මණ්ඩාවල ප‍්‍රදේශයේ ඓතිහාසික පසුබිම
මණ්ඩාවල ග‍්‍රාමය බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටි සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුවට අයත් ග‍්‍රාමයකි.එය බටහිරින් ඓතිහාසික කෑරගල රජමහා විහාරයත්,නැගෙනහිරින් අනුරාගොඩ හා පැල්පිට ග‍්‍රාමයත්,දකුණෙන් ලූණුගමත්,උතුරෙන් රදාවානත් විළිඹුලත් මායිම් වී තිබේ.මණ්ඩාවල ග‍්‍රාමය පිළිබඳව ලිඛිත සාධක හඳුනාගත නොහැකි නමුත් මුඛ පරම්පරාගත යම් යම් කරුණු මත මෙම ගම්පියස පෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බව පැහැදිලි වේ.කෙසේ වී නමුදු යම්කිසි සත්‍යයක් ඒ තුළ ගැබ්ව පවතින බව පවතින බව පැහැදිලිවන නමුදු යම්යම් කරුණු පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් හඳුනාගත හැකිය.
මණ්ඩාවල ඓතිහාසික පසුබිම පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමේදී ප‍්‍රධාන වශයෙන්ම ජනප‍්‍රවාද ගත තොරතුරු පමණක් සොයාගත හැකිවේ.මන්දයත් කිසිඳු ඓතිහාසික ලේඛනයක මණ්ඩාවල පිළිබඳව සඳහන් නොවීම ඊට ප‍්‍රධන හේතුව වීමයි.කෙසේ වෙතත් ජනප‍්‍රවාදගත තොරතුරු හුදෙක් ප‍්‍රලාප වශයෙන් බැහැර කළ නොහැකිය.මණ්ඩාවල හා බැඳි ජනප‍්‍රවාද රාශියක් සොයාගත හැකිය.එම ජනප‍්‍රවාදයන් ප‍්‍රධාන වශයෙන්ම බැඳී පවතින්නේ මණ්ඩාවල ප‍්‍රදේශයේ ර්‍ණමාළිඟාව” නමින් හැඳින්වෙන ස්ථානය කේන්ද්‍ර කරගෙනය.එම ස්ථානය ආශ‍්‍රිතව අතීතයේ මාළිඟාවක් පැවති බවට ජනප‍්‍රවාදයේ කියැවේ.එලෙස හඳුන්වනු ලබන ස්ථානය ආශ‍්‍රිතව කිසියම් පෞරාණික වටිනාකමකින් යුක්ත නටඹුන් හඳුනාගත හැකිය.එම ස්ථානය ආශ‍්‍රිතව කිසියම් ගොඩනැගිල්ලක් පැවති බවට සාධක වේ.පාදම සඳහා යොදාගත් පාදම් ගල්,වහළය සෙවිළි කිරීම සඳහා භාවිත කළ පෙති උළු(ඇඟිලි භාවිත කර සාදන ලද *,සඳකඩපහනක්,මැටියෙන් සාදන ලද මල්බඳුනක්,පැහැදිලිව හඳුනාගත නොහැකි අර්ධකවාකාර ගල් කොටස්ලපැන් කෙණ්ඩියක කොටසක් ආදිය දැනට හඳුනාගත හැකිය.මෙම ස්ථානය ආශ‍්‍රිතව පුරාවිද්‍යාත්මක වශයෙන් කිසිඳු කැණීම් කටයුත්තක් සිදුකර නොමැති අතර මානව ක‍්‍රියාකාරකම් ඔස්සේ විතැන්ව ගිය සාධක පමණක් ශේෂ වී තිබේ.කෙසේ වෙතත් මෙම ගොඩනැගිල්ල කුමක්ද යන්න පැහැදිලිව හඳුනාගත හැකි සාධක හඳුනාගත නොහැකිය.ඇතැම් විටෙක එය නිර්මාණය කිරීමට නොහැකිව අතහැර දැමූ ගොඩනැගිල්ලක් විය හැකිය.මෙම ගොඩනැගිල්ලේ පාදම අතීතයේ ආයත චතුරාස‍්‍රාකාර ස්වරූපයෙන් යුක්තව තිබූ බවට පැරැුන්ණන් පෙන්වාදෙයි.නමුත් ඒ බවට සාධක සොයාගත නොහැකිය.
මීට අමතරව වක්ගඩොලින් බඳින ලද ළිඳක් ද මාළිඟාව ආසන්නයේ හඳුනාගත හැකිය.ඉහළ සිට පහළ දක්වාම ගඩොලින් බැඳ තිබූ අතර මෑතකදී එය නිධන් සොරුන්ගේ ග‍්‍රහණයට නතුව විනාශ වී ඇත.මාළිඟාවේ වාසය කළ පිරිස ජල පහසුව ලබා ගන්නට ඇත්තේ එම ළිදෙන් බවට අනුමාන කළ හැකිය.මෙම ගොඩනැගිල්ල පිළිබඳව ජනප‍්‍රවාදගත ඓතිහාසික තොරතුරු රාශියක් හඳුනාගත හැකිය.එම ජනප‍්‍රවාදයන් මතු පරිදි සංෂිප්තව දැක්විය හැකිය.
x සීතාවක රාජසිංහ රජදවස නිර්මාණය වූ බව
x අටවෙනි වීර පරාක‍්‍රමබාහූ රජ දවස නිර්මාණය වූ බව
x පද්මාවතී දේවියගේ මාළිඟාව මෙය වන බව
සීතාවක රජකළ මායාදුන්නේ රජුට උඩුගම්පළ රාජධානිය ද යටත්ව තිබූ බවට සාධක ලැබි ඇති අතර උඩුගම්පොළ ප‍්‍රදේශය හරහා සීතාවකත් යා කළ මාවත වැටී තිබුණේ මණ්ඩාවල හරහා යැයි කතාවක් ජනප‍්‍රවාදයේ කියැවේ.එසේම ජයවර්ධනපුර කෝට්ටේ හා සීතාවක යා කළ මාවත ද වැටී තිබුණේ මණ්ඩාවල ආශ‍්‍රිතව බවටද ජනප‍්‍රවාදයේ කියැවේ.එලෙස වැටී තිබුණු රජ මාවත වර්තමානයේ මාවත ගොඩැල්ල ලෙසින් එකල ප‍්‍රසිද්ධ වී ඇත.වර්තමානයේත් එම ප‍්‍රදේශය ර්‍ණමාවත ” නමින් හඳුවන්වනු ලබයි.මේහා සම්භන්ධ අනෙක් වැදගත් ස්ථාන දෙක හඳුන්වනු ලබන්නේ කනම්පැල්ල හා උඩ කනම්පැල්ල වශයෙනි.සීතාවක රාජසිංහ රජ දවස කනම්පැල්ල යන්න හඳුන්වා ඇත්තේ ර්‍ණකුනම් පොළ” යන වචනයෙනි.කුණම් යන්න දෝලාව යන්න අරුත් දෙන්නකි මෙගොඩ ඉවුරේ උඩ කුණම් පොළයි කාලයාගේ ඇවෑමෙන් කුණම් පොළ කනම්පැල්ල වී ඇත.කනම්පැල්ලට මදක් ඉහළින් පිහිටි නිසා උඩකනම්පැල්ල වූ බව ජනප‍්‍රවාදයේ කියැවේ.සීතාවක රජු හා ඇමතිවරුන් වැනි රාජකීයන් උඩුගම්පළ හා කෝට්ටේ රාජධනි වලට යෑම සඳහා කැළණි ගගෙන් මෙගොඩට පැමිණෙන්නට ඇත.මෙගොඩට පැමිණ මණ්ඩාවල හරහා අවශ්‍යය ගමනාන්ත දක්වා ඔවුන් යන්නට ඇත.එලෙස ඔවුන් ගිය මාවත කෑරගල් මාවත වශයෙන් ද වර්තමානයේ ව්‍යවහාර වේ. වර්තමානයේද මණ්ඩාවල මාළිඟාව වශයෙන් හඳුන්වනු ලබන ප‍්‍රදේශය ආශ‍්‍රිතව ර්‍ණමාවත”නැතහොත් මාවත වත්ත නමින් හැඳින්වෙන ප‍්‍රදේශයක් ඇත.අතීතයේ සීතාවක හරහා උඩුගම්පොළ අතර වැටී තිබූ පාර නැතහොත් මාවත මාවතගොඩැල්ල හරහා වැටී තිබූ නිසා එම ප‍්‍රදේශය මාවත වූ බවට ජනප‍්‍රවාදයේ කියැවේ.එලෙස වැටී ඇති මාවත ඔස්සේ ගමන් කරන පිරිස් හට නැවතී සිටින්නට සාදන ලද ගොඩනැගිල්ලක් වශයෙන් මෙය අනුමාන කෙරේ.
පළමුවන රාජසිංහ රජුගේ කාලයේදී ඔහුගේ ඥාති සංහාරයට බියෙන් පලා ආ කුමාරිකාවන් සත් දෙනෙක් මණ්ඩාවල උඩහ මාළිඟාවත්තේ සැඟව සිටි බවත් එක් ජනප‍්‍රවාදයක කියැවේ.පසුව එම රාජකුමාරිකාවන් රාජපුරුෂයන්ට අසූ වූ බවත් කියැවේ.රාජපුරුෂයන්ට හසු වූ මොහොතේ ඔවුන් කමින් සිටි බවත් කෑම කමින් සිටි භාජන ර්‍ණමණ්ඩා.” විලට විසිකල බවත් මණ්ඩා දැමූ නිසා මණ්ඩා+විල මණ්ඩාවිල වූ බවත් පසු කලෙක මණ්ඩාවිල මණ්ඩාවල බවට පත් වූ බවත් කියැවේ.වර්තමානයේත් මණ්ඩාවිල හා මණ්ඩාවල යන නාමයන් භාවිත කෙරේ.කුමරියන්ගේ ආභරණ නැතහොත් මිණිරුවන් දැමූ විල මිණිරුවන් විල ලෙසත් ඒ වටා ව්‍යාප්ත වූ වෙල මිණුවන්විල ලෙසත් ව්‍යහාර කෙරේ.
අටවෙනි වීර පරාක‍්‍රමබාහූ රජතුමා රජකරන කාලයේ ඔහුගේ පුත් සිරි වල්ලභ කුමරු උඩුගම්පොළ විසීය.එකල ඔහුගේ ප‍්‍රධාන ආරක්ෂකයා වශයෙන් කටයුතු කර ඇත්තේ රණදේව බණ්ඩාර නම් සෙන්පත්යෙකු බවත් සිරිවල්ලභ කුමරුහට උපුලා,අනුලා,අචලා,විපුලා,සුගලා,කමලා,සහ නිමලා ආදී වශයෙන් නැගෙණිවරුන් සත් දෙනෙකු වූබවත් වැඩිමහල් කුමරිය වූ උපුලා කුමරිය රණදේව බණ්ඩාර හා රහසේ පෙම්බැඳි බවත් නෑනලාගෙන් පලිගැනීමට සිතූ රජ බිසව මෙය රජුට වදාළ බවත් ඉන් කුමාරිකාවන් සත් දෙනා හා ආරක්ෂක ප‍්‍රධානියා රාජ උදහසට ලක්ව මාළිඟාවෙන් පලා ආ බවත් එලෙස පලා ආ පිරිස මණ්ඩාවල මාළිඟාවේ සැඟව සිටි බවත් එක් ජනප‍්‍රවාදයක කියැවේ.රාජසේනාව පැමිණෙන විට කුමාරිකාවන් කෑම කමින් සිටි බවත් ඔවුන් ආහාර ගැනීම සඳහා භාවිත කළ පිඟන් එසේත් නැතහොත් මණ්ඩා අසල වූ විලට විසි කළබවත් එමනිස මණ්ඩාදැමූ විල මණ්ඩා+විල මණ්ඩාවිල වූ බවත් පසු කලෙක මණ්ඩාවල වූ බවත් එම ජනකතාවේ කියැවේ.
අනුරාගොඩ පුරාණ විහාරයේ වැඩසිටි පූගොඩ රතනජෝති නම් හිමි නමක් (1928* විසින් සටහන් කර ගන්නා ලද පුරාණ ලියවිල්ලක මණ්ඩාවල මාළිඟාව පිළිබඳවත් අනුරාගොඩ ග‍්‍රාම නාම නිර්මාණය පිළිබඳව කරුණු දැක්වා තිබේ.
ර්‍ණකි‍්‍ර.ව.1415 දී පමණ රජ කළ පරාක‍්‍රමබාහූ රාජාණුශාසනා කරන කල්හි කෑරගල පද්මාවතී නම් පිරිවෙන කරවා ,එහි වනරතන සංඝරාජ ප‍්‍රමුඛ මහා සංඝයා නවත්වා ,අනේක ප‍්‍රකාර කෙත්වත් ආදී පූජා කොට පිහිටුවා ,චිරස්ථායී කාලයක් නිරුපද්‍රව පවත්නා පරිදි රාජාඥාකර තිබේ.මෙකල මහීපාලයන්ගේ නියමයෙන් වේදයෙහි පරප‍්‍රාප්ත බමුණන් ගෙන්වා ඔවුන්ට මෙසේ අණ කළේය.කෙසේ ද කෑරගල පටන් ඉදිරිපන් ග‍්‍රාමයන්ට අභිනව වීථි පන්තීන් කරවා ඒ ග‍්‍රාම අත්‍යාලංකාර කොට මීට සම්භන්ධ කරන්නන්ට උවමනා යැයි අවසර ලදහ.එයින් තුෂ්ටි ප‍්‍රාප්ත බමුණන් වීථි කරවීමට සර්ව කාර්ය සාධක මංගල සම්මත අනුර යන නක්ෂත‍්‍ර මුහූර්තිය ප‍්‍රධාන කරගෙන අන්‍ය උවමනාංගයන් දුනීය කොට මනාවූ මුහූර්තයක් සංයෝග කොට රජතුමන්ට වැඩූහ.රජතුමාණෝ නුවර කෘත්‍යාධිකාරී ඇමතීන්ට අණ කළහ.අණලත් පරිදි වීථි පංති කරවා සුදුවැලි අතුට කෙසෙල් තොරණ ,ධජපතාක ,පූර්ණසාට,පුන්කලස්,විලඳ හා පස් මල් ආදී අනේක ප‍්‍රකාර සැරසීමෙන්ද ආතත විතතාදී පඤ්චාංග තූර්ය නද්‍යාදිය ද මනාසේ පිළියෙල කරවා වීථි ප‍්‍රදක්ෂිණා කිරීම පිණිස වැඩ වදාළ මැනැවැයි මහ රජතුමන්ට හසුන් පත් වැඩූහ.
පෘතුවීශ්වර තෙමේ සුවඳ පැනින් ජලස්නානය කොට ස්වර්ණාභරණ පැළඳ චතුරංගනී සේනාව පිරිවරා මංගල ඇතුපිට පැන නැගී දේවේන්ද්‍ර ලීලාවෙන් සජ්ජිත අභිනව වීථි ප‍්‍රදක්ෂිණා කොට ,තුෂ්ටි ප‍්‍රාප්ත වූ මිහිපල් තෙමේ තදනන්තරව අනුර යන මුහුර්තයෙන් වීථි සජ්ජිත කිරීමට පටන් ගත් බැවින් ,එයම ප‍්‍රධාන කරගෙන මෙම ගමට අනුරාගොඩ යන නාමය රජතුමන් විසින් ප‍්‍රතිෂ්ඨාපනය කර වදාළ බව පෞරාණික වැදගත් පාඨයයි.
මෙම ග‍්‍රාමය වනාහි දිගින් ගව්වක් පමණවූ ද පුළුලින් සැතැම්ම තුනහමාරක් පමණ වූද විශාල ග‍්‍රාමයකි.මෙනම් ග‍්‍රාමයෙහි රම්‍ය වූ රජ මැදුරක් කරවා,රාජ මහේෂිකාවන් රුචි පරිදි ක‍්‍රිඩාවට ඔබින පරිදි විසිතුරු කොට කපා ,අතුරන ලද කලූ ගලින් රම්‍ය පතහක් නොහොත් පොකුණකින් ද යුක්තය.මෙහි රම්‍යාකාර වටිනා ගෙවලින් හා වීථීන්ගෙන් ද විසිතුරු සල්පිල් පන්තීන්ගෙන්ද ,බොහෝ ජනී ජනයාගෙන් ද දුටු දුටුවන්ගේ ඇස්කන් පිනවන්නා වූ යහපත් තෙපුලෙන් ද මහා ශිෂ්ටාචාරවත් සැදැහැවත් සා¥න්ගෙන් ද ආකීර්ණව පැවතුණ බව ප‍්‍රකටයි.”
මෙහි සඳහන් වන රජ මැඳුර වනාහී මණ්ඩාවල මාළිඟාව නමින් හැඳින්වෙන ස්ථානය වේ යැයි අනුමාන කළ හැකිය.මන්දයත් අනුරාගොඩ අවට කිසිඳු සාධකයක් හමුවන නිසාවෙනි.ඇතැම් විට මෙහි සඳහන් වන පතහ පසුකලෙක මන්ඩාවිල නමින් හැඳින්වූ විල විය හැකිය..
කෑරගල රජමහා විහාරය නිර්මාණය කරන ලද්දේ පද්මාවතී දේවිය හට වන්දනාමාන කිරීම සඳහා වන බව කෑරගල සෙල්ලිපියෙහි සඳහන් වේ. කෑරගල විහාරය වන්දනා කිරීම පිණිස පැමිණෙන පද්මාවතී දේවිය වාසය කළ මාළිඟය මෙය වන බවද ජනප‍්‍රවාදයේ කියැවේ. මීට අමතරව අලගක්කෝණාරවරුන් වාසය කළ මාළිඟාව මෙය යැයිද අනුමාන කළ හැකිය.කෑරගල පදනම් කරගෙන අලගක්කෝණාර පරපුරේ විවිධ පිරිස් පිළිබඳ තොරතුරු සඳහන් වේ.ඒ අනූව පද්මාවතී දේවිය,අත්තනායක දළසෙන්ගමු මිගන්තරු,ආදී අලගක්කෝණාර පරපුරේ පිරිස් පිළිබඳව කෑරගල සෙල්ලිපියෙහි කියැවේ.. කෑරගල සෙල්ලිපියෙහි
"සිරිසඟබෝ සිරිවිජයබාහූ මහරජාණන්ට එකොළොස් වැන්නෙහි අත්තනායක දළසෙන්ගමු මන්ත‍්‍රීවර තමන් ළඟවුන් අලගක්කෝණාර පාදයාගේ සහෝදර බුහුමණියන් පද්මාවතීන් වැඳ පුදා ගන්නා ලෙසට .........”
යනාදී වශයෙන් දක්වා තිබීම තුළ පැහැදිලි වන්නේ පද්මාවතී දේවිය අලගක්කෝණාර පාදයාගේ සහෝදරිය ලෙස හඳුනාගත හැකිය.
එසේම අත්තනායක දළසෙන්ගමු මිගන්තරු මන්ත‍්‍රී පාදයන් ද අලගක්කෝණාරගේ ඥාතීයෙකු ලෙසද හඳුනා ගත හැකිය.
"
වත්තල වෙහෙර වැඩ උන් වනවාසයෙහි
නාගසේන මහ තෙරඳුන්ට මුනුබුරු
බෝගනිසුරු දළසෙන්ගමු මිගන්තරු
ඔහු වෙත උන් උතුම් අලගක්කෝනාර සඳ ”
අත්තනායක දළසෙන්ගමු මිගන්තරු වත්තල නාගසේන හිමියන්ගේ මුණුඹුරෙකු ලෙස ද හඳුනාගත හැකිය.එම මුණුඹුරු විසින් තමන් ළඟ උන් පද්මාවතී දේවියට වැඳ පුදා ගැනීම උදෙසා නිර්මාණය කළ බව කෑරගල අංක 01 සෙල්ලිපියෙහි දැක්වේ.ඒ අනූව අත්තනායක දළසෙන්ගමු මන්ත‍්‍රීවරයා වාසය කරන්නට ඇත්තේ මණ්ඩාවල මාළිඟාව නමින් හැඳිවෙන ස්ථානය ආශ‍්‍රිතව බවට අනුමාන කළ හැකිය.පද්මාවතී දේවියට කෝට්ටේ සිට කෑරගල විහාරය වන්දනා කිරීම පැමිණීම දුෂ්කර වූ නිසා පද්මාවතී දේවිය හා අත්තනායක දළසෙන්ගමු මන්ත‍්‍රීවරයා වාසය කරන්නට ඇත්තේ මෙම ස්ථානය ආශ‍්‍රිතව වන්නට ඇති බවටද අනුමාන කළ හැකිය.ඒ අනූව ජනප‍්‍රවාදයේ කියැවෙන පද්මාවතී දේවිය වාසය කළ මාළිඟාව මෙය යැයි අනූමාන කළ හැකිය.
අලගක්කෝණාරවරුන් වනාහී දකුණු ඉන්දියානු බෞද්ධ පරපුරකට අයත්ය එම නිසා දෙමළ භාෂාවට නැඹුරු වූ නම් සහිත ග‍්‍රාමයන් කිහිපයක් කෑරගල අවටින් හඳුනාගත හැකිය.මණ්ඩාවල,දෙමළගම,සිල්ලම්මාසර,ආදී වශයෙන් දෙමළ ඌරුවක් ගත නම් කැරගල වටින් හමු වේ.මණ්ඩා යනු දෙමළ භාෂාවෙන් පිඟන් වලට යෙදෙන සමාන පදයකි.
කෙසේ වෙතත් සඳකඩපහනක් එම ස්ථානය ආශ‍්‍රිතව හමුවීම තුළ එම ගොඩනැගිල්ල බෞද්ධාගමික වටිනාකමකින් යුක්ත වූවක්ද යන්න සැක සහිතය.මන්දයත් කෑරගල රජමහා විහාරයේ දක්නට ලැබෙන එක් සඳකඩපහනක ආකෘතිමය ලක්ෂණ හා මණ්ඩාවල මාළිඟාව නමින් හැඳින්වෙන ස්ථානයෙන් හමු වී ඇති සඳකඩපහනෙහි ආකෘතිමය ලක්ෂණ එක හා සමාන වන හෙයින් කිසියම් ආගමික වටිනාකමක් ද මෙහි ගැබ්ව පවතින නිසාවෙනි.කෑරගල රජමහා විහාරය දඹදෙණි යුගයේ සිටම පැවත එන විහාරයක් වන අතර එම යුගයේදී ටැම්පිට විහාරයක් වශයෙන් පැවත ඇත.මණ්ඩාවල මාළිඟාව නමින් හැඳින්වෙන ස්ථානය ආශ‍්‍රිතවද එලෙස ටැම්පිට විහාරයක් හෝ කිසියම් ආගමික වටිනාකමක් සහිත ස්ථානයක් පැවතෙන්නට ඇතැයි අනුමාන කළ හැකිය.සඳකඩපහනක්,මල් බඳුනක කොටසක් ආදී සාධක හමු වීම තුළ කිසියම් ආගමික වටිනාකමක් ද පවතින බව ස්ඵුට වේ.විශේෂයෙන්ම සඳකඩපහනෙහි මධයයට වන්නට පූර්ණ නෙළුමක් කැටයම් කර ඇති හෙයින් කිසියම් ආගමික වටිනාකම් ඇති ස්ථානයක් ලෙස මෙම ස්ථානය හඳුනාගත හැකිය.ලක්දිව හඳුනාගත හැකි සෑම සඳකඩපහනකම පාහේ පද්මයක් කැටයම් කර ඇත.ඒ අනූව යමින් මෙහිද පද්මයක් කැටයම් කර ඇත.නමුත් මානුෂ ක‍්‍රියාකාරකම් ඔස්සේ සාධක බොහොමයක් විනාශ වී ඇති නිසාවෙන් මෙම නටඹුන් කුමන ගොඩනැගිල්ලක ශේෂිත නටඹුන්ද යන්න පැහැදිලිව හඳුනාගත නොහැක.
මෙම නටඹුන් කෑරගල විහාරය හා සමකාලීන වේ.මන්දයත් තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ කිසිඳු පුරාවිද්‍යාත්මක සාධක හමු නොවන නිසාවෙනි.ඒ අනූව මෙම නටඹුන් දඹදෙණි යුගය දක්වා දිවයනු ඇතැයි අනුමාන කළ හැකිය.
සඳකඩපහන
උළු කැට
පැරණි උරකැට ළිඳ
මල් බඳුනක්

ඩබ්.ඒ.නයන දර්ශණ
University of Kelaniya
Department of Archaeology
good machan....