මතක ශක්තිය වැඩි කරන කුරුඳු

muditha-85

Active member
  • Aug 10, 2016
    45
    119
    33
    www.sithmalyaya.com


    මතක ශක්තිය වැඩි කරන කුරුඳු

    අප ජීවිතයේ එදිනෙදා අත් බෙහෙත් සඳහා යොදාගනූ ලබන බොහොමයක් ද්‍රව්‍ය තිබෙනවා. ඒවා ඇතැම් අවස්ථාවලදී වචනයෙන් කිව නොහැකි තරම් ප්‍රයෝජන වෙනවා. කුරුඳුත් එවැනි ද්‍රව්‍යයක් ලෙස හඳුන්වන්නට පූළුවන්. ඒ වගේම කුරුඳු මේ ආකාරයට බොහෝ අවස්ථාවන් අත් බෙහෙතක් වශයෙන් යොදා ගැනීමට හැකියාව ලැබෙනවා.

    • කුරුඳු පොතු කුඩූ කර උණූවතුරට දමා පෙරා සීනි දමා බීමෙන් බඩ පිපූම හා ඔක්කාර ස්වභාවය දුරකර ගැනීමට හැකිය.
    • විශේෂයෙන්ම බඩපූරවා දැමීම නැති කරවන ද්‍රව්‍යයක් ලෙස කුරුඳු කා අතරත් ප්‍රකට වන්නේය.
    • එසේම මානසික ආතතිය දුරුකර මතක ශක්තිය දියූණූ කරවීමේ හැකියාවද කුරුඳු සතුව පවතී.
    • බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් තමයි මූඛයේ ඇතිවන දුර්ගන්ධය. කුරුඳු පොතු කටෙි දමා සැපීමෙන් දුර්ගන්ධය වළක්වා ගැනීමට ද හැකියාව ලැබෙයි.
    • කුරුඳු පොතු ඇල් වතුරෙන් අඹරා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍රකර රෙදි කැබැල්ලක තවරා නළල මත දැමීමෙන් හිසරදය සූවකර ගැනීමට හැකිය.
    • කුරුඳු පොතු සිහින්ව කුඩූකර දෙහි ඇඹූලෙන් අඹරාගෙන රාත්‍රී නින්දට පෙර කුරුලෑ ඇති ස්ථානවල පමණක් ආලේප කරන්න. මෙය කුරුලෑ සූවවීමට හොඳ අත් බෙහෙතකි.
    • කුරුඳු මගින් නිවසේදී ලබාගත හැකි ප්‍රයෝජන රාශියකි. ඒ වගේම අත් බෙහෙත් ලෙස ද කුරුඳු එවැනි අවස්ථාවලදී භාවිත කළ හැකියි.
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ghajini-aamir-kya-karne-aya-tha.jpg
     
    • Haha
    Reactions: NRTG