මචන්ලා මෙන්න ඉස්සරහට ලංකාව හොල්ලන්න එන්න

මොකද හිතන්නේ, අප&#3546

  • එකෙන්ම

    Votes: 0 0.0%
  • අනේ මන්ද

    Votes: 0 0.0%

  • Total voters
    0
Mar 4, 2018
7
2
0
මචන්ලා මෙන්න ඉස්සරහට ලංකාව හොල්ලන්න එන්න

මෙයාගේ නම රොහාන් පල්ලෙවත්ත. 2020 ජනාදිපති වරනෙට මෙයා සද්ද නොකර ලැස්ති වෙනවා.(සාමාන්යෙන් අපේ අය සද්ද දාගෙනනේ ලැස්ති වෙන්නේ) මම මෙයා ගැන පොඩ්ඩක් study පාරක් දැම්ම. දැනගන්න තරම් වැරද්දක් නම් නැහැ මෙයාගේ. මෙයාගේ යටතේ සේවය කරන කිහිප දෙනෙක් එක්කම චැට් කරලා බැලුව. එයාල බොහොම පැහැදීමෙන් කතා කරේ. මෙයා අපි කවුරුවත් දැනගෙන හිටියේ නැති උනාට ගොඩක් දුප්පත් මිනිසුන්ට උදවු උපකාර කරලා තියෙනවා. ඉස්පිරිතාල එහෙම ගොඩක් දියුණු කරන්න සද්ද නැතුව උපකාර කරලා තියෙනවා. සද්දේ නැති නිසාම වෙන්න ඇති අපි කවුරුවත් මෙය ගැන වැඩිය දන්නේ නැත්තේ.

කොහොම උනත් මටනම් හිතෙන්නේ ඇත්තටම අවුරුදු 70ක් පුරාවට පල් වෙවී තියෙන පක්ෂ වලටම චන්දෙ දුන්න ඇති කියලයි. මට හිතෙනවා ඇත්තටම අලුත්ම කෙනෙක්ට අලුත්ම පක්ෂයකට චන්දෙ දෙන්න. රොහාන් මහත්මයාගේ මම දැකපු තව හොඳ දෙයක් තමයි මෙයා අපේ රටට අපේ රටේ සංස්කෘතියට ආගමට ජාතියට ඉතිහාසයට ගොඩක් ආදරය කරන කෙනෙක්. මේ පහල තියෙන්නේ එයාගේ සංකල්පනාවකට අනුව හදපු වීඩියෝ එකක්.



මෙයාගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් පල්ලෙහා තියෙන එයාගේ facebook page එකෙන්.

www.facebook.com/rPallewatta
www.facebook.com/groups/RohanPallewatta

දැන් ඉන්න සහ හිටපු එවුන්ගැන ඉතින් ආපහු කතා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැනේ. අඩු ගානේ ප්‍රර්ථනා කරමු මේ මනුසයටවත් අපේ රට වෙනස් කරලා ගොඩ ගන්න පුළුවන් වෙන්න ශක්තිය දහිර්ය ලැබෙන්න කියල.

ඔයාලගේ අදහසුත් කියන්න බලන්න.
ජය වේවා!!