මචංලා, කාටද ආචාර්ය උපාධියක්‌ ඕනේ කරලා තිය&#354

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
මචංලා, කාටද ආචාර්ය උපාධියක්‌ ඕනේ ?

රුපියල් දෙලක්ෂයකට ආචාර්ය, මහාචාර්ය පට්ටම්ද නම්බුනාමද දෙන තැනක් පිළිබඳව හෙළිවී තිබෙනවා.

Wasana-%2BPreview.jpg


මෙම උපාධි කඩය පිහිටා තිබෙන්නේ මහනුවර මහයියාව ප්‍රදේශයේ කන්දක් මුදුනේ පිහිටි පංසලක වන අතර එම විහාරස්ථානයේ සිටින මල්දෙණියේ වජිරඥාන හිමි අතින් ඕනෑම කෙනෙකුට මෙම "පිනා මහාචාර්ය" පදවියේ සන්නස ලබාගත හැකිය.

මෙලෙස මුදලට උපාධිය පිරිනැමුයේ "සමස්ත ලංකා ඕල්කට් උපාධි හා සරසවි ආයතනය" මඟිනි. රුපියල් දෙලක්ෂය බැගින් අයකර දැනට 150 දෙනකුට ඇඳුරු මහැදුරු පට්ටම් දී ඇති මෙම ආයතනයේ ප්‍රධානියා වන්නේ ගාල්ලේ එස්. ඒ. කාරියවසම්ය.

මෙම ආචාර්ය, මහාචාර්ය උපාධි ජාවාරම සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනෙකු හා ගිහියෙකු සම්බන්ධ වී සිටින අතර ඒ සඳහා භික්ෂූන් වහන්සේලා 6 දෙනාට වෙන වෙනම ලියුම් කවර වල බහා මුදල් ලබාදිය යුතු වෙනවා.

මෙය හෙළි කරගැනීමට ගිය ලංකාදීප පුවත්පතේ දඹුල්ල වාර්තාකරු කාංචන ආරියදාස මහතා තම මහාචාර්ය උපාධිය ලබාගැනීම සඳහා මුදල් වෙනුවට ලියුම් කවර වල බහා දී ඇත්තේ කොස් කොළයි. උපාධි ලෝගුව සහිතව ජායාරූප ගැනීමේ අවස්ථාවද එහිදී ඔහුට ලැබී තිබෙන අතර ඒ සඳහා වියදම් වී ඇත්තේ රු. 100ක් වැනි මුදලකි. ඒ වෙනුවට මහාචාර්ය පට්ටමද සන්නසද, පිත්තල ඵලකයද, කුලියට ගත් ලෝගුව හා හිස් වැස්ම පැළඳ ඡායාරූපයක්ද ඔහුට හිමිවී තිබෙනවා.

අප කළ සොයාබැලීමකදී හෙළිවුනේ ප්‍රසිද්ධ නිලියක හා නිරූපන ශිල්පිනියක් වන වාසනා දන්තනාරායන මහත්මියද පසුගිය ජනවාරි 22වනදා මෙම ස්ථානයෙන්ම ගෞරව උපාධියක් ලබාගන ඇති බවයි. ඒ පිළිබඳව ඇය ප්‍රකාශ කරන්නේ ඇය කල සේවයට උපහාර පිණිස "දේශ ශක්ති, දිරිය කාන්තා සම්මාන ආචාර්ය" උපාධියෙන් පිදුම් ලැබූ බවයි.

ලංකාදීප මාධ්‍යවේදියා රු. 100කට මහාචාර්ය උපාධිය ලබාගන්නා ස්ථානයේ සිටම වාසනා දන්තනාරායන මහත්මියද ආචාර්ය උපාධිය ලබාගන්නා අයුරු පහත ජායාරූප වලින් ඔබට දැකගැනීමට පුළුවන.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙලෙස ව්‍යාජ ආචාර්ය උපාධි ලබාදෙන ආයතන 10ක් තහනම් කර තිබෙනවා. ඒවා නම් ශ්‍රී ලංකා විශ්ව සමාධි පදනම, ජාතික සම්මාන සරසවි උපාධි ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර අනුස්මරණ පදනම (බත්තරමුල්ල), ධර්මපාල ඕල්කට් අනුස්මරණ පදනම, වෛකල්පික ඖෂධ සඳහා වූ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර ලංකා ජාතික සංස්කෘතික පදනම, සාමය සදහා වන බහුජාතික සංවිධානය, බහුජන එක්සත් සංවිධානය, සමාජ සුබ සාධන ආචාර්ය උපාධි ආයතනය, සාමදාන විනිශ්චකාර මානව හිමිකම් සංවිධානය යන ඒවායි

ජඩ වැඩ කිරීමෙහිලා සුප්‍රකට, කප්පම් ගැනීමේ අගතැන්පත්, මැර ක්‍රියාවේ ඇසූ පිරූ තැන් ඇති මර්වින් සිල්වා වැන්නවුන්ට ආචාර්ය උපාධියට අමතරව "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු", "ශ්‍රී රෝහණ වීර වික්‍රම", "දෑ ප්‍රේමී ජනරංජන" ආදී විවිධ ගෞරව නාම ලබාදී තිබෙන අතර ඒවා සියල්ලමද දී ඇත්තේ මෙලෙසම මුදලට විවිධ ආයතන හරහාය.


Hora+Upadi-+Gossip9-++%25281%2529.jpg


මහාචාර්ය උපාධිය ලැබූ ලංකාදීප මාධ්‍යවේදියා

Hora+Upadi-+Gossip9-++%25282%2529.jpg


ලංකාදීප මාධ්‍යවේදියා මහාචාර්ය උපාධිය ලබමින්

Hora%2BUpadi-%2BGossip9-%2B%2B%252810%2529.jpg


පිනාචාර්ය නිර්මාතෘ කාරියවසම් ලංකාදීප මාධ්‍යවේදියා සමඟ

Hora+Upadi-+Gossip9-++%25283%2529.jpg


Hora+Upadi-+Gossip9-++%25284%2529.jpg


වාසනා දන්තනාරායන මහත්මියද උපාධිය ලබමින්

Hora+Upadi-+Gossip9-++%25285%2529.jpg


Hora+Upadi-+Gossip9-++%25286%2529.jpg


Hora+Upadi-+Gossip9-++%25287%2529.jpg


Hora+Upadi-+Gossip9-++%25289%2529.jpg
 
Last edited:

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මම මෙගේ එක ගිහින් වාසනා දන්තනාරායන මහත්මියගෙන් ඉල්ලගන්නම්.. දැන් ඒ අයටත් දෙන්න පුළුවන් ඇතිනේ..
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මචන් මේ සීන් 1 ක අද බලුම්ගලේ ගියා! හිනා යනවා බන්!! :D :D අර අච්චර අමාරුවෙන් ගන්න මහාචාර්ය පට්ටමත් හැල්ලුවට මුන් ලක් කරලා!! කාලකන්නි!! :angry: :angry:
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,662
    1,157
    113
    Kottawa
    මචන් මේ සීන් 1 ක අද බලුම්ගලේ ගියා! හිනා යනවා බන්!! :D :D අර අච්චර අමාරුවෙන් ගන්න මහාචාර්ය පට්ටමත් හැල්ලුවට මුන් ලක් කරලා!! කාලකන්නි!! :angry: :angry:

    :angry:මුන්ට හෙන ගහපන් !!
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    අනේ බං, මහාචාර්ය කියන්නේ එකක්, ආචාර්ය කියන්නෙ තව එකක්. ලංකාවේ campus වල වැඩ කරන කොට lecturesලට ගන්න පුලුවන් උසස් වීමක් තමයි මහාචාර්ය කියන්නේ. අයින් වුනාම මහාචාර්ය පට්ටම පාවිච්චි කරන්න නම් campus එකෙන් සම්මානිත මහාචාර්ය කියලා දෙන්න ඕන.