[මගේ 1st එක]Tizen OS එක ගැන දැනගන්න
ඔන්න එහෙනම් මගේ පලවෙනි ත්‍රෙඩ් එක.
මම කියන්න යන්නේ Tizen ගැන. මේ වගේ ත්‍රෙඩ් එකක් මීට කලින් එලකිරි එකේ දාල තිබුනා.
ඒත් ඒකෙ තිබුන විස්තර මදි කියලා හිතුන නිසයි ආයෙත් දාන්න හදන්නේ. 
Tizen කියන්නෙ සැම්සුන්ග් සහ ඉන්ටෙල් සමාගම් දෙක එකතු වෙලා හදපු අලුත්ම මෙහෙයුම් පද්ධතිය. එයාලා කියන විදිහට මේක ඇන්ඩ්‍රොයිඩ් වගේම ඕපන් සෝස් මෙහෙයුම් පද්ධතියක්. ඒ වගේම තමයි මේක ස්මාර්ට් ෆෝන්,ටැබ්ලට්,ස්මාර්ට් ටීවී, ලැප්ටොප් වගේ දේවල් එක්ක පාවිච්චි කරන්න පුලුවන් විදිහටලු හදන්නේ.
ලිනක්ස් කර්නල් එක භාවිතා කරලා තමයි ටයිසන් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නේ. ටයිසන් එන්න කලින් සැම්සුන්ග් සමාගම ලිමෝ කියලා EFL based ලිනක්ස් කර්නල් එකෙන්ම වැඩ කරන software platform එකක් හද හද හිටියා. ඒ 2007 ජනවාරි වල. ඔහොම ඉන්නකොට ඉන්ටෙල් සමාගම සැම්සුන්ග් එක්ක එකතු වෙනවා ඒ 2011 සැප්තැම්බර් වල. ඉන්ටෙල් සමාගම ලිනක්ස් foundation එකත් එක්ක කරපු මීගෝ කියන මෙහෙයුම් පද්ධතියේ වැඩ නවත්තලා තමයි මේ විදිහට සැම්සුන්ග් එක්ක එකතු වෙන්නෙ. ඔය මීගෝ කියන මෙහෙයුම් පද්ධතියේ තියෙන දේවල් පාවිච්චි කරල තමයි 2012 දි ජොලා කියලා ආයතනයකින් සේල්ෆිෂ් කියලා අලුත් මෙහෙයුම් පද්ධතියක් හදන්න පටන් ගත්තේ.
ඊට පස්සේ 2012 ජනවාරි පලවෙනිදා ලිමෝ foundation එකේ නම වෙනස් කරනවා Tizen Association කියලා. කොහොම කොහොම හරි 2012 අප්‍රේල් 30 වෙනිදා ටයිසන් තමන්ගේ පලවෙනි version එක එලියට දානවා. 2013 මැයි 17 වෙනිදා තමයි අලුතෙන්ම හදපු 2.1 version එක ආවෙ.
හැබැයි ඒ කොහොම උනත් සැම්සුන්ග් ඉන්ටෙල් සමාගම් දෙකෙන් එකක් වත් 2013 පෙබරවාරි වෙනකන් කියල තිබ්බෙ නැහැ ටයිසන් දාපු ඩිවයිස් එකක් මාර්කට් එකට දානවා කියලා. ඊට පස්සේ මේ ලඟදි තිබ්බ Mobile World Congress එකේදි Demo එකක් එලියට දාලා තිබුනා.
ටයිසන් දාපු ස්මාර්ට් ෆෝන් එකක් එන දවස කියන්න බැරි උනත් ඒක ආවට පස්සෙ නම් ජංගම දුරකතන වෙලඳපොලේ ලොකු වෙනසක් වෙයි කියලා හිතන්න පුලුවන්. ඒකට එක හේතුවක් මම කියන්නම්. ඊයෙ පෙරේදා තිබ්බ International Consumer Electronics Show එකේදි ටයිසන් ෆෝන් එකකට ඇන්ග්‍රි බර්ඩ්ස් දාලා Demo එකක් පෙන්නුවා. හැබැයි එයාලා ඒ ෆෝන් එකට දාලා තිබ්බේ ටයිසන් වලට හදපු version එකක් නෙවෙයි. ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු එකක්. ඇන්ඩ්‍රොයිඩ් වලට හදපු ඇප් එකක් උනත් ටයිසන් එක්ක වැඩ කරනවා කියලා එයාලා පෙන්නුවා.
මේ තියෙන්නෙ Tizen Conference එකේදි පෙන්නපු එක
එහෙනම් ඉතින් අපි බලාගෙන ඉමු මොකද වෙන්නෙ කියලා නේද. කොහොම උනත් මේ රැල්ලට හරියට මුහුන දෙන කෙනා තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. එහෙනම් මගේ පලවෙනි ත්‍රෙඩ් එක මෙතනින් ඉවරයි. අම්මෝ පාන්දර 3.25යි වෙලාව. මේක හදන්න විකිපීඩියා එකෙන් තමයි උදව් ගත්තේ. GT අයියාගෙ යූ ටියුබ් ත්‍රෙඩ් එකටත් තෑන්ක්ස්. කියවලා බලලා වැඩක් තියෙනවා කියලා හිතනවා නම් අනිත් අයටත් බලන්න බම්ප් එකක් වත් දාලා යන්න. එහෙනම් හැමෝටම ජය වේවා..!!

ඒ බාධකයත් ජයගන්න පුලුවන් නම් ඉතිං දැනට හදල තියෙන ෆෝන්ස් වලටත් දාන්න පුලුවන් වෙයි.