මතට තිතයි කියනවා හොර අරක්‌කු පොවනවා!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මතට තිතයි කියනවා හොර අරක්‌කු පොවනවා!

    රටේ ජනතාව මතින් බේරා ගනිමින් මතට තිත තබන්නට ආණ්‌ඩුව දැඩි උත්සාහයක්‌ දරණ බව පසුගිය කාලය පුරා බැලූ බැල්මට පෙනෙන්නට තිබුණකි. නමුත් ආණ්‌ඩුවේ එකී උත්සාහය තුළ ඇත්තේ අවංක වුවමනාවක්‌ද නැතිනම් කොළේ වසා ගැසීමේ ක්‍රමවේදයක්‌ද යන්න පිළිබඳ සිතීමේදී මේ වන විට රටේ ජනතාව තුළ මතුව ඇත්තේ පැහැදිලි ගැටලුවකි.

    වත්මන් රජය "මතට තිත" යන්න සේල් දමමින් කරනුයේ "හක්‌කේ බුදු රැස්‌ බොක්‌කේ දඩමස්‌" න්‍යායේ ක්‍රියාවලියක්‌ දැයි අපි නොදන්නේමු. ඒ ඇතැම් විට ආණ්‌ඩුව සිතන පරිදි තොත්ත බබාලා වූ අපට කිසිත් නොවැටහෙන නිසා විය යුතුය.

    නමුත් ඒ කුමකින් කුමක්‌ වුවත් ඉහත කී ජනතා ගැටලුව නම් සර්ව සාධාරණ යථාර්ථවාදී එකක්‌ බව අපි හොඳින්ම දන්නෙමු. අප එසේ කියන්නේ ඇයි.

    ඊට හේතු වන්නේ මතට තිතක්‌ ගැන ආණ්‌ඩුව නන් දොඩවද්දී තිතට මත්වී වැනසෙන මෙරට මිනිසුන් ගැන කියෑවෙන යථාර්ථවාදී කතාව අද ඉතා අපූරු එකක්‌ බවට පත්ව තිබෙන නිසාය. එකී අපූරු කතාව කෙසේ වී තිබෙන්නක්‌ද?

    "මතට තිත" යන සංකල්පය මෙරට තුළ මුලින්ම කරළියට එන්නේ වත්මන් රජයේ මහින්ද චින්තන ලියවිල්ලත් සමගිනි. එය එසේ පෙරට ඒමත් සමග මුල් කාලයේ සිදුවූ පෙරළිද රැසකි. එතෙක්‌ පොලිසියට නොපෙනෙමින් තිබූ හොර සුරා හෙවත් කසිප්පු පොළවල් නන්නත්තාර කෙරෙමින් වැටලීම් සිදු වන්නට විය.

    දේශපාලන බලයෙන් නීත්‍යානුකූල නොවන ලෙස කරගෙන ගිය හොර තැබෑරුම් හෙවත් බාර්වලටද එකී ඉරණමම අත් විය. මත්පැන් ශාලා සඳහා අලුතින් බලපත්‍ර ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹීමටද මෙහිදී රජය තවත් පැත්තකින් පියවර ගත්තේය. මත් කුඩු වැනි දේටද වැට බැඳෙමින් තිබිණි.

    නමුත් මේ කුමක්‌ සිදු වුවද "තිත" කෙසේ වෙතත් රටපුරා ඇති පදම් "මත" පැවතියේය. දිගින් දිගටම සිදු වන්නට වූයේ රජය ගඟට ඉනි කපද්දී ගඟ දිය ඒවා රැගෙන යැමය. රට තුළ මත් පැන් පරිභෝජනය දිනෙන් දිනම ඉහළ යන්නට විය. මේ සමග "සෝඩා බෝතලය ඇරියාක්‌" මෙන් සිදු වන්නට වූ වැටලීම්ද නතර වන්නට වූවේය.

    රජය මතට තිත තබන්නට ක්‍රියා කළේ නම් මෙවැන්නක්‌ වූයේ කෙසේද? පැහැදිලි ලෙසම මෙතැනදීද සිදු වූයේ අතීතයේ සිදුවූ පරිදිම බලය සහ දේශපාලනය පෙරට විත් සියල්ල කණපිට හැරවීමය. අප එසේ කියන්නේ ඇයි? වර්තමානයේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ක්‍රියා කිරීමට ඇති සියලු රාජ්‍ය අංශ සහ ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන්ගේ කෙරුවාවන් දෙස බැලීමේදී එය මැනවින් පැහැදිලි වන බැවිනි.

    "මතට තිත" සංකල්පයත් සමග අලුතින් මත්පැන් අලෙවිය සඳහා බලපත්‍ර ලබා නොදීම ආණ්‌ඩුව ගත් එක්‌ පැහැදිලි තීරණයක්‌ විය. නමුත් එක්‌ පසෙකින් රජය එසේ ක්‍රියා කරද්දී තවත් පැත්තකින් සිදු වූයේ කුමක්‌ද? සැඟවී තිබූ ඒවා පවා එළියට එමින් මෙරට මත්පැන් නිෂ්පාදනාගාරවල නිෂ්පාදන ක්‍රියාවලිය දිනෙන් දින සක්‍රීය වීමේ තත්ත්වයන් ඇති විය.

    මින් බොහෝ නිෂ්පාදනාගාර කාලයක සිට ක්‍රියාත්මක වූයේ දේශීය ස්‌ප්‍රීතු මත යෑපෙමිනි. එහෙයින් ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවද පැවතියේ සීමිත මට්‌ටමකය. එසේ නම් මතට තිත ක්‍රියාත්මක වෙද්දී ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සක්‍රීය වීමේ තත්ත්වයක්‌ ඇති වූයේ කෙසේද?

    ඒ පසුපස ඇත්තේ "මතට තිත" යන්න අවංක ප්‍රයත්නයක්‌ නම් රජයේ අවධානය වහා යොමු විය යුතු කතාවකි. නම හෙළි කිරීමට අකමැති වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ එක්‌තරා නිලධාරියකු ඒ කතාව අපට කීවේ මෙලෙසිනි.

    "මේ රටේ දේශීය ස්‌ප්‍රීතුවලින් මත්පැන් නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළට අමතරව විදේශීය ස්‌ප්‍රීතු ආනයනය කිරීම මගින් මත්පැන් නිෂ්පාදනය කිරීමත් සිදු වෙනවා. එහිදී විදේශීය ස්‌ප්‍රීතු ආනයනය කිරීමට ඇතැම් සමාගම්වලට බලපත්‍ර ලබා තිබෙනවා.

    ඊට අමතරව සුවඳ විළවුන්, ඕඩි ක්‌ලෝන්, වැනි අතුරු නිෂ්පාදන සඳහාත් අවශ්‍ය ස්‌ප්‍රීතු ආනයනය කිරීම සඳහා ඇතැම් අයට බලපත්‍ර නිකුත් කර තිබෙනවා. මේ අතුරු නිෂ්පාදන බලපත්‍ර ලබාගෙන ඇති අය අතර ඉහළම දේශපාලනඥයන් දෙතුන් දෙනෙකුත් සිටිනවා.

    හැබයි මේ විදිහට අතුරු නිෂ්පාදන සඳහා බව කියමින් බලපත්‍ර ලබාගෙන ස්‌ප්‍රීතු ආනයනය කෙරුණට ඒවායෙන් හදන අතුරු නිෂ්පාදනයක්‌ නැහැ. බහුතරය කරන්නේ තමන් අතුරු නිෂ්පාදන සඳහා කියල ආනයනය කරන ස්‌ප්‍රීතු තොගත් මත්පැන් නිෂ්පාදනය සඳහා බලපත්‍ර ඇති සමාගම්වලට අලෙවි කරන එක.

    බොහෝ විට එහෙම අලෙවි කරන්නේ දේශීය ස්‌ප්‍රීතු මත යෑපෙමින් මත් පැන් නිෂ්පාදනය කරන සමාගම්වලට. ඒ සමාගම් රුපියල් 45000- 50000 අතර මුදලකට එක්‌ ස්‌ප්‍රීතු බැරලයක්‌ ගෙන ඒකෙන් රුපියල් ලක්‍ෂ තුනක විතර මත් පැන් නිෂ්පාදනය කරනවා. මෙන්න මේ අන්දමින් තමයි ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ යන්නේ.

    නමුත් ඒ හැම දෙයක්‌ම කෙරෙන්නේ හොරෙන්. ඒවට සහාය දෙන්නේ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරින්. විශේෂයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින්, රේගු නිලධාරින් පමණක්‌ නෙමේ මුදල් අමාත්‍යංශයේ බලධාරිනුත් මේ ජාවාරම් පසුපස්‌සේ ඉන්නවා.

    මම කෙටියෙන් පැහැදිලි කළාට අද දවසේ මේ ජාවාරම සිදු වෙන්නේ මහා පරිමාණයෙන්. ඇත්තටම ඒක කළු සල්ලි උපදවන පාතාල ක්‍රියාදාමයක්‌ කිව්වොත් නිවැරදියි. එතැනදී රුපියල් කෝටි ගණනක බදු ආදායමක්‌ රජයට අහිමි වෙනවා. පැහැදිලිවම දේශපාලනය මේකෙදී ඉහළින්ම තියෙනවා.

    මෙතනදී සිද්ධ වන තවත් දෙයක්‌ තමයි මේ ආකාරයෙන් කෙරෙන මත් පැන් නිෂ්පාදනයන් වාර්ෂික වාර්තාවන්ට ඇතුළත් නොවීම. ඒ කියන්නේ මේ විදිහට කෙරෙන මත් පැන් නිෂ්පාදන වෙළඳ පොළට එන්නේ හොරෙන් කියන එක.

    පහුගිය කාලේ රජය මත් පැන් සඳහා බදු අය කිරීම් ඉහළ නංවනකොට "බජට්‌ අරක්‌කු" වෙළෙඳ පොළට ආවේ මේ කියන ක්‍රියාවලිය නිසා. ඉතින් රජයේ බදු අයකිරීම් සමග මත් පැන් මිල ඉහළ ගියාට මත් පැන් බොන අයට අඩු මිලට බොන්න පුළුවන් මත්පැන් බාර් එකට ආවා.

    හැබැයි මේ බජට්‌ අරක්‌කු ප්‍රමිතියෙන් යුතුදැයි සොයා බලන්න කෙනෙක්‌ නැහැ. ඒ වුණාට මත් පැන් පානය කරන අය ඒවා මිලදී ගෙන බොනවා. එතනදී මිනිස්‌ සිරුරට සිදුවන හානිය බරපතල තත්ත්වයක තිබෙන්න පුළුවන්.

    රජය "මතට තිතේ" එල්ලී සිටියදී රට තුළ මත් පැන් නිෂ්පාදනය සහ භාවිතය ඉහළ යැමට වර්තමානයේ බලපා තිබෙන එක්‌ බරපතල කතාවක්‌ ඔහු අනාවරණය කර සිටියේ එලෙසිනි.

    ඊට අමතරව මෙරට මත්පැන් නිෂ්පාදනය ඉහළ දැමෙමින් සිදු වන තවත් නීති විරෝධී ක්‍රියාවන් කිහිපයක්‌ද වේ. ඉන් එක්‌ ප්‍රධාන ක්‍රියාවලියක්‌ වන්නේ රා යොදා ගනිමින් කසිප්පු පෙරන ක්‍රියාවලියට අනුව ස්‌ප්‍රීතු සකසා මත්පැන් නිෂ්පාදනය කිරීමය.

    මෙහිදී Rජුවම නිෂ්පාදනය කෙරෙනුයේ වෙළෙඳ පොළේ වැඩි අලෙවියක්‌ ඇති සාමාන්‍ය ව්‍යවහාරයෙන් "ගල් අරක්‌කු" නමින් හැඳින්වෙන මත්පැන් වර්ගයකි. කසිප්පු පෙරන ක්‍රියාවලියෙන් ලබා ගන්නා ස්‌ප්‍රීතුවලට සීනි කැරමල් කර කලවම් කිරීමෙන් එම නිෂ්පාදනයන් සිදුවේ.

    එකී ක්‍රියාවලිය මේ වන විට "දංකොටුව ස්‌පෙෂල්" නමැති කුප්‍රකට මත්පැන් ස්‌ප්‍රීතු මගින්ද සිදු කෙරෙන්නකි. මෙකී හොර "ගල් අරක්‌කු" යනු අද දවසේ රට පුරා මත්පැන් ශාලා තුළ ඉහළින්ම අලෙවි කරන්නකි. ඒ නියම ප්‍රමිතියෙන් යුතු මත් පැන් ලෙස අඟවමිනි.

    මෙහිදී සියල්ල සිදු වන්නේ නිෂ්පාදකයාට මෙන්ම අලෙවි කරන්නාටද හිමි වන අධික ලාභය හමුවේය. සාමාන්‍යයෙන් ප්‍රමිතියෙන් යුතු මත් පැන් බෝතලයක්‌ අලෙවිය සඳහා මිලදී ගන්නවාට වඩා බොහෝ සෙයින් අඩු මුදලකට මෙවන් ව්‍යාජ "ගල් අරක්‌කු බෝතලයක්‌ මිලදී ගැනීමට අද දවසේ අලෙවි කරන්නන්ට අවස්‌ථාව තිබේ.

    නමුත් එසේ අඩු මුදලකට මිලදී ගන්නා අරක්‌කු බෝතලය ප්‍රමිතියෙන් යුතු අරක්‌කුවල මිලටම අලෙවි කිරීමට මත් පැන් හල් හිමිකරුට අවස්‌ථාව ලැබේ. ඔවුන් අධික ලාභයක්‌ උපයා ගන්නේ එමගිනි.

    මෙසේ ප්‍රමිතියෙන් තොර ව්‍යාජ මත්පැන් බෝතල නිෂ්පාදනයේදී ඒවාට අවශ්‍ය කරන මූඩි ගැසීම සහ ලේබල සකස්‌ කිරීම ආදී අවශේෂ කටයුතු සඳහා අති දක්‍ෂයෝ අද මේ රට තුළ ඕනෑ තරම් වෙසෙති.

    එකී ප්‍රමිතියෙන් තොර මත් පැන් පිළිබඳ ඉකුත් දිනෙක අපට හමුවූ මත් පැන් තොලගාන්නකු අපූරු කතාවක්‌ කියන්නට වූයේ මෙසේය. "මහත්තයෝ. මම ටික කාලෙක ඉඳලා බොන මිනිහෙක්‌.

    හැබැයි ඉස්‌සර වගේ නෙමේ අද. තැන් පහකට ගිහින් පොඩ්ඩක්‌ බීලා බැලුවොත් එකම අරක්‌කු වර්ගය රස පහකින් බොන්න වෙනවා. මොකද එකාට එකා විකුණන්නේ හොර අරක්‌කු. ආණ්‌ඩුව මතට තිත කිව්වට වැඩේ සිද්ධ වෙන්නේ ඔය විදිහටයි. ඕන තරම් බොන්න බඩු අද තියෙනවා. නැත්තේ ප්‍රමිතියක්‌ විතරයි.

    මේ පිළිබඳව වැඩිදුරටත් කළ සොයා බැලීම්වලදී මෙකී හොර අරක්‌කු හෙවත් කසිප්පු සීල් කර ප්‍රමිතිගත මත්පැන් සේ වෙළඳ පොළට එවීමේ ජාවාරම පිටුපසත් සිටිනුයේද දේශපාලන ගෝලබාලයන් බව පැහැදිලි ලෙසම අනාවරණය වූවකි.

    මෙකී ක්‍රියාදාමයද අද රටතුළ මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ යැමට Rජුවම බලපා තිබේ. එසේම එකී දේශපාලන අතපෙවීම් නිසාම පසුගිය කාලයේ රජයේ "මතට තිත" ක්‍රියාදාමය හමුවේ යම් පසු බෑමකට ලක්‌ව තිබූ කසිප්පු හෙවත් හොර සුරා ජාවාරමද දැන් යළිත් ඉස්‌මතු වී තිබේ.

    පොලිසිය ඉඳ හිට කොතැනකදී හෝ වැටලීමක්‌ කර "අපි බඩු ඇල්ලුවා" කියමින් මාධ්‍ය සංදර්ශනයක්‌ දමන්නේය. නමුත් සීයට එකසිය විස්‌සක්‌ ආයු ලබමින් කසිප්පු කෙළියද අද දවසේ රට පුරා තැන් තැන්වල යෙහෙන් සිදු වන්නේය.

    සියල්ල මෙසේ වෙද්දී ආණ්‌ඩුවේ "මතට තිතේ" තරම බලා ගැනීමට අවශ්‍ය නම් පෝය වැනි දිනක හැර අන් ඕනෑම දිනෙක රාත්‍රි 9.00 ට ආසන්න වෙද්දී මත්පැන් අලෙවි කරන ස්‌ථානයක්‌ වෙත නෙත් යොමු කළ හොත් කාටත් එය දැක ගත හැකිය. හරියට එහිදී දකින්නට ලැබෙන දසුන "ඉතියෝපියාවට පාන් බෙදන්නාක්‌a"වැනි එකක්‌ බව ඕනෑම පෙනී යනුq ඇත. මත් පැන් හල් වසා දැමෙන පෝය දිනට පෙර දින කිසිවකු හෝ මත් පැන් හලක්‌ වෙත එවන් අවධානයක්‌ යොමු කළ හොත් වැඩේ ඩබල් කර දැක බලාගත හැක්‌කේය.

    රජරයේ මතට තිත අසසේ ක්‍රියාත්මක මත් පැන් පිළිබඳ කතාව එසේ වෙද්දී මෙරට තරුණ ගහණය මතට හුරු කෙරෙමින් අද දවසේ රට පුරා තවත් වසංගත ක්‍රියාදාමයක්‌ සිදු වෙමින් තිබෙන්නේ "බියර් ෂොප්" නමැති අකුරු කිහිපයට මුවා වෙමිනි.

    සාමාන්‍යයෙන් අප දන්නා පරිදි බියර් යනු සැරෙන් අඩු මත් පානයකි. නමුත් අද දවසේ එකී සැරෙන් අඩු බව ඇත්තේ කොතැනකද? එය ප්‍රතිශතයක්‌ වශයෙන් බියර්වල අතීතයේ නොතිබූ ප්‍රමාණය ඉක්‌මවා සියයට 8.8 දක්‌වා පෙරට විත් තිබෙන්නේය. ඒ හමුවේ බියර් ෂොප් එකකදී බියර් බෝතලයක්‌ බොන එකාද අද දවසේ කකුල් හතරෙන් ගෙදර යන තත්ත්වයක්‌ නිර්මාණය වී ඇත්තේ රජයේ මතට තිතට තවත් සහතිකයක්‌ දෙමින්ය.

    ආණ්‌ඩුව මත්පැන් අලෙවිය සඳහා අලුතින් බලපත්‍ර නිකුත් නොකළාට මෙකී බියර් ෂොප්වලට බලපත්‍ර දීම මේ වන විට නොකඩවා සිදු වෙමින් තිබෙන බව පෙනී යන්නේ දිනෙන් දින හතු පිපෙන්නාක්‌ මෙන් ගම් නගර පුරා බිහිවන බියර් ෂොප් දෙස බැලීමේදීය. මෙහිදී එක්‌තරා සමාගමක්‌ මගින් ක්‍රියාත්මක කරන බියර් ෂොප්වලටද ඇත්තේ අංක එකේ තැනකි.

    අද ආණ්‌ඩුවේ මතට තිත කෙසේ වෙතත් මෙකී බියර් ෂොප් මගින්ද රටේ මත් බව ඉහළ යැමට එල්ල වී ඇත්තේ ප්‍රබල බලපෑමකි.

    මෙරට ජනතාව මත්පැන්වලට ආකර්ෂණය වීම වැළැක්‌වීමේ පියවරක්‌ ලෙස කියමින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය තහනම් කිරීමට බලධාරින් පියවර ගනු ලැබුවේ බොහෝ කලකට පෙරය. එය සාධනීය පියවරක්‌ ලෙසටද හඳුන්වා දිය හැකිය.

    නමුත් බලධාරින් එවන් තීරණ ගනු ලැබුවද අද දවසේ මත්පැන් නිෂ්පාදන සමාගම් එකී තීරණද පරයා ජනතාව මත් පැනට ග්‍රහණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින්නේය. ඒද නිකම්ම නොව. මත්පැන්වලට එරෙහිව නැගී සිටින සංවිධානද පරයා යමිනි.

    "අරක්‌කු බිව්වම ගඳයි" යන්න පසුගිය කාලයේ මත් පැන් විරෝධී සංවිධාන මගින් ගස්‌, ගල්, තාප්ප පමණක්‌ නොව බස්‌ රථ පවා ඉලක්‌ක කර ඇලවූ එක්‌තරා ප්‍රචාරක දැන්වීමකි. නමුත් අද දවසේ මත්පැන් නිෂ්පාදන සමාගම් ඊට පිළිතුරු ලබා දී ඇත්තේ කෙසේද?

    ඔවුන් අද මිදි, ඇපැල්, අඹ, පමණක්‌ නොව දෙහි දොඩම්වල සිට පළතුරු වට්‌ටියකම සුවඳ බාර් එකේ රාක්‌කයට රැගෙන විත් අරක්‌කු බිව්වම සුවඳයි කියන තැනට වැඩේ කරන්නට පියවර ගෙන ඇත්තේය.

    ආණ්‌ඩුව "මතට තිත" සේල් කරන අතරේ තිතට මත රට පුරා ව්‍යාප්ත වෙද්දී ඉකුත් 2012 වසර සඳහා වූ මෙරට මත් පැන් පිළිබඳ කියෑවෙන සුරාබදු දෙපාර්තමේන්තු වාර්තාවද ඉකුත් සිකුරාදා නිකුත් විය. එහි සඳහන් ආකාරයට මෙරට ජනගහණය කෝටි දෙකහාමාරක්‌ ලෙස ගතහොත් එක්‌ අයකුට වසරකට ලීටර් දෙකක්‌ පමණ වන සේ මත් පැන් නිෂ්පාදනයක්‌ 2012 වසරේ රට තුළ සිදුව ඇත.

    නමුත් ගැටලුව ඇත්තේ මේ සියල්ල සත්‍යදැයි විමසා බැලීමේදීය. මන්ද ඉහත කාරණා අනුව එකී වාර්තා කිසි විටෙකත් සත්‍යයම විය නොහැකිය.

    එසේ නම් මහත්වරුනි අප මේ යන්නේ කොහේද? ඉහත තත්ත්වය අනුව එකී පැනයට "මල්ලේ පොල් කියා පිළිතුරු දෙමුද?

    uputaganima divaina
    hithapalla mewagen bona ewunta wena haaniya
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    අර ගල් අරක්කු ගැන කතාව නම් සීයට සීයක් ඇත්ත .ඒ හේතුව නිසාම දැන් ගල් අරක්කු බොන්නේ නෑ.මේ රටේ ගැනියෙක්ට ළමයෙක් හම්බවෙන්න ගියත් එකටත් දේශපාලනය අත දානවනේ බන්.මේ රට අන්තිම ජරාජීර්ණ වෙලා ඉවරයි නේද.කාලකන්නි දේශපාලුවෝ හැත්ත උන් එක එකාට වෙන වෙනම හෙන ගහන්න ඕනේ බන්.පනුවෝ ගහල මැරෙන්න ඕනේ සක්කිලියෝ ටික.රටේ මහා එකාගේ ඉදන් පොලිස් බල්ලට යනකන් ඔක්කොම ඉන්නේ කම්බ හොරු.හොරකම් කරත් කමක් නැ අඩු ගැනේ තමන්ගේ ජාතිය ආගමට වත් මුල් තැන දීල.එක වෙන්නෙත් නැ තම්බිය යස අගේට රට අල්ලනවා.හෙට දළදා මාලිගාව ඩෝසර් කරලා දෙන්න කීවත් කරලදෙයි.නීතිය බල්ලට ගිහින් , මිනීමරුවා නඩු කාරයා වෙලා , නඩු කරයා වැරදිකාරයා වෙලා , හමුධාපති ත්‍රස්තවාදියා වෙලා ත්‍රස්තවාදියා මන්ත්‍රී වෙලා , ගණිකාවො පාර්ලිමේන්තු ඇවිත් , කසිප්පු මුදලාලිලා ඇමතිලා වෙලා , කුඩු මුදලාලි ප්‍රධාන ඇමතිලා වෙලා , රටේ මහා එකා පල්ලි හදන්න සල්ලි දීලා බුද්ධාගමට කෙලවනවා , චීනෙට රට විකුණලා , තමන්ගේ නම දාගන්න ඕනෙවට නැව් එන නැති වතුර ටැංකි හදල , තව එකී මෙකී නොකී දේවල් එමටයි.අපි නිකන් අපේ ලේ පුච්චගන්නවා බන්.ඕකුන්ට සාප වෙන්න ඕනේ බන්.ඔබේ සාපයත් පහතින් ඉදිරිපත් කරන්න. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: bohokal

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    sira kathawa ban,mama balagena hitiya udden passe rata hadei kiyala,ewunata dan minissu kiyanne prabakaran hitiyanam hodai kiyala,u innakota adumagaane minissu dannawa u innawa ape dewal winasha karanawa kiyala,ewunata dan epaththa okkoma apahu ganna bari widiyata china,india walata wikunala tiyenne,kabalen lipata watila inne,
     

    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ආණ්‌ඩුව මත්පැන් අලෙවිය සඳහා අලුතින් බලපත්‍ර නිකුත් නොකළාට මෙකී බියර් ෂොප්වලට බලපත්‍ර දීම මේ වන විට නොකඩවා සිදු වෙමින් තිබෙන බව පෙනී යන්නේ දිනෙන් දින හතු පිපෙන්නාක්‌ මෙන් ගම් නගර පුරා බිහිවන බියර් ෂොප් දෙස බැලීමේදීය. මෙහිදී එක්‌තරා සමාගමක්‌ මගින් ක්‍රියාත්මක කරන බියර් ෂොප්වලටද ඇත්තේ අංක එකේ තැනකි.

    machan
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මචං ඔය මතට තිත සංකල්පෙ ඇවිත් ආණ්ඩුවෙ එකක් නෙවෙ. පුංචි පක්ෂෙකින් උස්සපු සංකල්පයක්. උන්ට ලකුණක් වැටුනා නම් වැටුනෙ ඒකෙන් සිගා ඇඩ් තහනම් කරපු එකෙන් තමයි. වැඩක් නැහැ මට පශ්චාත් භාගයෙන් හිනා පහුගියදා දුමින්ද සිල්වා කියනවා කොලොන්නාවෙ කුඩු මාෆියාව නැති කරන්න කැප වෙලා වැඩ කරනවලු මිනිහා. මේ රට බල්ලටම යනවා. මහින්ද 0.5 වේගෙකින් රට ආඝාදෙට ගෙනියනවා නම්, රනිල් මහත්තයා සංස්කෘතිකව හා රට ආඝාදෙට ගෙනියන්නෙ 2.5 වේගෙකින්. ඒ නිසා මිනිස්සුන්ට තෝරගන්න වෙලා තියෙන්නෙ හොඳ නායකයා නෙවෙයි. අවමහානිය කරන කෙනා. හරිම කණගාටුදායක තත්ත්වයක්. අඩුම ගානෙ දේශපාලනේට එන්න නම් උපාධිය හෝ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජවලින් ඒ තුන සහිතව සමත්ව තිබීම අනිවාර්ය කරන්න ඕනෙ. බාහිර හෝ පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය තිබීම අනිවාර්ය කරන්න ඕනෙ.
     
    Last edited:
    • Like
    Reactions: bohokal

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    aniwa machan,eeka pradanama deyak,munta kisima sudusukamak naa,ape paththe hitapu palath saba ekek dan mahachaarya kiyala pita rata geni yanne,u mama danna widiyata o/l wath pass naa,