cmpz එකත් වහලා
කර කර හිටිය ජොබ් එකත් නැති වුනා
එහෙන් පාතාලේ එවුන් වගයක් මාව හොයනවා
16kg බර අඩු වුනා මාස 3ක් ඇතුලත
මාර ප්‍රශ්න බන් මැරෙනවනම් ඉතින් මැරෙන්න ප්‍රශ්න තමයි මේවා
එත් game එක ඇත ඇරියේ නැහැ තාම 100% legally game එක ගහනවා අව්රුද්ද්ක් ඇතුලත
ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නකොට වයස 21යි දැන් 22යි![]()
ඩබල් බනිස් ගෙඩියක් අරන් ඒක කෑලි කඩලා 3 වේලටම කෑවා එක දිගට සති 3ක් brdn එකේ ඉදන්
දවස rs30 න් ජිවත් වුනේ එහෙමයි
දැන් ඉන්න එවුන් කෙල්ල ගියහම මැරෙන්න හදනවා උන් ජිවිතේ පරිප්පු කාලා නැහැ

ආ රේප් කළා නේද මාව? තැන්කු තැන්කු!
ඒකනේ කියන්නේ. අපරාදේ නේ බං.ado mama banina comment ekakuth hithagathtba
koheda tho kavane
උබත් මං වගේ ඩයල් එකක් නේ කොල්ලෝ. මමත් උඹේ වයස වෙනකොට තව පොඩ්ඩෙන් හිරේ යන තත්ත්වේ හිටිය එකෙක්. දැන් මම ලංකාවේ ඉහළ පෙළේ සමාගම් 4ක අධ්යක්ෂ ධුර දරනවා. මං ඉස්සර හිටිය තත්වෙයි දැන් තත්වෙයි බලද්දී අහසට පොළොව වගේ. ඒ අතීතය ගැන හැරිලා බලද්දී දැන් ඉන්න තත්ත්වය ගැන ලොකු අභිමානයක් එනවා. ඒක නිසා කොල්ලෝ උඹ ඔය විදිහට ම පලයන්!! උඹ මැරුණේ නෑනේ?පණ පිටින් නේ? පණ කෙන්ද තියෙනකම් ඉස්සරහටම පලයන්! ජය!

ඩබල් බනිස් ගෙඩියක් අරන් ඒක කෑලි කඩලා 3 වේලටම කෑවා එක දිගට සති 3ක් brdn එකේ ඉදන්
දවස rs30 න් ජිවත් වුනේ එහෙමයි

ඩබල් බනින් ගෙඩියක සාමාන්‍යයෙන් කැලරි 400ක් වගේ තියෙන්නෙ
සාමන්‍ය මනුස්සයෙක්ට දවසට කැලරි 2500ක් 3000ක් වගේ ඕන පන ඇතුව ඉන්න
සති තුනක් එක දවසකට එක ඩබල් බනිස ගානේ කෑවොත් උඹගේ බර කිලෝ 22ක් 28ක් වත් අඩු වෙන්න ඕන තමා![]()
මල්ලි උබ ඔච්චර කටු කාලා ලීගලි ගේම ගහන එක ගැන පට්ට සතුටුයි බං. මුලින් ම උබට කියන්න තියෙන අවවාදේ තමයි අම්මයි තාත්තයි තරහ මරහ අමතක කරලා දාන්න බලපන්. ඒ සම්බන්දෙ ආපහු ගොඩ නගා ගන්න බලපන්. අත් දැකීමෙන් කියන්නේ. උබ බලපන් මං කියනවට උබේ කෙල්ලගෙන් සමාව අරගෙන වැරදි හදා ගෙන ඉස්සරහට යනවා කියලා පොරොන්දු වෙයන්. ඊළඟට අම්ම තාත්තාගෙන් ඒ දේම කරපන්. කවුද උබ එක්ක ඉන්නේ කියලා උඹට දවසක තේරෙයි. මමත් ඔහොම තරහ වුණා. මං කරපු සමහර වැරදි වලට සමාව දෙන්න බැරි වැරදි. අම්මා තාත්තා ගේ පවා වැරදි තියෙනවා. උබ එව්වා හදන්න ගියා නම් එකත් වලියක් යන්න පුළුවන් කාරනාවක්. මමත් ඒවගේ කරලා තියෙනවා. එත් අම්මා තාත්තා මිනී මරා ගන්න තරමට විරසක වෙලා හිටියත් තමන්ගේ දරුවන්ට ආදරේ තියෙනවා කොල්ලෝ. උඹ ඒ ආදරේ ආශීර්වාදයක් කර ගනින්. ඒගොල්ලෝත් එක්ක/එගොල්ලොන්වත් ගොඩ දාගෙන ගෙනියන්න බලපන් ජීවිතේ.
මම දැන් හයිබ්‍රිඩ් එකක යන්නේ එන්නේ. හැබැයි අවුරුදු ගානකට කලින් රත්නපුරේ කොත්තු කඩේක මම කොත්තු ගහලත් තියෙනවා. නිදා ගන්න තැනක් නැති කමට මම දුර කෝච්චියේ ටිකට් එකක් අරන් රෑට ශීට් එකෙ නිදාගෙන පහුවදා උදේ ආපහු එනවා. කඩයක් ඉස්සරහ බිම නිදාගෙන ඉන්න වුණා. කන්න නැති කමට එකම එක දවසක් කුණු කුඩේන් කඩේකින් විසි කරපු බිත්තර රොටි වගයක් කෑවා. මං ගෙදරින් පිට වෙලා ආපු දවසේ මගේ අතේ තිබ්බේ දහයේ කළු බෑග් එකක දාපු ඇඳුම් කඩමාලු ටිකකුයි බෙඩ් ශීට් එකයි අතේ සන්තකේට රුපියල් පන්දහකුයි විතරයි. ඔය රුපියල් පන්දහෙන් මම ගහපු ගේම දන්නේ මං විතරයි.
අද මට ඩිග්රි 2ක් තියෙනවා. මගේම කියලා ව්‍යාපාර තියෙනවා. සමාජේ තැනක් තියෙනවා. හිත හොඳ ලස්සන කෙල්ලෙක් හම්බෙලා තියෙනවා. (කෙල්ල ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි. ඒත් ගතිගුණ අතින් පොහොසත් උත්සහවන්තයි. ඒ ඇති.) හොඳ යාළුවො (පිටේ ඉඳන් බෙල්ල කපන්නේ නැති) තුන් හතර දෙනෙක් ඉන්නවා. දේශපාලන, ව්‍යාපාරික, සමාජීය සම්බන්ධතා තියෙනවා. ඒ ඔක්කොම උත්සාහයේ ප්‍රතිඵල.
මං ලබපු ලොකුම ජයග්‍රහණය ඔය එකක්වත් නෙවෙයි. මට ගෙදරින් යන්න සිද්ද වුනු වැරැද්දෙන් පීඩාවට පත් වෙච්ච මනුස්සයාගේ අම්මා මගේ මුණට "උඹ මගේ ඒකාව විනාශ කළා! මගේ දරුවාගේ හතුරෙක් උඹ කියල කිව්වා!"
හැබැයි මීට අවුරුද්දකට කලින් ඒ අම්මගේ කටින් ම "අපේ පුතාට උදව් කළාට ගොඩක් පිං. දවසක අපේ ගෙදර එන්න බත් ටිකක් කාල යන්න" කියල කිව්ව දවස තරම් මට සතුටක් දැනුණු තවත් දවසක් නෑ. ඒ මං දිනපු දවස. මගේ දැන් තියෙන තියෙන සල්ලි බල්ලි අරවා මෙව්වා සබ්බ සකල මනාවම නැති වෙලා ගියත් මං දිනලා ඉවරයි ඒ වචනේ නිසා.
මට ඒ තැනට එන්න අවුරුදු ගානක් ගත වුණා. හරියටම කිව්වොත් අවුරුදු එකොළහක්. ඒත් ආව මල්ලි. ඒක නිසා අනිත් මිනිස්සු කියනඑව්වා ගැන හිතට ගන්නේ නැතිව උඹ උඹේ ගමන පලයන්! ජයෙන් ජය!
ඔක්කොටම කලින් කියපන් ලක්ෂ විස්සක් ණය හැදුනේ කොහොමද කියල? උඹ මොනා කරන්න ගිහින් ද? උඹ බිස්නස් කරලා ද? එහෙම නැත්තම් වන්දි ගෙවන්න තියෙනව ද? මොකද්ද ඒ සිද්දිය?
[/SIZE]