මගේ රටට දළදා හිමි සරණයි ගීතයේ අර්ථය

djhashan

Member
Sep 8, 2006
141
30
0
මගේ රටට දළදා හිමි සරණයි ගීතයේ අර්ථය

මගේ රටට දළදා හිමි සරණයි ගීතයේ අර්ථය - Mage Ratata Dalada Himi Saranai

මගේ රටට දළදා හිමි සෙවණයි..
මගේ දැයට දළදා හිමි සරණයි..
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි...//

දළදා මැදුරේ රන්කොත මුදුනේ..
මිණි කිරණින් මුළු රටම අවදි වේ..//
දෙදහස් වසරක මහරු අතීතය..
සීහ තේජසින් යළි පිබිදී එයි..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

මෙතැනම වී දැය එක ලෙස බැඳුනේ
සිත් තුල බිය සංඛා දුරු කෙරුනේ..//
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා..
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා..//

මගේ රටට දළදා හිමි සෙවණයි..

ගායනය : මහාචාර්ය සනත් නන්දසිරි
පද රචනය : සුනිල් සරත් පෙරේරා
සංගීතය : මහාචාර්ය සනත් නන්දසිරි
 
prasad619

Member
Mar 3, 2008
646
81
0
සිව් හෙළය
සහෝ මම මේ කියන දේ වැරදියට ගන්න එපා, මේ මගේ ප්‍රියතම සින්දුවක්. හැබැයි අපේ ගීත සහ නාට්‍ය කලාව තුලින් අපේ සැබැ උරුමය දැනුවත්ව හෝ නොදැනුවත්ව යටකරලා හෝ යටගිහිල්ලා තියනවා(අහෝ! ජාතියක අවාසනාව).

මේ සින්දුවෙත් කියවෙන්නේ 'දෙදහස් වසරක මහරු අතීතය' කියලා ඒ කියන්නේ මේ හෙළදීපයේ සිව්හෙළයක් තිබුනේ නැත්ද යක්ක, නාග, දේව සහ රාක්ෂ කියලා ගෝත්‍ර 4ක් ජීවත් උනේ නැත්ද ලංකාපුරයක් තිබුනේ නැත්ද. අරිසෙන් අහුබුදු සූරීන් පද රචනය කර සුනිල් සාන්තයන් ගායනා කර ‘ලංකා ලංකා‘ ගීතයේ කියවෙන මහාබලි, තරු(තාරක පද්ම), මහා රාවණ අධිරාජ්‍යයා යන නරපතියන්ගේ පහස මේ පොලවට ලැබුනේ නැත්ද ඊටත් එහාට ගොස් විශ්‍රවස් නම් මුණිවරු පුලස්ති නම් සෘෂිවරු මේ පොලෝතලයේ වැඩ සිටියේ නැත්ද. වසර 10,000ක් එපිටට ගියකල හිරණ්‍ය කාශ්‍යප සක්විති රජතුමා, නුහුත රජතුමා සහ අන්තිමට අප මහාසම්මත රජ පරම්පරාවේ මුල් පුරුක වන මහාසම්මත මනු රජතුමා(අවාසනාවක මහත පාසැල් ඉතිහාස පොතේ තිබෙන්නේ විජය නම් මංපහරන්නා ලංකාවේ පළමු රජු ලෙසයි) මීට වසර 30,000 පමණ පෙර මඩ සෝදා ගෙන මේ පොලවේ පළමු රජු ලෙස රාජාභිෂේක වුනේ නැත්ද.

ගොඩක් දෙනෙකුට තමන්ගේ ජාතිය පරදේසක්කාරයින්ට ගැට ගහන්න අවශ්‍යය ඔවුන්ට අනුව හෙළ ශිෂ්ඨාචාරයක් කියා කිසිම දෙයක් නැත ඔවුන්ට හෙළ නම් වචනය අවශ්‍ය වන්නේ සිංහල අවුරුදු කාලයේ හෙළ අවුරුදු මංගල්‍යය කීමට පමණි. මෙය සංගිත සහ නාට්‍ය ක්ෂේත්‍රයන්ටත් පොදුය සමහරුන් දැනගෙනත් සමහරුන් නොදැනගෙනත් අනෙකුත් අය ‘ඕවා ඔහොම තිබුනට කවුද දැන් ඕවා විශ්වාස කරන්නේ‘ නැත්නම් ‘ඕවා ලියලා ප්‍රශ්න ඇතිවෙයිද දන්නේ නැහැ‘ යන සරල තර්ක වලින් එය බැහැර කරති. නමුත් අරිසෙන් අහුබුදු සූරීන් කිසිම බියක් නොමැතිව තම ගීත සහ සාහිත්‍ය තුලින් හෙළය ගැන කතා කළේය, එතුමා හෙළ හවුලේ සහ ශ්‍රී රාවණ පර්යේෂණ ආයතනයේද සාමාජිකයෙක් වී අසිරිමත් හෙළය ගැන තම ප්‍රේක්ෂකයා දැනුවත් කළේය.

අපට දැන් අවශ්‍ය වී තිබෙන්නේ අපේ ශ්‍රේෂ්ඨ යටගිය ඉතිහාසය නැවතත් මතුකරගන්නට එවන් කලාකරුවන්ය.
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113

    100% agree
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,208
    2
    10,807
    113
    Home Sweet Home
    මගේ රටට දළදා හිමි සෙවණයි..
    මගේ දැයට දළදා හිමි සරණයි..
    සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
    උපතින් මා හට මේ හැම උරුමයි