මඩකලපුවේ ඉඩම් ජාවරම

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
මඩකලපුවේ ඉඩම් ජාවරම






යුද්ධය පැවති කාලසීමාවේදී නැගෙනහිර පළාත අතහැර ගිය සිංහල ජාතිකයන්ට අයත් රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්‌ කර හොර රහසේම විකිණීමේ ජාවාරමක සුළමුල හෙළිකරගත් මඩකලපුව විශේෂ අපරාධ විමර්ශන ඒකකය එම ජාවාරමේ මහමොළකරු බව කියන නොතාරිස්‌වරයෙක්‌ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නැගෙනහිර පළාතේ මඩකලපුව, පාසිකුඩා, කල්කුඩා, වාලච්ෙච්න, එරාවුර් ඇතුළු ප්‍රදේශ ගණනාවක සිංහල ජාතිකයන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණන් වටිනා ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා අලෙවි කර ඇති බව හෙළිවී තිබේ.
මේ සම්බන්ධයෙන් මඩකලපුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට මේ වන විට පැමිණිලි 20 ක්‌ ලැබී ඇති අතර ව්‍යාජ ඔප්පු සකස්‌ කරන ලද ඉඩම්වල වටිනාකම රුපියල් කෝටි 20 ද ඉක්‌මවන බව පොලිසිය පවසයි.
කල්කුඩා මුහුද ආසන්නයේ පිහිටි සිංහල ජාතිකයකුට අයත් අක්‌කර 12 ක විශාල ඉඩමක්‌ සඳහා ද හොර ඔප්පු සකස්‌ කර ඇති බව අනාවරණය වී තිබේ.
නැගෙනහිර පළාතේ පදිංචිව සිටි සිංහල ජාතිකයෝ විශාල පිරිසක්‌ යුද්ධය සමයේ සිය ඉඩකඩම් අතහැර පලා ගියහ. යුද්ධය නිමවීමෙන් පසු ඔවුන් සිය ඉඩකඩම්වල අයිතිය සොයා බැලීමට නැගෙනහිර පළාතට එද්දී මෙම සංවිධානාත්මක කණ්‌ඩායම ව්‍යාජ ඔප්පු සකස්‌ කර ඒවා අයිති කරගෙන සිටි බව ද පොලිසිය පවසයි.
මෙම ඉඩම් කොල්ලයට සම්බන්ධ තවත් සංවිධානාත්මක පිරිසක්‌ සිටින අතර ඔවුන් සෙවීම සඳහා ද පොලිසිය පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
මඩකලපුව භාර නියෝජ්‍ය පොලිස්‌පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස්‌ මත කොට්‌ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සනත් බණ්‌ඩාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.


දිවයින