මග හරින්නට මටම පෙම් කළේ ඇයිදෝ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
මග හරින්නට මටම පෙම් කළේ ඇයිදෝ

මග හරින්නට මටම පෙම් කළේ ඇයිදෝ


හිනැහෙන්න කියා දුන් සිනාවත් අරගෙනම...
දුන්නු දුක බෝමැයි වියැළිලා කඳුළු කැට
දුරු රටක තනිවෙලා උන්නු මම ආ විගස
තනි කළේ ඇයිද නුඹ මා එක්ක විරහින්ද



සෝ තැවුල් නොදැනුනා නොවේ මට කාන්සියට
ඒත් මා ගියේ දුර පැතුම් ගෙන කාසියට
තනිකමට ලියවුණත් හීතලේ දුක් ගැහැට
පබඳින්න නොදනිමි නුඹේ හද කවියකට



උණුහුමට තුරුල් වී හිටි කාලේ මතකයි
හිරිපොදට කුඩයේ තෙරපුණා මතකයි
හිමවලින් වැසුණු බිම ඒ නමුත් නොතෙමෙයි
නුඹේ රුව අඹමින් කවි පදම පැබඳෙයි



පන්සලේ කඨිනට නුඹ නාවේ ඇයිදෝ
කොලු කුරුට්ටෝ ඇසූ කල කුමක් කියම්දෝ
එන බවම දැන දැනම ගමේ ගියෙ ඇයිදෝ
මගහරින්නට මටම පෙම් කළේ ඇයිදෝ


සංකල්පනාව- මාලන් විදානපතිරණ
 

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    neutral-whyyyyy.png