වලා පටකින් වැසී ගිය සද...
රැයේ ගණදුර වැඩි කලාවෙද.....
නිදා නොනිදන හිතේ තනියට..
එවන් ගණදුර සැනසුමක් වෙද..
හිතා ගන්නට නොහැකි තරමට...
හුදෙකලා බව දැනෙනවා අද....
එපා හිනැහෙන් මගේ සොමි සද...
තවත් නොම දුටු සිහිනයේ හිද...
ඉබේ නැගෙනා ආල රේඛා...
සිත් විලේ විසිරී ගියේ......
ගෙවී ගිය ඒ සොදුරු සැමරුම්..
සිතුවමක් වී ඇත ලයේ....
කියා නොකියා මගේ අදහස්..
දුරින් ගතකල කාලයේ....
අහින්සක ඔය නිල් නුවන් මැද
දුටිමි සෙනෙහස ලබැදියේ....
ඉතින් පවසම් සෙනේ ගීතය...
හදේ නැගෙමින් රැව් දෙනා.....
රැදී සිටිමින් අසන් සොදුරිය...
තනතමින් මා මුමුනනා........
මුදා විසිරුනු ඔබේ කෙස් රොද..
සවන් අතරින් ගනිමිනා........
තවත් වරකට බලන් මා දෙස...
මගේ ලොව හෙට එළි වෙනා.....
රැයේ ගණදුර වැඩි කලාවෙද.....
නිදා නොනිදන හිතේ තනියට..
එවන් ගණදුර සැනසුමක් වෙද..
හිතා ගන්නට නොහැකි තරමට...
හුදෙකලා බව දැනෙනවා අද....
එපා හිනැහෙන් මගේ සොමි සද...
තවත් නොම දුටු සිහිනයේ හිද...
ඉබේ නැගෙනා ආල රේඛා...
සිත් විලේ විසිරී ගියේ......
ගෙවී ගිය ඒ සොදුරු සැමරුම්..
සිතුවමක් වී ඇත ලයේ....
කියා නොකියා මගේ අදහස්..
දුරින් ගතකල කාලයේ....
අහින්සක ඔය නිල් නුවන් මැද
දුටිමි සෙනෙහස ලබැදියේ....
ඉතින් පවසම් සෙනේ ගීතය...
හදේ නැගෙමින් රැව් දෙනා.....
රැදී සිටිමින් අසන් සොදුරිය...
තනතමින් මා මුමුනනා........
මුදා විසිරුනු ඔබේ කෙස් රොද..
සවන් අතරින් ගනිමිනා........
තවත් වරකට බලන් මා දෙස...
මගේ ලොව හෙට එළි වෙනා.....
Last edited:



