Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මට තාම මතකයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මෙහෙම ත්රෙඩ් එකක් දාන්න හිතාගෙන හිටියෙනම් නෑ.. ඒත් මේ ත්රෙඩ් එක දැක්කාම මට මගේම මතකයක් අලුත් උන නිසා ත්රෙඩ් එක දාන්න හිතුවා..

මට හරියටම දවස මතක නෑ.. ඒ තමයි මම මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න ගිය දවස.. මම ඒ කාලේ ගොඩක් පොඩියි.. එතන හරිම අඳුරුයි. මගේ නහයට අප්රසන්න ගඳකුත් දැනුනා..

ආච්චිලා සීයල හැම තැනම.. සමහරු ගොඩාක් වයසයි.. හැරමිටියෙන් යන අය, බිත්ති අල්ල අල්ල වාරු නැතුව අමාරුවෙන් ඇවිදින අයත් හිටියා.. සමහරු බොහොම ආදරෙන් මගේ අතින් ඇල්ලුවා, මගෙත් එක්ක හිනා උනා, මගෙන් එක එක ඒවා ඇහුවා.. අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලි එල්ලි එහෙ මෙහෙ දුව දුව හිටිය මගේ දිහා ඒ අය බලන් හිටියෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. මට ඒ ගැන දැන ගන්න උවමනා උනෙත් නෑ.. මොකද මම ඒ වෙලාවේ මම හිටියේ සෑහෙන ලොකු ප්රශ්න ගොඩක..

අපි ගෙනාව දේවල් ඒ අයට බෙදල දුන්නා.. අම්ම කිව්වා ආච්චිලා සීයල ගාවට ගිහින් වැඳල එන්න කියලා.. මට කිසිම දෙයක් තේරුණේ නෑ.. ඒ කාලෙ මම හරිම කටකාරයි.. නිතරම ප්රශ්න අහනවා.. එත් එදා මම වැඩිය කියවන්න ගියේ නෑ.. බැරිම තැන මම අම්මගෙන් මෙහෙම ඇහැව්වා..

"ඇයි අම්මේ මේ ආච්චිලා සීයලා මෙහෙම ඉන්නේ..? කෝ එගොලොන්ගෙ ගෙවල්..?"

"මේ ආච්චිලා සීයලාට ගෙවල් නෑ පුතේ.."

"ඇයි ඒ.. එහෙනම් අපේ ආච්චිටයි සීයටයි ගෙයක් තියෙන්නේ..?"

"මේ ආච්චිලා සීයලගෙ ගෙවල් වල අය ඒ අයට යන්න කියලා.."

"ඇයි යන්න කියන්නේ.. කවුද යන්න කිව්වේ..?"

"ඒ ආච්චිලා සීයල දැන් ගොඩාක් වයසයිනේ.. ඉතින් ඒගොලොන්ගෙ ළමයි ඒ ආච්චිලා සීයලාට යන්න කියලා.. "

"ඇයි ඒ.. ඉතින් අපේ ආච්චියි සීයයි ගෙදර ඉන්නෙ..? කවුරුත් ඒගොලොන්ට යන්න කියන්නෙ නෑනේ..?"

"අපේ ආච්චිවයි සීයවයි මාමල බලා ගන්නවනේ.. මේ ආච්චිලා සීයලාව ඒගොලොන්ගෙ ළමයි බලා ගන්නෙ නෑ.. ඉතින් මෙහෙ තමයි ඉන්නේ.."

"ඇයි ඒ බලා ගන්නෙ නැත්තේ..? මෙහෙ කොහොමද ඉන්නේ..?"

ඒ ශාලාවෙ තිබුණ අඳුරු ගතියත්, අමුතු දුඟඳත් නිසා මට එතන හොඳටම එපා වෙලයි තිබුණේ..

"ඒගොල්ලොන්ගේ ළමයි සලකන්නේ නෑ පුතේ.. ඉතින් මෙහෙට ගෙනත් දාල ගිහින්.. ඉතින් මේ ආච්චිලා සීයලා හැමදාම මෙහෙ ඉන්නවා.. ළමයි ලොකු වෙලා ඒගොලොන්ගෙ අම්මලා තාත්තලට සලකන්නෙ නැති උනාම මෙහෙම තමයි ඉන්නේ.. පුතාත් ලොකු වෙලා අම්මටයි තාත්තටයි සැලකුවෙ නැත්තං අම්මයි තාත්තයි වයසට ගියාමත් දවසක මෙහෙම ඉඳී.."

අම්මා ඒ ටික කිව්වේ මගේ ඔලුව අත ගාන ගමන්..

"පුතාත් ලොකු උනාම අම්මවයි තාත්තවයි මෙහෙට ගෙනත් දායි.?"

අම්ම හිනා වෙවී එහෙම කිව්වට පස්සෙ, මට එදා පුලුවන් උනේ කෑ ගහල අඬන්න විතරයි..

"මම අම්මලාව මෙහෙ ගේන්නේ නෑ අම්මේ..

මම ලොකු උනාම අම්මවයි තාත්තාවයි බලා ගන්නවා.. මම අම්මලාව මෙහේ ගේන්නෑ..

අපි යමු.. මෙහෙන් අපි යමුකෝ.."

කිය කිය අම්මගේ අතින් ඇද ඇද හයියෙන් අඬපු හැටි මට තාම මතකයි.. මට මතක හැටියට මම බස් එකේ ආවෙත් අඬ අඬ අම්මගේ ඔඩොක්කුවේ හොඳටම ගුලි වෙලා..

පුංචිම කාලේ ඉගෙන ගත්ත ඒ පාඩම මට අදටත් හොඳට මතකයි.. කවදාවත් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වැඩිහිටියෙක්ව නොසලකා හරින්න හොඳ නෑ කියන එක ගලේ කෙටුවා වගේ මට මතක හිටියා..

සීයා අසනීපෙන් ඉන්නකොට අපේ මාමලා ගොඩක් හොයලා බැලුවා.. ඉස්පිරිතාල ගානෙ ගියා.. තාත්තගෙ සහෝදරයෝ, වගේම අම්මගේ සහෝදරයොත් අපේ ආච්චිලා සීයලාව හොඳින් බලා ගත්තා.. අවවාදෙට වැඩිය උතුම් ආදර්ශයක් ලබන්න මම ගොඩක් වාසනාවන්ත උනා..

අදටත් අපේ මාමලා එක්ක අපි වැඩිහිටි නිවාස වලට දානෙ අරං යනවා.. මම කරපු රස්සාවල් එක්ක මට ගොඩක් දුරට ඒවා මග ඇරුණත් පැයකට දෙකකට හරි ඒවට සම්බන්ධ වෙන්න මම ගොඩක් උත්සහ කළා..

පුංචි කාලේදිම ළමයින්ගේ හිත්වලට හොඳ දේවල් ඇතුළු කරන තරමට ලොකු වෙද්දිත් ඒව හිත ඇතුළෙ යන්තමට හරි රැඳිල තියෙනවා.. මගේ හිත ඇතුළේ තාමත් ඒ සිද්දිය ඒ විදිහටම තියෙනවා..

පුංචි කාලෙ ඉඳලම ළමයින්ව හොඳ පැත්තට ගන්න පුලුවන් හොඳ දේවල්ම කියල දුන්නොතින්.. තමන්ගෙ ලඟ වැඩීපුර තියෙන දෙයක් නැති කෙනෙකුට දීල සතුටු වෙන හැටි පුංචි කාලෙදිමට ඔලුවට දැම්මාම ඒව ලේසියෙන් අමතක වෙන ඒකක් නෑ..

එලකිරියෙත් පුංචි වයසේ දරුවෝ ඉන්න තාත්තලා ගොඩක් ඉන්නව ඇති.. එහෙම නැත්තං අයියලා අක්කලගේ හරි පුංචි වයසේ ළමයි ඉන්නව ඇති.. මහ ලොකුවට උපදෙස් දෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි මම.. ඒත් පොඩ්ඩක් හිතල බලන්න..

පුලුවන්නම් ළමයෙකුගෙ පුංචි කාලෙදී එකම එක උපන් දිනයක් හරි නැති බැරි අයත් එක්ක සමරන්න අවස්ථාවක් දෙන එක පුංචි ළමයෙකුට හොඳ මතකයක්..

මමත් මගේ ජීවිතේදී මහා ලොකුවට උපන්දින සමරල නෑ.. ඒවුනත් එක සැරයක් මගේ වයසෙම ළමයි ඉන්න ළමා නිවාසෙකට ගිහින් මගේ උපන් දිනයක් සැමරුවා.. මට තෑගි නොලැබුණ මගේ උපන්දිනේට මගේම වයසේ ළමයින්ට මම තෑගී දුන්නා (අම්මලා අරන් දීපුව තමයි.) ඒකත් මට හොඳ මතකයක්..

කුණුහරුප රැප් කිය කිය ඉන්න පරම්පරාව මෙතනින් ඉවර කරන්න පොඩි හරි දායකත්වයක් දෙන්න අපි අද කරන කියන දේවලුත් ටිකක් හරි වැදගත් වෙයි..

කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..

[QUOTE="richlife, post: 20696644, member: 430068"] [CENTER][SIZE=4][COLOR=Indigo]මම මෙහෙම ත්රෙඩ් එකක් දාන්න හිතාගෙන හිටියෙනම් නෑ.. ඒත්[URL="http://www.elakiri.com/forum/showthread.php?t=1762782"] [COLOR=Red]මේ ත්රෙඩ් එක[/COLOR][/URL] දැක්කාම මට මගේම මතකයක් අලුත් උන නිසා ත්රෙඩ් එක දාන්න හිතුවා..:yes:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මට හරියටම දවස මතක නෑ.. ඒ තමයි මම මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න ගිය දවස.. මම ඒ කාලේ ගොඩක් පොඩියි.. එතන හරිම අඳුරුයි. මගේ නහයට අප්රසන්න ගඳකුත් දැනුනා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://www.sundayobserver.lk/2012/03/25/z_p18-Bringing-03.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ආච්චිලා සීයල හැම තැනම.. සමහරු ගොඩාක් වයසයි.. හැරමිටියෙන් යන අය, බිත්ති අල්ල අල්ල වාරු නැතුව අමාරුවෙන් ඇවිදින අයත් හිටියා.. සමහරු බොහොම ආදරෙන් මගේ අතින් ඇල්ලුවා, මගෙත් එක්ක හිනා උනා, මගෙන් එක එක ඒවා ඇහුවා.. අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලි එල්ලි එහෙ මෙහෙ දුව දුව හිටිය මගේ දිහා ඒ අය බලන් හිටියෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. මට ඒ ගැන දැන ගන්න උවමනා උනෙත් නෑ.. මොකද මම ඒ වෙලාවේ මම හිටියේ සෑහෙන ලොකු ප්රශ්න ගොඩක.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo][IMG]http://www.thehindu.com/multimedia/dynamic/01372/MA21CITY-OLD_AGE4_1372008g.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි ගෙනාව දේවල් ඒ අයට බෙදල දුන්නා.. අම්ම කිව්වා ආච්චිලා සීයල ගාවට ගිහින් වැඳල එන්න කියලා.. මට කිසිම දෙයක් තේරුණේ නෑ.. ඒ කාලෙ මම හරිම කටකාරයි.. නිතරම ප්රශ්න අහනවා.. එත් එදා මම වැඩිය කියවන්න ගියේ නෑ.. බැරිම තැන මම අම්මගෙන් මෙහෙම ඇහැව්වා.. [/COLOR][/SIZE][CENTER][SIZE=4][COLOR=Indigo][IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/2a/71/6a/2a716a9753267ab43cec46b04275e0da.jpg[/IMG][/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo] "ඇයි අම්මේ මේ ආච්චිලා සීයලා මෙහෙම ඉන්නේ..? කෝ එගොලොන්ගෙ ගෙවල්..?"[/COLOR][/SIZE] [/CENTER] [SIZE=4][COLOR=Indigo]"මේ ආච්චිලා සීයලාට ගෙවල් නෑ පුතේ.."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"ඇයි ඒ.. එහෙනම් අපේ ආච්චිටයි සීයටයි ගෙයක් තියෙන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"මේ ආච්චිලා සීයලගෙ ගෙවල් වල අය ඒ අයට යන්න කියලා.."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"ඇයි යන්න කියන්නේ.. කවුද යන්න කිව්වේ..?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"ඒ ආච්චිලා සීයල දැන් ගොඩාක් වයසයිනේ.. ඉතින් ඒගොලොන්ගෙ ළමයි ඒ ආච්චිලා සීයලාට යන්න කියලා.. "[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"ඇයි ඒ.. ඉතින් අපේ ආච්චියි සීයයි ගෙදර ඉන්නෙ..? කවුරුත් ඒගොලොන්ට යන්න කියන්නෙ නෑනේ..?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"අපේ ආච්චිවයි සීයවයි මාමල බලා ගන්නවනේ.. මේ ආච්චිලා සීයලාව ඒගොලොන්ගෙ ළමයි බලා ගන්නෙ නෑ.. ඉතින් මෙහෙ තමයි ඉන්නේ.."[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]"ඇයි ඒ බලා ගන්නෙ නැත්තේ..? මෙහෙ කොහොමද ඉන්නේ..?"[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ ශාලාවෙ තිබුණ අඳුරු ගතියත්, අමුතු දුඟඳත් නිසා මට එතන හොඳටම එපා වෙලයි තිබුණේ..:sorry:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo] "ඒගොල්ලොන්ගේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4]ළමයි[/SIZE] සලකන්නේ නෑ පුතේ.. ඉතින් මෙහෙට ගෙනත් දාල ගිහින්.. ඉතින් මේ ආච්චිලා සීයලා හැමදාම මෙහෙ ඉන්නවා.. ළමයි ලොකු වෙලා ඒගොලොන්ගෙ අම්මලා තාත්තලට සලකන්නෙ නැති උනාම මෙහෙම තමයි ඉන්නේ.. පුතාත් ලොකු වෙලා අම්මටයි තාත්තටයි සැලකුවෙ නැත්තං අම්මයි තාත්තයි වයසට ගියාමත් දවසක මෙහෙම ඉඳී.." අම්මා ඒ ටික කිව්වේ මගේ ඔලුව අත ගාන ගමන්.. "පුතාත් ලොකු උනාම අම්මවයි තාත්තවයි මෙහෙට ගෙනත් දායි.?" අම්ම හිනා වෙවී එහෙම කිව්වට පස්සෙ, මට එදා පුලුවන් උනේ කෑ ගහල අඬන්න විතරයි.. [IMG]https://marksloanmd.files.wordpress.com/2012/12/crying-child.jpg?w=342[/IMG] "මම අම්මලාව මෙහෙ ගේන්නේ නෑ අම්මේ.. මම ලොකු උනාම අම්මවයි තාත්තාවයි බලා ගන්නවා.. මම අම්මලාව මෙහේ ගේන්නෑ.. අපි යමු.. මෙහෙන් අපි යමුකෝ..":sorry: කිය කිය අම්මගේ අතින් ඇද ඇද හයියෙන් අඬපු හැටි මට තාම මතකයි.. මට මතක හැටියට මම බස් එකේ ආවෙත් අඬ අඬ අම්මගේ ඔඩොක්කුවේ හොඳටම ගුලි වෙලා..:sorry: පුංචිම කාලේ ඉගෙන ගත්ත ඒ පාඩම මට අදටත් හොඳට මතකයි.. කවදාවත් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වැඩිහිටියෙක්ව නොසලකා හරින්න හොඳ නෑ කියන එක ගලේ කෙටුවා වගේ මට මතක හිටියා.. සීයා අසනීපෙන් ඉන්නකොට අපේ මාමලා ගොඩක් හොයලා බැලුවා.. ඉස්පිරිතාල ගානෙ ගියා.. තාත්තගෙ සහෝදරයෝ, වගේම අම්මගේ සහෝදරයොත් අපේ ආච්චිලා සීයලාව හොඳින් බලා ගත්තා.. අවවාදෙට වැඩිය උතුම් ආදර්ශයක් ලබන්න මම ගොඩක් වාසනාවන්ත උනා..:love: අදටත් අපේ මාමලා එක්ක අපි වැඩිහිටි නිවාස වලට දානෙ අරං යනවා.. මම කරපු රස්සාවල් එක්ක මට ගොඩක් දුරට ඒවා මග ඇරුණත් පැයකට දෙකකට හරි ඒවට සම්බන්ධ වෙන්න මම ගොඩක් උත්සහ කළා.. පුංචි කාලේදිම ළමයින්ගේ හිත්වලට හොඳ දේවල් ඇතුළු කරන තරමට ලොකු වෙද්දිත් ඒව හිත ඇතුළෙ යන්තමට හරි රැඳිල තියෙනවා.. මගේ හිත ඇතුළේ තාමත් ඒ සිද්දිය ඒ විදිහටම තියෙනවා..:yes: පුංචි කාලෙ ඉඳලම ළමයින්ව හොඳ පැත්තට ගන්න පුලුවන් හොඳ දේවල්ම කියල දුන්නොතින්.. තමන්ගෙ ලඟ වැඩීපුර තියෙන දෙයක් නැති කෙනෙකුට දීල සතුටු වෙන හැටි පුංචි කාලෙදිමට ඔලුවට දැම්මාම ඒව ලේසියෙන් අමතක වෙන ඒකක් නෑ..:yes: එලකිරියෙත් පුංචි වයසේ දරුවෝ ඉන්න තාත්තලා ගොඩක් ඉන්නව ඇති.. එහෙම නැත්තං අයියලා අක්කලගේ හරි [/COLOR][/SIZE][SIZE=4][COLOR=Indigo][SIZE=4][COLOR=Indigo]පුංචි වයසේ ළමයි ඉන්නව ඇති[/COLOR][/SIZE].. මහ ලොකුවට උපදෙස් දෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි මම.. ඒත් පොඩ්ඩක් හිතල බලන්න..:yes: පුලුවන්නම් ළමයෙකුගෙ පුංචි කාලෙදී එකම එක උපන් දිනයක් හරි නැති බැරි අයත් එක්ක සමරන්න අවස්ථාවක් දෙන එක පුංචි ළමයෙකුට හොඳ මතකයක්.. :yes: මමත් මගේ ජීවිතේදී මහා ලොකුවට උපන්දින සමරල නෑ.. ඒවුනත් එක සැරයක් මගේ වයසෙම ළමයි ඉන්න ළමා නිවාසෙකට ගිහින් මගේ උපන් දිනයක් සැමරුවා.. මට තෑගි නොලැබුණ මගේ උපන්දිනේට මගේම වයසේ ළමයින්ට මම තෑගී දුන්නා (අම්මලා අරන් දීපුව තමයි.) ඒකත් මට හොඳ මතකයක්.. කුණුහරුප රැප් කිය කිය ඉන්න පරම්පරාව මෙතනින් ඉවර කරන්න පොඩි හරි දායකත්වයක් දෙන්න අපි අද කරන කියන දේවලුත් ටිකක් හරි වැදගත් වෙයි.. කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..:) [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom