මඤ්ඤොක්කා

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    ආහාරයට ගැනිමේදි විස විය හැකි මඤ්ඤොක්කා


    f-4.jpg



    බොහෝ දෙනෙක් ප‍්‍රිය කරන රසවත් ආහාරයක් ලෙස හැඳින්විය හැකි මඤ්ඤොක්කා වලට දේශීය ආහාරයක් වශයෙන් හැඳින් විය හැකි අල වර්ග අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි වේ. ගම්බද ප‍්‍රදේශවල නම් දින දෙක තුනකට වරක්වත් ආහාර වේලට මඤ්ඤොක්කා එක් කර ගන්නා අතර නගරබදව එතරම් සුලබ නොවේ. ගම්බද ප‍්‍රදේශවල දී බොහෝ විට ගෙවත්තේම වගා කර ගත හැකි බෝගයක් වන අතර නගරබදව වෙළෙඳපොළෙන්ම මිල දී ගැනීමට සිදු වේ.බොහෝ දෙනකු ප‍්‍රිය කරන මඤ්ඤොක්කා ආහාරයක් වුවත් එහි විස අඩංගු බව ඔබ දන්නවාද?Manihot Utihssima නම් වූ උද්භිද විද්‍ය්‍යාත්මක නාමයෙන් හඳුන්වන මඤ්ඤොක්කා Moniyok නම් වූ ඉංග‍්‍රීසි නාමයෙන් හඳුන්වනු ලබයි. මෙහි Synogenic glucocide නම් විස කාරකය ශාක පත‍්‍ර වල මෙන්ම අලවලද අඩංගු වේ. එබැවින් මෙම අල ආහාර සඳහා පිස ගැනීමේදී සැලකිය යුතු කරුණු කිහිපයකි.

    මඤ්ඤොක්කා මිල දී ගන්නේ නම් හෝ ගෙවත්තේදීම සපයා ගන්නේ නම් ඒවා කල් පසු වීමට පෙර ආහාර සඳහා ගත යුතුය. ආහාර සඳහා පිළියෙල කර ගැනීමේදී වඩාත් සුදුසු වන්නේ මැටි වළඳක පිස ගැනීමයි. දැඩි උෂ්ණත්වයක් සහිතව වාතයට විවෘත කොට තම්බා ගැනීම විස ඉවත් කර ගැනීමට උපකාරී වේ. එහිදී විස වාෂ්ප වීමක් සිදු වේ. මද උෂ්ණත්වයේ පිස ගැනීමකදී සයනයිඩ් වාෂ්ප නොවී ජලයේ දියවීමක් සිදු වේ. ඉන් පසු නැවත අල තැම්බීමේදී අල වලට අවශෝෂණය වේ. එසේ පිසින ලද අල ආහාරයට සුදුසු නොවන අතර, ඒවා ආමාශගත වීමෙන් වමනය බඩ රුදාව මෙන්ම තවත් බොහෝ ආමාශගත රෝග ඇතිවීමට හේතු වේ.එමෙන්ම බොහෝ විට ගම්බද කාන්තාවෝ මැල්ලුම් සඳහා මඤ්ඤොක්කා කොළ දෙක තුනක් එකතු කර ගැනීමට අමතක කරන්නේ නැහැ.

    එහෙත් බහුලව හෝ තනිව මෙම කොළ මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් කොළවල අඩංගු විස ශරීරගත වී වමනය බඩ පිපුම ආදී රෝග ඇති විය හැකිය.මඤ්ඤොක්කා රස ගුණ පිරි නමුත් ඇතැම් විට ඒවා ආහාරයට ගැනීමෙන් හිසරදය, ආමාශගත රෝග සෑදීමට ඇති හැකියාව වැඩි වේ. එයට හේතු වන්නේ ඒවා පිස ගැනීමේදී ඔබේ නොසැලකිල්ල බව දැන් ඔබට අවබෝධ වනවා ඇත. මේ පිළිබඳව ඔබ සැලකිලිමත් වුවහොත් ඉන් ඇති විය හැකි අනතුරු වලක්වා ගත හැකිය.
    චතුරිකා