Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
.: මගේ රණවිරුවන්ට :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීගිරි කාශ්යපගේ ආරක්ෂක බඹර හමුදාව නුඹලා ගිනි තබා විනාශ කළා!

විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි!

දඹුලු ගල දෙසින් ප්රභා සම්පන්න දුරුතු සඳ නැඟ එමින් තිබිණ. මහ වන පෙත්වලින් ගැවසී ගත් මාතලේ දිසාව පමණක් නොව මුළු මහත් පෘථිවි තලය පුරාම මුතු දියකර තැවරුවක් මෙන් සඳකැන් පැතිර ඇත. මම සෙමෙන් සෙමෙන් තුරු වදුළු අතරින් පියගැට පෙළ තරණය කරමි. අහස් වේදිකාවක සිට බලන්නාක් මෙන් මුළු රජ රටම මා නෙත් මානයම පත්ව ඇත. ලෝකය කොතෙක් සුන්දරද? සොබා දහම කොතෙක් අසිරිමත්ද?

ඉස්කුරුප්පු හැඩයේ යකඩ වට හිණි මග දිගේ කැරකී කැරකී මම ඉහළට නගිමි. කැටපත් පවුරට උරාගත් චන්ද්ර කාන්තිය පරාවර්තනය වී නැවත මගේ මුහුණ සිප ගනී. මම තව තවත් ඉහළට නගිමි. සිංහරුව පසුකරන මා හදවත වරෙක අහේතුක බියකින් වෙව්ලයි. මුරකරුවෙකු දුටුවා නම් මේ කෛලාශකූඨය මතින් මා එළවා දමනු නිසැකය.

මැදියම් රැය හුදකලාව මේ "කැලෑ කලාගාරය" මතට මා පැමිණියේ ඇයි? එයට පිළිතුරු මමද නොදනිමි. මා හැර වෙනත් පණ ඇති කිසිවෙකු සිටිනු මට නොපෙනේ. මෙය දැන් මගේම රාජධානියයි වරෙක මට සිතේ. ශෛලමය පොකුණේ කැටයම් තලයක් මත අත පය දිග හැර වාඩි ගත් මම අවට සිසාරා බලමි.

මුළු ලෝකයම බදා වැළඳ ගන්නට ඇත්නම්. අහස පුරා විසිරි තරු කැට, රජරට උඩු වියනට හැඩ වැඩ දමා ඇති අයුරු. ඉමක් දැකිය නොහැකි මේ විස්මිත ලෝකය දැන් මා නතුකර ගත යුතුය. මොහොතකට හෝ මට කසුබුවෙකු වන්නට තරම් තෘෂ්ණාවක් ඇතිවේ.

රජරට නිවහල් ගම්මාන පිසගෙන එන දුරුත්තේ සීතල සුළඟින් මගේ අනාවරණ ළය හිරිගඩු පිපීගෙන එයි. කෙමෙන් සැහැල්ලු වන විසිතුරු විවිධාකාර සිතුවිලි එක්රොක් වේ. මම ඉතා සෙමෙන් ගීයක් මුමුණමි.

"තොප නුයුන මහනෙලැ ගිජිසසනිද් බැල්මෙ පුලුන්ද මෙනෙමයි කෙබන්ද හෙජි කෙළෙ වරණනු ආනු බැලීමට."

ඔබේ නෙත් නමැති නිල් මහනෙල් පුෂ්පයන්ට ගිජි වූද, ඔබේ නෙතඟින් හෙලූ ප්රේමාන්විත බැල්මෙන් වසඟ වූද මසිත කෙතරම් පෙළඹුනේද යත් උතුම් මුහුණක් ඇත්තිය සැබවින්ම මම ඔබ දැකීමට ආයෙමි.

නැගෙන සඳ දෙස බලා මම එය රිද්මයානුකූලව පුන පුනා ගයමි. ඒ හඬ වරින් වර ඈතට ඇදී යන පුළුන්වන් ස්වේත වර්ණ වලා කැටි අතර රැඳී දෙව් විමන් කරා පැතිර යන්නේ යයි මට සිතේ.

"නිල් කටරොල් මලකැ ඇමුණු වැටකොල් මල සේයි

සැන්දැහැ සිහි මන්නෙයි මහ නෙල් මලක් හයි රන්වන් හුන්"

මම තවත් ගීත කණ්ඩයකට ජීවය කවන්නට තැත් කරමි. මා පසුපසින් හදිසියේම වාගේ සිහින් ඉමිහිරි සිනා හඬක් නැග එයි. මිණි කිකිණි පරයන ඒ හඬින් විශ්මයටත්, කුතුහලයටත් පත්වන මම එදෙසට ගෙළ හරවා බලමි. සුන්දර සුරූපිකාවක් මා වෙත අඩවන් දිගු දෙනෙත් යොමාගෙන සිටියි. මා මුහුණ දුටු කල ඇයගේ ඒ ඉමිහිරි සිනා හඬ එක්වරම නැවතිණ. ඇය බියෙන් යුක්තව මා හිස සිට දෙපතුල් දක්වා සැකමුසු බැල්මක් හෙලුවාය.

"ආ...හ්... මට වැරදුනා... ඇය රත් පැහැති පිරුණු දෙතොල් සෙමෙන් සෙලවූවාය.

"ඇයි?" මම විමසීමි.

"මම හිතුව කසුප් කියල..."

"කසුප් කියල...?"

"ඔව්... ඔබ කවුද?" ඇය විචාලාය.

"මමත් කසුප් වගේම රසික..." මට එය කියා අවසන් කර ගන්නට නොහැකි විය.

"නැහැ.... නැහැ... මට බයයි. ඔය වගේ මිනිස්සු එනවට අපි කැමති නැහැ. කසුප් එන්න කලින් මෙතැනින් බේරිලා යන්න..." ඇය සෙමෙන් කීවාය. හුන් තැනින් නැඟී සිටි මම ඒ ඇයි දැයි සුරූපිකාවගෙන් විමසීමි.

"කසුප්ගෙ රාජධානියට මිනිස්සු එනවට අපි කැමැති නැහැ. සමහරු හිතක් පපුවක් තියන එවුන් නොවෙයි... "ඇයගේ මුහුණ ශෝකයෙන් වෙලී ඇත්තේ යයි මට සිතේ.

"නැහැ... නැහැ... විශ්වාස කරන්න. මමත් කසුප් වගේම රසිකයෙක්..." මම කීමි.

"එහෙනම් මේ අවේලාවෙ ආවෙ..."

"මේ වගෙ හඳ ඇති රැයක ඔයත් එක්ක කතා කරන්න ආශාවක් ඇති වුණා..."

"ම්...?" ඇය සෙමෙන් සිනාසුණාය. මම විනාඩි ගණනක් එක දිගට ඇය දෙස බලා සිටියෙමි. සිහින් ඉඟටියෙන් ගැඹුරු නැබින් සපිරුණු ළයෙන් නිලුපුල් දැසින් හා අභරණින් සැදි ගතින් යුත් ඒ නාරි දේහයේ සුන්දරත්වයෙන් මම වශීකෘත වීමි.

"ම්.. ඔව් මට ඔබව ටිකක් විශ්වාස කරන්න පුළුවන්. මූණ දිහා බැලුවහම, එහෙනම් කසුප් එන්න ඉස්සෙල්ල හෝරාවක් විතර..."යි පැවැසූ ඇය මගේ සුරත දැඩිව අල්ලා ගත්තාය.

"කසුප් හැමදාමත් එනවද? "මම ඇයගෙන් විමසුවෙමි.

"නැහැ මේ වගේ හඳ ඇති දවස්වල මුළු රෑම අපිත් එක්ක ගත කරනව..." ගල් පොකුණ දක්වා එක දිගට විහිදෙන පඩි පෙළෙහි පළමු වන පඩිය මත වාඩි ගත් ඇය කීවාය.

"ඔබේ නම දැන ගන්න මම කැමතියි..." මම ඇයගේ කණට කෙඳිරුවෙමි.

"දැන ගන්නම ඕනෑද?"

"සත්තකින්ම"

"මගේ නම විඡ්ජුකුමාරි"

"අර ගීතය ආයිත් කියන්න..." විඡ්ජු කුමාරි ඇවටිලි කළාය. මම ඇයගේ දෙනෙත් දෙස බලමි. ඒවා සුදු සඳ රැසින් නළියයි. මම ඒ ගීතය සෙමෙන් මැතිරුවෙමි. තම අත ඇති මහනෙල් පොහොට්ටුව විකසිත කරමින් ඇය එයට ආශාවෙන් කන්දෙයි.

හදිසියේ තිගැස්සුණු විඡ්ජු කුමාරි සීගිරි ගලෙන් මහා ප්රපාතය දෙස විනාඩි ගණනක් එක දිගට දෙනෙත් යොමාගෙන සිටියා. ඉමක් දැකිය නොහැකි ඈත එපිට අහසේ මීදුම් පටලයක් පරිසරය පුරා විසිරී යමින් තිබිණ.

"අර... අර... මුගලන් එනව වගේ... අර බලන්න ඉනාමළු හන්දිය පැත්තෙන් යුද්ධ සේනාවේ ඔළු ගෙඩි අන්න, අන්න කඩුපත් දිළිසෙනවා..." විඡ්ජු කුමාරිගේ දෙතොල් පමණක් නොව මුළු සිරුරම බියෙන් වෙව්ලන්නේ යයි මට සිතේ ඇය මා සිරුරට තව තවත් තුරුළු වූවාය.

මම පරීක්ෂාවෙන් යුක්තව එදෙස බලමි. සීගිරි ගල දෙසට ඇදෙන මහා සේනාවක කළුවන් හිස් ගෙඩි මට පෙනේ. එහෙත් රැහැයියන්ගේ "කී...ඊ...ඊ... ශබ්දය නොතිබෙන්නට මුළු පරිසරය පුරා දැඩි නිහඬතාවයකින් වෙලී යන්නට ඉඩ තිබිණ.

[QUOTE="nwnbs, post: 7191183, member: 12480"] [FONT=kaputadotcom][SIZE=5][COLOR=#000000][SIZE=4]සීගිරි කාශ්යපගේ ආරක්ෂක බඹර හමුදාව නුඹලා ගිනි තබා විනාශ කළා! [/SIZE][COLOR=#000080][SIZE=5]විඡ්ජු කුමාරි සීගිරි සුන්දරිය කඳුළු සලයි[/SIZE][SIZE=5]![/SIZE][/COLOR][SIZE=4] [IMG]http://www.divaina.com/2010/03/28/p3sigiri.jpg[/IMG]දඹුලු ගල දෙසින් ප්රභා සම්පන්න දුරුතු සඳ නැඟ එමින් තිබිණ. මහ වන පෙත්වලින් ගැවසී ගත් මාතලේ දිසාව පමණක් නොව මුළු මහත් පෘථිවි තලය පුරාම මුතු දියකර තැවරුවක් මෙන් සඳකැන් පැතිර ඇත. මම සෙමෙන් සෙමෙන් තුරු වදුළු අතරින් පියගැට පෙළ තරණය කරමි. අහස් වේදිකාවක සිට බලන්නාක් මෙන් මුළු රජ රටම මා නෙත් මානයම පත්ව ඇත. ලෝකය කොතෙක් සුන්දරද? සොබා දහම කොතෙක් අසිරිමත්ද? ඉස්කුරුප්පු හැඩයේ යකඩ වට හිණි මග දිගේ කැරකී කැරකී මම ඉහළට නගිමි. කැටපත් පවුරට උරාගත් චන්ද්ර කාන්තිය පරාවර්තනය වී නැවත මගේ මුහුණ සිප ගනී. මම තව තවත් ඉහළට නගිමි. සිංහරුව පසුකරන මා හදවත වරෙක අහේතුක බියකින් වෙව්ලයි. මුරකරුවෙකු දුටුවා නම් මේ කෛලාශකූඨය මතින් මා එළවා දමනු නිසැකය. මැදියම් රැය හුදකලාව මේ "කැලෑ කලාගාරය" මතට මා පැමිණියේ ඇයි? එයට පිළිතුරු මමද නොදනිමි. මා හැර වෙනත් පණ ඇති කිසිවෙකු සිටිනු මට නොපෙනේ. මෙය දැන් මගේම රාජධානියයි වරෙක මට සිතේ. ශෛලමය පොකුණේ කැටයම් තලයක් මත අත පය දිග හැර වාඩි ගත් මම අවට සිසාරා බලමි. මුළු ලෝකයම බදා වැළඳ ගන්නට ඇත්නම්. අහස පුරා විසිරි තරු කැට, රජරට උඩු වියනට හැඩ වැඩ දමා ඇති අයුරු. ඉමක් දැකිය නොහැකි මේ විස්මිත ලෝකය දැන් මා නතුකර ගත යුතුය. මොහොතකට හෝ මට කසුබුවෙකු වන්නට තරම් තෘෂ්ණාවක් ඇතිවේ. රජරට නිවහල් ගම්මාන පිසගෙන එන දුරුත්තේ සීතල සුළඟින් මගේ අනාවරණ ළය හිරිගඩු පිපීගෙන එයි. කෙමෙන් සැහැල්ලු වන විසිතුරු විවිධාකාර සිතුවිලි එක්රොක් වේ. මම ඉතා සෙමෙන් ගීයක් මුමුණමි. "තොප නුයුන මහනෙලැ ගිජිසසනිද් බැල්මෙ පුලුන්ද මෙනෙමයි කෙබන්ද හෙජි කෙළෙ වරණනු ආනු බැලීමට." ඔබේ නෙත් නමැති නිල් මහනෙල් පුෂ්පයන්ට ගිජි වූද, ඔබේ නෙතඟින් හෙලූ ප්රේමාන්විත බැල්මෙන් වසඟ වූද මසිත කෙතරම් පෙළඹුනේද යත් උතුම් මුහුණක් ඇත්තිය සැබවින්ම මම ඔබ දැකීමට ආයෙමි. නැගෙන සඳ දෙස බලා මම එය රිද්මයානුකූලව පුන පුනා ගයමි. ඒ හඬ වරින් වර ඈතට ඇදී යන පුළුන්වන් ස්වේත වර්ණ වලා කැටි අතර රැඳී දෙව් විමන් කරා පැතිර යන්නේ යයි මට සිතේ. "නිල් කටරොල් මලකැ ඇමුණු වැටකොල් මල සේයි සැන්දැහැ සිහි මන්නෙයි මහ නෙල් මලක් හයි රන්වන් හුන්" මම තවත් ගීත කණ්ඩයකට ජීවය කවන්නට තැත් කරමි. මා පසුපසින් හදිසියේම වාගේ සිහින් ඉමිහිරි සිනා හඬක් නැග එයි. මිණි කිකිණි පරයන ඒ හඬින් විශ්මයටත්, කුතුහලයටත් පත්වන මම එදෙසට ගෙළ හරවා බලමි. සුන්දර සුරූපිකාවක් මා වෙත අඩවන් දිගු දෙනෙත් යොමාගෙන සිටියි. මා මුහුණ දුටු කල ඇයගේ ඒ ඉමිහිරි සිනා හඬ එක්වරම නැවතිණ. ඇය බියෙන් යුක්තව මා හිස සිට දෙපතුල් දක්වා සැකමුසු බැල්මක් හෙලුවාය. "ආ...හ්... මට වැරදුනා... ඇය රත් පැහැති පිරුණු දෙතොල් සෙමෙන් සෙලවූවාය. "ඇයි?" මම විමසීමි. "මම හිතුව කසුප් කියල..." "කසුප් කියල...?" "ඔව්... ඔබ කවුද?" ඇය විචාලාය. "මමත් කසුප් වගේම රසික..." මට එය කියා අවසන් කර ගන්නට නොහැකි විය. "නැහැ.... නැහැ... මට බයයි. ඔය වගේ මිනිස්සු එනවට අපි කැමති නැහැ. කසුප් එන්න කලින් මෙතැනින් බේරිලා යන්න..." ඇය සෙමෙන් කීවාය. හුන් තැනින් නැඟී සිටි මම ඒ ඇයි දැයි සුරූපිකාවගෙන් විමසීමි. "කසුප්ගෙ රාජධානියට මිනිස්සු එනවට අපි කැමැති නැහැ. සමහරු හිතක් පපුවක් තියන එවුන් නොවෙයි... "ඇයගේ මුහුණ ශෝකයෙන් වෙලී ඇත්තේ යයි මට සිතේ. "නැහැ... නැහැ... විශ්වාස කරන්න. මමත් කසුප් වගේම රසිකයෙක්..." මම කීමි. "එහෙනම් මේ අවේලාවෙ ආවෙ..." "මේ වගෙ හඳ ඇති රැයක ඔයත් එක්ක කතා කරන්න ආශාවක් ඇති වුණා..." "ම්...?" ඇය සෙමෙන් සිනාසුණාය. මම විනාඩි ගණනක් එක දිගට ඇය දෙස බලා සිටියෙමි. සිහින් ඉඟටියෙන් ගැඹුරු නැබින් සපිරුණු ළයෙන් නිලුපුල් දැසින් හා අභරණින් සැදි ගතින් යුත් ඒ නාරි දේහයේ සුන්දරත්වයෙන් මම වශීකෘත වීමි. "ම්.. ඔව් මට ඔබව ටිකක් විශ්වාස කරන්න පුළුවන්. මූණ දිහා බැලුවහම, එහෙනම් කසුප් එන්න ඉස්සෙල්ල හෝරාවක් විතර..."යි පැවැසූ ඇය මගේ සුරත දැඩිව අල්ලා ගත්තාය. "කසුප් හැමදාමත් එනවද? "මම ඇයගෙන් විමසුවෙමි. "නැහැ මේ වගේ හඳ ඇති දවස්වල මුළු රෑම අපිත් එක්ක ගත කරනව..." ගල් පොකුණ දක්වා එක දිගට විහිදෙන පඩි පෙළෙහි පළමු වන පඩිය මත වාඩි ගත් ඇය කීවාය. "ඔබේ නම දැන ගන්න මම කැමතියි..." මම ඇයගේ කණට කෙඳිරුවෙමි. "දැන ගන්නම ඕනෑද?" "සත්තකින්ම" "මගේ නම විඡ්ජුකුමාරි" "අර ගීතය ආයිත් කියන්න..." විඡ්ජු කුමාරි ඇවටිලි කළාය. මම ඇයගේ දෙනෙත් දෙස බලමි. ඒවා සුදු සඳ රැසින් නළියයි. මම ඒ ගීතය සෙමෙන් මැතිරුවෙමි. තම අත ඇති මහනෙල් පොහොට්ටුව විකසිත කරමින් ඇය එයට ආශාවෙන් කන්දෙයි. හදිසියේ තිගැස්සුණු විඡ්ජු කුමාරි සීගිරි ගලෙන් මහා ප්රපාතය දෙස විනාඩි ගණනක් එක දිගට දෙනෙත් යොමාගෙන සිටියා. ඉමක් දැකිය නොහැකි ඈත එපිට අහසේ මීදුම් පටලයක් පරිසරය පුරා විසිරී යමින් තිබිණ. "අර... අර... මුගලන් එනව වගේ... අර බලන්න ඉනාමළු හන්දිය පැත්තෙන් යුද්ධ සේනාවේ ඔළු ගෙඩි අන්න, අන්න කඩුපත් දිළිසෙනවා..." විඡ්ජු කුමාරිගේ දෙතොල් පමණක් නොව මුළු සිරුරම බියෙන් වෙව්ලන්නේ යයි මට සිතේ ඇය මා සිරුරට තව තවත් තුරුළු වූවාය. මම පරීක්ෂාවෙන් යුක්තව එදෙස බලමි. සීගිරි ගල දෙසට ඇදෙන මහා සේනාවක කළුවන් හිස් ගෙඩි මට පෙනේ. එහෙත් රැහැයියන්ගේ "කී...ඊ...ඊ... ශබ්දය නොතිබෙන්නට මුළු පරිසරය පුරා දැඩි නිහඬතාවයකින් වෙලී යන්නට ඉඩ තිබිණ.[/SIZE][/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom