මට තාම මතකයි

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,746
    113
    වැලිවේරිය...
    මම මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන හිටියෙනම් නෑ.. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කාම මට මගේම මතකයක් අලුත් උන නිසා ත්‍රෙඩ් එක දාන්න හිතුවා..:yes:

    මට හරියටම දවස මතක නෑ.. ඒ තමයි මම මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න ගිය දවස.. මම ඒ කාලේ ගොඩක් පොඩියි.. එතන හරිම අඳුරුයි. මගේ නහයට අප්‍රසන්න ගඳකුත් දැනුනා..

    z_p18-Bringing-03.jpg


    ආච්චිලා සීයල හැම තැනම.. සමහරු ගොඩාක් වයසයි.. හැරමිටියෙන් යන අය, බිත්ති අල්ල අල්ල වාරු නැතුව අමාරුවෙන් ඇවිදින අයත් හිටියා.. සමහරු බොහොම ආදරෙන් මගේ අතින් ඇල්ලුවා, මගෙත් එක්ක හිනා උනා, මගෙන් එක එක ඒවා ඇහුවා.. අම්මගෙයි තාත්තගෙයි අතේ එල්ලි එල්ලි එහෙ මෙහෙ දුව දුව හිටිය මගේ දිහා ඒ අය බලන් හිටියෙ ඇයි කියලා මට තේරුණේ නෑ.. මට ඒ ගැන දැන ගන්න උවමනා උනෙත් නෑ.. මොකද මම ඒ වෙලාවේ මම හිටියේ සෑහෙන ලොකු ප්‍රශ්න ගොඩක..
    MA21CITY-OLD_AGE4_1372008g.jpg


    අපි ගෙනාව දේවල් ඒ අයට බෙදල දුන්නා.. අම්ම කිව්වා ආච්චිලා සීයල ගාවට ගිහින් වැඳල එන්න කියලා.. මට කිසිම දෙයක් තේරුණේ නෑ.. ඒ කාලෙ මම හරිම කටකාරයි.. නිතරම ප්‍රශ්න අහනවා.. එත් එදා මම වැඩිය කියවන්න ගියේ නෑ.. බැරිම තැන මම අම්මගෙන් මෙහෙම ඇහැව්වා..

    2a716a9753267ab43cec46b04275e0da.jpg


    "ඇයි අම්මේ මේ ආච්චිලා සීයලා මෙහෙම ඉන්නේ..? කෝ එගොලොන්ගෙ ගෙවල්..?"


    "මේ ආච්චිලා සීයලාට ගෙවල් නෑ පුතේ.."

    "ඇයි ඒ.. එහෙනම් අපේ ආච්චිටයි සීයටයි ගෙයක් තියෙන්නේ..?"

    "මේ ආච්චිලා සීයලගෙ ගෙවල් වල අය ඒ අයට යන්න කියලා.."

    "ඇයි යන්න කියන්නේ.. කවුද යන්න කිව්වේ..?"

    "ඒ ආච්චිලා සීයල දැන් ගොඩාක් වයසයිනේ.. ඉතින් ඒගොලොන්ගෙ ළමයි ඒ ආච්චිලා සීයලාට යන්න කියලා.. "

    "ඇයි ඒ.. ඉතින් අපේ ආච්චියි සීයයි ගෙදර ඉන්නෙ..? කවුරුත් ඒගොලොන්ට යන්න කියන්නෙ නෑනේ..?"

    "අපේ ආච්චිවයි සීයවයි මාමල බලා ගන්නවනේ.. මේ ආච්චිලා සීයලාව ඒගොලොන්ගෙ ළමයි බලා ගන්නෙ නෑ.. ඉතින් මෙහෙ තමයි ඉන්නේ.."

    "ඇයි ඒ බලා ගන්නෙ නැත්තේ..? මෙහෙ කොහොමද ඉන්නේ..?"

    ඒ ශාලාවෙ තිබුණ අඳුරු ගතියත්, අමුතු දුඟඳත් නිසා මට එතන හොඳටම එපා වෙලයි තිබුණේ..:sorry:


    "ඒගොල්ලොන්ගේ
    ළමයි සලකන්නේ නෑ පුතේ.. ඉතින් මෙහෙට ගෙනත් දාල ගිහින්.. ඉතින් මේ ආච්චිලා සීයලා හැමදාම මෙහෙ ඉන්නවා.. ළමයි ලොකු වෙලා ඒගොලොන්ගෙ අම්මලා තාත්තලට සලකන්නෙ නැති උනාම මෙහෙම තමයි ඉන්නේ.. පුතාත් ලොකු වෙලා අම්මටයි තාත්තටයි සැලකුවෙ නැත්තං අම්මයි තාත්තයි වයසට ගියාමත් දවසක මෙහෙම ඉඳී.."

    අම්මා ඒ ටික කිව්වේ මගේ ඔලුව අත ගාන ගමන්..

    "පුතාත් ලොකු උනාම අම්මවයි තාත්තවයි මෙහෙට ගෙනත් දායි.?"

    අම්ම හිනා වෙවී එහෙම කිව්වට පස්සෙ, මට එදා පුලුවන් උනේ කෑ ගහල අඬන්න විතරයි..

    crying-child.jpg


    "මම අම්මලාව මෙහෙ ගේන්නේ නෑ අම්මේ..
    මම ලොකු උනාම අම්මවයි තාත්තාවයි බලා ගන්නවා.. මම අම්මලාව මෙහේ ගේන්නෑ..
    අපි යමු.. මෙහෙන් අපි යමුකෝ..":sorry:
    කිය කිය අම්මගේ අතින් ඇද ඇද හයියෙන් අඬපු හැටි මට තාම මතකයි.. මට මතක හැටියට මම බස් එකේ ආවෙත් අඬ අඬ අම්මගේ ඔඩොක්කුවේ හොඳටම ගුලි වෙලා..:sorry:

    පුංචිම කාලේ ඉගෙන ගත්ත ඒ පාඩම මට අදටත් හොඳට මතකයි.. කවදාවත් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වැඩිහිටියෙක්ව නොසලකා හරින්න හොඳ නෑ කියන එක ගලේ කෙටුවා වගේ මට මතක හිටියා..

    සීයා අසනීපෙන් ඉන්නකොට අපේ මාමලා ගොඩක් හොයලා බැලුවා.. ඉස්පිරිතාල ගානෙ ගියා.. තාත්තගෙ සහෝදරයෝ, වගේම අම්මගේ සහෝදරයොත් අපේ ආච්චිලා සීයලාව හොඳින් බලා ගත්තා.. අවවාදෙට වැඩිය උතුම් ආදර්ශයක් ලබන්න මම ගොඩක් වාසනාවන්ත උනා..:love:
    අදටත් අපේ මාමලා එක්ක අපි වැඩිහිටි නිවාස වලට දානෙ අරං යනවා.. මම කරපු රස්සාවල් එක්ක මට ගොඩක් දුරට ඒවා මග ඇරුණත් පැයකට දෙකකට හරි ඒවට සම්බන්ධ වෙන්න මම ගොඩක් උත්සහ කළා..

    පුංචි කාලේදිම ළමයින්ගේ හිත්වලට හොඳ දේවල් ඇතුළු කරන තරමට ලොකු වෙද්දිත් ඒව හිත ඇතුළෙ යන්තමට හරි රැඳිල තියෙනවා.. මගේ හිත ඇතුළේ තාමත් ඒ සිද්දිය ඒ විදිහටම තියෙනවා..:yes:
    පුංචි කාලෙ ඉඳලම ළමයින්ව හොඳ පැත්තට ගන්න පුලුවන් හොඳ දේවල්ම කියල දුන්නොතින්.. තමන්ගෙ ලඟ වැඩීපුර තියෙන දෙයක් නැති කෙනෙකුට දීල සතුටු වෙන හැටි පුංචි කාලෙදිමට ඔලුවට දැම්මාම ඒව ලේසියෙන් අමතක වෙන ඒකක් නෑ..:yes:

    එලකිරියෙත් පුංචි වයසේ දරුවෝ ඉන්න තාත්තලා ගොඩක් ඉන්නව ඇති.. එහෙම නැත්තං අයියලා අක්කලගේ හරි
    පුංචි වයසේ ළමයි ඉන්නව ඇති.. මහ ලොකුවට උපදෙස් දෙන්න තරම් ලොකු මිනිහෙක් නෙමෙයි මම.. ඒත් පොඩ්ඩක් හිතල බලන්න..:yes:

    පුලුවන්නම් ළමයෙකුගෙ පුංචි කාලෙදී එකම එක උපන් දිනයක් හරි නැති බැරි අයත් එක්ක සමරන්න අවස්ථාවක් දෙන එක පුංචි ළමයෙකුට හොඳ මතකයක්.. :yes:

    මමත් මගේ ජීවිතේදී මහා ලොකුවට උපන්දින සමරල නෑ.. ඒවුනත් එක සැරයක් මගේ වයසෙම ළමයි ඉන්න ළමා නිවාසෙකට ගිහින් මගේ උපන් දිනයක් සැමරුවා.. මට තෑගි නොලැබුණ මගේ උපන්දිනේට මගේම වයසේ ළමයින්ට මම තෑගී දුන්නා (අම්මලා අරන් දීපුව තමයි.) ඒකත් මට හොඳ මතකයක්..
    කුණුහරුප රැප් කිය කිය ඉන්න පරම්පරාව මෙතනින් ඉවර කරන්න පොඩි හරි දායකත්වයක් දෙන්න අපි අද කරන කියන දේවලුත් ටිකක් හරි වැදගත් වෙයි..

    කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..:)

     
    Last edited:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    136
    43
    කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..:)

    ඒ දැනෙන සතුට වචනවලට පෙරලන්න බැහැ. :yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,983
    28,565
    113
    මේ ත්‍රෙඩ් එක දැකලා මටත් පොඩි කාලෙ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න ගියා මතක් උණා...ඒත් ලගදී නං මං ගියෙ නෑ....අම්මලනං හැම අවුරුද්දේම යනවා දානෙ දෙන්න මම හැමදාම මොකක් හරි කියල ශේප් වෙලා ඉන්නව මේ අවුරුද්දේවත් යන්න ඕන:(:(
     
    • Like
    Reactions: richlife

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,181
    2,221
    113

    කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..:)



    :yes:
     
    • Like
    Reactions: richlife

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,686
    1
    3,798
    113
    වලපල්ලේ

    කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..:)



    ඇත්ත මචං..
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,290
    605
    113
    Australia
    කාට හරි දෙයක් දීලා කැපී පේන්න හදනව වෙනුවට හැමෝටම හොරෙන් කාටවත් නොකියා කරපු හොඳ වැඩක් ගැන පැත්තක ඉඳන් බලන් ඉඳල සතුටු වෙන්න උත්සහ කළොත් අවංකවම ලොකු සතුටක් ලැබෙයි..:)

    මෙන්න මේකට තමයි බුදු දහමේ ලෝකෝත්තර සතුට කියල කියන්නෙ. මේ සතුට කවදාවත් නැති වෙන්නෙ නෑ. මට හිතෙන හැටියට මේ ලෝකෙන් යනකොටත් ඒ සතුට අරගෙන යන්න පුලුවන් කියල.
    මම කලකට ඉහතදී ලියපු නව කතාවක කොටසකත් මේ දෙය කියල තියෙනවා. ඒ කොටස පහලින් දාල තියෙනවා.
    _______________________________________________________________________________________________________
    “එතකොට තාරක... සම්පූර්ණ ලෝකෝත්තර සතුටක් ලබන්න පුලුවන් වෙන්නෙ කොහොමද?...” සමාධි ඇසුවාය.

    “ම්ම්... මම හිතන්නෙ සමාධි... ඔයා දැනටමත් ඒ වගේ ලෝකෝත්තර සතුට ලබන දේවල් කරල තියෙනවා... අපි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව හදවතින්ම එන හැඟීමෙන් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරාම ලැබෙන සතුට ලෝකෝත්තර සතුටක් වෙනවා... ඒක කවදාවත් නැති වෙන්නෙ නෑ... දැන් ඔයා මේ වගේ උදව් උපකාර කොච්චර කරල තියෙනවද... ඔයාට ඒවවලින් එන සතුට හැමදාම තියෙනවනෙ... ම්...” තාරක සමාධිට සිහින් චුම්බනයක් දෙමින් කීය.
    “ස්ස්ස්... අනේ ඔව් තාරක... ඒ වගේම ඔයාටත් ඒ ලෝකෝත්තර සතුට තියෙනවා...” සමාධි පහන් සිතින් කීවාය.

    “සමාධි... ලෞකික සතුට හරියට මේ මූදේ උඩින් තියෙන රැළිවල තත්වය වගේ තමයි... ඒක ඉක්මනට වෙනස් වෙනවා... ඉක්මනට නැති වෙලා යනවා... ඒ සතුට හින්දා කුණාටු වගේ කැළඹිලි ඇති වෙන්නත් පුලුවන්... ආධ්‍යාත්මික සතුට හරියට මේ ගැඹුරු මුහුද වගේ... මොන කුණාටුවක්... කැළඹිල්ලක් ආවත් ගැඹුරු මුහුද හෙලවෙන්නෙ නැතුව ශාන්ත විදියට හැමදාටම තියෙනවා... ඒක හරිම ශාන්තයි... ලොකු සැනසීමක් දෙනවා... දැන් ආධ්‍යාත්මික සතුට හින්දා අපේ හිත්වලට දැනෙන හැඟීමත් ඒ වගේ නේද…ම්... ඒක අපි ළඟ වෙනස් වෙන්නෙ නැතුව හැමදාටම තියෙනවා... එහෙම වෙන්නෙ සමාධි... අපි පුලුවන් විදියට අනුන්ට උදව් උපකාර කරගෙන මේ ලෝකෙ හරි විදියට ජීවත් වුන හින්දා...” තාරක උපේක්ෂාවෙන් කීය.

    අනේ තාරක..ස්ස්ස්..අහ්..ඔයා කියන එක හරියට හරි... ඔයා වගේ කෙනෙක් ලැබෙන්න මම ගොඩක් වාසනාවන්තයි තාරක....”