මත්තල එයාපෝට් එකට වනජීවී කාර්යාලයක් 😂😂😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,621
    113
    mattala-airport.jpeg



    හම්බන්තොට, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රය තුළට වනඅලි ආදී වනජීවීන් වරින්වර ඇතුළු ‍වීම මෙන් ම එහි පිවිසුම් මාර්ග හරහා මාරුවීම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළෙහි යටි‍තල පහසුකම්වලට හානි සිදුවන අවස්ථාවන් බහුල වන අතර, එහි මෙහෙයුම්වලට ද බලපෑම් ඇති වී තිබේ.

    එලෙස යටි‍තල පහසුකම්වලට සිදු වන හානි පිළිසකර කිරීමට සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට දැරීමට සිදුවන පිරිවැය සැලකිය යුතු තරම් ඉහළ වන බව ද හඳුනාගෙන ඇත.

    එබැවින්, එවැනි වනසත්ව තර්ජන කල්තියා හඳුනාගෙන නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් ගුවන් මගීන්ගේ, ගුවන්තොටුපොළ කාර්යමණ්ඩලයේ සහ ගුවන්තොටුපොළෙහි යටි‍තල පහසුකම්වල ආරක්ෂාව තහවුරු කිරීමටත්, ගුවන්තොටුපොළ මෙහෙයුම්වල සිදු විය හැකි ප්‍රමාදයන් සහ අවහිරතාවන් අවම කර ගනිමින් නිර්බාධිත ගුවන් සේවාවක් පවත්වාගෙන යාමටත් හැකි වන පරිදි හම්බන්තොට, මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළෙහි විශේෂිත වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීම පිණිස පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.