12-07-2011
අද දවස පුරාම පුදුම හිස් බවකින් පිරිලා තිබුනේ... පහුගිය දවස් කීපයේ වුනු දේවල් එකින් එක මැවිලා පෙනෙද්දී ඒ දේවල් අමතක කරලා පියවි සිහියට එන්න මගේ හිතත් එක්ක මට ගොඩක් සටන් කරන්න වුනා..
දැනට මාස කිහිපයක් ඉඳල උදේට ඇහැරිලා ඇස්දෙක අරින්නත් කලින් ඉඳලම හිතේ ඇතුලක තියෙන දරාගන්න අමාරු මහා පාලුවකින් අසරණ කමකින් මගේ මුළු ශරීරයම වෙලගන්නවා වගේ දැනෙනවා .....
උදේ නැගිටිද්දීත් ඊයේ රෑ පුරාම අඬපු ඇස්දෙක හොඳටම ඉදිමිලා රතුවෙලා තිබුනේ ....
පහුගිය මාසෙත් එක්ක හිතල බලද්දී මෙවෙනකොට මගේ හිත මට පාලනය කරගන්න පුළුවන් තරමට ශක්තිමත් වෙලා තිබුනේ ....
ඊයේ උදේ නාමයට විතර ෆෝන් එකෙන් එයාගේ හඬ අහන්න හමුබුනේ හරියටම දවස් නමයකට පස්සෙයි ... එයා මට කතා කලේ උදේ 9 ට විතර ... සමහර විට office එකට අපු ගමන්ම වෙන්න ඇති ...
එයා කතා කරනකන් මම බලාගෙන හිටියේ පහුගිය සෙනසුරාදා ඉඳල... මොකද එයාගේ අලුත් girl ව හම්බුනට පස්සේ එයා මාත් එක්ක කතා කලේ සතියකට එක සැරයය් ....
හ්ම්ම්ම් .... 2011-March-29.... එයා මගේ ලෝකෙන් ඇත්වුණු දවස .... මාස හතරකුත් එන්න වෙනවා .... ඒ මස හතර ගතවුණු හැටි මට මතක නැහැ ... මගේ මුළු ජිවිතේ පුරාම නොකරපු දේවල් ගොඩාක් දේවල් මම ඒ මාස හතර ඇතුලත කළා... ඒගැන මට පසුතැවීමකුත් නැහැ ....
වැඩිපුර කතා කරන්න අමරුය් ... මම මෙහෙම ලියන්න හිතුවෙත් .... මෙහෙම ලියාගෙන යද්දී හරි මට මේක ඇතිවෙය් කියල හිතලයි .....එත් කියන්න කියන්න තව තවත් වේදනාව වැඩිවෙනවා වගෙය් මට දැනෙන්නේ ....
කියන්න ගියේ මොනවද කියල මට දැන් මතක නැහැ .... මතක් වුනු වෙලාවක මම කියන්නම් ....

Paw appa Adenawa,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,