මත්තල - රත්මලාන වැසෙයි ?

your_love

Well-known member
  • Apr 7, 2012
    14,070
    1
    11,098
    113
    දැඩි මූල්‍ය අර්බුදය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපොළ වැසීයාමේ අනතුරක් මතුව ඇතැයි වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් පවත්වාගෙන යෑමේ(නඩත්තු කිරීමේ ) දුෂ්කරතා සහ ප්‍රමාණවත් ගුවන් යානා ප්‍රමාණයක් නොපැමිණීම යනාදී හේතු මත මෙම ගුවන් තොටුපොළවල් තවදුරටත් පවත්වාගෙන යෑම විශාල ප්‍රශ්නයක්වී ඇති බවයි.

    විශේෂයෙන්ම ගුවන්තොටුපොළවල් දෙකේ කාර්ය මණ්ඩල නඩත්තු කිරීමටද මේ වන විට විශාල පිරිවැයක් දැරීමට සිදුවී ඇතැයි දැනගන්නට ඇත.

    මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර රත්මලාන ගුවන් තොටුපළද අද වනවිට හුදෙකලා ගුවන් තොටුපළක් ලෙස පවතින බව එහි සේවකයෝ පැවසූහ.

    රත්මලාන ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස පසුගිය මාර්තු 27 වැනිදා උත්සවාකාරයෙන් විවෘත කෙරුණු අතර එදින මංගල ගමන පැමිණි මාලදිවයින ජාතික ගුවන් සේවයේ මගී ගුවන්යානය ආපසු පිටව ගොස් ඇත්තේද හිස් අතින්මය.

    ගුවන්තොටුපළ විවෘත කිරීමේ ඒ උත්සවයට රුපියල් ලක්ෂ 80 ක් පමණ වැය වී තිබිණැයි වාර්තා වේ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,631
    113
    Miami
    වල් වේස මයිනා තමන්ගෙ නම තියාගන්න රටේ මිනිස්සුන්ගෙ සල්ලි විනාස කරල හදපු සුදු අලි. ඔය පයිය මීට කලින් වහල දැම්මනම් සල්ලි ගොඩක් ඉතුරුත් වෙනව. ප්ලේන් එන්නෙත් නැති එකේ දවසගානෙ බස් පුරෝල යන්නෙ අහවල් ඇන්නෑවක් කරන්නද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    කැලෑ වල එයාපෝට් හදල එක්ස්පිරියන්ස් තියෙන සබාපති කෙනෙකුයි එයාපෝට් වල හාල් ගබඩා කරල එක්ස්පිරියන්ස් තියෙන උප සබාපති කෙනෙකුයි ඉන්න නිසා බය වෙන්න එපා. ජය නියතයි - ගමන සුබයි!
     
    • Like
    Reactions: Any.key and NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කටුනායකට ඵන ප්ලේන් වලටත් පුල් ටෑන්ක් ගහන් ඵන්න කියලලු..ලෝකේ ඵහෙම කිව්ව පලවෙනි රට වෙන්න අැති..අාඩම්බරයි ඉතිං..😅😅😅
     
    • Haha
    • Sad
    Reactions: NRTG and inspiron

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕවට වග කියන්න ඕනේ අරගලකාරයෝ. ඔය රැට්ටලා වගේ උන් හිරේ දාන්න ඕනේ හරි නම්
     
    • Like
    Reactions: Any.key and NRTG

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඕවට වග කියන්න ඕනේ අරගලකාරයෝ. ඔය රැට්ටලා වගේ උන් හිරේ දාන්න ඕනේ හරි නම්
    Erozan pons will be like
    Wagakiyanna ona aragala karana ewun thamai, Un aragala karana handa suddo enne ne
    Ubalage GuNP eke ranilui, kadinal ponnayai thamai owwa okkoma kale
     
    • Haha
    Reactions: HAneo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    "හොදට හිටිය රටක් අපි වැටිච්ච තැනක්....."

    මේ අර වීඩියෝ ටික හොයලා ගනිල්ලා. ඒවා දැන් හදපු එව්වන්ටම තමා ගැලපෙන්නේ.................
     
    • Like
    Reactions: NRTG

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    මත්තල ගුවන්තොටුපළේ රාජකාරි සඳහා කාර්ය මණ්ඩලය රැගත් සුඛෝපබෝගී බස් රථයක් කටුනායක සිට දිනපතා මත්තලට ගමන් කරන බවත් එම ප්‍රවාහනය සඳහාද විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

    yako mun normal layland bus walatada සුඛෝපබෝගී kiyanne. :rofl: :lol:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    වල් වේස මයිනා තමන්ගෙ නම තියාගන්න රටේ මිනිස්සුන්ගෙ සල්ලි විනාස කරල හදපු සුදු අලි. ඔය පයිය මීට කලින් වහල දැම්මනම් සල්ලි ගොඩක් ඉතුරුත් වෙනව. ප්ලේන් එන්නෙත් නැති එකේ දවසගානෙ බස් පුරෝල යන්නෙ අහවල් ඇන්නෑවක් කරන්නද?
    bump