බියර් සමාගමක් “මචං“ ගේමක් දෙයි 

Sri Lanka Carson to expand pubs chain
සංචාරක කර්මාන්තය හා ජනතාවගේ වැයකළ හැකි ආදායම වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට බීර (beer) අලෙවිය වැඩිකිරීමට Carson Cumberbatch සමාගම් සමූහය අළුත් වැඩපිළිවෙලක් දියත් කරයි.
මේ අනුව, සමාගම පවසා තිබෙන්නේ මෙරට බීර අලෙවි කරන සිය ශාඛා ජාලය පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ අරමුණෙන් “මචං“ යනුවෙන් නම් කළ අලෙවි සැල් ජාලයක් පිහිටුවමින් තිබෙන බවයි.
මේ වනවිටත්, සමහර ස්ථානවල මෙම නමින් බීර අලෙවිසැල් පිහිටුවා තිබෙන අතර ඉදිරියේදී එම ජාලය තවත් පුළුල් කිරීමට අදහස් කර ඇත.
මේ බව සමාගම සිය වාර්ෂික වාර්තාවෙන් කොටස් කරුවන්ට දැනුම් දී තිබෙන අතර යුද්ධය අවසන් කිරීමෙන් පසුව ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණය බීර අලෙවිය වැඩිවීමට හේතුවී ඇතිබව පවසා තිබේ.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරු-නැගෙනහිර වෙළඳ පොළවල්ද විවෘතවීම නිසා මෙසේ බීර අලෙවිය වැඩිවී තිබෙන බව සඳහන්ය.

අපි හිතුවේ casino club එකක් කියල , මාර සෙනගක් එතනට සෙට්වෙනවා ...