මට රටට ගැසීම වැදගත් - ලසිත් මාලිංග

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මට රටට ගැසීම වැදගත් - ලසිත් මාලිංග

Sri Lanka fast bowler Lasith Malinga has turned down offers to play Twenty20 cricket in South Africa and Australia - including the Big Bash League - in order to focus on his upcoming national limited-overs assignments.

20-20ට වඩා රටට ක්‍රීඩාකිරීම වැදගත් - මාලිංග. විවිද
ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලින්ග විසින් ඔහුවෙත ලැබී ඇති විස්සයි විස්ස තරගාවලි දෙකක් සදහාවන අරාධනා ප්‍රතික්ශේප කර ඇති බව විදේශ මාධ්‍ය වාර්ථා කරයි. ඔස්ට්‍රේලියාවේ ලබන දෙසැම්බර් මස ආරම්භවීමට නියමිත පන්දු ඔවර 20-20 තරගාවලිය හා දකුණු අප්‍රිකාවේ අරම්භවීමට නියමිත 20-20 යන තරගාවලි සදහා ලසිත් මාලින්ග හට ආරාධනා ලැබී ඇත.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම කාල සීමාවේදී සහභාගි වීමට නියමිත තරගාවලි සදහා තමන්ගේ දායකත්වය උපරිම වශයෙන් ලබාදීමටත් එම තරග සදහා ශරීර සෞඛ්‍යය තත්වය උපරිම ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය බව පවසා මෙසේ ආරාධනා ප්‍රතික්ශේප කොට ඇත.
lasithstory.jpg


"ඇත්තටම නවතම Big Bash තරගාවලියට ක්‍රීඩා කිරීම ඉතා විනොදකාමී අත්දැකීමක් විය හැකිබව මාලින්ග පවසා ඇත. නමුත් රට වෙනුවෙන් උපරිම ලෙස ක්‍රීඩා කිරීම ඊට වඩා වැදගත් බවද විදේශ මාධ්‍ය වෙත පවසා ඇත.මෙ වසර අගදී ඔස්ට්‍රෙලියාව සමග දීර්ඝ තරගාවලියක් ක්‍රීඩාකිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇති අතර. එහිදී 20-20 තරග දෙකක් හා එක්දින තරග 5කට සහභාගි වීමට නියමිතය. එසේම දෙසැම්බර් මස දකුණු අප්‍රිකාව සමග තරගාවලියක් ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන වර්ශයේදී ලොක කුසලාන 20-20 තරගාවලියටද සහභාගිවීමට නියමිතය.
ඔස්ට්‍රෙලියාව තුළ පවත්වනු ලබන Big Bash තරගාවලිය වෙත කණ්ඩායම් 4කින් මාලින්ග වෙත ආරධනා ලැබී ඇති අතර දකුණු අප්‍රිකානු කණ්ඩායම් දෙකකින් ආරාධනා කොට ඇත.

මාලින්ගගේ කළමනාකර චාලී ඔස්ටින් මහතා පවසන ආකාරයට යම් හෙයකින් ඔහු මෙම තරගාවලි දෙකම ක්‍රීඩාකළහොත් ඔහුට විවේකයක් නොමැතිව ලබන මාර්තු අග දක්වා ක්‍රීඩා කළයුතු බවය. මේ හේතුවෙන් මාලින්ග සිය කැමැත්තෙන්ම අරාධනා ප්‍රතික්ශේප කොට ඇති බව මාධ්‍ය සදහන් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම දැනට එන්ගලන්තයේ තරගාවලියකට සහභාගිවී සිටින අතර එහිදී එක්දින තරග 5කට හා එක් 20-20 තරගයකට සහභාගී වීමට නියමිතය. එසේම ස්කොට්ලන්තයට එරෙහිවද තවත් එක්දින තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

BUMP
ද්එකකුයි
REP ද්එකකුයි
දාල යන්න
.:P:P:rolleyes::rolleyes::P:P
:P:P:P
 
Last edited: