මගේ හිම කුමරියේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගේ හිම කුමරියේ....

    සරාසද ඔච්චමට
    රෑ අහසෙ පායලා...
    කළු වලාවන් අතර...
    කොහි යයිද සැගවිල.....
    මග බලා නොසිටියත්...
    දෙනෙත්... අඩවන් වෙලා...
    ඔබේ රුව හිත පුරා....
    ඇතේ සටහන් වෙලා........


    සසර මග සැරි සැරූ
    මේ කුඩා කාලයේ.....
    නිතර ඔබ මුනගැසුනු....
    බවක් මතකේ තියේ.....
    අහිමි බව දැන දැනත්
    සිත බැදුනු වීදියේ........
    අතරමග අතහැරුනු
    විලස නික්මී ගියේ....

    අදින් පසු ඔබ නොමැති...
    මේ පාළු පන්තියට....
    සියක් කෙලි කවටකම්.....
    අවැසි නැත මින් එයට....
    මතකයේ උනුහුමට
    ගුලි වෙලා මා ලයට....
    එකම එක වතාවක්.....
    නැලවෙන්න තාලයට......



    රුදුරු සුලි කුණාටුව
    විලස එන කැළඹිලා....
    නුහුරු ආදර හැගුම් ....
    සොයා වල්මත් වෙලා.....
    ඉවත නොම යන් නගේ...
    මිරිගුවක් විමසලා.......
    නොලැබුනත් මට ඔබව...
    තුටින් ඉනු සැනසිලා.....

    ඇතැර යයි දැන දැනත්...
    තවත් බැහැ හිනැහෙන්න....
    පාළු හිත රවටවා......
    චාටු බස් තෙපලන්න....
    මේ සොදුරු මාවතේ....
    සදාකල් හිනැහෙන්න....
    මගේ හිම කුමරියේ....
    හිරුට පෙර සැගවෙන්න......

    i_miss_you_by_dork_girl476-d3l9t4p.jpg

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සබද අපි කදු වෙමු උනුන් පරයා නැගෙන
    සොමිල දිය දහර වේමු එකම ගගකට වැටෙන
    :(:(:(
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මතකයේ උනුහුමට
    ගුලි වෙලා මා ලයට....
    එකම එක වතාවක්.....
    නැලවෙන්න තාලයට...... :(