මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

saho

Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

    වැවයි දාගැබයි තව පංසලයි ගමයි
    මොනිටර් කී බෝඩ් එක්කල මූෂිකයයි
    ෆොටෝ ටැගයි ස්ටේටස් සමඟ චැටුයි
    මගේ නිවන මට දුන්නේ මූණුපොතයි

    ආදර ගඟේ පැද හබලක් නැති පාරූ
    "ලොවෙත් " කෙල්ලො චැට් එකේදි කයිවාරූ
    දැකලත් නැති එවුං සැට් කර එකතු කෙරූ
    "මාක් සූකර්" ද කවුද උඹනං මරේ මරූ

    ඇඟ පත තලා වැඩ කෙරුවට වාගෙ කඩී
    තේරුමක්ම නෑ, බෝරින්(ග්) ෆීල්ඩ් පැඩී
    වෙන වියදමට ලාබය හෙම බොහොම වැඩී
    මඩේ නොලැග වගා කොරමු "බාන් බඩී "
    …
    කැවුම් මූණ ගැන සංකා ඇති නොකොට
    මූණුපොතේ ගිණුමක් ගෙන මේ ලෙසට
    kusa.png



    රික්වෙස්ට් එක කෙරුවානම් පබවතිට
    ජය සිරි මංගලම් අපෙ කුස රජතුමට



    ඉවසාගෙන ඉඳන් අයියල සෙට් එකේ රැවුම්
    චිත්රා කුමරි කෙරුවා ගාමිණිට ඇළුම්
    අහපං, ගාමිණී නොගොසින් ගෙට එක්ටැම්
    මූණු පොතෙන් චැට් කළ හැකි ඕන තරම්

    gamini.png


    Extracted from අනීවාරතේ
     
    Last edited:

    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    කුස රජ්ජුරුවෝ බැන්දේ පබාවති නෙ යකෝ
    කාළ ගෝල තමා හත් අවුරුද්දක් කට්ට කාලා දික්තලාව බැන්දේ
     

    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0
    කුස රජ්ජුරුවෝ බැන්දේ පබාවති නෙ යකෝ
    කාළ ගෝල තමා හත් අවුරුද්දක් කට්ට කාලා දික්තලාව බැන්දේ

    :yes::yes::yes::yes:
     

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    කුස රජ්ජුරුවෝ බැන්දේ පබාවති නෙ යකෝ
    කාළ ගෝල තමා හත් අවුරුද්දක් කට්ට කාලා දික්තලාව බැන්දේ
    අඩේ බලපන්කො ඒක අමතක වෙච්චි හැටි
    …ඔන්න හැදුව උඹනං රත්තරං වටී
    …තෑන්කූ බං