මගේ දෙවනි Short Film එක "Leaving"
මගේ පළමුවෙනි කෙටි චිත්‍රපට උත්සහය Life is a journey නමින් පලකරලා ඒකට එළකිරි එකේ හිතවතුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර,අදහස්, යෝජනා හැමදේම මට බොහොම ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් මුළින්ම ස්තූති කරන්න ඕන. මේ මගේ දෙවනි කෙටි චිත්‍රපටය. Leaving.
බොහොමයක් කලා නිර්මාණවල 'හැරයාම' ආදරය හෝ බැඳීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරද්දි කාන්තාවගේ පැත්තෙන් ඉදිරිපත් කරලා එහි ඇති වේදනාව, කටුකත්වය ගැන ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. ඒත් බොහොම තැන්වලදි පිරිමියෙක්ගේ පාර්ශවයෙන් මේ වේදනාව සහ ප්‍රතික්‍රිියා දකින්න ඇති ඉඩකඩ අඩුයි. මේ Short Film එක මගින් උත්සහ කරන්නේ අන්න ඒ නොදකින පැත්ත ගැන පුංචි විවරණයක් කරන්න.
ගොඩක් අඩුපාඩුකම් ඇති. ඒත් මේ නිර්මාණය වෙනුවෙන් ඔබේ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්.මගේ බලාපොරොත්තුව කවදාහරි ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්න එක. ඒ වැදගත් සහ වටිනා වගේම ගුණාත්මක නිර්මාණයක් කරලා. ඒ නිසා ඒකට ඔබේ අදහස් ඉතාම වටිනවා. මගේ බලාපොරොත්තුව, ගමනට ඒක ලොකු ශක්තියක් වේවි.
ඒ වගේම මේ කෙටි චිත්‍රපටයේ තේමා සංගීතය නිර්මාණය කරන්නේ රුසියානු යොවුන් සංගීතවේදියෙක් වෙන Kosta T. ඔහුගේ සහය සහ ඔහුගේ නොමසුරු දායකත්වය හැමතැනකදිම මම මතක් කරනවා. මොකද ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී නිර්මාණකරුවෙක්.
මේ කෙටි චිත්‍රපටය නරඹලා ඔබේ අදහස් උදහස් ඉදිරිපත් කරන්න පුළුවන්නම් බොහොමත්ම ස්තූතියි.