මග මරුවට සළු පෙරැවීම
පෞද්ගලික බස් රියෑදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ ඇඳුම් මාරුකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ. කොමිෂන් සභාව කියන්නේ උදේට ටිකට් කඩන ගෝලයා රෑ වන විට රියෑදුරු ආසනයේ හිඳගෙන බස්a එළැවීමට පටන් ගන්නා බැවින් රියෑදුරුට එක පාටක නිල ඇඳුමකුත්, ගෝලයාට තව පාටක නිල ඇඳුමකුත් දෙන බව ය. උදාහරණයක් වශයෙන් ගතහොත් රියෑදුරාට රෝස පාට ලේස් වලින් කළ කලිසමක් සහ කමීසයක්ද, ගෝලයාට නිල් පැහැති ලේස්වලින් කළ කලිසමක් සහ කමිසයක් ද දිය හැකිය. ඒ නැතත් කුමක් හෝ නිල ඇඳුමක් මේ මිනිසුන්ට දිය හැකි නම් ඒ මගින් ඔවුන්ගේ වෘත්තීය ගෞරවය ද ආරක්ෂා වෙයි. එහෙත් රෑට ගෝලයා ඩ්‍රයිවර් බවට පත්වීම මේ මගින් නැවැත්විය නො හැක. ගෝලයාගේ රියෑදුරු පාසල වන්නේ ද ඔහු වැඩ කරන බස් රියම ය. රෑ වැඩ අවසන් වී එන ඔහු රියෑදුරාගෙන් බසය ඉල්ලාගෙන එය අයිතිකරුගේ ගෙවත්තට දැමීම මේ පාසලේ පළමු පාඩමයි. ටික දිනකට ඔහු රිවස් ගියරය අල්ලාගෙන උදේට බස් රිය පිටතට ගනී. තවත් ස්වල්ප කලකලට පසු පාරේ සෙනඟ අඩු - වාහන අඩු දිවා කාලවලදී කොන්දොස්තර බසය පදවන අතර රියෑදුරා කොන්දොස්තර වෙයි. මේ සියල්ල අෙන්‍යාන්‍ය උදව් හැටියට ගත් විට ඉතා යහපත් ය. මෙකල රියෑදුරු පාසලකට ගිය විට බර වාහන පැදවීමේ බලපත්‍රයක් ලබාගැනීම සඳහා විශාල වියදමක් දරන්නට සිදු වේ. ප්‍රායෝගික පරීක්ෂණයෙන් සමත් වීමට නම් මෝටර් රථ එක්සැමිනර්ට පගාවක් දීමට සිදු වේ. ඒ සියලු කරුණු සලකා බලන විට තම ගෝලයාට රියෑදුරුකම පුරුදු කරන රියෑදුරා යහපත් මිනිසෙකි. එහෙත් මෙය නීතියට අනුකූල නැත. තවත් කෙනෙකුට රියෑදුරුකම පුරුදු කරන ගුරුතුමාට ඒ සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන විශේෂ 'ලයිසමක්' අවශ්‍ය ය.
මේ රටේ පෞද්ගලික බස් රියෑදුරන්ගේ ඇඳුම් මාරු කිරීමට පෙර කළ යුතු වෙනත් දේ බොහොමයක් තිබේ. එයින් පළමුවැන්න හරියාකාරව හැසිරීමට ඔවුන්ව පුරුදු පුහුණු කිරීම ය. වයසක සීයලා සහ ආච්චිලාගේ බෙල්ලෙන් අල්ලා ද තරුණියන්ගේ ලැමෙන් අල්ලා ද ඔවුන් බස් රියට නංවා ගන්නා කොන්දොස්තරවරුන් ටිකට්ටුවේ ඉතිරි සල්ලි දීමට නිරතුරු පැකිලෙති. එය ඉල්ලා සිටියොත් ඉතා නරක ලෙස බැනුම් ඇසීමට මඟියාට සිදු වේ. වැඩිපුර තර්ක කිරීමට ගියොත් ඊළඟ නැවතුම්පළෙන් බැස කුලී රියකින් ගමනේ ඉතිරි කොටස යන ලෙස මගියාට තර්ජනය කෙරේ¾ මෙය මගියාගේ ආත්ම ගෞරවයට පා පහර දීමකි. මඟියකු නංවා ගැනීමට ඕනෑම තැනක නවත්වන රියෑදුරා තමා පසුපස තරගකාරී බසයක් හඹා එන්නේ නම් නියමිත නැවතුම්පළවල පවා නතර නො කරයි. මේ නිසා සමහර මගීන්ට නැවතුම්පළ දෙක තුනක් ම ආපසු පයින් ගාටන්නට සිදුවේ. සමහර විට අසීමාන්තික වේගය නිසා පෞද්ගලික බස් රියෑදුරෝ පාරේÊයනෙන අය යටකර මරති. මේ ප්‍රචණ්ඩත්වයට සහ නොසන්ඩාලත්වයට විරුද්ධව මගීන් සංවිධානය වූ විට ප්‍රයිවට් බස් මුදලාලි කෙනකු සහ පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න නමැත්තා බස් වර්ජන පවත්වයි. මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා වැනි අය මෙවැනි අවස්ථාවලදී ඉතා අගනේය. විඡේරත්න වැනි අයට තේරෙන භාෂාව මර්වින් ඇමැතිතුමා දනී.
පෞද්ගලික බස් කර්මාන්තයේ පාර්ශ්වකරුවෝ තිදෙනෙක් වෙති. බස් අයිතිකරු, කොන්දොස්තර, රියෑදුරු ඒ තිදෙනායි. බස් අයිතිකරු රියෑදුරුට හා කොන්දොස්තරට 'ටාගට්' එකක් දෙයි. ඒ ටාගට් එකෙන් එහා උපයන හැම සත පහක්ම රියෑදුරුට හා සහායකයාට අයත් ය. මෙසේ වසර හත අටක් ගත වූ විට බස් රියක් අලුතින් මිලට ගෙන (ලීස් කර) පාරට දැමීමට තරම් මුදලක් කොන්දොස්තර ළඟ එකතු වෙයි. ඒ වන විට නට්ටං වී සිටින බස් අයිතිකරුගේ බස් රිය ලීසිං කොම්පැනිය මගින් උදුරාගෙන ගොස් ඇති හෙයින් ඔහුට තම ගෝලයාගේ බසයේ ගෝලකම කළ හැකි ය.
මේ රටේ පෞද්ගලික බස් කර්මාන්තය පිළිබඳ සැබෑ කතාව ඒකය. රියෑදුරාට සහ කොන්දොස්තරට දෙන නිල ඇඳුම්වල පහත සඳහන් සංකේත යොදන ලෙස යෝජනා කරමු. රියෑදුරාගේ කමිසයේ ඉදිරිපස සහ පසුපස මිනී ඔලු දෙකක් සහ කොන්දොස්තරගේ කමිසයේ ඉදිරිපස සහ පසුපස පිස්තෝලයක් සහ පිහියක් යනාදී වශයෙනි.