මත්පැන් භාවිතය හොඳද නරකද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මත්පැන් භාවිතය හොඳද නරකද?

    මත්පැන් භාවිතය හොද නරකද? යන ප්‍රශ්ණය හමුවේ වැනි වැනී යන බයිබලීය මතය
    මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් බයිබල් පද වල අවවාද අඩංගුවේ (ලෙවී 10 : 9; ගණන් කථාව 6 : 3; විතීය කථාව 29 : 6; විනිශ්චයකාරයා13 : 4,7,14; 1 සාමුවෙල් 1 : 15; හිතෝපදේශ 20 : 1, 31 : 4, 6; යෙසායා 5 : 11, 22; 24 : 9; 28 : 7; 29 : 9; 56 : 12; මීකා 2 : 11; ලූක් 1 : 15).
    කෙසේ වෙතත්, බියර්, මුද්‍රිකපානය හෝ මද්‍යසාරය අඩංගු බීමක් පානය කිරීම සම්බන්ධයෙන් බයිබලයේ තහනමක් තබා නැත. තවද ඇතැම් බයිබලීය පද වල මද්‍යසාරය පානය කිරීම සම්බන්ධයෙන් සුබවාදි කරුණු ද දක්වා ඇත. දේශනාකාරයා 9 : 7 සඳහන් පරිදි “සතුටු සිතකින් මිදි යුෂ පානය කරන්න” යයි දක්වා ඇත. ගීතාවලිය 104 : 14-15 සඳහන් පරිදි “මිනිසුන්ගේ සිත් සතුටු කරන්න මුද්‍රිකපානය දෙන බව තහවුරු කරනවා.” එමෙන්ම ආමෝස් 9 : 14 අනුව තමාගේම මිදි වත්තේ මිදි යුෂ පානය කිරීම දෙවියන් වහන්සේගේ ආශීර්වාදයක් ලෙසට කරුණු දක්වා ඇත. “එන්න පැමිණ මුද්‍රිකපානය සහ කිරි ගන්න,” යනුවෙන් යෙසායා 55: 1 මගින් දිරිමත් කිරීමක්ද කර ඇත.

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බයිබලයට අනුව දෙවියන් වහන්සේ කිතුනුවන් හට මද්‍යසාරය සම්බන්ධයෙන් අණ කරන්නේ බීමත් කමෙන් වැලකීමටය (එපීස 5 : 18). එමෙන්ම බයිබලය බීමත් කමත් එහි අතුරු ඵලත් හෙලා දකිනවා (හිතෝපදේශ 23 : 29-35). කිතුනුවන්ට තමන්ගේ ශරීර කිසිවකුගේ වහලකු බවට පත් කර නොගන්නා ලෙසට අණකර ඇත (1 කොරින්ති 6 : 12; 2 පේත්‍රැස් 2 : 19).


     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බඩේ අමාරුවට වයින්
    බයිබලයේ සඳහන් පරිදි යේසුස්තුමා වතුර වයින් බවට පත්කලා. එසේම යේසුස් තුමා ඇතැම් අවස්ථාවලදී මිදි යුෂ පානය කළ බැව් සඳහන්වේ (යොහන් 2 : 1-11; මතෙව් 26 : 29). බයිබල විශාරදයන් පවසන පරිදි අලුත් ගිවිසුම් කාලයේ ජලය ඉතා පිරිසිදුව පැවතුණේ නැත. නවීන සෞඛ්‍යමය පහසුකම් නොමැතිවූ නිසා එකල ජලය නිතරම විෂබීජ වලින් බැක්ටීරියා වලින් අපිරිසිදුව පැවතුණි. මෙය අදටත් සමහර තුන්වන ලෝකයේ රටවල් සම්බන්ධයෙන් සත්‍යයකි. මේ හේතුව නිසා, මිනිසුන් නිතරම මිදි යුෂ හෝ (මුද්‍රික පානයක්) පානය කිරීමට පුරුදුව සිටියා. එසේ වුනේ ජලය මෙන් නොව මිදි යුෂ නරක්වීමේ ප්‍රවනතාවය අඩු වන බැවිනි. 1 තිමෝති 5: 23 ට අනුව පාවුල් තිමෝතිට ඔහුගේ නිතරම පවතින උදරාබාධයට හේතුව වතුර බැවින් වතුර බීමන් වැලකීමට උපදෙස් දී ඇත. ඒ වෙනුවට මුද්‍රිකපානය පාවිච්චි කිරීමට අවවාද කර ඇත. ඒ දවස් වල මිදි යුෂ පැසීම සඳහා යොමු කළත් එය අද පවතින ක්‍රමයට (අංශකයට) වඩා වෙනස් වේ. එසේ හෙයින් එය මිදි යුෂ යයි හැඳින්වීම වැරදිය. එසේම වර්තමානයේ භාවිතා වන මුද්‍රිකපානය ලෙස හැඳින්වීමද වැරදිය. නැවතත් බයිබලය ප්‍රකාශ කරන්නේ කිතුනුවන්ට බියර්, මුද්‍රිකපානය හෝ මද්‍යසාරය අඩංගු ඕනෑම පානයක් භාවිතා කිරීම තහනම් නොකර ඇති බවයි. එහෙත් කිතුනුවකු මද්‍යසාරයට ගිජු වීමෙන් සහ බීමත් කමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය (එපීස 5 : 18; 1 කොරින්ති 6 : 12).
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    flkobk.png
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Onna kiyanna amathaka une meka apahasa karanna ahapu prashnayak nowana bawa. Bible eke mehemai kiyanne daanawa wagema Q'ran eke kiyana deyath dammoth hodai kiyala mata hithuna. Mokada samahara ayata mala panina hinda prashnayak ahapuwama!
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    quran eke sampurenyenma taanam bro :)oyata oni nam metana details dennam nettam new topic ekak dannam mama eeta kalin islam mokakda me gena kiyanne kiyala daala tiyanawa mama eka udara gannam:)

    na na uwamana na machan epa kiyala thiyenawa nam echcharai. thnkx for the reply
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මම පෞද්ගලිකව මත්පැන් පානය අනුමත කරන්නේ නෑ. ඒ වුනාට සමහර ලෙඩ වලට මද පමනට ඇතැම් මත්පැන් වර්ග නිර්දේශකරනවා. (උදා-රතු වයින්.) වැඩිදුර විස්තර වල්බඩාගෙන් ඇහුවොත් කියාවි.
    කොහොම වුනත් මත්පැන් වලින් හොදට වඩා නරකක් තමයි අපිට ගේන්නේ:baffled::baffled::no::no:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නවෝද් කියන එක හරි. සිරාජ් මේ වගේ පෝස්ට් එකක් දානවා නම් ආගම් 2-3ම ඒවා එකතුකරලා දැම්මා නම් හොදයි නේද??
    ( මගේ අදහස් දැක්වීමක් පමණි )
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නවෝද් කියන එක හරි. සිරාජ් මේ වගේ පෝස්ට් එකක් දානවා නම් ආගම් 2-3ම ඒවා එකතුකරලා දැම්මා නම් හොදයි නේද??
    ( මගේ අදහස් දැක්වීමක් පමණි )

    ඔකෙ මචන් මම eelaga පාර ema කරන්නම්:):)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මම පෞද්ගලිකව මත්පැන් පානය අනුමත කරන්නේ නෑ. ඒ වුනාට සමහර ලෙඩ වලට මද පමනට ඇතැම් මත්පැන් වර්ග නිර්දේශකරනවා. (උදා-රතු වයින්.) වැඩිදුර විස්තර වල්බඩාගෙන් ඇහුවොත් කියාවි.
    කොහොම වුනත් මත්පැන් වලින් හොදට වඩා නරකක් තමයි අපිට ගේන්නේ:baffled::baffled::no::no:

    aniwaa :baffled: