"මඟුලක්" කිව්වම අපේ හිතට සතුටක් එනව...
මඟුලක් නැත්නම් මංගල්‍යයක් කියන්නේ, සතුට දනවන, සුබදායක දෙයක් විදියට අපේ හිත දන්නව. 'මංගල්‍ය' කියලා ගත්තම, විවිධාකාර මඟුල් සමාජය ඇතුළේ දකින්න පුළුවන්. එකපාරටම ඔළුවට එන්නෙ විවාහ මංගල්‍යයන් ගැන... ඒක ඉතින් ස්වභාවිකයි. මොකද, වර්ගයාගේ පැවැත්ම තමයි හැමවෙලේම හිතේ දුවන්නෙ සාමාන්‍ය මනුෂ්‍යයෙක්ගෙ... හැබැයි ගොඩක් අයට මේ වර්ගයේ මංගල්‍යයක් ගත්තට පස්සෙ තමයි තේරෙන්නෙ කරගත් මඟුලේ රඟ... ඒක වෙනම කතාවක්. මෙතනට අවශ්‍ය නැති නිසා ඒක ඕනෙ නැහැ.
සාමාන්‍ය කතාබහේදී කියනවා ඇහිලා ඇති, "මඟුලක් වෙන්නෙ" කියල.
ඇත්තටම හිතල බැලුවොත් මඟුලක් වෙනවා කියන්නෙ හොඳ දෙයක් වෙනවා කියන එකනෙ.
ඇතැම් අය සමහරවිටක හිතන්න පුළුවන් ටිකක් රස්තියාදුකාර පැත්තට බර වචනයක් කියලත් මේක. නමුත් මම ඒක එහෙම දකින්නෙ නැහැ. ඒත්, කියන්න බැහැ ඉදිරියට, මොකද මමත් මගේ හිතත් එක්ක ම විප්ලව කරන කෙනෙක්.
මම අත්දැකලා තියන තවත් දෙයක් තමයි මේ 'මඟුලක් වෙන්නෙ' කියන එක සතුට නෙවෙයි දුක අඟවන දෙයක් විදියටත් යොදා ගැනෙනව සමහරු අතින්...
"මඟුලක් වෙන්නෙ බං, මගෙ පෑන නැති වෙලා යකෝ!"
ඇතැම් විට 'පරණ දෙයක් නැතිවීම' නිසා 'අලුතෙන් ලැබීමේ සතුට' වෙනුවෙන් එහෙම කියනව වෙන්නත් පුළුවන්. මිනිස් හිත් අස්සෙ මොන මොනවා තියනව ද කියලා කියන්න, මට මනස කියවන්න හැකියාවක් නැහැනෙ... නමුත් බොහෝ වෙලාවට යටි හිත් තමයි වචන වලින් නිරූපණය වෙන්නෙත්...
මීට අමතරව ආගමික අතින් වුනත් මංගල්‍යයන් තියනවා. ජනමාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය ඇතුළෙ වගේ මේවා අහලා - දැකලා ඇති...
කොහොම නමුත්, මංගල්‍යයක් කියන්නෙ හොඳ දෙයක්. මිනිස්සුන් ව සතුටෙන් තියන දෙයක්. ඒ නිසා කතාබහේ දි වුනත් ඒක භාවිතා කරනවා කියන්නෙ හොඳ දෙයක්...
ඒවගේම "අව" කියන උපසර්ගය මඟුලට යෙදුවාම ජීවිතයේ දුක මෙනෙහි කරන මංගල්‍යයන් සිහිපත් වෙනව. දුක වුනත් ඒ ගැනත් කතා කරන්න ඕනෙ. මොකද සතුට සහ දුක අතර තමයි ජීවිතය ගලාගෙන යන්නෙ. දුක පන්නවලා සතුට විතරක් එක්ක ජීවිතය ගෙනයාම සාමාන්‍ය අපිට කළ නොහැකි තරම්, ඇත්තටම...
මේ දුක ගෙනෙන මංගල්‍යයන් ගැන සමහර අය කතා බහේදී කියනව ඇහිලා ඇති, "මළ" නැත්නම් "මර" කියන පදය ඉදිරියට යොදලත්...
"මළ මඟුලක් බං වෙන්නෙ!"
හැබැයි මෙහෙම ගොඩක් අය කියන්නෙ ඇත්තටම අවමංගල්‍යයක් වෙලා නෙවෙයි, ඔය පොඩිම පොඩි සිද්ධියක් වුනත් අල්ලගෙන කියනව. සමහරවිට අර්ථය තේරුම් අරන් නෙවෙයි වෙන්නත් ඇති කියවන්නෙ... 'මර' කියලා යෙදුවත් අර්ථය විදියට ගන්න වෙන්නෙ 'මළ' ම තමයි.
දැන් ඉහත විදියට ප්‍රකාශයක් කරන යෞවනයෙක් ගැන හිතමු.
ඔහුගෙන් මිතුරෙක් අදාළ සිදුවීම ගැන විමසන විටක දී, මෙහෙම දෙබසක් වුනත් ගලාගෙන යන්න පුළුවන්...
"මොකක්ද බං වුනේ?"
- "නෑ බං, කෙල්ලගෙ ෆෝන් එක උදේ ඉඳන් ඕෆ්... මට දැන් සැකයි ඕකිව..."
හැබැයි මෙහෙම සිද්ධියකදි නම් දුක්ඛදායක මඟුලක් වුනත් වෙන්න බැරි නැහැ තමයි.
ප්‍රශ්නෙ මේකයි, මේ විදියට මිනිසුන්ට අයහපත, දුක ගෙන එන සිදුවීම් වලට අදාළව කියවෙන වචන, අනිසි භාවිතය ගැන සහ, එය ස්වභාවදහමට ඇති කරන බලපෑම ගැනත්, යම් යම් මත - අදහස් කියවන්න ලැබිල තියනවා මට. ඒවායේ සත්‍ය අසත්‍යතාව කොහොමද කියලා තහවුරු කරගන්න ලැබිල නැති වුනත්... සමහර කරුණු තේරුම් ගන්න තරමට මම දැනුමෙන් පොහොසත් නැති වුනත්... ආගම දහම තුළ වුනත් අනවශ්‍ය ලෙස වදන් භාවිතය සුදුසු නැති බව කියවිලා තියනවා කියන කරුණ අමතක නොකළ යුතුයි. නමුත්, මිනිසුන්ට හොඳ ගෙන එන වචනයක් නිතර භාවිතා වීමේ වරදක් ඇති ය කියල මම හිතන්නෙ නැහැ.
ඉතින්,
මඟුලක් වෙන්නෙ!
#spn
#2306211149 #2306211222 #2306211236 #2306211258 #2306211432
#magulakwenne
#ekathamaimatathprashne #ekatmp