මඩ ගොඩේ පිනුම් ගැසීම

obama2

Member
Apr 18, 2012
424
30
0
මඩ ගොඩේ පිනුම් ගැසීම

මඩ ගොඩේ පිනුම් ගැසීම

Posted on 02 February 2013.

වර්ථමාන අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයට පත්වන්නේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයක් මගින් ඉවත් කිරීමෙන් අනතුරුවය. ඇයට
එරෙහිව දෝෂාභියෝගය සම්මත කරන අවස්ථාව වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝශාභියෝග චෝදනාව විමර්ශණය කරන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව නීති විරෝධි හා බල රහිත බවට ප්‍රකාශ කර තිබුණි. එසේ තිබියදීම අගවිනිසුරුවරිය ධූරයෙන් ඉවත් කර නව අගවිනිසුරුවරයා පත් කරන්නට ආණ්ඩුව කටයුතු කළේය. මෙයට එරෙහිව ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයෙන් පවා රජයට අප්‍රසාදය පළ කර තිබුණි. ඒ අනුව මේ වන විටත් ලංකාවේ යුක්තිය පසිඳලීමේ මූලිකම ආයතනය වන ශ්‍රේෂඨාධිකරණය දේශපාලණීකරණය වී ඇති බව නොදන්නා අයෙකු නැත. එනම් මේ වන විටත් මහා අනෙකා මියගිය සමාජයක අප ජීවත් වන බව අප දැනගත යුතුය. නමුත් ඒ බව නොදන්නා එක්තරා අයෙකු පහත ආකාරයට වර්ථමාන අගවිනිසුරුවරයාට එරෙහිව නඩු පවරා ඇත.
අගවිනිසුරු මොහාන් පීරිස් මහතා නීතිපති පදවිය හෙබවූ සමයේ රජයට බරපතල අලාභ හානි සිදුකළ බවට චෝදනා කරමින් ඉදිරිපත් කොට තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ඊයේ (01) ගාස්තුවට ද යටත් කොට ප්‍රතික්ෂේප කළේය.
නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා විසින් ගොනු කොට තිබූ එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ ප්‍රකාශයක් කළ සභාපති විනිසුරු පී ඒ රත්නායක විනිසුරුවරයා, තමන් විභාගයෙන් ඉවත්වන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව සත්‍යා හෙට්ටිගේ සහ ඊවා වනසුන්දර විනිසුරුවන් හමුවේ එය විභාගයට ගැනිණ.
සත්‍යා හෙට්ටිගේ විනිසුරුවරයා නඩු විභාගයට සම්බන්ධ වීම පිළිබඳව පෙත්සම්කාර නීතිවේදියා විරෝධය පළ කළ නමුත්, එම විරෝධය ප්‍රතික්ෂේප කළ විනිසුරු මඬුල්ල පෙත්සම පිළිබඳව කරුණු දක්වන මෙන් ඔහුට නියෝග කළේය.
පෙත්සම ගොනු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා පැවසුවේ, රේගු බදු වංචා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කල සමයේ අත්තනෝමතික ලෙස ඉවත් කරගෙන ඇති බවයි.
මේ හේතුවෙන් රජයට රුපියල් බිලියන 619 කට අධික පාඩුවක් සිදු වී ඇති බව පෙත්සම්කරු කියා සිටියේය.
මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා විසින් මූලික අයිතීන් කඩ කිරීමක් සිදු කොට ඇති බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබේ.
කෙසේ නමුත් අදාළ පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට නීතිපතිවරයා තර්ක කළේය.
එම තර්කය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ගාස්තුවටද යටත් කොට පෙත්සම නිෂ්ප්‍රභ කළේය.
පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ට තර්ජන එල්ලවී ඇති බව ද නීතිඥවරයා පවසයි.
-බිබිසි සංදේශය
මෙයින් අපට පැහැදිලි වන්නේ මේ වන විටත් ලංකාවේ නීතියේ පාලනය සහ ස්වභාවික යුක්ති මූල ධර්ම අන්තයටම පිරිහී ඇති බවයි. මේ උදාරිණය අපට වැදගත් වන්නේ අපෙන් බොහෝ අය අසන ප්‍රශ්ණයකට උත්තරයක් දෙන්නටයි.

ගොඩක් අය අපෙන් දිගින් දිගටම අහනවා දිගටම න්‍යාය කියව කියවා ඉන්නේ නැතිව එළියට ඇවිත් වැඩ කරන්න කියලා. ඒ අයට නොතේරෙන්නේ වැඩ කරන්න එළියක් නැති බවයි. එළියට ඇවිත් වැඩ කළ විට අපටත් සිදු වන්නේ අගවිනිසුරුවරාට එරෙහිව නඩු පවරා වැඩ වරද්දාගත් නීතිඥයාට වූ අබැද්දියමය. නීතිඥවරුන්ට නම් මෙවන් අවස්ථාවක සිය රැකවරණය උදෙසා විදෙස් රටකට හෝ ගොස් සිය පවුල සමග සතුටින් ඉන්නට පුලුවන. නමුත් දේශපාලන ව්‍යපාරයකට රටහැර යන්නට බැරිය. ඒ නිසා අපට වැඩ කරන්න වැඩ කරන්න කෝ වැඩ කියා අසන අයට කියන්නට තියෙන්නේ එක් කතාවකි.මඩ ගොඩේ පිනමු ගසන විට පොඩි ආතල් එකක් තියෙන බව ඇත්තය. අපි මඩ ගොඩට බැසිය යුත්තේ මඩ වලින් ආතල් ගන්නට නොව මඩ ගොඩ සුද්ද කරන්නටය. එවිට මඩ නාගත්තාට කමක් නැත. එතෙක් මඩ ගා ගොඩට නොබැස මඩ ගොඩේ දිගපලළ නිවරදිව ගණනය කළ යුතුය.මේ මඩ ගොහොරුවේ ගැඹුර ගැන ගොඩක් අයට වඩා අපට අවබෝධයක් ඇත. ඒ සදහා විද්‍යාවක් සහ දර්ශනයක් අවශ්‍යය. එය ඉබේ පහළ වන්නේ නැත. ඒ නිසා හදාරන්න හදාරන්න හදාරන්න


.ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,