මඩ වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මඩ වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා

    මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා

    නෝමන් පලිහවඩන

    මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ (03 වැනිදා) "දිවයින" ට පැවසීය.

    ලියාපදිංචි කිරීමෙන් තොරව ඉතාමත් සූක්‍ෂම අන්දමින් ප්‍රචාරය කරනු ලබන මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල සිට බව ද ඇමැතිවරයා කීය. මේවා ක්‍රියාත්මක වන නියම ස්‌ථාන තවම හෙළි වී නැතත් ඒවා පවත්වාගෙන යැමට නොහැකි අන්දමට බාධා කිරීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම කීවේය.

    මේ අනිසි වෙබ් අඩවි දේශපාලනඥයන්ට මෙන්ම විවිධ තරාතිරමේ පුද්ගලයන්ට දැඩි ලෙස මඩ ප්‍රහාර එල්ල කරමින් අපහාස කිරීම පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌ ලැබී තිබෙන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.


    fPSF8cm0.JPG


    http://www.divaina.com/2012/07/04/news05.html



     
    Last edited: