මතක තියනවා කියලා නාගන්නද මං

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,934
    2,072
    113
    මතක තියනවා කියලා නාගන්නද මං



    මතක තියනවා කියලා නාගන්නද මං
    හිරේ ලැගලා හිරබත් ගිල ගිල ඉන්නද මං
    පෝරකයට බලෙන් නැගල එල්ලෙන්ද මං
    එහෙම කළොත් රට්ටු කියයි මෝඩ දුමිය මං...//

    මුල්ලේරියා ගියා කියලා මතකයිනේ බං
    හිඹුටානෙදි ගැංසිය චුට්ටක් මතකයි බං
    එතනදී ඒ වෙඩිතියපුව මතක නෑනේ බං
    මතක තියෙන්නේ මට වෙඩි වැදිලා කියලා බං...//

    අම්මා ඇවිත් කවුරුද වෙඩි තිබ්බ කිව්ව බං
    ඒක හින්ද දැන් රෝහලේ ඉන්න වාලු මං
    වෙඩි තියාපු සීන් එකම අමතකයිනේ බං
    අම්මා ආව තමයි මතක මොකද මන්දා බං....//

    රට රටවල මුදලාලිල මුන ගැහුනා මං
    ලොකු ලොකු බිස්නස් ගැන චුට්ටක් මතකයි බං
    හැබැයි අපේ රටේ ගෙනත් විකුණනවද මං
    අනේ අම්මො කුඩු බිස්නස් ගැන දන්නෑ මං...//

    කොල්ලො කෙල්ලො එකතු කරල චන්දේ කෙරුව මං
    මුඩුක්කු අස්සේ ළමයිව ඉඹගත්තා මං
    ආච්චිලා සීයලාව තුරුලු කරන් මං
    ළමයිට කුඩු පෙව්ව කියලා මතක නෑනේ බං....//

    බත් පැකටුයි සල්ලියි ජන්දෙට දුන්නේ මං
    ඇඟේ අමාරුවට අරක්කුත් දුන්නා බං
    වැඩිම මානපය ගන්නව මතකයි වගේ බං
    කිසිම මැරකමක් කළාද මතක නෑනේ බං...//

    රටම දන්න නිළියෝ එක්ක රවුම් ගැහුව මං
    අයියත් මට උදව් කළා ක්ලබ් වලදී බං
    පුංචි පුංචි කෙල්ලෝ ගොඩක් මතකයි වගේ බං
    අනාථ කළ කෙල්ලෝ ගාන මතක නෑනේ බං....//

    සිංගප්පූරුවට ගියා මට මතකයි බං
    ශ්‍රී ලංකාවත් චුට්ටක් මතකයි වගේ දැං
    තාමත් කෙල්ලෝ ඉන්නව ඇඳ වටේට බං
    උන් එක්කම ජොලි කරපුවා මතක නෑනේ බං...//

    ගම්පොල සීයා ආවා මතකයි වගේ බං
    වැලන්ටයින් ඇවිත් ගියා හිමින් සැරේ බං
    තවත් ලොක්කෝ ඇවිත් ගියේ හොරෙන්මනේ බං
    සමහරු අය එහේ එනකොට ක්ලබ් එකේනේ මං...//

    මිනිස්සු ජීවත් වෙන්නට බත් කනවද බං
    ඇඳුම් ඇඳලා වහගන්නේ හෙළුවැල්ලද බං
    මිනිස්සුනේ එහෙම ඉන්නේ මට මොකටද බං
    විලි ලැජ්ජාවක් මට නෑ මං දන්නෑ බං...//
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උට මතකත් නැහැ උට විරුද්දව නඩු කියපු එවුන්ට මතකත් නැත්තන් අපි මොන බම්බුවකටද මතක තියාගෙන ඉන්නේ