මගේ දෙවනි Short Film එක "Leaving"

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මගේ දෙවනි Short Film එක "Leaving"

    මගේ පළමුවෙනි කෙටි චිත්‍රපට උත්සහය Life is a journey නමින් පලකරලා ඒකට එළකිරි එකේ හිතවතුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර,අදහස්, යෝජනා හැමදේම මට බොහොම ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් මුළින්ම ස්තූති කරන්න ඕන. මේ මගේ දෙවනි කෙටි චිත්‍රපටය. Leaving.

    බොහොමයක් කලා නිර්මාණවල 'හැරයාම' ආදරය හෝ බැඳීමක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරද්දි කාන්තාවගේ පැත්තෙන් ඉදිරිපත් කරලා එහි ඇති වේදනාව, කටුකත්වය ගැන ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. ඒත් බොහොම තැන්වලදි පිරිමියෙක්ගේ පාර්ශවයෙන් මේ වේදනාව සහ ප්‍රතික්‍රිියා දකින්න ඇති ඉඩකඩ අඩුයි. මේ Short Film එක මගින් උත්සහ කරන්නේ අන්න ඒ නොදකින පැත්ත ගැන පුංචි විවරණයක් කරන්න.

    ගොඩක් අඩුපාඩුකම් ඇති. ඒත් මේ නිර්මාණය වෙනුවෙන් ඔබේ අදහස්, යෝජනා, චෝදනා මට බොහොම වැදගත්.මගේ බලාපොරොත්තුව කවදාහරි ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක හොඳම කෙටි චිත්‍රපටයට හිමි සම්මානය දිනාගන්න එක. ඒ වැදගත් සහ වටිනා වගේම ගුණාත්මක නිර්මාණයක් කරලා. ඒ නිසා ඒකට ඔබේ අදහස් ඉතාම වටිනවා. මගේ බලාපොරොත්තුව, ගමනට ඒක ලොකු ශක්තියක් වේවි.

    ඒ වගේම මේ කෙටි චිත්‍රපටයේ තේමා සංගීතය නිර්මාණය කරන්නේ රුසියානු යොවුන් සංගීතවේදියෙක් වෙන Kosta T. ඔහුගේ සහය සහ ඔහුගේ නොමසුරු දායකත්වය හැමතැනකදිම මම මතක් කරනවා. මොකද ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී නිර්මාණකරුවෙක්.

    මේ කෙටි චිත්‍රපටය නරඹලා ඔබේ අදහස් උදහස් ඉදිරිපත් කරන්න පුළුවන්නම් බොහොමත්ම ස්තූතියි.

    • Like
    Reactions: awjas2621

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    මරු මචන් මරු මරු මරු. කන්ටැක්ට්ස් ටිකක් හදාගෙන ගේමට බහින්න. උබට තනියෙන්ම කරන්න ඕන කියල හිතෙනව නම් එහෙම කරන්න. නැත්තම් මෙන්න මේ YT channel එකත් එක්ක එකතු වෙන්න. උන් එක්ක එකතු වෙන්න. පේන විදිහට උන් හරි නිහතමානී චරිත ටිකක්. පට්ටම short films හදල තියෙනවා.:yes:

    https://www.youtube.com/channel/UCJ1cuUpTXk6RuShiXxAvgrQ
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මරු මචන් මරු මරු මරු. කන්ටැක්ට්ස් ටිකක් හදාගෙන ගේමට බහින්න. උබට තනියෙන්ම කරන්න ඕන කියල හිතෙනව නම් එහෙම කරන්න. නැත්තම් මෙන්න මේ YT channel එකත් එක්ක එකතු වෙන්න. උන් එක්ක එකතු වෙන්න. පේන විදිහට උන් හරි නිහතමානී චරිත ටිකක්. පට්ටම short films හදල තියෙනවා.:yes:

    https://www.youtube.com/channel/UCJ1cuUpTXk6RuShiXxAvgrQ

    බොහොම ස්තූතියි බං තොරතුරට සහ වචන ටිකට
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මරු මචන් මරු මරු මරු. කන්ටැක්ට්ස් ටිකක් හදාගෙන ගේමට බහින්න. උබට තනියෙන්ම කරන්න ඕන කියල හිතෙනව නම් එහෙම කරන්න. නැත්තම් මෙන්න මේ YT channel එකත් එක්ක එකතු වෙන්න. උන් එක්ක එකතු වෙන්න. පේන විදිහට උන් හරි නිහතමානී චරිත ටිකක්. පට්ටම short films හදල තියෙනවා.:yes:

    https://www.youtube.com/channel/UCJ1cuUpTXk6RuShiXxAvgrQ

    You must spread some Reputation around before giving it to Candid-B again.:cool: