3-146. (මීට පෙර) නබිවරු රාශියක්(ද) ඔවුන් සමග රිබ්බියූන් (බැතිමත්තු) විශාල පිරිසක්ද සටන් වැදුණාහ. අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන් වෙත පැමිණි දුක් කම්කටොළුවලින් ඔවුහු කිසිසේත් අධෛර්යමත් නොවූහ. තවද ඔවුහු කිසිදු දුබලතාවක් නොදැක්වූහ. (කිසිදු අසත්‍යයකට) යටත් නොවූහ. අල්ලාහ් ධෛර්යය සම්පන්නයන් පි‍්‍රය කරයි.