මත්පැන් භාවිතය
කොරෝනා සහ ජීවිතාවබෝධය ( මත්පැන් භාවිතය මානුශීය අයිතියකි.)
################################
රටපුරා නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කිරීම් ගැනත්, අත් අඩංගුවට ගැනීම් ගැනත් කියැවේ.මාධ්‍ය ඒවා උළුප්පා දක්වමින් සුපුරුදු ලෙසින්ම සදාචාරවාදී දෘශ්ටිකෝණයෙන් සළුපිළි අන්දවා ඒවා ගෙන හැර පාති.
කොරෝනාවෙන් " අළුත් විදියට හිතන " ලෙසත්, දේශීය මොඩලයක් ගැන අවධානය යොමු කරන ලෙසත් පාරම්බාන කතා නිරතුරුවම ඇසේ.එහෙත් සම්ප්‍රදායික කෝව තුළ සිට මිස " යථාව " පසක් කරගැනීමට සමාජය නොපෙළඹෙන බව , වික්ටර් අයිවන් කියන " දුගීබවේ චින්තනයෙන් " මිදෙන්නට ලාංකීය සමාජයට කිසි පෙළඹුමක් නැති බව දිනෙන් දිනම පසක් වෙමින් පවතී.
රන්ජන් අත් අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් කිරීම " බෑක් සයිඩ් යූස් කිරීමට " පමණක් ලඝු කරමින් ආහ්ලාදයට පත්වී සිටින පොහොට්ටු බැතිමතුන් සංකේතවත් කරමින් සිටින්නේ එයයි.
මනසින් දකින ලෝකය ( Fantasy) හා තථ්‍ය ලෝකය (Reality ) අතර වෙනස නොදන්නා භින්නෝන්මාදයෙන් පෙළෙන්නෝද , බොරු සුචරිතවාදීන් ද , මත්දෘව්‍ය වළට " හුරුවීමත් " , " ඇබ්බැහිවීමත් " එකක් ලෙස දකින්නන් ද , සියළු සුරාසැල් සදහටම වසාදමන මෙන් පාළකයන්ගෙන් අයැද සිටී.
මත්දෘව්‍ය හා මිනිසා අතර ඇති ආදර සබඳතාව ලේසියෙන් වියෝජනය කළ හැකි එකක් නොවේ.මනුශ්‍යයා මිහිතළයෙන් සම්පූර්ණයෙන්ම නැතිවීයන තෙක් මත්දෘව්‍ය ය ද මිනිසා සමග සෙවනැල්ල සේ පසුපස යාම වැළැක්විය හැකි නොවේ.
කෝවෙන් බැහැරව චින්තනය සකසා ගත නොහැකි මෙරට සාතිශය බහුතරයක් වූ ජනයා තව ආත්ම කීපයකටවත් " යථාව "අවබෝධ කර නොගනී.හීනමානය හා කුහකකමට අමතරව අප රට දියුණු කිරීමට බැරි අනෙක් සාධකය ලෙස මෙය පෙන්වා දිය හැකි වේ.
කෘෂිකර්මාන්තය විනාශ කරන වනසතුන් විනාශ කිරීම අපේ රටේ නීතියෙන් තහනම් ය. දඩමස් කෑම අකැප වූවත් , බොයිලර් චිකන් කැපය.කිරි නිශ්පාදනය වැඩිකිරීමට උදාරම් වැකි කියන්නෝ මස් කර්මාන්තය එපා කියති. යා දෙක - නොරථ රතය.
හික්ෂූන්වහන්සේලාට දෙන "පින් දැහැත්විටට " දුම්කොළ අකැපය.එය මත්ද්‍රව්‍ය කුළකයට ගැනෙන බැවිනි. බුලත් නොකන " ෂෝ " භික්ෂූන්ට එය OK වූවත් , බුලත් කන භික්ෂූන්ට එය විකාරයකි.
" රාජු...මචන් , වරකා දාලා බඩු ටිකක් හදා ගත්තා. මාරයිනෙ යකෝ . විස්කි පරාදයි.අපි මේ සල්ලි ගෙවල මොන ජරාවල් ද බොන්නෙ කියළ හිතුණ. මම උඹට ඩිංගක් අරන් තියල තියෙන්නෙ. ඇඳිරිය අහක් කරගමන් ඇවිත් අරන් පලයන් "
යාළුවෙකුගෙන් ඊයෙ පෙරේද එහෙම කෝල් එකක් ආව.
මේවා දෙස අළුත් ඇසකින් බැලීම වෙනුවට රට , ජනයා යන්නේ පරණ පීල්ලේමය.
අතීතයේ හැළි අරක්කු ලංකාවේ ඉතා ප්‍රචලිත පානයක් විය.ඒ කර්මාන්තය වැඩි දියුණු කරගත්තානම් ස්කොට්ලන්තය නොව විස්කි අපනයනයේ පුරෝගාමී රට ලංකාව වීමට ඉඩ තිබුණි.කොරෝනා විපත සැපතක් කරගැනීම ගැන උදාරම් වැකි සම්ප්‍රදායේ ඔතා ජනගතකරමින් සිටින්නෝ මෙවැනි දේ ගැන නිර්මාණශීලීව, ප්‍රායෝගිකව සිතා බැලිය යුතුය.මත්පැන් " නීති විරෝධී " කියන්නේ රජයට බදු නොගෙවා නිෂ්පාදනය කරන නිසාය . එසේ නම් නීතිවිරෝධී වීමට හේතුව ඉවත් කළවිට අවුල ලිහෙනු ඇත.එහෙත් අවවර්ධිත මනස් ඇති , චින්තනයේ දුගීභවේ නිමග්නව සිටින බහුතරයේ චන්දයෙන් ගොඩයාම අධිනිශ්චය කර ඇති රටක හා සමාජයක වැළ යන අතට මැස්ස ගසන
පාළකයින්ගෙන් එවැනි රැඩිකල් තීන්දුඅපේක්ෂා කිරීම විහිළුවකි.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මත්පැන්වල ඉතිහාසය වසර මිලියන ගනනක් බව කියන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ කායික විද්‍යාඥ මහාචාර්‍ය රොබට් ඩඩ්ලිය.
දිළීරයක් වන " යීස්ට්", ශාකවල ගෙඩි අනුභව කොට කාබන්ඩයොක්සයිඩ් වායුවට අමතරව " එතනෝල් " බහිස්ස්‍රාවය කරනු ලබයි. ඉදුණු පළතුරුවල " සැර සුවඳට " හේතුව මේ එතනෝල් ය.ආදී මානවයාට මේ පළතුරු වළින් සිරුරට අහිතකර ක්ෂුද්‍රජීවී මරධනයට අවශ්‍ය රසායනයන් සංස්ලේෂණය කර ගැනීමට හැකිවී තිබේ.පසුව සිරුරට එතනෝල් අනුවර්තනයවී , අත්‍යාවශ්‍යවී , ADH 4 නම් ජාණය විපරතීකරණයට බඳුන්වී පැවති තත්ත්වයට වඩා හතලිස් ගුණයක සීඝ්‍රතාවයකින් එතනෝල් මානව සිරුරට අවශෝෂණය කරගත හැකි එන්සයිමයක් ජනිත කර ගැණුනු බව විද්‍යඥයෝ කියති.( සමහරවිට අනෙකුත් රසායනයන් මෙන්ම මෙම රසායනය ද පුද්ගලයාගෙන් පුද්ගලයාට ස්‍රාවය වන්නේ විෂමතා අනුව වියහැකිය. ඒ අනුව මත්පැන් වලට ඇති රුචිය , පරිමාව ,
අරුචිය තීරණය කරන්නේ එය විය හැකිය.)
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
අප දඩයම් යුගයෙන් එඬේර යුගයටත් , එඬේර යුගයෙන් ගොවියුගයටත් , පිවිසියෙමු.
මත්පැන් ලෙසින් ඒවා භාවිත කිරීම එඬේර යුගයේ දී ආරම්භවී ඇත.ස්ටෙප්ස් ආශ්‍රිත එඬේරන් " කව්මීස් " නම් අඩු ප්‍රතිශතයකින් යුත් සුරාව නිපදවා පානය කර තිබේ.
පාන් හා බාර්ලි කැඳ පමණක් ආහාරයට ගත් මෙසපොටේමියානුවෝ ජීවිතයට අවශ්‍ය පෝශ්‍ය පදාර්ථ ලබාගෙන ඇත්තේ " බියර් " වලිනි.
ක්‍රි: පූ: 7000 - 6600 අතර කාළයේ උතුරු චීනයේ ජියාහු නගරයේ කහ ගංගා නිම්නයේ විසූ ජනයා හාල්- පළතුරු- හා මීපැණි යොදා මත්පැන් පෙරා ගත් බව ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ජෛවාණු පුරාවිද්‍යාඥ මහාචාර්‍ය පැට්‍රික් මැක්ගවන් ප්‍රකාශ කරයි.
ක්‍රි: පූ: 3100 - 1070 කාළයේ ඊජීප්තුවේ නයිල් නිම්න ශිෂ්ටාචාරයේ ද ආසවනාගාර නැත්නම් සුරා පෙරන මධ්‍යස්තාන රැසක්ම පැවති බව පුරාවිද්‍යාඥයෝ සොයාගෙන ඇත.පිරමීඩ නිපදවූ මිනිසුන්ට ශක්තිය ලබාගැනීමට " බියර්" නිශ්පාදනය කිරීමට ඒවා පවත්වාගෙන ගොස් තිබේ. ක්‍රි: පූ: 500 ට අයත් ලියකියවිලිවල රතු , කහ , හා සුදු වශයෙන් බියර් වර්ග 12 ක් පිළිබඳව සඳහන් වේ.
ක්‍රි:පූ: 1200 දී පමණ මධ්‍යම යුරෝපයේ විසූ සෙල්ටික්වරු සුරාව ආනයනය කොට පරිභෝජනය කොට තිබේ. ඔවුන්ගේ උතසව භූමියක් ලෙස පවත්වාගෙනගිය ප්‍රංශයේ කෝරෙන්ටි නම් ප්‍රදේශයේ පුරාවිද්‍යා වැඩබිමෙන් විශාල වයින් ජොග්ගුවල කැබලි ටොන් 50 ක් පමණ ප්‍රංශ පුරාවිද්‍යාඥයෝ එක් රැස්කර ඇත.ප්‍රංශ පුරාවිද්‍යාඥ මැතිව් ෆොක්ස් කියන්නේ මේ වයින් ජෝගුවක් " ඇම්පෝරා " නමින් හඳුන්වා ඇතිබවත් , ඉන් එක් ජෝගුවකට වහලෙකු හුවමාරු කරගෙන ඇති බවත් ය.
2015 තරම් මෑත ඉතිහාසයේදී ජර්මන් පුරාවිද්‍යා ඥයින් කණ්ඩායමක් සිරියාවේ ටෝල්බසී නම් ප්‍රදේශයේ කළ කැණීම් වළදී මීට වසර 3000 කට පෙර පැවති කුඩා ජනාවාසයක් සොයාගනු ලැබීය. එහි කුඩා නිවාස 70 ක් පැවති පිළිවෙලටම තිබී ඇත.ඒ සෑම නිවසකම ඉදිරි දොරට ආසන්නව පොළව යට විශාල මැටි කළයක් තිබී ඇත.
එම මැටිකළ මියුනිච් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්‍යේෂණ අංශයේ අධිපති මහාචාර්‍ය මාර්ටින් සාක්කොව් විසින් රසායනික විශ්ලේෂණයකට ලක් කරන ලදුව , කළයේ බිත්තිවළ පැවති බාර්ලි ඔක්සිලේට ස්ථර අනුව ඒවා බියර් නිශ්පාදනයට යොදා ගන්නා ලද ඒවා බැව් සොයාගනු ලැබිණ.

ඇඳිරි නීතිය නිමා කෙරුණු පසු යාළුවා හමුවී වරකා මධු ස්වල්පය ගෙන ඒමට යමි.මෙය කියවන වියාජ සුචරිතවාදියෙකු නිවැරදි ඔත්තුවක් දී ඉලක්කය සාර්ථක කරගතහොත් යාළුවාට ද මට ද අච්චු විඳීමට සිදුවෙනු ඇත.
විය යුත්තේ එය නොවේ.අපේම නිශ්පාදනයකට රට යොමු කිරීමය. පුළුවන් නම් වරකා පානය අපනයනයට යොමුකිරීමය.
වරකා ( ෆෘක්ටෝස් සීනි) යීස්ට් යොදා පැහෙන්නට තැබුවිට නිපදෙන්නේ එතනෝල් පමණක් නොවේ.නියසින් , තියමයින් , රයිබෝ ෆ්ලේවින් , වැනි B විටමිනයන් පමණක් නොව ෆෝලික් අම්ලය ද වේ.නව තාක්ෂණය මගින් නිපදවා ගන්නා එතනෝල් මෙන් නොව සම්ප්‍රදායික ක්‍රම මගින් නිපදවා ගන්නා සුරා තුළ විශාල කැලරි හා විටමින් ප්‍රමාණයක් පැවති බව මහාචාර්‍ය ඇඩෙල්හිඩ් ඔටෝ කියයි.
•••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••
මෑත අතීතයේ දවසක මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කළ ඇමතිණියක් ගංජා ගැන ඉදිරිගාමී කතාවක් සිදු කළාය. ඒ ගංජා නීතිගත කරන ලෙසය. බොරු කුහක සදාචාරවාදීන් එතුමියව පතුරු ගැසීය.
තණමල්විල ගංජා හේන් අක්කර දෙක තුන ගිණිතබා සුචරිතවාදීන් කුල්මත් කරන පාලකයෝ ආයුර්වේදයට අවශ්‍ය ගංජා ඉන්දියාවෙන් ආනයනය කරයි. " කේරල ගංජා " ප්‍රවර්ධනය කරයි.හෙරොයින් , අයිස් වැනි විනාශකාරී මත්දෘව්‍ය බෙදාහරින මධ්‍යස්තානයක් ලෙස ලංකාව පවත්වාගෙන යයි.
ගංජා යනු සෞම්‍ය මත්දෘවයයකි.
සෘග්වේදයේ ගංජා හඳුන්වන්නේ " තෛයිලෝක විජය පත්‍රම් " යනුවෙනි. එයින් කියැවෙන්නේ " තුන් ලොව ජයගත් පත්‍රය " යන්නය.ආයුර්වේද වෛද්‍යවරු කියන්නේ ගංජා වාජීකරණ ගුණයෙන් අනුණ අගනා ඖෂධයක් බවය.ඉන්ද්‍රියයන් ප්‍රබෝධ කරන බවය.එවිට සිරුරේ ඉන්ද්‍රියයන් පද්ධතියේ ක්‍රියාකාරීත්වයත් , සෛලවල කායකර්මයත් මනාව සිදුවන්නේ යැයි සිතිය හැකිය.

අපේ හැළි අරක්කු මෙන් ඉන්දියාවේ ප්‍රචලිතව තිබුණේ " සෝම පානයයි " . ඍග්වේදයේ සෝම නිර්වචනය කර ඇත්තේ මෙසේය.
" සෝම - දුබලයාට ශක්තියත් , කවියාට ප්‍රතිභාවත් , මනුශ්‍යයාට දීර්ඝායුෂත් , ආත්මයට දේව බලයත් , ලබා දේ."
( මේ අර්ථකතනයට " මෝඩයාට විනාශයත් " යන්න යොදා තිබුණේ නම් එය පරිපූර්ණ වීමට ඉඩ තිබුණි.)

අලුත් විදියට හිතන සමාජයක් මේ ලංකාවේ ඇති නොවේ.ඉදිරිගාමි , නූතනවාදී , රැඩිකල් තීන්දු තීරණ පාලකයින්ට ගැනීමට හැකි වන්නේ හෝයියා කියමින් කක්කා ද සුවඳ යැයි කියන ජනතාවක් නැත්නම් ය. අපේ ඉන්නේ ලෝකේ කොහේවත් රටක දැකිය හැකි වෙතැයි සිතිය නොහැකි අසිහියෙන් මෝඩ චූන් කතා කියමින් සිටින බහුතර ජනතාවකි. ඔවුන්ට රන්ජාගේ බෑක් සයිඩ් රසමසවුලකි. හදවතේ ප්‍රාර්ථනාව හමුදා ආණ්ඩුවකි.විකල්ප අදහසක් කියන්නා හිරගෙට දැමීමට , අවශ්‍යනම් ඝාතනය කිරීමට වුව පාළකයින්ට යෝජනා කරන වියරු උන්නතිකාමී අදහස් වලින් පරිපීඩිත බහුතර ජනතාවකි.විකල්ප අදහස් ඇති, වීරෝධාකල්ප ඇති මිනිසුන් හුස්ම හෝ ගන්නේ පාළකයින් සබුද්ධිකව ක්‍රියාකරන මානුශීය හැඟීම් ඇති පිරිසක්ව ඇති නිසාය.
සුළුජාතීන් ද මේ සත්‍යය තේරුම් ගෙන ක්‍රියාකළ යුතුය. මෙහේ සිටින්නේ වාර්ගික සංහාරයක් සිදුකළද එය අත්දෙක ඔසවා අනුමත කරන මන්ස් විකල් කරගත් බහුතරකි.
ඒ බහුතරය ද ආවරණය කරගමින් , රට ඉදිරියට ගෙන යාමට මානුෂවාදී ප්‍රායෝගික දැක්මක් ඇති පාලකයෙකු සිටීම සෑම ජන වර්ගයකම සාමාන්‍ය පුරවැසියන්ගේ වාසනාවකි.